‘තමා සන්ධානයෙන් ඉවත් වී ජනපතිවරණය ජයගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තේ කුමකටදැයි ප්‍රශ්නයක් ඇති බව දන්නා බවත් එහෙම කළේ වැදගත් හේතුවකට බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුව තෝපාවැව විදුහලේ ජනාභිනන්දන උත්සවයේදී පැවසීය.
ජනපති වු පසුව ඔහු පොළොන්නරුවට ගිය මුල්ම අවස්ථාව මෙයයි.ජනපති පිළිගැනීමට ඉදිකැර තිබුණේ එකම තොරණක් පමණි.ජනපති හා අගමැති ගමන් කළේ එකම රථයකිනි.
‘නව රජයේ දින සියයයේ වැඩසටහනට ශ්‍රී ල නි ප යේ සහය ගන්න ඕනෑ. ඒ සහය නැතිනම් අපට ඉදිරියට යන්න බෑ. ඇයි පාර්ලිමේන්තුව විසුරුවන්නට බැරිදැයි කෙනෙකු අසන්නට පුළුවන්. ඔව් එහෙම කළ හැකියි. එවිට දින සීයත් ඉවරයි. අපේ සැලැසුමත් ඉවරයි.මේ ගමන යා යුත්තේ ශ්‍රීලනිප ද සමගයි.‘










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට මම සැමදා ගරුකරනවා (නි)
කොහොමත් රටක දක්ෂයන් ඉපදෙන්නේ කලාතුරකින්. (නි)
අපේ ජනතාව සුබවාදීව හිතන්න කැමති නැහැ වගේ (නදී)
ගරු ජනාධිපතිතුමනි, පොළොන්නරුවේ ජනතාව ඔබ පිළිගත් අහිංසක විලාශය ගැන අපිට සතුටුයි. වැඩි හරියක් ගොවි ජනතාව ඉන්න පොළොන්නරුවේ ගොවියන්ගේ ගංවතුර ,නියං,ප්‍රශ්න නිසා හැම අවුරුද්දෙකම පීඩා විදිනවා. මේවට ඔබතුමාගේ කාරුණික අවධානය යොමුවේවා (නදී)
ජෝන් ඔයා නිකන් බබා වෙන්න එපා, ප්‍රදීප් ඔයා නම් කොලඹ දැකලත් නැහැ වගේ. ඔබට ජය ජනපතිතුමනි! (නදී)
ජෝන්ට තිබෙන දැවෙන ප්‍රශ්නය ඕකද? (නි)
චන්ද්‍රිකා මැතිනියගේ ඇඳුම් ගලවා පාරේ ඇදගෙන යනවා කිවූ එස්.බී ට ලොකු පදවි දීගෙන ඔබ තුමා ඔය පදවියේ ඉන්නේ කොහොම දැයි මට නොතේරේ. (නදී)
මෙතුමා පක්ෂයෙන් එළියට ආවේ ඒකේ සියලුම අය ගැන කළකිරීමෙන්. ඒ අයගේ සහායෙන් ඔය කියපු පොරොන්දු ඉෂ්ට කරනවාට වඩා හොඳයි ටිකක් කල් අරගෙන ඒවා ඉෂ්ට කරනවා නම්. (නි)
ඔබතුමා නියම මාර්ගයේ ගමන්කරයි කියලා අපි හිතනවා (නි)
රටේ මිනිසුන්ට සත්‍ය පෙන්වා දෙන්න. ඒ සඳහා පුවත්පත් ආයතන වලට සහන දී රටේ දුප්පත් කෙනෙකුට වුණත් පුවත්පතක් සහන මිලට ලබා ගැනීමට අවස්ථාව උදාකරන්න.රටේ ජනතාව දැනුමින් පොහොසත් කරන්න. (නි)
සමහර අයගේ අදහස් දැක්කහම කියන්න පුලුවන් ඒ අයගේ පපුව හොඳ නැහැ කියලා (නි)
හිටපු රජයේ වත්කම ගැන පරීක්ෂණයක් කිරීමට ජනාධිපති කොමිසමක් පත්කරන්න.ජෙනරල්,ජවිපෙ සහ හෙළ උරුමයේ නියෝජිතයන් ඇතුළත්ව පුර්ණ බලතල සහිතව පරීක්ෂණ කරන්න නිදහස දෙන්න. (නි)
ඔබතුමා කුමන තීරණයක් ගත්තත් එය ගන්නේ හොඳින් සිතාබලා බව අපි දන්නවා (නි)
හිටපු ජනාධිපතිගේ වත්කම කෝටි වලින් ලක්ෂ 120 ක් කියල අන්තර්ජාලයේ පෙන්වලා දෙනවා. (නදී)
ඔය ජෝන්,වෛකෝ,අැසල,ලංකා තිලක් නමින් අදහස් දාන්නේ බන්දුල පෙරේරා කියන හාදයයි. රැකියාව වශයෙන් කරන්නේ රජ පවුල ගැන වර්ණනා කිරීමයි. ඕවට රැවටෙන්න එපා. (නදී)
ප්‍රදීප්, ඔබත් ජෝනා ගේ ගොඩටම වැටුනා නේද? "රෝසි" ගේ අදහස කියවන්න, තේරුම්ගන්න උත්සාහ ගන්න. (නදී)
ජෝන් මහත්තයා, එතුමා කීවේ අරලියගහ මන්දිරයට යන්නේ නැහැ. රට පාලනය කරන්නේ නිවසේ සිටයි කියලා. කියපු ලෙසම එතුමා නිල නිවසේ සිට පාලන කටයුතු කරගෙන යනවා. ඉතාම ආදර්ශමත් නායකයෙක්. මීටත් වඩා ආදර්ශමත් එක නායකයෙක් ලෝකයේ ඉන්නවා. ඒ තමයි උරුගුවේ ජනාදිපති. රට ලංකාවට වඩා දියුණුයි. ආරක්ෂාවට ඉන්නේ එක පොලිස් නිලදාරියයි. කකුල් තුනේ සුනකයයි. නිල රථය මොරිස් මයිනර් එකක්. පදිංචිය ඔහුගේ ගොවිපොළේ. ගොවියෙක් රටක ජනවරමකින් ජනාදිපති උනාම ඔහුට රජ මාලිගා අයිති නැහැ කියන එකට හොදම උදාහරණය මෙයයි. වැඩි විස්තර අන්තර්ජාලය මගින් ලබාගන්න. (නදී)
ඉස්සර රජ ගෙදර අයිති අග්‍රණ්ඩුකාරයාට, අරලියගහ මන්දිරය අගමැති තුමාට. පසුව ජේ.ආර් ගේ කාලයේදී රජගෙදර ජනපතිටත්, අරලියගහ මන්දිරය අගමැතිතුමාටත් වෙන්කළා. ප්‍රේමදාස ජනාදිපති කාලයෙන් පසුව ජනාධිපතිවරු මේ දෙකම පාවිච්චි කළා. අගමැති කාර්යාලය මල් පාරට ගෙනගියා. අගමැති කොයි ගෙදර හිටියත් අපට කමක් නැහැ. ජෝන්, නිකම් ප්‍රශ්න ඔලුවට දාගන්න එපා. අරලියගහ මන්දිරය අසල පාර වහල තිබුන බව සමහරුන්ට අමතකයි. (නදී)
ජනාදිපති ඉන්නේ ඔවුන්ගේ ගෙදර. (නදී)
ඔය අරලිය ගහ මන්දිරේ කව්රු හිටියත් අපිට කමක් නෑ. හැබැයි ඔයාල බොරු කියන්න එපා. අපි නම් දවල්ට නෙමෙයි රෑටත් ඔතනින් ගිහින් තියෙනවා මීට කලිනුත්. (නදී)
ඇමතිලා 56 දැන් දින 100 එනකොට 150ක් වෙයි.... (අ)
කව්රු රට කළත් කම්නැත ජනතාවට යහපතක් රටට ආරක්ෂාවත් ජීවත් වීමට හැකි ආර්ථිකයක් ඇත්නම් (බ)
අනේ නන්නානේ (නදී)
විමලදාස, මහින්ද කරලා පෙන්නුව හැටි හැමෝම දන්නවා. කුහක වෙන්න එපා (නදී)
"ජනපති පිළිගැනීමට ඉදිකර තිබුණේ එකම තොරණක් පමණි. ජනපති හා අගමැති ගමන් කළේ එකම රථයකිනි." දින 100න් පසු එළබෙන රජයත් මේ විධියට මුදල් නාස්ති නොකර වැඩ කරොත් රට ගොඩේ ගොඩ. ජය වේවා! (ර)
රවීන්ද්‍ර විතරයි වැදගත් දෙයක් කියල තියෙන්නේ. ස්තුතියි රවීන්ද්‍ර. (නදී)
ප්‍රදීප් අරලියගහ මන්දිරය කියල හිතාගෙන සී ෂෙල්ස් පැත්තේ භවනකට ගියා වද්ද ? අපි නම් කොල්ලුපිටියේ බාධාවක් නැතිව හොඳට පයින් යනවා. (නදී)
කවුරු හරි පිවිතුරු හෙවත් යහපාල නොහොත් බන්දුල පෙරේරාගේ ආදායම පරික්ෂා කලොත් හොඳයි. නම් කීයක්ද ? ජෝන් කියාවි පවිත්‍ර කියාවි අනිල් කියාවි. අල්ලා දෙන්න ඕන ආදයම් බදු දෙපාර්තමේන්තුවට ඔය හැම නමින්ම බදු ෆයිල් ඇරලා ද බලන්න කියලා. (නදී)
අනේ ජොන්, මෝඩ කතා කියන්න එපා බන්. (නදී)
සාමාන්‍යයෙන් එක වාහනයක යන එක හොද නෑ. අනතුරක් වුනොත් දෙන්නම කරදරේ වැටෙන නිසා. මේවා පිළිගත් ආරක්ෂක නියමයන්. මේවා පිළිපැද්දොත් හොදයි.(හේ)
ජෝන් කිව්වා තමයි හැබැයි දැන්ම නොවෙයි විධායක ජනාධිපති ක්‍රමයේ තිබෙන බලතල පාර්ලිමේන්තුවට පවරලා දින 100 යේ වැඩ පිළිවෙල අවසන් කරලා අලුත් ආණ්ඩුව පත් උනාට පස්සේ තමන්ට නිදහසේ පොළොන්නරුවේ සිට රටේ පාලනයට හවුල් විය හැකි බවයි එතුමා එදා කිව්වේ ,කි දේ හරියට අසා නොගෙන අද මෙවැනි ප්‍රශ්න අසන්නේ රාජපක්ෂ පාලනයට ඇති හිතවත්කම නිසා දැයි අපි ඔබගෙන් අසමු? (බ)
ඊළඟට මොකද වෙන්නේ? හොඳින් බලාගෙන ඉන්න. (නි)
අපේ ජනතාව කිසි දිනෙක සුභවාදීව හිතලා නැහැ (නි)
විමුක්තිි, ජෝන් කියපු දේ හරි. අනේ මන්දා! මෙහෙම ගියොත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
අනේ මන්දා. ඡන්දයට කලින් රතන හාමුදුරුවෝ කිව්වේ අපේක්ෂකයා නිර්පාක්ෂිකයි කියලා.දැන්? එහෙනම් ඉතුරු ටිකත් ඒ විදියටම වේවි. විධායක බලය අහෝසි කරනවා නම් තුනෙන් දෙකේ බලයක් දැන් තිබෙන පාර්ලිමේන්තුවේ ඒක කරන්න බැරිනම් ආයේ කවදා කරන්නද? (නි)
මාධ්‍ය සංදර්ශන නැතුව වැරදි කර ඇත්නම් කරුණාකර දඩුවම් ලබාදෙන්න. (නි)
කෝ මේ අපේ චන්ද්‍රිකා නෝනා? ගොඩක් කාලයකින් දැක්කේ නැහැනේ! (නි)
කොතනක සිට රට පාලනය කලත් එය රටේ යහපත සඳහා නම් හොඳටම ඇති නේ. තවමත් සමහරු මේ වෙනසට ගරු කරන්න කැමති නැහැ. (නදී)
කොහොම දේවල් මුලින් කිවුවත් ප්‍රායෝගිකව කටයුතු කිරීමේදී ඒ දේවල් වෙනස් වෙනවා (නි)
ඉස්සර අරලිය ගහ මන්දිරේ දවසක වියදම දෙකෝටි හැට ලක්ෂයක් බව ඔබලා දන්නවද. දැන් ජනාදිපති ලේකම් කාර්යාලයේ සිට ජනපති රට පාලනය කරන නිසා එහි දවසක වියදම රුපියල් 8000 කටත් අඩුයි. මේ වෙනස විතරකුත් මදිද (නදී)
පක්ෂය පාවලා දුන්නා වගේ රටත් පාවලා දෙනවා ලඟදීම (නදී)
මහින්ද මහත්තයෝ, මේකට නිසි පිළිතුරක් දෙන්න (නි)
අරලිය ගහ මන්දිරය ළඟින් දැන් අපිට පයින් යන්නත් පුලුවන්. අපිට නම් ඕනෑකරලා තිබුනේ එච්චරයි (නි)
ඒ වුණාට මහත්තයෝ අපිට කියපු දේවල් කරලා පෙන්වන්නත් ඕනෑ (නි)
හොඳ හොඳ සෙල්ලම් දින 100න් පස්සේ.... (නි)
විසුම්පාය ඩී.බී හිටපු ගෙදර (නදී)
මෛත්‍රී මහත්තයෝ, රනිල් මහත්තයෝ, ඔබතුමාලා ගැන මේ රටේ ජනතාව ලොකු විශ්වාසයක් තියලා තියෙන්නේ. ඒ විශ්වාසය කවදාවත් කඩකරන්න එපා. ඔබතුමාලාට සතරවරම් දෙවි පිහිටෙන් මේ රට හොඳ තැනකට ගෙනෙන්න පුළුවන් වේවි. අර පහුගිය රජයේ හොරු ටික නම් ඔබතුමාලා ළං කරගන්න එපා. (නි)
හැව්ලොක් ටවුමේ කාරය තුලම ගිනිතබා මරා දැමු මුස්ලිම් ජාතික රගර් ක්‍රීඩකයා ගැන ප්‍රකාශයක් කරන්න (නදී)
ප්‍රදීප් ඔයා මැද මුලනේ ඉදන් අන්තිමට කොලඹ ආවේ කවද්ද? දැන් නම් සාමානය මනුස්සයෙක්ට උනත් අරලිය ගහ මන්දිරේ තියෙන පැත්තෙන් පයින් උනත් යතෑකි. (නදී)
ප්‍රදීප් නිකන් බොරු කියන්න එපා. ඉස්සර අරලිය ගහ මන්දිරය අයිනේ පේමන්ට් එකෙන්වත් යන්න දුන්නේ නැහැ දැන් යන්න පුළුවන්. අපිත් කොළඹ (නදී)
පිස්සු හැදෙන සඳ ? (නදී)
දැන් තිබ්බටත් වඩා ගාඩ් එක දාල අරලිය ගහ මන්දිරේට (නදී)
ජෝන්, නිකන් ජොන්සිනා වෙන්න යන්න එපා. කොහේ ඉදන් රට පාලනය කළත් මොකද රටට හොඳක් වෙනවා නම් (නදී)
එතුමට එහෙම කියන්න ඔලුවෙ අමාරුවක් තියෙනවයැ. (නදී)
ඔබ අපිට ශක්තියක් (නදී)
බල්ලෝ බුරති (නදී)
ඒ නිදහස ලබා දුන්න මහින්ද මහත්තයා මතු බුදු වෙන්නට ඕනේ. (නදී)
මේකයි ප්‍රදීප් වැඩේ මැදමුලන චින්තනයේ ඉදන් පටුවට හිතන බොහෝ දෙනෙක් මෙතන ඉන්නවා. මේවයේ හරියට ප්‍රතිචාර දානවා. මේ අයත් එක්ක රටක් වශයෙන් අපිට කවදා ඉදිරියට යන්න පුලුවන්ද කියලා හිතන්න. කමෙන්ට් දැක්කම තේරෙනවා හිතන විදිහ. (නදී)
මේ රට හදන්න නම් ජෝන් වගේ කිසිම කෙනෙකුට කිසිම වැඩක් නැති ප්‍රශ්න අහන හොඳ දේට හොඳයි කියන්න බැරි අය ඔක්කොම අල්ලලා මුහුදට දාන්න ඕනා (නදී)
ප්‍රජාතන්ත්‍රවාදය නමින් කෙරෙන මේ දේවල් වල නියම රඟ, කතිරය ගැසූ ලංකාවේ මිනිසුන්ට නුදුරේදීම තව වැඩි වැඩියෙන් රස විඳින්න ලැබේවායි පතමි. (නි)
ගරු ජනාධිපතිතුමනි, මේ ගමන යායුත්තේ සාමය,සහජීවනය අගයන සියලුම දෙනා සමඟයි. එසේම ඔබතුමන්ලාගේ හෝ සිංහලයන්ගෙන් පැවත එන්නන්ට අනාගතයේදීද පාර්ලිමේන්තුවට යාමේ හැකියාව ලැබෙන පරිදි ,සිංහල ජනගහණය මේ ප්‍රතිශතයෙන් හෝ අනාගතයේදීත් රැකෙන පරිදි කටයුතු කළයුතුයි. (නි)
ප්‍රදීප්, කකුල් හතරේ සිව්පාවන්ට හා හිසේ අන් ඇති මී හරක්ට නම්, අරලිය ගහ මන්දිරය අසලින් යන්න තහනමක් ඇති. හැබැයි දැන් අධි ආරක්‍ෂිත කලාපය ඉවත් කල නිසා අපිට නම් අපහසුවකින් තොරව ඒ අසලින් යන්න පුළුවන්. ප්‍රදීප්, ඔබ නිකරුනේ අරලිය ගහ මන්දිරය අසල ගැවසෙන්නේ නැතිව අර ජෝන් එක්ක එකතු වෙලා ලංකාවේ කෘෂි කර්මාන්තය වෙනුවෙන් කිසියම් සේවයක් කරන්න බලන්න. (නදී)
දැන් මොකටද ගාර්ඩ් දාන්නේ තමන් තමන්ටම ගහගන්නවද ? (නදී)
මම නම් දන්න විදියට ඉස්සරත් යන්න පුලුවන්. මන්දිරය අැතුලටත් ගිය කෙනෙක් විදියටයි කියන්නේ. අපිත් කොලඹ හොඳට දන්නවා යාළුවනේ (නදී)
මෙතුමා පොළොන්නරුවේ ඉදන් රට පාලනය කරනවා කියල කිව්වා වගේ මතකයි. ඇත්තටම දැන් ජනාදිපති කොහෙද ඉන්නේ ? මොකද අරලිය ගහ මන්දිරේ අගමැතිගේ වැඩ කටයුතු වලට දුන්නා කියල තිබුනනේ. දන්නා කෙනෙක් කොමෙන්ට් කරන්න. (නදී)
සැමටම ආදර්ශයක්. (නි)
ඔබට ජය ජනපතිතුමනි! (නි)
ඔබතුමාට ජය නියතයි. කරන කියන සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
අපිට සභාපතිකම ගත්තට ප්‍රශ්නයක් නැහැ.එත් මෙගා හොරු ගැන නම් හොයන්නම සිද්ධවෙනවා.එසේ මෙසේ හොරකම් නෙමෙයි සිද්ධවෙලා තියෙන්නේ.ඩොලර් ට්‍රිලියන ගණනින් හොරකම් සිද්ධවෙලා තියෙන්නේ. (නි)
ඔබතුමා සැබෑ මිනිසෙක්. සභාපතිකම ගැනීමේ කිසිම ප්‍රශ්නයක් අපිට නම් පෙනෙන්නේ නැහැ (නි)
කියනවා වගේම වැඩත් තියෙන්න ඕනෑ (නි)
ලංකාවේ බහුතරයක් ඡන්දදායකයෝ බුද්ධියෙන් නොව හදවතින් හිතන නිසා පොරොන්දු වූ දේවල් එහෙමම කරන්න ඕනෑ නැහැ. වඩාත් හොඳම දේ හා අවශ්‍යම දේවල් කළාම ඇති. දින 100 ට පසු හැමෝටම කළ නොකළ දේට දඬුවම් ලැබේවි. (නි)
ඇත්ත ප්‍රියන්ත, මමත් ඒ කතාව අනුමත කරනවා (නි)