ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල මාලිගාපිටියේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වූ අතර පැමිණි පිරිස ආගමික වතාවත් සිදුකරමින් වැඩසටහන ආරම්භ කළහ.
නිදහස් පක්ෂ අනුශාසක හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ රැසක් ඊට එක්ව සිටිති. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු පක්ෂ 20ක නියෝජිතයෝ රැසක් ද එයට එක්ව සිටියහ.
‘අද ශ්‍රීලනිපයේ 65 වැනි සංවත්සරය. අවුරුදු 65ක් ගිහින් එය ශක්තිමත් වෙලා අඩුපාඩු හදාගෙන නැවත වතාවක් ශක්තිමත් ගමනක් ඇවිත් තියෙනවා. අද නායකත්වය උරුම විය යුතු පුද්ගලයාට එය ලැබී තිබෙනවා. බණ්ඩාරනායක මහතා මේ පක්ෂය සදාකාලිකව එතුමාගේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ සමග ඉදිරියට යයි කියා සිතන්න ඇති. අද එතුමාගේ සිතුම් පැතුම් ඉටුවෙලා තිබෙනවා. අපේ ජනපති වත්මන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපන් දිනයත් පක්ෂය පිහිටවපු දවසේමයි. බණ්ඩාරනායක මැතිතුමා කොහේ හරි ඉඳන් බලන් ඇති අපේ පැලැන්තියේ නොවන දුප්පත් අයගේ පැලැන්තියේ දුක දන්න පුද්ගලයෙක් පක්ෂයෙන් නායකයා වීම ගැන. ඒකට ආශිර්වාද කරනවා ඇති.‘ යැයි කෘෂිකර්ම ඇමැති ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පිළිගැනීමේ කථාව කරමින් පැවසීය.
‘හරි පුද්ගලයාගේ අතට පක්ෂය ලැබී තිබෙනවා. අද මේ මාලිගාපිටිය පමණක් නොවෙයි මේ කුරුණෑගල නගරයම හිස් ගොඩක් බවට පත්වෙලා තියෙනවා. මේ පක්ෂයේ වටිනාකම නොදන්නා අයට කියනවා අද ඇවිත් බලන්න පක්ෂය නියම කෙනාගේ අතට ලැබී තිබෙනවා. ඒ නිසා ශ්‍රීලනිපයේ අපි සූදානම් ඕනෑම ගමනකට යන්න. අඩුපාඩු හදාගෙන ඒ ගමන ගිහින් පාක්ෂිකයන් වෙනුවෙන් රටට මේ ජයග්‍රහණය ලබාදෙන්න අපි සූදානම්.‘
‘අද වරායේ ඉඳන් සීටීබී එකේ, රක්ෂණයේ ඉඳන් ජනතා අයිතියට පත්වුණේ ශ්‍රීලනිපයේ වැඩසටහන් නිසා. ඒ නිසා ජනපතිගේ නායකත්වය යටතේ ජනතා ජයග්‍රහණ දවසින් දවස ලැබෙනවා. ඒක සමහරුන්ට දරාගන්න බැහැ. අද මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිසා ශ්‍රීලනිපය ශක්තිමත් වෙලා තියෙනවා. එතුමා අභියෝගය බාර නොගන්න පාක්ෂිකයන්ට හිනා වෙලා මේ වගේ ඉන්න බැරිවෙනවා. ඒ නිසා එතුමාට අපි ණයගැතියි.‘ යැයි ද දිසානායක මහතා කීවේය.
‘ජනපති මෛත්‍රිපාල සිරිසේන මේ පක්ෂයට නායකත්වය දෙමින් ඉතා පැහැදිලි දේශපාලන ගමනකට පක්ෂය අවතීර්ණ කර තිබෙනවා. එතුමා ළඟදී බෑන් කී මූන් හමුවී කීවේ මට බල කරන්න එපා ඉක්මන් ගමන් යන්න කියලා. අපි මේ ගමන කවුරුත් එක්රාශී කරගෙන පක්ෂය ඇතුළත තිබෙන ගැටලු නිරාකරණය කරගෙන ඉදිරියට යමු. අපේ පක්ෂය රැකගනිමින් අපරාජිත පක්ෂයක් බවට පත්ව මේ රටේ ජයග්‍රහණය සඳහා තේමාවක් කරගනිමු.‘ යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමුළුව අමතමින් පැවසීය.
(ඡායාරූප - අන්තර්ජාලයෙනි)
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ඡන්දය තියනතුරු ප්‍රවේශමෙන් හිටියොත් හොඳයි. (නි)
ඒකාබද්ධය, ඔබට දැන් සතුටුද? (නි)
හැමෝටම නිල් පාට අන්දලා. පුළුවන්නම් ඡන්දයකට ඇවිල්ලා බලමු. කිරලා මැනලා දෙන්නම් (නි)
මේ නිල් ඇඳුම ඇඳගෙන ඉන්නේ හැමෝම එක හිතකින්ද නැද්ද කියලා අපි දන්නවා (නි)
ගාල්ලේ මැයි දිනයට ආවේ ඉතිහාසයේ වැඩිම සෙනඟ නම්, ඔය සංවත්සරයට එන සෙනඟ ගැන හිතාගන්න පුළුවන්. (නි)
මම නම් හිතන්නේ වියදම රුපියල් 6000/- ක් විතර යන්න ඇති. (නි)
මේ සමුළුවට පැමිණි අයට ඔය ටීෂර්ට් වලටම කෝටි ගාණක් වියදම යන්න ඇති (නි)
සරණපාල ප්‍රකාශ කළේ සත්‍යයකි. දැන් දුක ඇත්තේ ප්‍රභාකරන් මරාදැමූ එක ගැනද? අපි ඔහොම යමු. (නි)
මම මඩකළපුවේ ඉන්නේ. මම දන්නවා මෙතනට මඩකළපුවෙන් ගෙනා කිසිම කෙනෙක් මේගොල්ලන්ට ඡන්දය දෙන්නේ නැහැ කියලා. මොනතරම් සල්ලියක් නාස්ති කරනවද? (නි)
අඬන්නේ නැහැ. අනාගතේ අඬන්න වුණොත් කියලයි බය, මේ යන විදිහට. දැක්කද මැලේසියාවේදී අඬන්න දීලා තියනවා. මොකද කියන්නේ ඒ ගැන. (නි)
හොරුන්ට හොඳ පාඩම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයවේවා! (නි)
කිත්සිරිගේ තනි ඇහැට ඇඬෙනවා වගේ මෙම පින්තූර දැකලා (නි)
සෙනඟ දැකලා සමහරුන්ට නම් බොහොම රිදිලා වගේ (නි)
පුදුම සතුටක් දැනුනා (නි)
ඔය බොරු සෝබන වලින් වැඩක් නැහැ. පළාත් පාලන ඡන්දෙදි ජන ගඟ ගලන්නේ කොයි දිශාවටද කියලා මොනවට පෙනෙයි. එතකොට මේ ඇත්තන්ට එලව පොලුයි අහසේ තරුයි පෙනෙයි. (නි)
කිත්සිරිගේ කටේ මසුරන් දැම්මත් මදි වගේ කියපු කතාවට. (නි)
රජින්ද, මෙච්චරකල් ඡන්දෙ තිබුණනේ. ඔය ඡන්ද එකකින්හරි ඔබ දිනලා තියෙනවද? එ්කයි වැදගත්. (නි)
අසේල හරියට හරි. උගත්කම තිබුණට වහල්කම ඇරිලා නැහැ, එ්කයි. 225 ට රට කන්න දීලා බලාඉන්න මේ තරම් ජනතාවක්! මට හිතාගන්න බැහැ මේක වෙන්නේ කොහොමද කියලා. අව්වේ වේළි වේළි වැස්සේ තෙමි තෙමී මේ මිනිස්සු ගිහින් අපේ දේවලුත් අරගෙන කළ හදියක්! (නි)
සමහරුන්ට නම් වම දකුණ මාරුවෙලා. වැරදීමකින් මෙතනට ආවද දන්නේ නැහැ, මහින්දගේ රැස්වීමක් කියලා. (නි)
කවුරුහරි පාක්ෂික කියලා කට්ටියක් ඉන්නවනම් ඒ අය වහල්ලු. මොකද දියුණු රටවල පාක්ෂිකයෝ නැහැ. රටේ සිටිය යුත්තේ පුරවැසියන්. ඔවුන් රටේ පවතින තත්වයට අනුව තීන්දු තීරණ ගැනීමට ස්වාධීන බුද්ධිමත් මිනිසුන් වියයුතුයි. එසේ නොමැතිනම් ඒ රට අරාජික රටක් බවට පත්වෙනවා. අපේ රට එහෙම තත්වයකට පත්වෙලා තියෙනවා නම්, එහෙනම් අපේ රටේ තාමත් පුරවැසියන් නැහැ, ඉන්නේ වහලුන් (නි)
චතුරි, මෙයට මහජන මුදල් කොපමණ නාස්තිකර ඇද්දැයි සොයා දැනගෙනම තීරණ ගන්න. මේ අයගේ හක්කේ බුදු රැස් නමුත් බොක්කේ දඩ මස් ඇති බවද අමතක නොකරන්න (නි)
ඡන්දෙ තියන්න ඡන්දෙ තියන්න කියලා කෑගහන අයට මතක නැද්ද ඡන්ද දෙකකින් පරාද වුණ බව? එකක් අවුරුදු දෙකක් කලින් තියලයි මේ පරිප්පු කන්නේ. පක්ෂය සුද්ද කළාට පස්සේ ඡන්දෙ තියයි. (නි)
අපේ පක්ෂයට අපේ පාටින් සැරසී ඉතිහාසයේ මා දුටු දැවැන්තම ජනගඟ. ජයවේවා! (නි)
මේවා දකිද්දී කට්ටියට උණ ගනීවි (නි)
බොහොම හොඳයි. ඔහොම යමු (නි)
ඕස්ට්‍රේලියාවෙන් හොර නාමයක් අපිට ලබාදුන් අපේ නායකයට සෙනග පෙන්වල තියනවා හරියට ෆිල්ම් එකකට ෂූටින් ඇවිත් කෑම බිම පඩිය ඇදුම් වලට කාගේ සල්ලිද (බ)
ලොකු වියදමක් යන්න ඇති නේ මේක පවත්වන්න. ප්‍රතිපාදන කොහෙන්ද දන්නේ නෑ(ම)
සහෝදරවරුනි, මේ ඔක්කොම අපිව අන්දනවා. ඒක නිසා දෙපාරක් හිතන්න (නි)
එකම නිල් කෙතක්. ශ්‍රී.ල.නි.පක්ෂයේ අලංකාරම සාර්ථකම දැවැන්ත මහා සම්මේලනය! (නි)
අජිත් ඔබ ඒකාලේ පාරේ යන්න බයේ හිටියේ හොරුන්ටද ත්‍රස්තයින්ටද? (ර)
ජාතික ආණ්ඩුවේ සංහිදියාවේ මහිම... (ර)
මට පෙනෙන්නේ සෙනඟ දැකො ගොඩක්ම කුල්මත්වී සිටින්නේ එජාප සාමාජිකයන් (නි)
වෙන තැන් ගැන නම් දන්නේ නෑ. අපේ ගමෙන් ගිහින් තියෙන්නේ අනිත් පැත්තේ ක්‍රියාකාරිව ඉන්න අය.බස් එවල තියෙන්නේ අනිත් පැත්තේ ඇමතිනියක්. සුබ පතල පුවරු ගැහුවෙත් ඒගොල්ලොම තමයි (බ)
මේක නිල් බළකායද ..? ශ්‍රීලනිප යද ..? (බ)
චතුරි, මට පේන හැටියට ඔයාට ඕනේ , අර ඒ ජේ රණසිංහට වගේ මෙයාගේ සෙරෙප්පු සුප් හදල බොන්නයි ,නැතිනම් අඳ,ගොළු,බිහිරි පාසලකට යන්නයි,? (අ)
කිත්සිරි ඩෙන්මාර්ක් කුමාරය කිව්වේ මහින්ද මන්ත්‍රී තුමාටද??කුමාරයා අස්සයාවත් දාලා පැනල ගියාලු නේද මැලේසියාවට?? (බ)
ප්‍රාදේශීය සභාවල කොන්ක්‍රීට් පාරවල් මන්ත්‍රීලා කොටසක් ඇවිල්ල නැහැ .මහින්ද පස්සේ ගියොත් තමයි ලක්ෂ 5 ක් කොන්ක්‍රිට් පාරකින් ගහන්න පුළුවන් (බ)
ප්‍රියාන්ගේ කටේ මසුරන් දාන්න ඕනෑ (නි)
සුමුදු, ඔයා හරියටම හරි (නි)
ජනහිත, මලයාසියාවේදී වූ දෙය ඔයා හිතනවා නම් රාජපක්ෂලාට විරුද්ධව කියලා, බොහොම කණගාටුයි ඔයාගේ දැනුම සහ ආකල්ප ගැන. ඒ විදහා දැක්වූයේ රට දෙකට කැඩීමේ ඊළාම් අදහස් තවම තිබෙන බවයි. හොඳට අවදියෙන් ඉන්න. (නි)
මෙච්චර සෙනඟ කන්දරාවක් මම මේ දැක්කමයි (නි)
සිල් රෙදි බෙදුවේ ජනාධිපතිවරණයේදී. ඒක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. තමන් අකමැති අය හොඳ දෙයක් කළොත් ඒක හොඳ ලෙස දකින්නත් තමන් කැමති අය වැරදි දෙයක් කළොත් ඒක වැරදි ලෙස දකින්නත් හැකි පිරිසිදු ඇස් අප දේශයේ ජනතාවට ලැබේවා! (නි)
රොහාන් දයාදර, සහතික ඇත්ත මහජන දේපොළ හොරාකෑම සහ හොරා කාපුවා වහගන්න බොරුකීම. මම ඉන්න රටේ දේශපාලකායො සමග සසදනවිට අපේ රට තව ආත්ම දහයකටවත් හැදෙන්නෙ නැහැ. (බ)
මේ යන විදියට ඡන්දයක් අවොත් කිසි ප්‍රශ්නයක් නැ, උඩින්ම රාජපක්ෂ මහත්තයත්, මෛත්‍රීපාල මහත්තයත් දෙන්නම පරදිනවා, රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද දැන් ඇති වැඩිම වුනොත් 30 ලක්ෂයක් හා මෛත්‍රිපාල මහත්තයට ඇති 30 කට නොවැඩි ඡන්දයක්. (බ)
ප්‍රියාන් ඔබ හරි කොළපාට බොඩියට නීල් පාට අන්දලා ඔය ටී ෂර්ට් එකටයි තොප්පියටයි ගිය ගාන කවුද දන්නේ නැහැ හදන්නේ ඒවා විතරක් නෙවෙයි අරවට ගිය ගාන (බ)
මේක තවත් උපක්‍රමයක්. ප්ලාස්ටික් පුටු තියල මිනිස්සු ඉන්දවල.එහෙම කළාම 100 දෙනෙක් හිටගෙන ඉන්න පුළුවන් තැන ඉන්නේ 25-30 විතර. ආපු සෙනග තුන් හතර ගුණයක් වෙලා පෙනෙනවා. මේ වැඩේ දැන් ජවිපෙත් කරනවා. එජාප ජවිපෙ සහ ශ්‍රීලංකා මෛත්‍රිපාල නඩය ඇතුළු ඔක්කොම සහ විවිධ බලපුළුවන්කාරකම බියවැද්දීම මගින් විවිධ ආයතනවල වැඩකරන අයත් ගෙනත් පුටුවල ඉන්දවල සෙනග පෙන්නලා වැඩක් නැත. පුළුවන්නම් ඡන්දෙ තියන්න. (බ)
රට හැමතැනම අතිවිශාල කටවුට් ගහලා. මේවා කාගෙ සල්ලිද? එදා මහින්දට කටවුට් වලට චෝදනා කළ අය අද මොකද නිශ්ශබ්ද? (නි)
ජයවේවා මගේ හදවතේ රැඳි පක්ෂයට සහ ජනාධිපතිතුමාට...! (නි)
අර තුම්මුල්ලේ වීරයාටයි, පිවිතුරු කෙනාටයි දැන් නින්ද යන එකක් නැහැ. (නි)
සැමරුම් උත්සව කියන්නේ මේවට. නිල් ගඟක් වගේ. අර බන්දුගේ කේක් ගෙඩිය කන්න අඩුම ගණනේ පවුලේ කට්ටියවත් නැහැ. (නි)
ඉතින් උතුමාණෙනි... ජන්දය තියන්නකෝ. තියල බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඔච්චර දුක් විදින්නේ මොකෝ. (බ)
රට ගැන හිතන්නේ නැතුව පාට පක්ෂ පස්සේ යන මිනිස්සු ඉන්නකන් මේ රට අදුරේ (බ)
ලබන සුමානේ මේ කට්ටිය කොළ පාට ෂර්ට් ඇදල කොලපාට තොප්පි දාගෙන කැම්බල් යාවි..(බ)
දැන් බයියෝ කරකවල අත්හැරිය වගේ අදහස් දාන්නෙ...(බ)
අයියෝ මේ ජන ගග දැක්කනම් මට මොනවද වෙනවා (බ)
උදය ඔබ හරි , මොන පක්ෂය බලයට ආවත් විජය රජුගෙන් පැවත එනවා කියන අපි දන්නා එකම ශිල්පය - හොරකම -(බ)
ටී ෂර්ට් වලට ගිය වියදම ගැන හුල්ලන අය දැකල නැද්ද අනිත් පක්ෂ සම්මේලන වලට ඒවායේ සාමාජිකයෝ අඳින හැටි. ශ්‍රී.ල.නි.ප. යට මෙහෙම වියදමක්වත් කරන්න බැරි තත්වෙක නෙවෙයි ඉන්නේ. මේවා කිඹුල් කඳුළු. (බ)
සියලුම දෙනා ඉන්නේ නිල් කමිස වලින්. මේවා ලැබුනේ කාගේ මුදල් වලින්ද? මහින්ද සිල් රෙදි බෙදුවේ කාගේ මුදලින්ද? රාජපක්ෂලාගේ වැරදි වලට දැන් බරක් තිබේද? සමුළුවට පැමිණි දැවැන්ත ලංගම බස් ගඟද දුටිමි. මහින්දගේ කාලේ මේවා පොදු දේපළය. දැන්? වෙනසක් බලාසිටි අපි අන්දමන්ද වී බලාසිටිමු. (නි)
අපි ශ්‍රී ලංකාකාරයෝ. අපි ගෙදර ඉඳලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියා. ඔය සෙනඟ පෙන්නුවට වැඩක් නැහැ, ඊළඟට එන ඡන්දය තමයි අපිට ඕනෑ අපි කොහෙද ඉන්නේ කියලා ඔය හවුලේ අයට කියලා දෙන්න. අපිට එතෙක් ඉවසාගෙන ඉන්න වෙනවා. (නි)
ජයවේවා! ඉදිරියටම යමු (නි)
අපරාදේ ටී ෂර්ට් වලට ගිය වියදම කියලා හිතුනා. ඔය තමන් හිතලා ආ අය නොවේ කියලයි මට නම් පෙනෙන්නේ. (නි)
උගතුන්ගෙන් පිරි අප මව් රට, කපටි 225ක් විසින් හැමදා පාලනය කරයි (බ)
කිරිබත් කෑවේ කීදෙනෙක්ද? දැන් මෙතන කීදෙනෙක්ද? (නි)
කුරුණෑගල එකම නිල් පියසක්. ජනාධිපතිතුමාට සහ හිටපු ජනාධිපතිතුමියට හා මහලේකම්තුමා ඇතුළු සියලු දෙනාටම කිරි ඉතිරේවා! අපේ ශ්‍රී.ල.නි.ප.යට ජයෙන් ජයවේවා! (නි)
හොරුන්ගෙන් රට බේරාගත් අපේ නායකයට ජය වේවා! (නි)
අයියෝ සල්ලි කියලා හිතුනා (නි)
අපේ ගරු ජනපති නිරිඳුන් සපථකළා බල්ලො බිරුවට කඳු පාත් නොවෙනවග. ජයවේවා! (නි)
ශ්‍රී.ල.නි.ප. පාක්ෂික අපිට සතුටුයි. ඔබට ජය! (නි)
මේ ඇඳගෙන ඉන්න ටී ෂර්ට්, තොප්පි වලට ගෙදරින් ගෙනාපු සල්ලිද වියදම් කළේ? අනේ මේ නොදන්නා හින්දයි ඇහුවේ... (නි)
ජයවේවා.... ජයවේවා... ජයවේවා.....! (නි)
ජයවේවා අපේ ජනාධිපතිතුමාට සහ පක්ෂයට. අපිට හොඳ නායකත්වයක් ලැබිලා තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් (නි)
ජය ජය ජයවේවා (බ)
දස දහසින් මිනිස්සු පෙන්නුවත් පළාත් පාලන ඡන්දය විතරක් පවත් වන්නේ නැහැ. (බ)
සංවත්සර සම්මේලනයේ සෙනඟ දැකලා භූමිතෙල් ගෑවුණ ගැරඬින් වගේ දැඟලුවාට අපි ඉතින් මොනවා කරන්නද? සමහර ගෙම්බන්ට දියෙයි ගොඩෙයි දෙකේම බක බක ගාන්න පුළුවන් බව අපි දන්නවනේ... (නි)
සියලු වියදම් ඉන්දියාවෙන්ද දන්නෙ නැහැ (නි)
මේ ඔක්කොම නිල් පාට ඇන්ඳට ශ්‍රීලංකාකාරයෝ වෙන්න බැහැ. මේගොල්ලෝ දෙපැත්තටම සපෝර්ට් එක දෙනවා (නි)
බේදබින්න වී පාවාදීම් වලින් පරිපූර්ණව තිබුන යුඑන්පිය බේරාදුන් අයට සැපෙන් සැප සුබ අනාගතයක් වේවා! (නි)
ඡන්ද 2ක් තිබ්බා. ඊළඟ පාර මහින්දට ඇපත් නැහැ. (නි)
කාගේවත් මුහුණු වල හිනා පොදක් නැහැ.එක් කෙනෙක්වත් අතක් උස්සලා සතුට පළකරන්නේ නැහැ. ලොක්කෝ ලොක්කියෝ වම දකුණ මාරු කරගෙන ඔහේ අත් අස්සගෙන ඉන්නවා. ඇවිල්ලා ඉන්න එක්කෙනෙක්වත් අතක් උස්සලා ආචාර කරනවාද? (නි)
හොරුන්ගෙන් රට බේරාගත් අපේ නායකයාට ජය වේවා! (නි)
වෙන මොනවා නැතත්, ශ්‍රී.ල.නි.ප. ය පුහු, උද්දච්ච නායකත්වයෙන් මුදවා ගැනීම ගැන, එම පක්ෂයට ආදරය කරන කවුරුත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ගරුකළ යුතුයි. (නි)
අලි බබා සහ හොරු ටික මෙතන නැති එක නම් බොහොම හොඳයි (නි)
මේවා ඔක්කොම හයිබ්‍රිඩ් ගැට. ඔය ඔක්කොම ලබන සතියේ කැම්බල් පාර්ක් එකේ. (නි)
අපේ නායකයාට ජය වේවා! (නි)
බොරුවට රඟපානවා. මොවුන්ට සෙනඟ නැහැ. මේවට යන සල්ලි මේ කට්ටිය ගෙවල් වලින් ගෙනත් වෙන්න ඇති නේද (නි)
මේක හරියට ඩෙන්මාර්ක් රටේ කුමාරයා නැතුව ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්ටිය රඟ දැක්වීමක් වගෙයි. (බ)
සාගරට ඇඳුම් වලට ගිය මුදල් ගැන දුක හිතිලා. පව්! අර කාලේ කොහෙද දන්නේ නැහැ හිටියේ? (නි)
ජයවේවා! ඔහොම යමු (නි)
ප්‍රභාකරන් හිටියානම් එක බ්ලාස්ට් එකකින් මෙතනෙ කීයක් ඉවරද. (බ)
ඡන්දෙ තියල සෙනග පෙන්වන්න. මොකද නිදහස් පක්ෂයට ඡන්දෙ දුන්න මට තියන එකම ප්‍රශ්නේ ඡන්දෙ නොතියන එක. (බ)
මම මේ නිකන් අහන්නේ මගේ ඇහේ පෙනීමේ දෝෂයක්ද දන්නේ නෑ. මේ කේ ඉන්න හැමෝම මිනිස්සු ඇදන් ඉන්නේ පොලොන්නරුව ගහපු කමිසනේ. අනිත් පලාත් වලින් ඇවිත් නැ වගේ. සේරම පොලොන්නරුවෙන් කුලියට අරන් වගේනෙ පේන්නේ. (බ)
ප්‍රියාන්, ඔබගේ කොමෙන්ට් එක මට කියන්නට තිබුන දෙයම කළා (බ)
ඡන්දයක් තිබ්බොත් ඔය ඇවිත් ඉන්න සෙනගින් කොටසක් එක්සත් ජාතික පක්ෂයට තව කොටසක් මුසිල්ම් කොන්ග්‍රස් එකට තවත් කොටසක් දෙමල ජාතික සන්දානයට ඉතින් ශ්‍රී ලංකා නිදහස පක්සේට කට්ටිය ඉතුරු වේවිද. (බ)
ජීවිතයේ බොහෝ තීරණ නිවැරදිව ගන්න මහජනතාව, රට පාලනය සඳහා නිතරම තෝරාගන්නේ කපටි රැලකි (බ)
මේ හැම ෆොටෝ එකකම ඉන්නේ පොළොන්නරුවෙන් ආපු එකම සෙනග කියලා පෙන්නේ මට විතරද? (බ)
දෙගොල්ලොම එකට එකතුවෙලා ඉන්න නිසා එකට එකතුවෙලා සෙනග පෙන්නන්න පුළුවන් අගේට! (බ)
කිසිම හිනාවක් නැහැ සෙනග නැති නිසා බයවෙලා! සැටලයිට් නෝනා පිටුපස රුකඩේ නටවනවා පේනවද ? (බ)