IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘‘ශ්‍රීලනීපයේ අපි හැමෝම එක්ක අලුත් ගමකට මුලපුරමු‘‘

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත්කර සිටි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු කොළඹ ඩාලි පාරේ පිටිහි එම පක්‍ෂ මූලස්ථානයට අද (4) පස්වරුවේ පැමිණ නැවත රාජකාරි ආරම්භ කළහ.  

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තිදෙනා පක්‍ෂයේ තනතුරුවලින් ඉවත්කිරීමට පසුගිය සතියේ පියවර ගත් අතර එම මහත්වරුන්ට දැරූ තනතුරුවල කටයුතු කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලැබීමෙන් පසුව ඔවුහූ මෙසේ මූලස්ථානයට පැමිණියහ.

ඔවුහු මුලස්ථානයට පැමිණ පළමුවෙන්ම එහි සේවකයන් කැඳවා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් දී ඇති අතර පසුගිය පක්‍ෂයේ ක්‍රියාකාරීන් කණ්ඩායමක් සමඟ ද සාකච්ඡා කර තිබේ.

එම මහත්වරු තිදෙනා ඇතුළු කණ්ඩායම එම කටයුතුවලින් පසුව ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරයේ කටයුතු තහනම් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණයෙන් පැනවූ වාරණයත් සමඟ එම පක්‍ෂය නව ගමනක් ආරම්භ කරන බවත් පක්‍ෂය හැර ගිය සියලුම දෙනාට එම ගමන සඳහා ආරාධානා කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (4) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘවරයාගේ දියණිය වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පක්‍ෂයට පත්ව ඇති විනාශ පිළිබඳව ලබාසිටිය නොහැකි වීම අධිකරණ ක්‍රියාවලියකට යොමු වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණයෙන් අද දිනයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව වාරණ නියෝගයක් ලැබුණු බවත් ඒ මහතා කීය.

කොළඹ ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (4) පස්වරුවේ එසේ පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයාට එරෙහිව අධිකරණයෙන් වාරණයක් නොලැබුණත් බොහෝ කාලයකට පෙර ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කර තිබූ බව කී ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අත්වී ඇති ඉරණම සම්බන්ධයෙන් සියලු දෙනා ඒ මහතාට චෝදනා කළ බව ද සඳහන් කළේය.

පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වන තමන්, ජාතික සංවිධායක සහ භාණ්ඩාගාරිකවරයා ව්‍යවස්ථා විරෝධීව තනතුරුවලින් ඉවත්කිරීමට ඔහු කටයුතු කළ බවත්  ඒ හේතුවෙන් පක්‍ෂයේ විනාශය වැලැක්වීමට පක්‍ෂයේ අනුශාසකවරියක් වන චන්ද්‍රිකා මැතිණිය අධිකරණයේ පිහිට පැතූ බවත් ඒ මහතා කීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය ගන්නා විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයන් 140 ක් පමණ පාර්ලීමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කළ ද මේ වන විට එම සංඛ්‍යාවක් දෙකක් දක්වා අඩු වී ඇති බව කී අමාත්‍යවරයා  ඔහු දක්‍ෂ සංවිධායකයන් විශාල පිරිසක් ඉවත් කළ බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සංධානයක් ගොඩනැගීමට ගිය අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා නායයකත්ව මණ්ඩලයට පත්කිරීමට සෙසු පක්‍ෂ අකමැති වූ බවත් මහ ගෙදර හැර ගිය සියලු දෙනාට මේ අවස්ථාවේදී ආරාධනා කරන්නාක් මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් කිසිඳු ආකාරයේ පළිගැනීමක් නොවන බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ගොඩනැගීමේ එකම අරමුණ ශ්‍රී ලංකාකාරයෙක් ලෙස මැරෙන මොහොත දක්වා කටයුතු කිරීම බව ද මහින්ද අමරවීර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

උපතින්ම ශ්‍රී ලාංකා නිදහස් පක්‍ෂිකයන් වී සිටීම නිසා චන්ද්‍රිකා මැතිණිය අධිකරණයට ගොස් ගත් මෙම තීන්දුව පිළිබඳව සතුටු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව ගමන සඳහා සියලු දෙනාම එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා එම මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ එම පක්‍ෂයේ උප ලේකම් ජගත් පුෂ්පකුමාර මත්වරු ද සහභාගි වූහ. 



අදහස් (7)

‘‘ශ්‍රීලනීපයේ අපි හැමෝම එක්ක අලුත් ගමකට මුලපුරමු‘‘

මැක්ස් Thursday, 04 April 2024 04:46 PM

ශ්‍රී ලනිපය කඩාගෙන ගිහින් බහුජන නිදහස් පෙරමුණක් අටවලා, ඊටත් පස්සේ මහජන පක්ෂය කියලා එකකුත් හදපු, රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු චන්ද්‍රිකා නෝනාව කරේ තියාගෙන නම් ශ්‍රීලනිපය හදන්න යන්නේ, අමරවීර උන්නැහේලාට වැරැදිලා. රට කාබාසිනියා කළ දේශපාලකයෙක්... ඒ ගැන තර්කයක් නෑ.

:       0       7

පිටරටවැසියා Thursday, 04 April 2024 05:36 PM

මොකක් ඇල්ලුවත් ආයෙත් රටේ පාලන බලය අල්ලනවා බොරු... රට කාපු දියවන්නාවේ තක්කඩි 226ම තොලොංචි වෙනවා ෂුවර්...

:       1       10

kotiyaFriday, 05 April 2024 12:07 AM

226ක් නෑ. ඉන්නෙ 225යි. එයිනුත් තුනක් ජේ.වී.පී. ඒ තුන්දෙනාගෙනුත් එක්කෙනෙක් අනුර කුමාර දිසානායක. මොකෝ කියන්නේ? 225ම පන්නමුද?

:       0       0

ගමේ රාළ Thursday, 04 April 2024 06:05 PM

මිනිස්සු භේද බින්න කරලා දාපු ඔය පක්ෂ එකකින්වත් දැන් මේ රටේ ජනතාවට ඇති වැඩක් නෑ... මිනිස්සු මුලා කරලා බලය ලබාගන්න හදපු ඔය දේශපාලන පක්ෂ කෙරුවාව දැන් මිනිස්සුන්ට තිත්තයි ශ්‍රී ලංකා unp භේද ඔබලාම තියාගන්න. මිනිස්සු එකඟ වෙන්නේ රට හදන වැඩපිළිවෙලකට පමණයි. ඔය දේශපාලන පක්ෂ එකක්වත් දැන් මේ රටේ මිනිස්සුන්ට අසූචි ගොඩක් තරම්වත් වටින්නේ නෑ.

:       0       10

sk Thursday, 04 April 2024 06:49 PM

ඔයාලාට බලය අල්ලාගත්තාට අපි නම් ඔයාලාට බලයක් දෙන්නේ නෑ...

:       0       7

Kazi Shajahan Friday, 05 April 2024 08:07 AM

ඔය කට්ටියම එකතුවෙලා රනිල් ගේ කරේ නගින්න හදන්නේ ,කැට තියලා කියන්නේ

:       0       1

පුරවැසියා Friday, 05 April 2024 08:13 AM

පරණ බඩුත් එක්ක අලුත් ගමනක්. ජනතාව කැමති වෙයි ද

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 8 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 13 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 33 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 50 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 99 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 120 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site