IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ශ්‍රිලනිපයට දර්ශන වැහි වැහැලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දර්ශනයක් ඇති කළේ එහි නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා. එතුමා බණ්ඩාරනායක දර්ශනය අපට කියා දුන්නා. දැන් විවිධ වර්ගයේ දර්ශන මේ පක්ෂයට එකතු කරගෙන තියෙනවා. හැබැයි පක්ෂයට ශක්තිය ලැබුණේ බණ්ඩාරනායක මැතිතුමාගෙන් අද බොහෝ දෙනාට ඒ දේ අමතක වෙලා.

තිහාරියේ දුල්වල  ස්ලාමීය මධ්‍යස්ථානයේ උත්සවයකදී චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග හිටපු ජනපතිනිය එසේ කීවාය.බණ්ඩාරනායක දර්ශනයට ජාති වාදය ආගම් වාදය හා කුල වාදය නැතැයිද ඇය කීවාය.

සුනේත්‍රා බණ්ඩාරණායක මහත්මියද මේ උත්සවයට පැමිණ සිටියාය.



අදහස් (0)

ශ්‍රිලනිපයට දර්ශන වැහි වැහැලා

ටිකිරි බංඩා Sunday, 29 September 2013 04:06 PM

අපි පරම්පරාවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. ඒත් අද වෙනකොට රටේ වෙන සිද්දි ගැනනම් පුදුම කලකිරීමක් තියෙන්නේ.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 30 September 2013 09:48 AM

යුගයේ අභීත දියණිය....... (ස)

:       0       0

තිලක් ඩුබායි Sunday, 29 September 2013 04:09 PM

මෙතුමියගේ කාලේදී දිරාම් එකක් තිබුනේ රුපියල් 22-25 අතර. දැන් ලංකාව සීග්‍ර ලෙස සංවර්දනය වෙලා නිසා ඊයේ වෙනකොට දිරාම් එකක් රුපියල් 36 දක්වා නැගලා තියෙනවා. බඩු මිලත් සීග්‍ර ලෙස සංවර්දනය වෙලා තියෙනවා.(නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 29 September 2013 04:13 PM

බණ්ඩාරනායක දර්ශනය සහිතව "විමුක්ති" කරලියට එනවා නම් අපි අපේ සහයෝගය උපරිමයෙන් දෙනවා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 29 September 2013 10:23 PM

පුංචි ටිකිරිගේ පුංචි මොලේ ගොම පස් අසුචි පිරිලා කියලා උපාලි මහත්තයා තාම දන්නේ නැද්ද..? (නි)

:       0       0

අසංග Monday, 30 September 2013 10:02 AM

ඔබතුමිය අවුරුදු දොළහක ඉඳලම මොනවද රටට කරේ...? දැන් නිකන් බණ දොඩවනවා. (ස)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 29 September 2013 04:16 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දර්ශනයක් ඇති කළ එහි නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා ගේ ගාලු මුව දොර පිහිටි ස්මාරකයන් ගලවලා ඒකත් චීනෙට දෙන්න යනවා කියන කතාව ඇත්තද?(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 30 September 2013 11:36 PM

බන්දුල පෙරේරා, අපි දන්නා එක ධර්මතාවයක් තියෙනවා.අයුක්තියෙන්,අසාධාරණයෙන්,කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදලින් ගසාකමින් වැඩි දුරක් යන්න ලැබෙන්නෙ නැහැ කියන එක. (නි)

:       0       0

අයි. ගමගේ Sunday, 29 September 2013 10:31 PM

ඔය කතා ගණන්ගන්න එපා. (නි)

:       0       0

දර්ශන Sunday, 29 September 2013 04:25 PM

තිලක් ඩුබායි , එදා දිරාම් එකක් තිබුනේ ඉන්දියාවේ රුපියල් කියාද, එතකොට ඉන්දියාවේ දිරාම් එකටත් මෙතුමිය බල පැවද, මෝඩ කතා නොකිය ඉන්නව හලෝ......බදු මිල අඩුවෙන රටක් කියන්නකෝ තිලක් බබෝ... (නදී)

:       0       0

බණ්ඩා Monday, 30 September 2013 11:50 PM

බය වෙන්න එපා.ඉස්සර අපි මිනීමරු ප්‍රබාකරන්ගේ බෝම්බයෙන් අපේ දරුවන් ආරක්ෂා කරන්න පාසල් වල ගේට්ටු මුර කළා වගේ මෙරටට ගෙන්වන කුඩු වලින් මත් වුන තිරිසනුන්ගෙන් අපේ දරුවන් අරක්ෂා කර ගැනීමට පාසල් වල ගේට්ටු මුර කරන්න යන්න සිද්ධ වෙන කාලයක් එනවා (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 30 September 2013 10:18 AM

යුගයේ අභීත දියණිය මේ මොකද කියවන්නේ, දැන් පැන්ෂන් එක අරගෙන කොහාට හරි වෙලා ඉන්න. (ස)

:       0       0

මිනිපෙ Sunday, 29 September 2013 10:37 PM

සමහර නායකයෝ හරිම අලසයි. (නි)

:       0       0

උපාලි Sunday, 29 September 2013 04:33 PM

ටිකිරි බණ්ඩා, හත් වතාවක්ම අදහස් දාලා තියෙනවා දැකල මං හිතුව මිනිස්සුන්ට දේශපාලන පක්ෂෙත් පරම්පරාවෙන් උරුම වෙනවාද කියලා. සාමාන්‍යයෙන් පිළිගන්නේ, රට, ජාතිය, භාෂාව, ආගම වැනි දේවල් නේ. දේශපාලන පක්ෂයක් උපතින් උරුම වෙනවා කියල මොලේ තියෙන මිනිස්සු නම් පිළිගන්නේ නැහැ. ඒක ඉපදිලා ලෝකේ තේරුම් ගත්තට පස්සේ නේද තීරණය වෙන්නේ? භාෂාව ආගම වැනි දේත් පස්සේ වෙනස් වෙනවා නේද? කැපුවත් ලේ අර පාටයි මේ පාටයි කියන අය අන්ධ භක්තිකයෝ මිසක් යමක් මධ්‍යස්තව හිතන්න පුළුවන් ශක්තියක් ඇති අය නෙමෙයි. බණ්ඩාරනායක මැතිතුමා සිංහල පමණක් රාජ්‍ය භාෂා කිරීම අන්තිමට ත්‍රස්ත වාදය ඇතිවීමටත් හේතු වුනා කියලා ශ්‍රී.ල.නි.ප. කට්ටියම කිව්වා නේද? මොකද ඔබට හිතෙන්නේ ඒ ගැන? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 29 September 2013 11:00 PM

ලංකාවේ ස්වර්ණමය යුගය මෙතුමිය රට පාලනය කළ කාලයයි,හොරකම්,දුෂණය ,භීෂණය අඩුවෙන්ම තිබුනේ ඒ කාලේ,මෙතුමිය තව අවුරුදු 5 පාලනය කළා නම් රට ගොඩ,ඔබතුමිය නැවත ඉල්ලනවා නම් අපි සම්පුර්ණ සහයෝගය දෙනවා (නි)

:       0       0

තිසල් Monday, 30 September 2013 10:36 AM

ඉදිරියේදී අපේ දරුවන්ට චීනයේ යටත් විජිතයක් වශයෙන් තමා ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. (නි)

:       0       0

චානක. Sunday, 29 September 2013 11:24 PM

මෙතෙක් රටේ බලයට පත් වූ කිසිම නායකයෙක් කුලවාදය ,උස් පහත් බේදයන් දුරු කර රටේ සියලු දෙනාම සමානය කියන තත්වයට පත් කර නැහැ. රටක දියුණුවට ප්‍රධාන බාධාව තමයි මේ කුලවාදය,උස් පහත් බේදයන්ගෙන් ජනයා බෙදා වෙන්කර තිබීම. ලංකාවේ ඉතා තදින්ම මේ කුලවාදය එල්බගෙන සිටින රටක් (නි)

:       0       0

සිසි Sunday, 29 September 2013 05:14 PM

ඔය ධම්ම කියන කෙනා වගේම තව කෙනෙක් ඉන්නවා ආණ්ඩුවට කඩේ යන. (නි)

:       0       0

රැප් Sunday, 29 September 2013 11:28 PM

මොනවා නොකළත්,එතුමියගේ කලේ මීට වැඩිය නීතියක් රටේ තිබුනා.නීතිය ගැන විශ්වාසයක් රටේ තිබුණා.අනෙක් එක ජාතිවාදී නාමයෙන් අනෙක් ආගම වලට,ආගමික සිද්ධස්ථාන වලට පහරදීමක් වුනෙත් නැහැ. වුණා නම්,ඒවාට නීතිය ක්‍රියාත්මකවීමක් තිබුණා. (නි)

:       0       0

ජයසූරිය Sunday, 29 September 2013 05:21 PM

මෙහි තිබෙන අදහස් කියවලා බලපුවාම මඩ ගැහිලිම තමයි. ජනාධිපතිතුමිය බලයේ ඉන්න කාලයේ වැඩක් කලේ නැතිලු කියලා දැන් කියනවා. මහත්වරුනි, කෙනෙකුට ඇගිල්ල දික්කරන්නට පෙර තමා කව්රුදැයි හොදින් අවබෝධ කරගන්න. අනුන් ළග කසල තිබෙනවා යැයි කීමට පෙර ඔබ ළග තිබෙන කසල ගොඩ ඉවත්කර ගන්න (නි)

:       0       0

මගරි Monday, 30 September 2013 10:57 AM

සෙන්තිල්, ඔය ඉස්ලාමීය අබ්බඝාත මධස්ථානයක්ද? අබ්බඝාතකයන් මොකට මැව්වද? මැවුම්කරු හරිම අසාධාරනයි නේද?? (ස)

:       0       0

ෂෙහාර් Sunday, 29 September 2013 05:41 PM

ජය වේවා! (නි)

:       0       0

අමාලි සිල්වා Monday, 30 September 2013 12:09 AM

ඔබගේ දර්ශනය පැසසුම් කරනා අයත් ඉන්නවා (නි)

:       0       0

යසීර අහමෙඩ් Monday, 30 September 2013 12:14 AM

බණ්ඩාරනායක දර්ශනය තමා ජාතිවාදය පටන් ගත්තේ . 1956 බලයට පැමිණ ශ්‍රී අකුරත් එක්කම පළවෙනි දෙමල සිංහල කෝලාහලය... මම හිතන්නේ මෙහි ප්‍රතිචාර දමන ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. (නි)

:       0       0

මුණිදාස Monday, 30 September 2013 11:32 AM

අවුරුදු 11 කාලය තුල ගරු බණ්ඩාරනායක අගමැතිතුමාගේ, ගරු බණ්ඩාරනායක අගමැතිතුමියගේ දර්ශනය විනාශ කිරීමට හවුල් වුණේ කවුද? ඒ පාලන කාලයේදී ,නියම දර්ශන ජනතාව දැක්කනේ. නේද? (ස)

:       0       0

රාහුල Sunday, 29 September 2013 06:00 PM

බඩු මිල නම් අපේ රටේ මිනිසුන්ට ප්‍රස්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට දැන් තියෙන්නේ එක දර්ශනයයි (නි)

:       0       0

එදිරිසිංහ Monday, 30 September 2013 01:19 AM

කුරිරු යුද්ධය නිසා ප්‍රබල චරිත වන පොන්සේකා එලොව ගහින් මෙලොව ආවා. චන්ද්‍රිකාගේ ඇසකුත් දන්දුන්නා. නමුත් ඔවුන්ගේ සතුරන් මෙල්ල කළ ජනපතිතුමාට මේ දෙන්නගේ කෙළෙහිගුණයක් තිබිය යුතුයි.කාගේ කාගේත් දර්ශනවාදය නිසා තමයි දුප්පත් අසරණ හමුදා සෙබළු දාස්ගානක් අද අත,පය අහිමිකරගෙන ඉන්නේ (නි)

:       0       0

උදය Sunday, 29 September 2013 06:02 PM

මොනවද මේ කතා? (නි)

:       0       0

සාලිය Monday, 30 September 2013 01:39 AM

ඉස්සර හිටපු අයත් එකයි, දැන් ඉන්න අයත් එකයි. මම කියන්නේ ලංකාව හදන්න නම් එංගලන්තයටම දෙන්න වෙනවා (නි)

:       0       0

දර්ශන Sunday, 29 September 2013 06:10 PM

ජයසූරිය මහත්තයෝ , මොන පොතෙන්ද උපුටා ගත්තේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 29 September 2013 06:11 PM

පැහැදිලි ඊර්ෂ්‍යාව කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

චානක. Monday, 30 September 2013 02:11 AM

මොන නායකයා ඇවිත් දර්ශනය පෙන්නුවත් අන්තිමට රටට හෙලවෙන්න බැරි විදියට මානව හිමිකම් කඩ කරන රටක් ලෙසට ලේබලය වැදිලා. (නි)

:       0       0

සුමනදාස Monday, 30 September 2013 02:26 AM

කාගේ කාගේත් දර්ශනේ පේනවා අපිට (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 29 September 2013 06:37 PM

දැන් තියෙන්නේ චින්තනනේ නෝනේ (නි)

:       0       0

සුජීව Sunday, 29 September 2013 06:38 PM

සිංහල රාජ්‍ය භාෂාව කිරීම තුලින් අපට අත්වූ ජාතිවාදී ප්‍රශ්නය, අද රජය සාමය උදාවත් සමග යම් මට්ටමකට සැගවී ඇතත්, එස්.ඩබ්.ආර්.ඩී. රජය රටට ඇතිකළ ප්‍රශ්නය තාමත් එතැනමය. 2001දි, අප රට නිදහසින් පසු ප්‍රථම වතාවට ආර්ථික වර්ධනයේ ඍණ වරදානයක් පෙන්නුවා. අද රට ශීඝ්‍රයෙන් දියුණුවක් පෙන්නනවා. රාජපක්ෂ රජය නිතරම සිරිමාවෝ මැතිනිය සිහිපත් කරනවා. එය අප අගය කළ යුතුය. (නි)

:       0       0

ජයසූරිය Sunday, 29 September 2013 06:39 PM

දර්ශන පුතේ කිසියම් පොතකින් උපුටා ගත් දෙයක් නෙමෙයි. අපේ රටේ උගත් විද්වතුන් ප්‍රකාශ කළ අදහස් තමා ගැබ් වෙලා තියෙන්නේ. දොරමඩලාව වැනි විද්වතුන් සහභාගි වෙන වැඩසටහන් නරඹන්න (නි)

:       0       0

චාන් Monday, 30 September 2013 02:39 AM

ඒ පාලන කාලයේදී ,නියම දර්ශන ජනතාව දැක්කනේ. නේද? ඔහොම යමු (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 29 September 2013 07:01 PM

දුප්පත්ම රටවල් වෙන බන්ගලිදේශයත්,නේපාලයත්,පිලිපීනයත් අපේ රටට වැඩිය හොදයි නේද?අපේ රුපියල තරම් බාල්දු වෙන්නෙ නැහැ නේද? (නි)

:       0       0

හේරත් Monday, 30 September 2013 06:07 AM

පේනවා...පේනවා... (නි)

:       0       0

අශාන්ත Monday, 30 September 2013 06:20 AM

මැතිනිය, අපි කවදත් ඔබ සමගයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. කරුණාකර නැවත දේශපාලනයට එන්න. රට බේරා ගන්න. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 30 September 2013 12:55 PM

ආණ්ඩුවට විරුද්ධ නම් ටිකිරි බණ්ඩාට කකුල් හතරේ එළ දෙනෙක් උනත් අබීත දියණියක් වේවි..අපි නොදන්නා පුංචි ටිකිරි..පුංචි ටිකිරි කවදා වෙනකම් මේ විඳවීම විදවන්නද.? පේන තෙක් මානෙක ලකුණක්වත් නැහැ.රතුපස්වලින් අරාබි වසන්ත එනකම් හීන දැකපු මනුස්සයා..රටේ මිනිස්සු රතුපස්වල ගණන් ගත්ත හැටි පහුගිය මැතිවරණෙන් අපේ බස් එකේ ඔය කොමෙන්ට්ස් වලින් ආණ්ඩු පෙරලන්න හදන මේ වගේ අයට පැහැදිලි වෙන්න ඇති හොඳට.. (ස)

:       0       0

සත්‍යයා Monday, 30 September 2013 07:03 AM

සුජීව මහත්තයෝ, රටේ ජනතාව දැන් සමහරුන්ගේ මවුපියෝ නිතර නිතර මතක් කරනවා (නි)

:       0       0

සෙන්තිල් Sunday, 29 September 2013 02:30 PM

ඔය ඉස්ලාමීය අබ්බඝාත ලමුන්ගේ මධ්‍යස්ථානයට මුදල්වලින් පරිත්යාගයකුත් කෙරුවොත් හොදයි නේද?  මමත් මේ ආයතනයට 2010 අවුරුද්දේ දුන්නා, දීල දවල් කෑම වේලකුත් ළමයින්ට දුන්නා. නිකන් කටින් කිව්වට පලක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

සුභාෂිණි Sunday, 29 September 2013 07:31 PM

ලංකාව චන්ද්‍රිකා මැතිනිය භාරගන්නකොට තිබුනේ කොතනද කියලා අමතක මිනිස්සු ඉන්නවා.හැබැයි දන්නෝ දනිති. කෙලෙහිගුණ නැති අය ඉන්නවා . (නි)

:       0       0

බණ්ඩාර Monday, 30 September 2013 07:46 AM

මම එජාපයේ. ඒ වුණාට ඔබගේ පාලනය හොදයි. මොනවා කරන්නද? (නි)

:       0       0

චන්දිම Monday, 30 September 2013 07:58 AM

ඔබතුමිය කළ එක හොඳ වැඩක් මට මතකයි. අර ගුවන් විදුලි රූපවාහිණී බලපත්‍ර අහෝසි කරපු එක. (නි)

:       0       0

පෙරේරා Sunday, 29 September 2013 07:43 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ, දේශීය දේ අගයන රටතුල ස්ථාවරයක් ඇතිකරන, ආර්ථිකය ශක්තිමත් කරන පාලන ක්‍රමයක්.අපි ආඩම්බර වෙමු. නමුත් වැරදුන තැනක් තිබෙනවා. උදා : අපිට ඉංග්‍රීසි ඉගෙනුම මකා දැමීම, අපිට රටකට හෝ විදේශිකයකු සමග කතා කර ගැනීමට අපහසුවීම(නි)

:       0       0

හේරත් Monday, 30 September 2013 07:42 PM

පේනවා...පේනවා...බේසමේ පල්ල තියෙනවා කියලයි හිතන් ඉන්නේ?(නදී)

:       0       0

පියල් Sunday, 29 September 2013 03:16 PM

අවුරුදු 11 කිසිම දෙයක් නොකර රට එක තැන තබාගෙන හිටියේ කාගේ දර්ශනයටද ? (නදී)

:       0       0

හේරත් Sunday, 29 September 2013 07:47 PM

පක්ෂයට තියෙන දර්ශන පෙන්නුවානේ. දැන් තියෙන්නේ තියෙන දර්ශනේ රැකගන්නා එකයි.(නි)

:       0       0

රිෂාර්ඩ් Sunday, 29 September 2013 03:20 PM

ජය වේවා ඔබ තුමියට.(නදී)

:       0       0

සෑම් Sunday, 29 September 2013 07:55 PM

ටිකිරි බණ්ඩා කාටද කඩේ යන්නේ? (නි)

:       0       0

රකිත් Monday, 30 September 2013 08:32 AM

ධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ එකේ පල විපාක පේනවා නේද දැන්? (නි)

:       0       0

නිමල් Monday, 30 September 2013 08:34 AM

ගරු බණ්ඩාරනායක අගමැතිතුමාගේ,ගරු බණ්ඩාරනායක අගමැතිතුමියගේ දර්ශනය විනාශ කිරීමට හවුල් වුණේ කවුද? අද රට ජාතිය ගැන හිතපු ශ්‍රී. ල.නි. ප.යවත් .එ.ජා.ප. යවත් අපට නැත. ඇත්තේ බල ලෝබය ගැන සිතන කෙසේ හෝ බලය රැකගන්න සිතන දේශපාලකයන් පිරිසක් පමණි. (නි)

:       0       0

හේරත් Sunday, 29 September 2013 07:59 PM

සිංහල රාජ්‍ය භාෂාව කිරීම කාලෝචිත අගය කල යුතු ක්‍රියාවක්. එදා ඒක නොකළා නම් අද සිංහල නැත. සිංහලයත් නැත. ඉංගිරිසි අතපසු වීම ඇතිරූ පලයක්. නවීත තාක්ෂනය හරහා ඒ අඩුව මකන්නට හැකියාව ඇත.(නදී)

:       0       0

රංජනී Sunday, 29 September 2013 03:24 PM

අර කට්ටියට දැන් ඩෝන් ගිහිල්ලා ඇති.(නදී)

:       0       0

කුමාර් Sunday, 29 September 2013 03:26 PM

පියල්, අවුරුදු 11 ක්‌ම ස්ලීපිං බියුටී වගේ නිදාගෙනද හිටියේ? (නදී)

:       0       0

ගුණේ Monday, 30 September 2013 08:51 AM

අවුරුදු 11 කාලය තුල රටට ඔබගෙන් කොපමණ සේවයක් වුනාද? (නි)

:       0       0

අස්මිත් Monday, 30 September 2013 09:00 AM

කව්රුත් වැරදි කර තිබෙනවා.නමුත් ඔබ අප දේශයට කළ මෙහෙය ඉතා අනර්ඝයි.පරිණත දේශපාලන පන්නරයක් ඇති අභීත නායිකාවක් වශයෙන් රටේ ප්‍රගතියටත්,ප්‍රතිරුපයටත්,ජනතාවගේ හද ගැස්මටත්,ඉදිරිපත් වෙන්න හෝ විකල්පයක් ඇතිකරවීමට සහය වන්න. ඔබට ජය!! (නි)

:       0       0

අචිනි Sunday, 29 September 2013 03:45 PM

ඉස්සර නූතන විහාරමහාදේවි කියලා මෙතුමියව වර්ණනා කරපු අය දැන් මෙතුමියට ගරහන්නේ කාගේ උවමනාවටද කියල හිතාගන්නවත් බෑ(නදී)

:       0       0

උපාලි Sunday, 29 September 2013 03:47 PM

මොකක්ද බණ්ඩාරනායක අගමැතිතුමා දුන් දර්ශනය? පංච මහා බලවේගය, දේශීයත්වය, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම...මෙතුමිය ඒවා කොච්චර දුරට වැඩි දියුණු කලාද? දන්නෝ දනිති. බණ්ඩාරනායක මැතිතුමා කටුනායකින් බ්‍රිතාන්‍යයින් ඉවත්කලා. නමුත් කවුද අපේ ගුවන් සේවාව පිරට්ටුන්ට වික්කේ? (නදී)

:       0       0

අමිල - කටුනායක Monday, 30 September 2013 09:22 AM

චන්දිම, ඕවා මතක් කරන්න එපා. අයෙත් පටන් ගනීවි. (ස)

:       0       0

අමිළ කටුනායක Sunday, 29 September 2013 09:20 PM

සුභාෂිනී, කාලෙකට පස්සේ මොකද නැත්තේ?(නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 29 September 2013 03:53 PM

බාබර්. එදා කැපුවේ කෙස් විතරයි. අද එහෙමනම් බෙල්ලම කපන්නවා නේද? (නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 29 September 2013 03:56 PM

මෙතුමියට අව්රුද්දකදී ජනාදිපති වියදම ලෙස තිබුනේ කෝටි 3000 ක් පමණි. මිනීමරු ප්‍රබාකරන් මරන්න යනකොට ඔලු ගෙඩි ටික එහාට මෙහාට කරලා දේශප්‍රේමී නාමයෙන් කෝට් 15000 ක් කර ගත්තා.(නදී)

:       0       0

හේරත් Sunday, 29 September 2013 09:26 PM

නැන්දා මාම කාට කඩේ ගියත් එක කුඹුරේ එක ලියද්දේ අප්පුහාමියේ.(නදී)

:       0       0

දුරන්ග් Sunday, 29 September 2013 09:32 PM

සුනේත්‍රා බණ්ඩාරනායක මැතිතුමිය නම් "සුනෙර පදනම" තුලින් විශේෂ දුර්වලතා ඇති දරු දැරියන් වෙනුවෙන් ඉතා උතුම් කාර්ය භාරයක් ඉෂ්ඨ කර ගෙන යනවා. (නදී)

:       0       0

ටිකිරි පංඩා Sunday, 29 September 2013 03:58 PM

"චවුර රැජින" කියල පොතක් ලියලත් වික්ටර් අයිවන් තවම ජීවතුන් අතර. ඒත් අද ඉන්න අයට එහෙම පොතක් ලිව්වා නම් සිද්ද වෙන්නේ මුහුදු වතුර බොන්න නේද?(නදී)

:       0       0

ධම්ම Sunday, 29 September 2013 03:59 PM

ඔබතුමියටත් දර්ශනයක් තිබුනා නම් අද රටතුල රජයන්නේ එය නොවේද? වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා කියන්නේ ඕකට තමයි.(නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 29 September 2013 04:02 PM

මෙතුමිය ජනාදිපති වෙලා ඉන්නකොට ලෝකයේ ලංකාව ගැන තිබුන ප්‍රතිරුපය අද වෙනකොට විනාසය දක්වා ගමන් කරනවා.(නදී)

:       0       0

ටිකි්‍රි බංඩා Sunday, 29 September 2013 04:03 PM

මෙතුමිය මොනවා වුනත් දරුවන් දෙන්නට වැදගත් විදිහට ජීවත් වෙන හැටි කියල දුන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1419 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 576 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 689 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2410 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2332 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 944 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22655 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22592 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 120 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site