IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ශල්‍යකර්ම ගැන ඔබ නොදත් දෑ

තංගල්ල මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගාමිණී රත්නසිරි

 

හදිසි අනතුරුවලදී මෙන්ම නොයෙකුත් රෝගී වලදී ශල්‍යකර්ම වැදගත් තැනක් උසුලයි. ශල්‍යකර්මවලදී සියුම් රුධිර නාල මෙන්ම ස්නායු පද්ධති ආරක්‍ෂාවන පරිදි ශල්‍යකර්මය සිදුකිරීම ශල්‍යකර්මයේ සාර්ථකත්වයට හේතුවේ. එහිදී වෛද්‍යවරයා විසින් ඉටුකරන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එබැවින් ශල්‍යකර්ම පිළිබඳව ඔබත් දැනුම්වත්වීම වෛද්‍යවරයාටද පහසුවකි. ඒ පිළිබඳව අපි වෛද්‍යතුමන් සමඟ සාකච්ඡා කළෙමු.

ශල්‍යකර්මයක් යනු කුමක්ද?

යමකුගේ ශරීරය කපා විවෘත කර ඒ තුළ ඇති පටකවල දෝෂ නිවැරදි කර නැවත සිරුර තිබූ පරිදි සකස් කිරීම ශල්‍යකර්මයක් ලෙස හඳුන්වයි. ඉතා ඈත අතීතයේ පටන් මිනිසුන් ශල්‍යකර්ම සිදුකර ඇති බවට සාක්ෂි තිබේ. ක‍්‍රි.පූර්ව 12,000 පමණ ඉතිහාසයකට උරුමකම් කියන ප‍්‍රංශ සහ ස්වීඩන් රාජ්‍යයන්ගෙන් සොයාගෙන තිබෙන හිස්කබල්වල ශල්‍යකර්ම නිසා සිදුවුණා යැයි අනුමාන කෙරෙන සිදුරු හමුවී තිබේ. ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ අතීතය දෙස බලන කල ශ්‍රී ලංකාවේද බුද්ධදාස රජතුමා නාගයකුට සැත්කමක් සිදුකළ බවට මහා වංශය සාක්ෂි දරයි. ක‍්‍රි.පූ. 800 පමණ භාරතයේ විසූ ‘සුස්රුත’ පඬිතුමා ශල්‍යකර්ම විශාල සංඛ්‍යාවක් සිදුකර ඇති අතර ඔහු ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස විරුදාවලිය ලබයි. කෙසේ වෙතත් දැනට ලොවපුරා දියුණුව ප‍්‍රචලිතව පවතින්නේ වෛද්‍ය විද්‍යාවයි. අප රටෙහිද නවීන ශල්‍ය ක‍්‍රම වර්තමානයේ භාවිතා වේ.

ශල්‍යකර්මයක් සිදුකිරීමට ප‍්‍රථම පෙර සූදානම් විය යුත්තේ කෙසේද?

ශල්‍යකර්මයක් සඳහා ශල්‍යාගාරයට යෑමේදී තමන් සතු මුදල්, ආභරණ ආදිය සියල්ල ගලවා තබා පැමිණීම වෛද්‍යවරයාට මහත් රුකුලක් සපයයි. එමෙන්ම සමහර රෝගීන් නිය ආලේපන, පවුඩර් ආදිය භාවිත කරමින් ශල්‍යාගාරයට පැමිණෙන අයුරු දක්නට ලැබේ. නිය ආලේපන, මුහුණු ආලේපන ශල්‍යකර්මයට ප‍්‍රථම ඉවත් කළ යුතුය. නොඑසේනම් ඒවා මගින් නිර්වින්දන කාර්යය හා ශල්‍යකර්මයට බාධා පැමිණවී අනිසි විපාක ළඟාකරදීමට සමත්වේ.

ශල්‍යකර්මයක් සඳහා වන පරීක්‍ෂණ හා පිළිපැදිය යුතු කරුණු නිසියාකාරයෙන් සිදුකිරීම හා එයට සහාය දැක්වීම මගින් ඔබට ආරක්‍ෂිත ශල්‍යකර්මයක් කරගැනීම හා ඉන් ඉක්මනින් සුවපත් වීමට ඉවහල් වේ. හදිසි ශල්‍යකර්මය හා පෙර සැලසුම් ශල්‍යකර්ම ලෙස කොටස් දෙකක් දැක්විය හැකිය. හදිසි ශල්‍යකර්මවලදීත් රෝගියා හැකි තරමින් ශල්‍යකර්මයකට සුදුසු මට්ටමකට හා නිර්වින්දනය කිරීමට සුදුසු මට්ටමකට ගැනීම ඉතා වැදගත්ය.

සමහර රෝගීන් ශල්‍යකර්ම සිදුකිරීමට පෙර මෙම කාලය සම්බන්ධයෙන් තම අප‍්‍රසාදය පලකරන අවස්ථාද අපි දැක ඇත්තෙමු. එහෙත් ප‍්‍රශස්ත අවස්ථාවේම ශල්‍යකර්මය සිදුකිරීම රෝගය සුවකර ගැනීමට ඉතාමත් රුකුලක්වේ.

ශල්‍යකර්මයකට ප‍්‍රථම සිදුකරන පර්යේෂණ මොනවාද?

රසායනාගාර හා අනෙකුත් එක්ස් කිරණ, රුධිර ආදී පරීක්‍ෂණ ප‍්‍රධාන තැනක් ගන්නා අතර මෙම පරීක්‍ෂණ වලින් රෝගය හඳුනාගැනීම හා රෝගයේ අවධිය නැතහොත් රෝගය කොපමණ මට්ටමකින් පවතීද යන්න සොයාබැලීම සිදුකරයි. එමෙන්ම එමගින් රෝගියා කොතෙක් දුරට ශල්‍යකර්මයක් සඳහා සහ නිර්වින්දනයට භාජනයවීම සඳහා සුදුසු ද යන්න සොයා බැලීමයි. එකම රෝගය සඳහා වුවද මෙම පරීක්‍ෂණ රෝගියාගෙන් රෝගියාට වෙනස්වේ. මේ සම්බන්ධව දැනුම්වත් වී සිටීමෙන් තම රෝගය සුව කරගැනීමට වෛද්‍යවරයාට සහාය දැක්විය හැකිය. හැකි සෑම විටදීම තමන්ගේ පැරණි වෛද්‍ය වාර්තා සහ ලබාගත් අනෙක් පරීක්‍ෂණ වාර්තා රැගෙන ඒවා වැදගත් වන අතර එමගින් අනවශ්‍ය වෛද්‍ය පරීක්‍ෂණ සිදුකිරීම වළක්වාගත හැකිය. එමෙන්ම දැනට පවතින අනෙකුත් රෝග සඳහා පෙර සූදානම් කරගැනීමටත් වෛද්‍යවරයාට අවස්ථාව සැලසේ.

ශල්‍යකර්මය සිදුකරන දිනයේදී ඔබ නිරාහාරව සිටීමට උපදෙස් දෙන බව මේවන විටත් ඔබ දැනුම්වත් වී ඇත. සාමාන්‍යයෙන් පැය 6 ක කාලයක් මෙසේ නිරාහාරව තබන අතර යම් ලෙසකින් නිර්වින්දනය කරන අවස්ථාවේදී ඔබගේ ආමාශය පිරී පැවැතුනහොත් ශල්‍යකර්මයෙන් පසුව රෝගියාට වමනය ඇතිවීමට පිළිවන. එය ඔබට අනිසි ප‍්‍රතිවිපාක උදාකිරීමට පිළිවන. එවිට උදරයේ කැපුම් තුවාල ඇදීම, ඉරීයාම ඇතුළු අනෙකුත් කැපුම් තුවාලවල රුධිර වහනය සිදුවීමෙන් විවිධ සංකූලතාවලට මුහුණදීමට රෝගියාට සිදුවේ. වමනයෙන් ඇතිවන භයානකකම ඇතුරුඵලය නම් අඩ සිහියෙන්  සිටින රෝගියාගේ පෙනහලූ කරා මෙම ආමාශයික යුෂ ඇතුල්වීමට ඇති හැකියාවයි. එමගින් දරුණු නිව්මෝනියා තත්ත්වයක් ඇති කළ හැකිය.

ශල්‍යකර්මයකට පෙර රෝගියකුට දෙන උපදෙස් මොනවාද?

රෝගීන් නිරාආහාරව සිටින කාලය තුළ තමන් දිනපතා පාවිචිචි කරන බෙහෙත් නොකඩවා ලබාගැනීම වෛද්‍ය උපදෙස් අනුව සිදුකළ යුතුයි. ශල්‍යකර්මය දිනයේත් තමන්ගේ රුධිරයේ පීඩනය, හෘදය වස්තුව සඳහා වන ඖෂධ, ඇදුම සඳහා වන බෙහෙත් ආදිය නොකඩවා පාවිච්චි කළ යුතුය. වතුර ස්වල්පයක් සමඟ මෙම බෙහෙත් ලබාගත යුතුය.

මෙම නිරාආහාරව සිටින කාලයේදී ශල්‍යකර්මයට පැය 4 ක් පමණ වනතෙක් සමහර අවස්ථාවලදී පිරිසිදු දියර ලබාගැනීමට රෝගියාට පහසුකම් ලබාදේ. මව්කිරි නොවන සියලූම කිරි වර්ග සම්පූර්ණ ආහාරයක් සේ සැලකේ. එමෙන්ම ටොෆී සහ චුයින්ගම් වැනි ආහාර ආමාශයේ යුෂ ශ‍්‍රාවය ඉහළ දමා ශල්‍යකර්මයෙන් පසු අනිසි ප‍්‍රතිවිපාක ගෙනදීමට සමත්වේ.

මත්පැන් මගින්ද අනිසි ප‍්‍රතිවිපාක ගෙන දෙන අතර ශල්‍යකර්මයට පැය 24 කට ප‍්‍රථම සියලූම මත්පැන් භාවිතය නැවැත්විය යුතුය. එහෙත් හදිසි ශල්‍යකර්ම සඳහා යොමුවන රෝගීන් විශාල ප‍්‍රමාණයක් එම තත්ත්වය උදාකරගන්නේ මත්පැන් නිසා බව අප අත්දකින කරුණකි. එමගින් තම ශල්‍යකර්මයෙන් උපරිම ප‍්‍රතිඵල නොලැබීමට මෙය හේතුවක් වියහැකි බව අප කවුරුත් සිහිතබාගත යුතුය.

ශල්‍යකර්මය සඳහා හැකිතරම් කල්වේලා ඇතිව පැමිණීම ඉතා වැදගත්ය. මෙමගින් අනවශ්‍ය කලබලය අඩුකර ගැනීමට හැකිවේ. ඇඳ ඉනපත් සකස් කිරීම, පරීක්‍ෂණ කටයුතු නිසිපරිදි සකස්කිරීම, නීත්‍යානුකූල ලිපිලේඛන සම්පූර්ණ කිරීම සහ ශල්‍යාගාරයට දැනුම් දී ඒ වෙනුවෙන් වේලාව වෙන්කර ගැනීමත් ඔබගේ නිර්වින්දනය පිළිබඳව එම වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කරගැනීමට ඔබට එම කාලය ප‍්‍රයෝජනවත් වේ.

ශල්‍යකර්ම සිදුකිරීමට භාවිත වන නව තාක්‍ෂණික මෙවලම් මොනවාද?

ශල්‍ය වෛද්‍ය විද්‍යාව මෑත අතීතයේ ඉතා සීග‍්‍රයෙන් දියුණුවක් ලබා ඇති අතර තාක්‍ෂණික දියුණුව, නව ඖෂධ නිෂ්පාදනය, නිර්වින්දන වෛද්‍ය විද්‍යාවේ දියුණුව හැඳින්විය හැකිය. රෝගියාට හෝ ශල්‍යකර්මයට බාධාවක් හානියක් නොවන අයුරින් නිර්වින්දය කිරීමට හැකි දියුණු ක‍්‍රම නවීන විද්‍යාව සතුව පවතී. එමෙන්ම ශල්‍යකර්මයකින් පසු ශරීරයේ මර්මස්ථානයක් වන හෘදය වස්තුවේ ක‍්‍රියාකාරීත්වය, හුස්ම ගැනීම, වකුගඩු ක‍්‍රියාකාරීත්වය ආදිය නිසි අයුරින් පරීක්‍ෂා කරමින් රෝගීන් රැකගත හැකි දැඩි සත්කාර ඒකකයන් අප සතුවීමෙන් රෝගීන් සුවපත්වීම ඉහළ මට්ටමක පවතී.

තාක්‍ෂණය කොතෙක් දියුණු වුවද අවසානයේ සිදුවන්නේ යම්කිසි පුද්ගලයකු විසින් රෝගියාගේ ශරීරය කපාකොටා නිවැරදි කර නැවත සකස් කිරීමයි. එමෙන්ම එම කැපුම් තුවාල ශරීරයේ මතුපිට සහ අභ්‍යන්තරයෙහි පවතින අතර මෙම තුවාල රෝගයාගේ ශරීරය විසින්ම සුව කරගත යුතුය. එයට රුකුලක් දීමක් වශයෙන් පමණක් බෙහෙත් වර්ග ලබාදේ. ශල්‍යකර්මය කරන අවස්ථාවේදී යම්කිසි අතුරු ආබාධයක් හෝ ඉන්පසුව සිදුවුවහොත් රෝගයාට ඉන් මහත් හානියක් සිදුවීමට හැකියාව පවතී. එම නිසා ශල්‍යකර්මයකට ප‍්‍රථමයෙන් රෝගියා උපරිම අයුරින් සූදානම් කරනු ලැබේ.

ශල්‍යකර්මයට පෙර නිර්වින්ද වෛද්‍යවරයකු සතු කාර්යය කුමක්ද?

ශල්‍යකර්මයක් සාර්ථකවීමට ප‍්‍රශස්ත නිර්වින්දන තත්ත්වයක් අත්‍යවශ්‍යවේ. මෙම නිර්වින්දන තත්ත්වය රෝගියාගෙන් රෝගියාට වෙනස්වේ. රෝගියාගේ තත්ත්වය සහ අනෙකුත් රෝගාබාධයන් සැලකිල්ලට ගනිමින් ශල්‍යකර්මය සඳහා හොඳම නිර්වින්දන ක‍්‍රමය තීරණය කිරීම නිර්වින්දන වෛද්‍යවරයා සතු කාර්යකි. නිර්වින්දන ක‍්‍රම ප‍්‍රධාන වශයෙන් ක‍්‍රම 3 කි.

1. සම්පූර්ණ නිර්වින්දනය

2. ශරීරයේ කොටසක් නිර්වින්දනය කිරීම

3. ශල්‍යකර්මය කරන ස්ථානය හිරිවැට්ටවීම

මීට අමතරව සමහර පරීක්‍ෂණ උදාහරණයක් ලෙස එන්ඩොස්කොපි වැනි පරීක්‍ෂණයක් සඳහා රෝගියා යම්පමණකට නිද්‍රාශීලී තත්ත්වයකට පත්කිරීම සිදුකෙරේ. මෙහිදී නිර්වින්දනයක් සිදු නොකෙරේ. සුළු ශල්‍යකර්මයක් සඳහා ශල්‍යකර්මය සිදුකරන ස්ථානයට බෙහෙතක් විද හිරිවැට්ටවීම සිදුකෙරේ. ශරීරයේ කොටසක් උදාහරණ ලෙස පූර්ව සහ අපර ග‍්‍රාත නාභියෙන් පහළ උදරයේ (හර්නියා, සීසර් සැත්කම්) සිදුකරන සැත්කම් සඳහා එම කොටස් නිර්වින්දනය කරනු ලබයි. කොන්දට විඳින බෙහෙතක් මගින් උදරයේ පහළ කොටස නිර්වින්දනය කළ හැක. මෙහිදී මුළු ශල්‍යකර්මය පුරාවට රෝගියා පියවි සිහියෙන් සිටී.

සම්පූර්ණ නිර්වින්දනයේදී රෝගියාගේ මොළයේ ක‍්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නවත්වයි. බොහෝ විට හුස්ම ගැනීමද නැවත්වීම සිදුකර රෝගියාට යන්ත‍්‍ර මගින් කෘත‍්‍රිම ස්වසනය ශල්‍යකර්මය පුරාවට ලබාදීම සිදුකෙරේ. හෘදය ඇතුළු ශරීරයේ ඉන්ද්‍රීයන් ක‍්‍රියාත්මක වන අතර ශල්‍යකර්මය පුරාවට සිරුරේ ඔක්සිජන් මට්ටම, හෘදය වස්තුවේ ක‍්‍රියාකාරීත්වය, වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය ආදිය යන්ත‍්‍ර මගින් පරීක්‍ෂා කෙරේ. ඒවායේ යම්කිසි වෙනසක් සිදුවේ නම් එය නිවැරැදි කිරීම නිර්වින්දන වෛද්‍යවරුන් විසින් සිදුකෙරේ.

ශල්‍යකර්මයකින් පසුව නැවත ස්වසනය ආරම්භකර යන්ත‍්‍ර වලින් ඉවත් කිරීම සහ වාට්ටුවට යැවීමට සුදුසු තත්ත්වයට රෝගියා පත්වන තෙක් එම රෝගියා පරීක්‍ෂා කිරීම සහ පාලනය කිරීම නිර්වින්දන වෛද්‍යවරුන් සතු කාර්යයකි. මෙම කාලය තුළ වේදනාව සමනය කිරීම, වමනය ඇතිවේ නම් එය පාලනය කිරීම ආදිය සිදුකෙරේ. මීට අමතරව ශල්‍යකර්මය අවස්ථාවේදී රුධිර පීඩනය පවත්වා ගැනීම නියමාකාරයෙන් සිදුකළ යුතුය. සමහර සැත්කම්වලදී අධික රුධිර වහනයක් සිදුවුවහොත් ඒ සඳහා රුධිරය ලබාදීම සහ විශේෂ බෙහෙත් වර්ග ලබාදීම සිදුකෙරේ. මීට අමතරව ශල්‍යකර්මය පහසුවෙන් සිදුකිරීමට අවශ්‍ය පරිදි සිරුරේ රුධිර පීඩනය අවශ්‍ය ලෙස පාලනය කිරීමටද නවීන නිර්වින්දන ක‍්‍රමවලට හැකියාව පවතී.

ශල්‍යකර්මයකින් පසුව රෝගියකු පිළිපැදිය යුතු කරුණු මොනවාද?

ශල්‍යකර්මයෙන් පසුව රෝගියාගේ ශරීරයේ මතුපිට සහ අභ්‍යන්තරයේ විශාල කැපුම් තුවාලයක් පවතී. රෝගියා අවදිවන්නේ එම තුවාලයද සමගිනි. ශල්‍යකර්මයෙන් පසුව පියවි සිහිය ලැබීමට යම් කාලයක ගතවේ. එසේම සැත්කමින් පසු වමනය, උගුරේ වේදනාව, තුවාල වේදනාව ඇතිවිය හැකිය. රෝගියා සම්පූර්ණ වශයෙන් පියවි සිහියට පත්වනතුරු කිසිවක් කෑමට හෝ බීමට ලබා නොදේ. පැය 6 ක් ගතවන තුරු කිසිවක් නොදන බව පැවැසුවත් නවීන ක‍්‍රම සමඟ එය වෙනස් විය හැක. ලබාදුන් නිර්වින්දන තත්ත්වයත් මත එම පැය ගණන  ඊට අඩුවන අවස්ථා ඇත. ශල්‍යකර්මය කරන ස්ථානය පමණක් හිරිවැට්ටීමකදී පමණක් රෝගියා කැමැති ආහාරයක් ගත හැකිය. එහෙත් සම්පූර්ණ හෝ ශරීරයේ කොටසක් නිර්වින්දනය කිරීමේදී වෛද්‍ය උපදෙස් මත ආහාර ගැනීම ආරම්භ කළ හැකිය.

ශල්‍යකර්මයකින් පසුව ආහාරපාන ලබාගත යුත්තේ කෙසේද?

මුලින්ම පැහැදිලි දියර, සුළු ප‍්‍රමාණවලින් ආහාර ගැනීම යෝග්‍ය වේ. පැහැදිලි දියර ලෙස ග්ලූකෝස් වතුර, තැඹිලි වතුර, තේ වතුර ආදිය ගත හැක. එකවර විශාල ප‍්‍රමාණයක් ගතහොත් වමනය ඇතිවිය හැකිය. සමහර සැත්කම් වලින් පසු උදාහරණ ලෙස උදරයේ බඩවැල් ආශ‍්‍රිත සැත්කම් වලින් පසු ක‍්‍රමයෙන් ආහාරදීම දින කීපයකට අත්හිටවනු ලැබේ. ඒ බඩවැල් ආශ‍්‍රිත වන තුවාල සුවවී ඒවායේ ක‍්‍රියාකාරීත්වය ඇතිවේ. සමහර විට මෙම කාලය දීර්ඝ විය හැක. එවැනි අවස්ථාවලදී රුධිර නාලවලට සේලයින් මාර්ගයෙන් විශේෂවූ ආහාරයක් ලබාදීම සිදුකර ශරීරයේ පෝෂණ මට්ටම පවත්වා ගනී.  කුඩා දරුවන්ට සැත්කම්වලින් පසු සාමාන්‍යයෙන් පැය 2 කට පමණ පසුව හෝ හොඳින් ක‍්‍රියාශීලී වූ විගස මව්කිරි ලබාදීම අනුමත කරනු ලැබේ.



අදහස් (1)

ශල්‍යකර්ම ගැන ඔබ නොදත් දෑ

නාලිකා Tuesday, 04 June 2019 02:26 PM

මොලයෙ නහර ගැට ගැසි ගෙඩියක් සෑදුනු පසුව කල ශල්‍යකර්මය කර එය ඉවත් කර පසු රෝගියා විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තෙ මොනවාටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 174 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1040 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 281 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 168 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 371 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 948 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site