IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශෂී වීරවංශ මාර්තු 04 තෙක් රිමාන්ඩ්

විමල් වීරවංශ හිටපු ඇමැතිවරයාගේ බිරිය ශෂී වීරවංශ ලබන හතර වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ඇයට රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් ඇතුළු ගමන් බලපත්‍ර දෙකක් දෙකක් ද, ව්‍යාජ ජාතික හැඳුනම්පත් දෙකක් ලබා ගැනීමට ආධාර උපකාර කළ පුද්ගලයන් දෙපාර්තමේන්තු කිරීමේ දෙපාර්තමේන්තුවේ හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.

රහස් පොලිසිය අධිකරණයට දැන්වූයේ 675320233 වී හා 715344696 වී යන ජාතික හැඳුනුම්පත් දෙක ලබාගෙන ඇති බවයි.

1967 පෙබරවාරි 01 ඇගේ එක් උපන් දිනයක් ලෙස ද, රාජ්‍ය තාන්ත්‍රික රාජ්‍ය බලපත්‍රය ලබා ගැනීමට දුන් හැදුන්ම්පතේ උපන්දිය 1971 පෙබරවාරි 03 වැනි දා බව ද රහස් පරීක්ෂකයෝ කියති.

සාමාන්‍ය ගමන් බලපත්‍රයේ නම රණසිංහ රන්දුණු මුදියංසේලාගේ ෂෙහර්ෂා උදයකාන්ති යනුවෙන් ද, අනෙක් බලපත්‍රයේ රන්දුණු මුදියංසේලාගේ ෂෙහාසා උදයකාන්ති යනුවෙන් ද ලියා ඇතැයි ද ඔවුහු කීහ.

‘ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ආගමන විගමන දෙපාර්තමේන්තුව තමනට පැවසුවේ ඇය ඉදිරිපත් කළ ලියැවිලි අනුව ගමන් බලපත් නිකුත් කළ බවයි.

‘ඔවුන්ගේ දරු දෙන්නාගේ උපැන්න සහතික වල ද ව්‍යාජ උපන්දින සඳහන් වෙනවා. මීට සම්බන්ධ ලිපිගොනුවල මුල් පිටපත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නැති බව දන්වා තිබෙනවා. රහස් පොලිසිය රෙජිස්ටාර් ජනරාල් කාර්යාලයයෙන් ලබා ගත් පිටපත්වල නොගැලපෙන තැන් තිබෙනවා. ඒවා ගැන තවත් පරීක්ෂණ කළ යුතුයි. ‘

මෙම හැඳුනුම්පත් හා ගමන්බලපත් උපයෝගී කරගෙන ඇය බැංකු සමඟ ගනුදෙනු කළාදැයි සොයා බැලීමට බැංකු 19කට නියෝග කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

ඇගේ හැදුනුම්පත් හා ගමන් බලපත් රහස් පොලිසියට බාර දෙන ලෙස නියෝග කරන්නැයි ද රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

වීරවංශ මහත්මිය වෙනුවෙන් ජයන්ත වීරසිංහ මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියේය. වීරසිංහ මහතා කරුණු දක්වමින් කියා සිටියේ ඇගේ මුල් හැදුනුම්පත 1980 දී විනාශ වූ බවයි. ‘ඉන් පසු අලුත් හැදුනුම්පතක් ඉල්ලා අලුතෙන් ලියැවිලි ඉදිරිපත් කළා. 71534464වී දරණ හැදුනුම්පත 2010 සැප්තැම්බරයේ දී ලැබීමෙන් පසු ඇගේ නම හා උපන්දින වැරදි ලෙස සටහන් කර තිබෙන බව දැක්කා. එය නිවැරදි කරන ලෙස දෙපාර්තමේන්තුවට කීවා. ඒත් එය නිවැරදි කර නැහැ. ඒ නිසා ඇය ඊට වග කිව යුතු නැහැ. ඇය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යැවූ බව කියන ලියුම් අධිකරණයට ඉදිරිපත් කරනවා.‘

නීතීඥවරයා තවදුරටත් පැවසුවේ ‘වීරවංශ මහත්මියගේ අම්මා දරුවන්ගේ උප්පැන්න ලියාපදිංචි කිරීමට තොරතුරු දී ඇති බවයි. ඇය විමල් වීරවංශ බෑනාගේ උපන්දිනය දැන සිටියේ නැහැ. ‘

රහස් පොලිසිය ඒ අවස්ථාවේ දී පෙන්වා දුන්නේ දරුවන්ගේ උප්පැන්න දීමට විමල් වීරවංශ ගිය බව උපැන්න සහතිකවල නව වැනි කොටුවේ සඳහන් වන බවයි. දියණියගේ උප්පැන්නය ලියා ඇත්තේ මාස තුනකට පසුවයි. ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශ දිවුරුම්පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් ඔවුහු අධිකරණයට කීහ.

හිටපු ඇමැති විමල් වීරවංශ හා ඔහුගේ දරු දෙදෙනාට පැමිණ සිටියහ.

තවත් විශාල පිරිසක් අධිකරණ ශාලාව අසල රැස්වී සිටියහ.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

DSC_0134 DSC_0145 DSC_0157 DSC_0168 DSC_0186 DSC_0224 DSC_0238 DSC_0244 DSC_0247 DSC_0288

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

ශෂී වීරවංශ මාර්තු 04 තෙක් රිමාන්ඩ්

නලින් Wednesday, 25 February 2015 09:22 AM

මම හිතන්නේ නැහැ අනේ අපොයි කියන්න කිසි කෙනෙක් මේ රටේ ඇති කියලා. මොකද මේ මිනිස්සු ජිවත් වුනේ ඒ විදියට.(හේ)

:       0       0

බණ්ඩාර රුසියාව Saturday, 28 February 2015 12:27 PM

හොරවැඩ කරලා හිනාවෙලා ඉන්න ලස්සන. ලැජ්ජාව කියලා දෙයක් නැති හැටි (නි)

:       0       0

ජෙහාන් Wednesday, 25 February 2015 09:37 AM

ඒ පාර අසනීපය කනේ අමාරුවක් කියනව කියල ආරංචියි . ඔන්න ඕක නම් වෙන්න පුළුවන්. ගෙදර කවුරුහරි ගිරිය යටින් බෙරිහන් දීලා කෑගහන කෙනෙක් ඉන්නවා නම් පවුලේ සාමාජිකයන්ට කන් අමාරු සැදීම විශ්වාස කරන්න පුළුවන්.(දිල්)

:       0       0

සම්පත් Wednesday, 25 February 2015 10:06 AM

ජෙහාන් ඔබගේ අදහස හරියට හරි.(හේ)

:       0       0

සුසන්ත Wednesday, 25 February 2015 10:24 AM

දැඩි දඩුවම් දිය යුතුයි..(හේ)

:       0       0

ජානක Wednesday, 25 February 2015 10:35 AM

මේ දේවල් කොයි කාටත් හොද පාඩම්.(හේ)

:       0       0

ඉසුරු Wednesday, 25 February 2015 10:37 AM

අනේ හරි අපරාධයක් නේද මේ යහපාලනයෙන් වෙන්නේ කියලා හිතෙනවා ඇති නේද?(දිල්) 

:       0       0

නිව්ටන් Friday, 27 February 2015 04:41 AM

මගේ මනාපය යහපලගේ කතාවට මිස ඊනියා යහපාලනයට නෙමේ. (නදී)

:       0       0

ලක්විදු Wednesday, 04 March 2015 05:47 PM

පිවිතුරු යහපාල,මෙවන් වංචාවක් ලංකාවේ කවුරු කළත් වරදක්. මෙතන වෙනසකට වෙලා තියෙන්නේ ප්‍රසිද්ධියක් ලැබීම සහ හොරුන්ට උඩගෙඩි දෙන දේශපාලකයින් රැලක් සිටීම. (නි)!

:       0       0

රම්සි Wednesday, 04 March 2015 05:49 PM

අඩුගානේ මේ අහිංසක දුව ගැන හිතලාවත් ‍ලජ්ජානැති විදියට වේදිකාවල කතානොකර ඉන්න තිබුනා. (නි)

:       0       0

රමසි Wednesday, 04 March 2015 05:51 PM

මේ දෙන්නා මේ දරුවාට දුන් ආදර්ශය මොකක්ද? (නි)

:       0       0

රම්සි Wednesday, 04 March 2015 05:52 PM

හා හා ගම්මන්පිල මහත්තයෝ, අත පරිස්සමින්! (නි)

:       0       0

විජය Tuesday, 03 March 2015 04:16 PM

මොනවා වුණත් මට දුකහිතෙන්නේ මේ ළමයා ගැනයි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 25 February 2015 03:24 PM

දින 100ක් තුල අපමණ වෙහසක් දරා විශාල නිලධාරි පිරිසකගේ සහභාගිකත්වයෙන් අතිශය රහසිගත මෙහෙයුමකින් සොයා ගත් මේ කොටි ප්‍රකෝටි ගණනින් ගිනිය නොහැකි මහා පරිමාණ වසර හතරකින් තරුණ වීමේ වංචාවට හෙවත් මෙගා දුෂණයට යහපාලනය මගින් දැඩි දඩුවම් පමුනුව ඉදිරි ට කිසිවෙකුවත් මෙවැනි මෙගා වංචා දුෂණ වලට සම්බන්ධවී කොටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කෑමට පෙර දෙවතාවක් සිතන්න සිදුවන සේ අතීතයට වර්තමානයට අනාගතයට බලපාන සේ දැඩි නීති රීති පමුණුවන සේ යහපාලනයෙන් ඉල්ලා සිටිනවා....එමෙන්ම මේ මෙගා දුෂණය හෙළිකර කොටි ගණනින් ගිනිය නොහැකි ධනස්කන්ධයක් රටට ඉතුරු කර දුන් නිලධාරීන්ට ජනාධිපති සම්මාන පිරිනමා උපහාර දක්වන මෙන්ද ඉල්ලා සිටිනවා..(අ)

:       0       0

අරලිය Thursday, 26 February 2015 07:38 AM

තමුන්ගේ කිල්ලෝට වල හුණු තිබෙන උදවිය අනුන්ගේ ඒවා හොයන්ට ගියාම වෙන දේ අපි කාටත් පාඩමක්. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 618 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1007 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 838 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1609 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 469 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 240 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site