IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ශිෂ්‍ය භටයෝ සමාව ගනිති

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ගැටළුවට සම්බන්ධ වූ ශිෂ්‍ය භට ඛණ්ඩයේ සාමාජිකයෝ අද (10) විදුහල්පති ලාල් දිසානායක මහතාට හා ගුරුවරුන්ට වැඳ සමාව ගත්හ.

ගුරුවරුන් දෙතුන් දෙනකු  විදුහල්පති සම්බන්ධයෙන් තමන් අතර මැවූ චිත්‍රය වැරදි බව විදුහල්පති සමග කතා බහ කරද්දී තේරුම් ගත් බව ඔවුහු කීහ.

 තමන්ට විදුහල්පති සමග කිසිදු ගැටුමක් නැති බවත්, විදුහලේ අභිමානය හා කීර්තිය නැංවීමට හැකි අයුරින් විදුහල්පතිට සහාය දෙන බවත් ශිෂ්‍ය භටයෝ පැවසූහ.

ආදි ශිෂ්‍ය භට සංගමයේ සාමාජිකයෝ ද ඊයේ (10) පාසලට පැමිණ සිටියහ.

විවිධ පිරිස් විසින් පාසලේ ඇතැම් සිසුන් අතර විදුහල්පති ගැන මවා ඇති වැරදි ප්‍රතිරූපය ගැන ඔවුන් දැනුම්වත් කර ඉදිරියේ දී මෙවැනි ගැටළුවක් ඇති නොවීමට වග බලා ගන්නා බවත් ඔවුහු පැවසූහ.

ආදි ශිෂ්‍ය භට සංගමයේ සභාපති ක්‍රිෂාන්ත රංගජීව මහතා පැවසුයේ විදුහල්පති පාසලේ සංවර්ධනය වෙනුවෙන් කළ බොහෝ දෑ ශිෂ්‍ය භටයන් නොදැන සිට ඇති බවයි.

රංගජීව මහතා මෙසේ ද පැවසීය.

‘මේ සිද්ධිය වෙලා තියෙන්නේ විදුහල්පති ගැන වැරදි තොරතුරු ළමයින්ට ගිහින් තියන නිසයි. නමුත් දැන් ශිෂ්‍ය භටයන් හරි දේ දන්නවා. විදුහල්පති පාසල වෙනුවෙන් කළ දෑ මේ ළමයින් දැනගෙන සිට නෑ.  දැන් ඒ දේවල් ගැනත් දන්නවා.

සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන ගුරුවරුන් දෙදෙනා ස්ථානමරු කර තිබෙනවා. අපි දන්නේ නෑ ඔවුන් සමග තවත් සම්බන්ධකම් තියෙන පිරිස් ඇතුළේ ඉන්නවාද කියා.

විද්‍යාලයයේ නැවත මෙවැනි ගැටළු ඇති නොවෙන්න ශිෂ්‍ය භටයන් විදුහල්පතිට උපරිම සහයෝගය ලබා දෙයි.

විටින් විට විද්‍යාලයයට කීර්තියක් අත් කර දුන් ශිෂ්‍ය භටයන් නැවතත් විද්‍යාලයයට කීර්තියක් අත්වෙන විදියට වැඩ කටයුතු කරයි.‘



අදහස් (0)

ශිෂ්‍ය භටයෝ සමාව ගනිති

ද සිල්වා Tuesday, 11 March 2014 03:59 PM

වැදලා සමව ගත්ත කියල මේ සිදුවිම සමතයකට පත් කරන්න බැහැ මේ ප්‍රශ්නය විදුහල් පති සහ ශිෂ්‍ය භටයන් අතර පමණක් තිබෙන ප්‍රශ්නයක් නොවේ , මොවුන් විසින් පොදුදෙපල විනාශ කිරීම් , අනිත් ශිශ්‍යන්ට සහ දෙමවුපියන්ට පහරදීම , මාධ්‍යවේදීන්ට පහරදීම ඔවුන්ගේ ලක්ෂ ගණනක් වටිනා කැමරා උපාංග විනාශ කිරීම , රටේ අනිත් පිස්සන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක මොවුන්ට විරුධව නඩු පවර දඩුවම් දිය යුතුය , මාධ්‍ය නිදහසට භාද කිරීමට මම තදින්ම විරුද්ධ වෙමි , හේතුව රටේ සිදුවන අකටයුතුකම් ජනතාවට පෙන්වාදෙන්නේ මාධ්‍ය මගිනි , මෙසේ මාධ්‍යවේදීන්ට පහර දෙනවිට ඔවුන් වර්තකිරිම නතර කලොත් අපේ රට සොමලියාවක් වීමට ගතවන්නේ මස කීපයකි . (අ)

:       0       0

සදුනි Tuesday, 11 March 2014 05:33 PM

පාසලට කරපු ලක්ෂ ගානක අලාභයට වන්දි ගෙවන්නේ කවුද?මීඩියා වලට ගහපු අය නිදහස්ද?? (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 11 March 2014 03:17 AM

ගුරු සිත නොරිදවා අකුරු උගැනීමට මේ ළමයින් පුරුදු විය යුතුයි.විදුහල්පති කෙනෙකුගේ වැරදි තිබුණත්, ඒවා හදන්නට ළමයින් ඉදිරිපත් විය යුතු නැහැ. වැඩිහිටි සමාජයට එය පුළුවන්.මින්පසු ගම්පහ පළාතටත්, ඔබේ පාසලටත් නින්දා ගෙනදෙන මෝඩ වැඩ නොකරන්න. (අ)

:       0       0

සමන්ති Tuesday, 11 March 2014 09:18 AM

මෑත කාලීනව සිදුවූ පාසැල් අධ්‍යාපනයට සම්බන්ධ මෙවැනි සිදුවීම් අපට පෙන්වා දෙන්නේ සිසු - ගුරු සම්බන්ධතාවය වෙන කවරදාටත් වඩා වේගයෙන් දුරස්ව දියෙවලා තියෙන බව නේද? (නදී)

:       0       0

රජින්ද Tuesday, 11 March 2014 10:45 AM

කණ අතගාලම සමාව දුන්නනම් තමයි වඩාත් හොද.! ඔය වයසේදී ඔහොමනම් අව්රුදු 20න් පස්සේ හිතාගන්නවත් බැරිවෙයි. විශ්වවිද්‍යාලවල සමහර ගොන් වැඩ පාසල් කරා කාන්දු වීම වැලක්වීමට දැඩි විනය නීති ගෙනා යුතුයි.(අ)

:       0       0

සුනිමල් Tuesday, 11 March 2014 11:42 AM

මේ මොන්ටිසෝරි ළමයි පිරිසක්ද? (අ)

:       0       0

සිරි Tuesday, 11 March 2014 01:24 PM

දැන් කාලේ ඉස්කෝලේ කොල්ලෝ ගැන කිසිම විස්වාශයක් තියන්න බැහැ . අපි බලාගෙන හිටියේ කොහොම හරි ඡන්දෙට කලින් මලමිනියකුත් අරගෙන පෙලපාලියක් යන්න.(නදී)

:       0       0

දම්මික Tuesday, 11 March 2014 02:29 PM

කනගාටුයි ළමයිනේ නුඹලා පාසැල ගැන රන් අකුරින් ලියැවී තිබු දේ කඩා බිද දැම්මේය.(නදී)

:       0       0

සුනිල් යහම්පත් Tuesday, 11 March 2014 02:55 PM

වැරදී කිරීම මිනිස් ගතියකි . වරදට සමාව දීම දේව ගතියකි . එහෙත් දැන දැන පිට පිට වැරදී කරනා අයට මෙය බල පාන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 27 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 26 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3433 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2492 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3104 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18731 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site