(සුමිත් පොතුපිටිය) 

කළුතර පොලිස් විද්‍යාලයේ ශිෂ්‍ය භඨ පාඨමාලාව හදාරමින් සිටි සිසුනට ලිංගික අතවර කිරීමට උත්සහ කර පහරදුන් බව කියන හමුදා කෝප්‍රල් වරයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සදහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කදුරුවෙල  11 ජාතික ශිෂ්‍ය භට ඒකකයට අනුයුක්තව රාජකාරි කරන හමුදා කෝප්‍රල් වරයෙකු බව පොලිසිය කීය.

සැකකාර කෝප්‍රල් වරය, භට නිවාස පරීක්ෂාවක් සඳහා පැමිණ ශිෂ්‍ය භටයින්ගේ ලිංග ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවටත්, පසුව සිසුන් විරෝධය පෑම හේතුවෙන්  ඔවුනට පහරදී ඇති බවටත් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවද පොලිසිය කීය.

පහරකෑ සහ ලිංගික අතවර වලට ලක්වූ සිසුන්  හත්දෙනෙකු කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද, සිසුන්ද කෝප්‍රල් වරයාට  පහරදී ඇති බවද සදහන් වේ.

සැකකරු අත්අඩංගුවට ගෙන කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඉදිරිපත් කිරීමෙන් පසු කරන ලද පරීක්ෂණ වලදී ඔහු මත්පැන් පානය කර සිටී බවටත්, විෂ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවකු බවටත් තහවුරුව ඇති බවද සදහන් වේ.

ශිෂ්‍ය භටයින්ගේ  විසිරයාමේ පෙළපාළිය ලබන 25 දින පොලිස්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙන බවද පොලිසිය සදහන් කරයි.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතා ගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිලධාරින් පරීක්ෂණ පවත්වති.