(මොහොමඩ් ආසික්)

මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ හතේ කණුව ප්‍රදේශයේ පසුගිය 19 වැනි දා පෙරවරුවේ සිදු වූ මාරාන්තික රිය අනතුරින් බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි තවත් තරුණයකු  මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මෙම අනතුර සිදු කළ සිමෙන්ති පැටවු ලොරියේ පළමුවෙන් වැදී ඇදී  ගිය යතුරුපැදිය පැදවූ තරුණයා බව කියයි.

මාතලේ විජය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන මාතලේම පදිංචි ඉමේෂ් උදය බණ්ඩාර යන 25 හැවිරිදි තරුණයායි.

මෙම තරුණයාගේ මරණයත් සමඟ මේ වන විට මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව පහ දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් පස් දෙනකු තවමත් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.