ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන උසස් අධ්‍යාපන අමාත්‍යංශය අසලින් පස්වරු 6.30ට පමණ අවසන් විය.
මෙම පාගමනට සෑම විශ්ව විද්‍යාලයක්ම නියෝජනය වන පරිදි සිසුහු පන් දහසක් පමණ සහභාගී වූහ.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ තාප්පය උඩ නැගි සිසු නායකයෝ සටන් පාඨ කියමින් රැස්ව සිටි සිසුන් ඇමැතූහ.
ශිෂ්‍ය ව්‍යාපාරය යනු මර්දනය කළ හැකි ව්‍යාපාරයක් නොවන බවත්, අප මෙතැනට පැමිණියේ මාධ්‍ය ඉදිරියේ රඟපෑම් කරන්නටවත්, රාජ්‍ය දේපළ වලට හානි කිරීමටවත් නොව නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට බවත් පාගමනට සහභාගී වූ සිසුන් අමතමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.
‘බොහෝ දෙනෙක් හිතුවා අද අපි ඇවිත් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවට හානි කරයි කියා. ඒක නිසා තමයි මෙතැන අද පොලිසිය නැත්තේ. අපි ගාව ඒ වගේ ගොන් පාට් නෑ. අපි ඕවට අහුවෙන්නෙත් නෑ. ඊයේ රෑ මාධ්‍ය සාකච්ඡා තිබ්බා අපිට එන්න දෙන්නේ නෑ කියලා. ඔන්න අපි ආවා. ඒත් එපා කිව්ව අය නෑ. පස්සේ දොරෙන් ගිහින්. ‘
හිට්ලර්ට, ජේ ආර්ට මර්දනය කරන්න බැරි වුණ ශිෂ්‍ය ව්‍යාපාරය මහින්දටවත් එස්.බීටවත් නතර කරන්න බෑ. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උද්ඝෝෂණයට වැරදි දෙයක් කියන අය මන්ද බුද්ධිකයෝ. මේ උද්ගෝෂණය කරපු දරුවෝ ශ්‍රී ලාංකික දරුවෝ. ඒ දරුවන්ව දෙවියන් ආරක්ෂා කර දෙත්වා.(නදී)
අධ්‍යාපනය විකුණාගෙන කන්න සැලසුම හදන කවරකුට හෝ පිරිසකට මේ ආත්මයේදීම එම පාපකර්මය පලදෙවා. උන්ට මේ මහපොළව මත යලිත් කිසිදා මනුශ්‍ය ආත්මයක් නොලැබේවා. ඒ වගේම නිදහස් අධ්‍යාපනය රැකෙන්නේ මහජනතාව ගෙන් උදුරලා ගන්න අසාධාරණ බදු මුදල් වාර්ෂිකව අයවැය ලේඛනය මගින් වෙන් කර දීමේ ක්‍රියාවලිය මගින් සහ රටේ ජනතාව උකස් කරලා පිටරටින් ගන්න නය වලින් ගොඩනගන අධ්‍යාපන ආයතන ගොඩනැගිලි කථිකාචාර්ය ශිෂ්‍යත්ව, පර්යේෂණ ආයතන වැනි දේ නිසා. දහදුක් විදලා මැද පෙරදිග සහ යුරෝපයේ, සහ වෙනත් රටවල සේවය කරන ලාංකිකයන් එවන විදේශ මුදල්, තේ වතුවල දහසක් කම්කටොලු මැද දළු නෙලලා ඒ තේ දළු පිටරට යවලා හම්බ කරගන්න විදේශ විනිමය, කූඩැල්ලන් කකා රබර් කිරි කපලා ඒ රබර් පිට රටට යවා ගන්න විදේශ විනිමයෙන්, ඇගලුම් කර්මාන්තයේ දහදුක් විදගෙන ඇදුම් මහන තරුණ තරුණියන් උපාය දෙන විදේශ මුදල් පවා මේ කියන නිදහස් අධ්‍යාපනය පෝෂනය කරන්න රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් උපයා දෙනවා. අනිත් කරණය මේ ශිෂ්‍යන්ගේ දෙමුපියන් ඥතීන් පවා තමන්ට පුළුවන් විදියට මේ වෙනුවෙන් කැප කිරීම් කරනවා. ඉස්සර මහපොළ කියලා දෙයක් තිබ්බේ නැහැ, ලලිත් ඇතුලත් මුදලි මහත්තයට පින් සිදු වෙන්න, අද එහෙම දෙයක් හරි තියෙනවා, එතුමාට පින් සිදු වෙන්න, මහපොළ ශිෂ්‍යත්ව වලින් ඉගෙන ගත් කී දෙනෙක් අද මෙරටට සහ පිටරට සේවය කරනවද? අද උඹලා කරන මේ ව්‍යාපාර වලින් වෙන්නේ, ඒ කාරණය නිදහසට පෙන්නලා නිදහස් අධ්‍යාපනය විකුනුවම හරි කියලා මතයක් ජනතාවට ගෙන්න පාලකයන්ට අවස්ථාව ලබා දීම.(නදී)
වරෙන්තු තයන මනුස්සයා කොහොමද මෙහෙම එළිපිට ඉන්නේ?(නදී)
මෝඩයෝ මොනවා කිව්වත්, විශ්ව විද්‍යාලයකට ගියාට පස්සේ තමයි ශිෂයන්ට තේරෙන්නේ මේකෙ තියන අඩුපාඩු. කෙනහිලිකම්. ඉතින් ඒවා නැතිකරන්න පාලකයන්ට උවමනාවක් නැතිනම්, ශිෂ්‍යයෝ අරගල කරල හරි මේවා ලබාගෙන තමන්ගේ අධ්‍යාපනය ලබා ගත යුතුයි. ලංකාවේ දැන් ඉන්න උසස් අධ්‍යාපන කට්ටිය කරන්නෙමි කයිය ගහන එක විතරයි.(නදී)
පෙරේරා උන්නැහේට මීහරක් ටික හොදට ගෙවල වගේ. ඔය කියන අයගේ දරුවෝ ඉගෙනගන්නේ මෙරටේ ජනතාවගේ සල්ලි වලින් බව අමතකකරන්න එපා දේශපාලනයට එන වැඩිහරියක් අටපාස් වත් නැති අතේ සතේ නැති අය දන්නේ මැරකම් පමණි. දිනපතා පුවත් පත් බලනවනම් තේරේවි එහෙම අය උසස් තනතුරු දෙන්නෙත් ඒවගේ අයට. නිදහස් අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙන් සටන් කරන දරුවෝ නැත්තම් අද ලංකාවේ හිස් මොලගෙඩි බිහිවේවි. දේශය පාලු කරන අමනයෝ පිටරට උපාධි අරගෙන ඒවි.(නදී)
පෙරේරා උන්නැහේට මීහරක් ටික හොදට ගෙවල වගේ. ඔය කියන අයගේ දරුවෝ ඉගෙනගන්නේ මෙ රටේ ජනතාවගේ සල්ලි වලින් බව අමතකකරන්න එපා දේශපාලනයට එන වැඩිහරියක් අටපාස් වත් නැති අතේ සතේ නැති අය දන්නේ මැරකම් පමණි. දිනපතා පුවත් පත් බලනවනම් තේරේවි එහෙම අය උසස් තනතුරු දෙන්නෙත් ඒවගේ අයට. නිදහස් අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙන් සටන් කරන දරුවෝ නැත්තම් අද ලංකාවේ හිස් මොලගෙඩි බිහිවේවි. දේශය පාලු කරන අමනයෝ පිටරට උපාධි අරගෙන ඒවි.(නදී)
අනේ පෙරේරා මහත්තයෝ සෙල්ලමටවත් ඔයාව විශ්ව විද්‍යාලයකට ගියානම් මෙහෙමෙ කතාවක් කවදාවත් කියන්නේ නැහැ.නිදහස් අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙන් සටන් කරන දරුවනි උබලාට ජයම ජය !(ස)
අනේ පෙරේරා මහත්තයෝ සෙල්ලමටවත් ඔයාව විශ්ව විද්‍යාලයකට ගියානම් මෙහෙමෙ කතාවක් කවදාවත් කියන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙන් සටන් කරන දරුවනි උබලාට ජයම ජය.(නදී)
උසස් අධ්‍යාපන ඇමති කමට නුසුදුසු පුද්ගලයන් ඉන්නා එකම රට ලංකාව.(නදී)
බොහොම හොඳයි ! හැමදාම විරෝධතා පවත් වන්න, පිටරට ඉගනගන්නා අපි එන දවසට අපිට රැකියා හැමතැනම. ඉදිරියටත් මේවා කිරීමට දහිරිය ලැබේව කියා පතනවා.(ස)
පෙරේරා, ඇත්තටම ඔහෙට දේශපාලකයෙකුට නෑදෑකම් තියෙනවද? නැතිනම් මේ වගේ මෝඩ ප්‍රතිචාර දාවිද?(නදී)
මේ ප්‍රතිචාර ගැන ගැඹුරින් හිතුවොත් මෙයින් ගම්‍ය වෙන්නේ මොකක්ද ? ඔබේ උද්ඝෝෂණයට බහුතර ජනතාවගේ සහය නැති බවනේ. අපිත් ඉගෙන ගත්තේ නිදහස් උසස් අධයාපනයෙන් ඒක රැක ගන්න ඕනේ. නිදහස් අධ්‍යාපනය රැකගන්න සටනට එදා තිබුන ජනතා සහයෝගය අද නැත්තේ ඇයි ? ඒත් ඒකෙන් බිහි වුන බහුතරයක් රාජ්‍ය නිලදාරියෝ වෛද්‍යවරු, ගුරුවරු, ඉංජිනේරුවරු ඇතුළු සියලුදෙනා ජනතා වාදීව වැඩ නොකර නිලධාරීවාදය ඔලුවට අරගෙන සාමාන්‍ය ජනතාවට හරියාකාර සේවයක් නොකළ නිසා තමයි ජනතාව අද නිදහස් අධ්‍යාපනය රැකගැනීමට උත්සහ කිරීම පලක් නැති දෙයක් විදියට දකින්නේ. ෆුටා එක 6% ඉල්ලලා පාගමනක් ගිය මිනිස්සු සහය දැක්වුවා. ඒත් අන්තිමට පඩිය වැඩි වුනාම 6% අමතක වුනා. ජනතාව හැම දාම රැවටෙන්නේ නෑ. එකයි මේ උද්ගොෂනවලට ඔවුන් දොස් කියන්නේ. නිදහස් අධයාපනය රැක ගනිමු කියලා විතරක් කියන්නේ නැතිව, නිදහස් අධයාපනය රැකගත යුත්තේ ඇයි කියන එකත් ඔය නංගිලා මල්ලිලා හැමෝටම කියලා දෙන්න. එහාට අනිද්දා උපාධිය අරගෙන පිට වෙලා ගිහින් රස්සාවක් ලැබුනම හෙට අනිද්දා එන්න කියලා මිනිස්සු රස්තියාදු නොකර අද ඔය තියෙන ජනහිතකාමී බව හෙටත් තියාගත යුතු බව කියල දෙන්න. උපාධි අපේක්ෂකයෝ කාලයේදී පමණක් ජනතා වාදී වෙලා වැඩක් නෑ. උපාධිය ගත්තමත් ජනතාවාදී වෙන්න. එහෙම වුනොත් ඔබට අවශ්‍ය ජනතා ආශීර්වාදය ඉබේම ලැබේවි. ජනතාව එපා කියනවා නම් ඔබ කා වෙනුවෙන්ද සටන් කරන්නේ ? මේක තමයි තිරය පිටුපස ඇත්ත කතාව.(නදී)
අර පළාත් සභා එපා කියලා ආන්ඩුවට ට කඩේ යන අක චීවර දාරියෙක් මෙතන අධ්‍යාපනය වෙනුවෙන් සහයෝගය දෙනවද? ඔවුන් කඩේ යන්නේ ප්‍රාඩෝ, ඉන්ටෙර්චූලේර්, බී.එම්.ඩබ්ලිව් වලට කෑදර කමේ මිසක් රට වෙනුවෙන් නෙමෙයි. ඒත් මේ හාමුදුරුවරු දුක් විදින්නේ රටේ අධ්‍යාපනය රැක ගන්නයි.(නදී)
මේ ළමයින්ට දොස් කියන අයට මොලයක් කියල දෙයක් නැත්ද මේ අපේ රටේම දරුවන් 5000 කට වැඩි පිරිසක් ලොකු පෙළපාලියක් මේවට විසදුම් දෙන්න ඇමතිට බැරිද නැත්නම් ඕන කමින්ම නිදහස් අධයාපනය වලදාන්න හදනවද ?(නදී)
මම නිවාඩුවට ලංකාවට ගිය දවස් වල දැක්කා විශ්ව විද්‍යාල දරුවන් ආධාර ඉල්ලනවා. මම දැක්කා විශාල ප්‍රමාණයක් කැමැත්තෙන්ම මුදල් දෙනවා. මම ඔවුන්ගේ කැපවීම ඉහලින්ම අගය කරනවා. ඔබලා දුක් විදින්නේ අපේ දරුවන් වෙනුවෙන් කියලා ඔවුන්ව දිරිමත් කලා. ඔවුන් නිසා තමයි රටේ දේශපාලන මැට්ටන්ට අධ්‍යාපනය විකුණා ගන්න බැරිව දගලන්නේ.(නදී)
නිදහස් අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙන් සටන් කරන ඔබට ජයවේවා! අධ්‍යාපනය විකුණාගෙන කන්නන් බංග වේවා! (ස)
කර්ත්ලිස් අප්පුහාමි ඕවා කියලා වැඩක් නැහැ ලංකාවේ ඉන්න අයට. අපේ දරුවන්ට උසස් අධ්‍යාපනය දෙන්න ලක්ස 65 ක් වියදම් කරන්න සිද්ද වුන දවසට තේරේවි මේ දරුවන් කට්ට කන්නේ අපේ අනාගත දරුවන් වෙනුවෙන් කියලා.(නදී)
අධ්‍යාපනේ අගේ තේරෙන්න තරම් උගත් නායකයෙක් අපට තම ලැබිල නෑ.(නදී)
මේ ගැන කෙලින්ම තීරණයක් ගත යුතුයි. අධ්‍යාපනය පුද්ගලික කිරීමට අවශ්‍ය නම්, එය සුදුසු නම් පනතක් මගින් කෙලින්ම එය කරන්න. මේ ආකාරයේ උද්ඝෝෂණ වලට නිතරම ඉඩ තියන්න එපා. එකක් කියා තව එකක් නොකර සුදුසු තීරණයක් ගන්න. ඒවට ජනතවගේ සහයෝගය රජයට. (නි)
මේ හැම දරුවෙක්ම දැන හෝ නොදැන සහබාගි වෙලා කරන මේ දෙය අධ්‍යායාපනය රැක ගැනීමට උපකාරී වේවි. වගකිවයුතු රජයක් විදියට අධ්‍යාපනයට ලබා දෙන මුදල කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. බිලියන ගණන් රජය වැඩකට නැති දේවල් වලට වියදම් කරනවා. අධ්‍යාපනය රැකුනොත් විතරම තමා රටකට අනාගතයක් තියෙන්නේ. (නි)
දැන් මොනවද පුද්ගලික නොකරන්නේ. රජයේ ප්‍රතිපතිය ප්‍රසිද්දියේ කියන්ඩ. නැත්නම් මහින්ද චින්තන අලුත් පිටපතට අලුත් අධ්‍යාපන ප්‍රතිපත්තිය ඇතුළු කරන්ඩ. එදාට අපේ සහයෝගය. බොරු කියන්ඩ එපා. (අ)
විශ්ව විද්‍යාලයකට යාගන්න බැරි වුනාම කුහකකමට රටේ බුද්ධිමත් මිනිස්සුන්ට ගරහන එක හොද නැහැ. රට වෙනුවෙන් කට නැති අයගේ මන්ද බුද්ධිකකම ප්‍රතිචාර වලින් පේනවා (නි)
නිදහස් අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙන් සටන් කරන ඔබට ජයවේවා! අධ්‍යාපනය විකුණාගෙන කන්නන් බංග වේවා! (නි)
දෙපැත්තෙන් දෙන්නෙක් ඉන්නේ වීරයා හුළගට ගහගෙන යයි කියල බයේද කොහෙද? මේ වගේ පරඩෙල් තමයි 88/89 කාලේදී දෙක වදින කොට හත්මුතු පරම්පරාවම පාවල දුන්නේ. 88/89 ගැන වාර්තා වැඩසටහනක් හදලා කැම්පස් එන දරුවන්ට එන්න කලින් පෙන්නුවානම් මොලේ කළදක් පෑදෙයි.(නදී)
මේ විරෝධතා ව්‍යාපාරය විහිලුවට ලක් කරන්න එපා. අඩු වශයෙන් අද රටේ වෙන දේවල් වලට විරුද්ධ වෙන්න හරි හැකියාවක් තියෙන්නේ විශ්ව විද්‍යාල සිසුන්ට (නි)
මේ සියලුම ළමයි නායකත්ව පුහුණුව කියල බොරුවට මහජන මුදල් නාස්ති කරපු වැඩසටහනට සම්බන්ද උන ළමයි. මේ ශ්‍රී ලංකාවේ බුද්දිමත් දරුවන් මේ ළමයින්ට අපහාස කරන්නේ ඇයි.(නදී)
88/89 දී කට්ටිය පෙරේරා උන්නැහේ ගේ කට කපන්න ඇති එකයි මේ තරම් තරහ.(නදී)
පෙරේරා ප්‍රා එකේ හිටපු අළුගොසුවටත්, ඔහෙටත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදෙවී.(නදී)
අනේ මොහාන් ඔය මතවාදේ අපි 71 ඉදන් දැක්කා. ඔහේ දකින්න ඇත්තේ මේ ඊයේ පෙරේදා වෙන්න ඇති. ඔය මත වාදෙ දෙක වදින කොට හත්මුතු පරම්පරාවත් එක්කම වමාරපු හෙටි අපි 88/89 දේ අපි හොදට දැක්කා. එදා මහා මග බල්ලෝ බළල්ලු වගේ මේ මතවාද දරන්න ගිහින් අහිංසක ශිෂ්‍යෙයෝ මැරුම් කැවා හැටි අපි හොදට දැක්කා. උඹලා තාම නොදරුවෝ මුන්ගේ අරමුණ තේරුම් ගන්න. ඔලුව අතගාලා බලන්න අන් තට්ටුව පලන්දලා තියෙන්නේ කව්රු කාටද කියලා.(නදී)
මී හරක් ජාන කවලම් වෙලා තියන්නේ ඔහේටයි පෙරේරා මහත්තයෝ. ඔයාට තාම ඒක තේරිලා නැහැ. යථා කාලෙදිවත් ඔහේගේ ඔය අං තට්ටුව ගැලවිලා නුවන පෑදේවා කියලා පතනවා (නි)
පෙරේරා, අනේ මෝඩයෝ, ඔහේ වගේ කෙනෙක් ලංකාවේ ඉපදුනු එකත් මහා අපරාදයක්. ඔහේ වගේ මෝඩයන් නෙමේ කැම්පස් වල ඉන්නේ. අපිට මතවාදයක් වගේම නිශ්චිත අරමුණක් තියනවා. වෙලාවක පුළුවන් නම් එන්න. ඇවිල්ලා බලන්න කැම්පස් එක කියන්නේ මොන වගේ තැනක්ද මොන වගේ අයද එන්නේ කියලා. (නි)
අපිත් කැම්පස් ඉන්නේ.අපිට තියෙන ප්‍රරශ්න කවුරුත් දන්නේ නෑ.අන්තරේ ජවිපේ පටල ගන්න එපා. අපිට තියෙන ප්‍රශ්න ටිකක් හරි අඩු උනේ අන්තරේ ඒවාට කතා කරපු නිසා. එක මාධ්‍ය වත් අනාවරණය නොකළ ඇත්තක්.(අ)
මම නම් හිතන්නේ නැහැ ඒ වැඩේ ලේසි කියලා (දී)
අනේ ළමයිනේ ජිවිත පරිස්සමෙන් කරන දෙයක් කරන්න. මතකනේ ලාස්ට් ටීමේ වෙච්ච දේ. (ස)
පෙරේරා මහත්තයෝ ඔහේගේ පරම්පරාවේ එකෙක් වත් විශ්ව විද්‍යාලයට ගියේ නෑ නේද?(නදී)
විශ්ව විද්‍යාල ළමයින්ට ද්වේශ සහගත ප්‍රකාශ ඉදිරිපත් කරන පෙරේරා වැනි උදවිය සැබෑ අඥානයින්ය (නි)
හීනෙන් තමයි
කුමාර මහත්තයෝ. ඔයාට ජාන ගැන ප්‍රශ්නයක් වගේ. මී හරක් ජාන කලවම් වුනු අයට ඔය විදියේ ප්‍රස්න එනවා. ගණන් ගන්න එපා. අර ඩුබායි වල ඉදන් මී හරක් බලන සරත්ගෙන් උපදෙසක් ගන්න. ඔය ප්‍රශ්නේ විසදා ගන්න පුලුවන් වෙයි.(නදී).
මේ කොල්ලෝ කෙල්ලෝ මේ කට්ට කන්නෙ, බත් පැකට් එකටවත්, රුපියල් සියයටවත්, රස්සාවක් ගන්නවත් නෙමෙයි. කප්පාදු කරලා නැතිකරලා දාන්න යන "නිදහස් අධ්‍යාපනය" මුන්ගේ ඉදිරි පරම්පරාවටත් රැකලා දෙන්න (නි)
මමත් අවු.4ක් කැම්පස් එකේ හිටියා. ඒ අවු 4 කට පෙර. එදත් ඔය මහ ලොකු අන්තරේ කලේ ජ.වි.පෙ.ට කඩේ ගිය එක විතරමයි. (නි)
අපේ අවාසනාව
චාමික මේ ප්‍රතිචාර ගැන තව ගැඹුරින් හිතන්න. 2013-07-04 09:47:52වනවිට 45දෙනෙක් අදහස් 61ක් ප්‍රකාශ කර තියෙනවා. එයින් 29ක් ශිෂ්‍ය සටනට පක්ෂව, 19ක් විරුද්ධව සහ 13ක් මධ්‍යස්තව. ඉතින් උද්ඝෝෂණයට බහුතර ජනතාවගේ සහය නැති බව ඔබ කියන්නේ කොහොමද? (නදී)
පෙරේරා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මොකද මේ දරුවෝ උසස් පෙළ සමත් වෙලා ආපු අය. මොවුන් අනාගතේ වෙනුවෙන් උසස් අධ්‍යාපනය රැකගන්නව වගේම, මේකෙ තියන අඩුපාඩු. කෙනහිලිකම් වලට විරුද්ධව සටන් කරනවා වගේම ඉගෙන ගන්න එකත් කරන්න ඕනේ. ඒක කරන ගමන් ඕනේ දෙයක් කලාට මම නම් දොස් කියන්නේ නැහැ. නැති නම් ඔය දරුවොන්ට වෙන්නේ ලබන අවුරුද්දෙ "රැකියා විරහිත උපාධි දාරී සංගමය" ට බැදිලා රැකියාවක් දියව් කියල ආයේ පෙළ පාලි යන්න. ඔය වැඩේ දිගින් දිගටම සිද්ද වෙන්න නම් නිදහස් අද්‍යාපනය වෙනුවෙන් ජනතා මුදල් නාස්ති කිරීම අපරාධයක්. අපි විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ ඕවට සටන් කරපු අය දැන් රාජ්‍ය අංශයේ රැකියාවන් වල ඉගෙනගෙන කන්තෝරුවට වැඩක් කරගන්න එන මිනිස්සුන්ව හෙට එන්න, අනිද්දා එන්න කියලා රස්තියාදු කරනවා. නිදහස් අධ්‍යපනය රැක ගැනීමට පෙරට ඒම හොද දෙයක්. ඒත් නිදහස් අධ්‍යාපනෙන් බිහි වෙන මිනිසුන් උඩඟු පුස්සන් වීම නරක දෙයක්. ඒ නිසයි මම හැම දාම කියන්නේ නිදහස් අධ්‍යාපනය රැක ගත යුත්තේ ඇයි ? කාවෙනුවෙන්ද ? කියන එක ගැන අවබෝධයක් ඇතිව ඔය කටයුතු කල යුතුයි අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතිව.(නදී)
මුල් බැසගෙන ඉවරයි
මේ ඩුබායි තිලක් ඩුබායි වල මොකක්ද දන්නේ නැහැ කරන රැකියාව. (නි)
හැමදේම රුපියල් වලට විකිනෙන කාලේ නිදහස් අධ්‍යාපනය නමින් හැදින්වුවත් මේවායේ ඉගෙනගන්නත් නිකන් බැහැ. අවුරුදු 04කට සෑහෙන්න වියදම් දරන්න ඕනෑ (නි)
පෙරේරා,ඩෙනම්,නෝර්මන්,අපොන්සු, ප්‍රනාන්දු නම් වලින්ම තේරෙනවා ඉහත අදහස් ඇවිල්ල තියෙන්නේ ජාන වලින්ම බව .(නදී)
පෙරේරා ගේ කටෙන් පෙරේ රා .(නදී)
මේවා දැක්කම මොනවා කියන්නද හිතෙනවා. ඔය අදහස් ප්‍රකාශ කරන අය විශ්ව විද්‍යාලයකට ගිහින් තියෙනෙවද? ඉස්සර නිදහස් අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙන් සටන් කරපු අය අද කොහෙද? දරුවනේ තරුන කමට නෙමේ බුද්ධියට තැන දෙන්න. අපේ කාලේ හිටපු සටන් කරපු අය අද රටත් නැහැ. දරුවන්ට දෙවියන්ගේ පිහිටයි.(නදී)
මේවා දැක්කම මොනවා කියන්නද කියලා හිතෙනවා. ඔය අදහස් ප්‍රකාස කරන අය විශ්ව විද්‍යාලයකට ගිහින් තියෙනෙවද? ඉස්සර නිදහස් අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙන් සටන් කරපු අය අද කොහෙද? දරුවනේ තරුන කමට නෙමේ බුද්ධියට තැන දෙන්න. අපේ කාලේ හිටපු සටන් කරපු අය අද රටෙත් නැහැ. දරුවන්ට දෙවියන්ගේ පිහිටයි.(නදී)
අනේ ටිකිරි, නිෂාඩ්, ඕව කියන්න කොන්ඩෙ බැදපු චීන්නුන්ට. මොන්ටිසෝරියේ ඉදලා ටියුෂන් මාස්ටර්ලා පස්සේ ගිහින් සල්ලි දීලා ඉගෙන ගෙන යන්තම් ඔතනට රිංගා ගත්තම තමයි මෙයාලට නිදහස් අධ්‍යාපනේ මතක් වෙන්නේ. මෙතනින් එලියට ගියාම මුණ දෙන්න වෙන තරගය ගැන හිතලා හීන මානෙ ඇති කරගත්තු සිසුන්ට මේ දේශපාලනේ දාන ඇම තමයි ඔය නිදහස් අධ්‍යාපනේ රැක ගමු කියන එක. අද කොහෙද නිදහස් අද්‍යාපනයක් තියෙන්නේ රැක ගන්න? ටියුෂන් අධ්‍යාපනයක් මිසක.. (නි)
මල්ලිලා, ඔයාල කාට හරි කඩේ යනවා වගේ ...... අසරණ දෙමාපියෝ........... (නි)
කොහොමත් අපි දැන් පුරුදුවෙලා ඉන්නේ මෙවැනි ව්‍යාපාර දිහා වැරදි විදිහට දකින්න. නමුත් රාජ්‍ය සේවාව ,පෞද්ගලික අංශයේ හා විශ්වවිද්‍යාලවල උනත් මෙවැනි ක්‍රියාමාර්ගයකට එන්නේ තමන්ගේ ප්‍රශ්න කාලයක් තිස්සේ ඔඩු දුවලා බලධාරීන්ගෙන් විසඳුමක් නැති අවසාන මොහොතේදී. ගොඩක් දෙනා ඔය කොල්ලෝ කෙල්ලෝ ටික කියන්නේ මොකක්ද කියලා බලන්නේ නැති එක ගැන දුකයි.(නදී)
පොලිසිය ගත්ත බුද්ධිමත් පියවරක්. නැත්නම් මේ ගොල්ලෝ මොකක් හරි අල්ලාගෙන මාස ගානක් ඇදගෙන යන තව සටන් පාඨයක් අල්ල ගන්නවා. බංකොලොත් දේශපාලුවෝ රැලක් මෙයාලව මෙහෙයවනවා. මගේ හිතේ හෙටින් පස්සේ නිදහස් අධ්‍යාපනයක් හැමෝටම ලැබේවි. මොකද මේ ගොල්ලෝ පාරවල් අවහිර කරගෙන සටන් කලානේ.(නදී)
දැන් මෙතන සමහරු කියන විදියට මේ ආපු ඔක්කොම ළමයි මෝඩ නුගත් මී හරක්ද? එහෙනම් ඔය කියන අය තමුන්ගේ ළමයින්ට විශ්ව විද්යලෙකට යවන්න උගන්නන එපා. මෙතන ඉන්නේ උගත් ළමයි. අසාධාරණය විරුද්දව නැගී සිටීම මෝඩ කමද? (නදී)
මේ වැඩේට මේකේ අදහස් දාන බහුතරයක් බනිවි. ඒත් මේ කොල්ලෝ කෙල්ලෝ මේ කට්ට කන්නෙ, බත් පැකට් එකටවත්, රුපියල් සියයට වත්, රස්සාවක් ගන්නවත් නෙමෙයි. කප්පාදු කරලා නැතිකරලා දාන්න යන "නිදහස් අධ්‍යාපනය" මුන්ගේ ඉදිරි පරම්පරාවටත් රැකලා දෙන්න. (නි)
තව අවුරුදු 100 කින් නිදහස් අද්‍ධ්‍යාපනය ඕනේ නැහැ. බිහි වෙච්චාවේ හරක්.(නදී)
මගේ රටටම අවේනික වූ විලාසිතාවක් තමා මේ විරෝධතා පා ගමන් කියන්නේ (නි)
උසස් පෙල අවම මාසික ටියුෂන් ගාස්තු හෝල් ක්ලාස් රු 1000යි. කණ්ඩායම් පන්ති අවම රු 3000යි. තනි පන්ති රු5000 - 10000යි. මේවා අයිති වෙන්නේ මොන අධ්‍යාපනයටද? කවුරුවත් මේවා ගැන කථා කරන්නේ නැහැ. අනේ අපිටත් නිදහස් අධ්‍යාපනය හරියට තේරුම් කරලා දෙන්නකෝ. මෙතන කෑගහන කී දෙනෙක් ටියුෂන් නැතුව විශ්ව විද්‍යාලයට ඇවිත් ඇද්ද? (නි)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්වලින් ගරු රජය ආරක්ෂා කරගැනීම අපේ වගකීමකි. මෙවැනි දේ මේ අවස්ථාවට සුදුසු නැත (නි)
මෙයාලා මොනවද ඉල්ලන්නේ? කාර් පර්මිට් ,රුපියල් 20 ට තරුපහේ කෑම වේලක්,පිටරට සවාරි, පවුලේ අයට විදේශ අධ්‍යාපනය, සමුළු, නිවාස ,තැබෑරුම් බලපත්‍ර, පරිවාර රථ, කොමිස් මුදල් ..... නැත. ඔවුන් ඉල්ලනේ නිදහස් අධ්‍යාපනයයි. එය පිනට ලැබෙන්නේ නැත. එනිසා අයිතිය අසාදාරනය වෙනුවෙන් උද්ඝෝෂණ අරගල කල යුතුය. විස්ව විද්‍යාල තුලින් බිහි විය යුත්තේ පතෝල උණගස් වැනි උපාධිධාරින් නොව රැඩිකල් මතදාරී විප්ලවීය සටන්කාමීන්ය. (නි)
පිනට දුන්න පොත් ටිකත් ,පිනට දුන්න රෙද්දෙන් විලිවහගෙන අමාරුවෙන් ඉගැන්නුවේ උබලා රටට වැඩ ඇති මිනිහෙක් කරන්න මගේ පුතේ. එක එකාගේ අතකොළුවක් නොවී හොදට ඉගෙන ගනිල්ලා. කාටත් වැඩියෙන් මට උබලා ගැන දුකයි. තව ටික දොහක් ඉවසපන් මගේ පුතේ, අවුරුදු කීපයකින් උබලට ලෝකෙම ගෙනත් දෙන්න බැහැ. (නි)
මේකෙ අදහස් දාන ගොඩක් අය කැම්පස් යන්න බැරි වෙලා විශ්ව විද්‍යාල සිසුන් එක්ක තරහෙන් වගේ පේන්නෙ (නි)
මල්ලියේ, විශ්ව විද්‍යාලයේ ඉන්නා තුරු මේ ශිෂ්‍ය ව්‍යාපාරය ඔය විදියටම කරගෙන යන්න.ඊට පස්සේ ඔබ කැමති තිරණයක් ගන්න.අද ඔබට නිදහස් අධ්‍යාපනයක් ලංකාවේ ඉතිරිව ඇත්නම් ඒ එදා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සටන්වල ප‍්‍රතිපලයන්ය. මා ඔබට සුභ පතනවා! (නි)
අපිටත් මතක් වෙනවා අතීතය. බුදු අම්මෝ එහෙම වෙන්න එපා මේ ළමයින්ට. (නි)
රටක අභිමානවත් පෞරුෂය එ රටේ තරුණ පරපුර. මේ නැවුම් තරුණ ජවය රටේ ඉදිරි ගමනට සහ සංවර්දනයට යොදාගන්න රටේ දේශපාලකයන්ට දැනුමක් නැහැ. (නි)
අම්මපා, පෙරේරා වගේ මෝඩයොත් ඉන්නවනේ? (නි)
අනේ මල්ලියේ ඔයාලා වාගෙම ඉදලා ඔහොම කෑ ගහපු කී දෙනෙක් අද ඔයාලාව විවේචනය කරනවාද? අල්ලලා දාන්න මල්ලි තව අවුරුදු කීපෙකින් ඔයාලත් ඒතැන. (අ)
පෙරේරා මෝඩ කතා කියන්න එපා.(අ)
අදහස් දක්වද්දී කරුණාකරලා නිදහස් අධ්‍යාපනය ලබාගත් අය විදියට අදහස් දක්වන්න. අන්තරේ කරන හැමදේම හරි නෑ....නමුත් , නිදහස් අධ්‍යාපනයක් ලංකාවේ තියෙනවනම් ඒවිශ්ව විද්‍යාල කොල්ලෝ කෙල්ලෝ ටික පාරට බහින නිසා කියලත් මතක තියාගන්න ..(අ).
මේ වැඩේට මේකේ කොමෙන්ට් දාන බහුතරයක් බනිවි. ඒත් මේ කොල්ලෝ කෙල්ලෝ මේ කට්ට කන්නෙ, බත් පැකට් එකටවත්, රුපියල් සියයට වත, රස්සාවක් ගන්නවත් නෙමෙය්. කප්පාදු කරලා නැතිකරලා දාන්න යන "නිදහස් අධ්‍යාපනය" මුන්ගේ ඉදිරි පරම්පරාවටත් රැකලා දෙන්න. (අ)
ඉල්ලන් කන්න දගලන දැගල්ලිලක්. ඉගනගන්න ගිහිල්ල මොන ව්‍යාපාරද අනේ!. නිකන් දෙන එක ඉගනගෙන රටට කෙසේවෙතත් ගෙදරට වත් පල ප්‍රයෝජන මිනිහෙක් වෙන්න බලනවා මිසක්. දැන් රටටම මල වදයක් මේ අන්තරේ. (අ)
මට ලොකු ශෝකයක් ඇති වෙනවා මේ ඉන්නේ අපේ රටේ අනාගතය බාර ගන්න සරසවි සිසුන්ද . නැතිනම් රට බංකොලොත් කරන මෝඩ නුගත් අනුන්ට කඩේ යන කොටසක්ද කියල . චිවරදරින් කොටසකුත් ඉන්නවා . මේ අය ඉදිරියේ අපේ බල සේනාවේ සාමාජිකයන් වෙන්න ඇති (අ)
ශිෂ්‍ය ව්‍යාපාරය කෙසේවෙතත් සිසුන්ගේ අධ්‍යාපනයනම් මර්ධනය වේවි ඔයාලගේ වැඩ වලින්.ඔය උද්ඝෝෂණ වලින් කෙරෙන්නේ පෙරටුගාමීන්ට කඩේ යාමක් පමණයි.කිසිදු සුගතියක් නම් නැත (අ).
අනේ මේ වගේ මී හරක්ද විශ්ව විද්‍යාල වල ඉන්නේ..මෙයා ප්‍රේමදාස ගැන කියල නෑ..මොකද මේ වගේ සෝබන වීරයන්ට නියම බේත ලැබුනේ එයගෙන් නිසා..මෙයාගේ ලොක්කගේපවුලේ ෆොටෝ එකක් දැක්ක..අනේ අම්මේ සැප බේරෙනවා..උන් එහෙම සැප විදිද්දී උන්ගේ දරුවෝ පිට රටවල් වල සැපසේ ඉගෙන ගෙන සැපසේ වෙසෙද්දී මුන් ටික මේ අහිංසකයෝ පාරට ඇදල දාල නිදහසේ ඉගෙන ගන්න තියෙන ඉඩ නැති කරනවා.(අ)
හැමදේම නිකම් ඉල්ලගෙන කාලා, හීන මානසිකත්වයක් ගොඩ නගා ගත් මේ වගේ ශිෂ්‍යයෝ රටට ශාපයක්. ඒත් ඉතින් මොනවා කරන්නද? නිදහස් අධ්‍යාපනය පරම්පරාවෙන් පරම්පරාවට යන උරුමයක් නෙමෙයි. රටේ අවශ්‍යතා අනුව කලින් කලට සකස් කළ යුතු ප්‍රතිපත්තියක්. (නි)
මම කොළඹ විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙත් මේ වගේ කට්ටිය හිටියා. එක්කෙනෙක් කුරුණෑගල පැත්තේ මන්ත්‍රී කෙනෙක් තව එක්කෙනෙක් ආණ්ඩු පක්ෂේ ඇමති කෙනෙක් තව එක්කෙනෙක් කැනඩාවේ කෞන්සිලර්.(නදී)
අනේ මේ දෙන්නාට මුල මතක නැහැ. එක්කෙනෙක් සල්ලිවලට ඉගැන්නුවා. අනෙක් එක්කෙනා ඒ පැත්තට මේ පැත්තට පැන පැන උසාවියට අපහාස කරලා හිරෙත් ගියා. අනේ මේ වගේ අයට අධ්‍යාපනයේ වගකීම දෙනකොට අපේ දරුවන්ට දෙවියන්ගේ පිහිටයි.(නදී)
අධයාපනය බාර ගත්ත දෙන්නට වැඩිය බුද්ධිමත් අර වඳුරා. මේ අයගෙන් රටට තියෙන කරදරයක්. මේ දෙන්නම සල්ලි ව්යදම් කරලා ඉගෙනගත්තා. මේවා කවදා හරි පඩිසන් දෙයි.(නදී)
මේ විරෝධතා ව්‍යාපාරය විහිලුවට ලක් කරන්න එපා. අඩු වශයෙන් අද රටේ වෙන දේවල් වලට විරුද්ධ වෙන්න හරි හැකියාවක් තියෙන්නේ විශ්ව විද්‍යාල සිසුන්ට. (නදී)
බොධු බල සේනා? අනේ " ඔයගොල්ලෝ රටට ආදරේනම් මේ කොල්ලන්ට සහයෝගය දෙන්න. නැත්නම් හෙළ උරුමය පටන් ගත්ත තිලක් කරුණා නායක මතකනේ. ඔය නායකයාටත් යන එන මන් නැති වෙලා ඇති. මේ පාලකයෝ හරිම නරින්ටත් වැඩිය කපටි ශ්‍රී ලාංකිකයෝ කියල හිතන්න වෙනවා.(නදී)
ලංකාවේ විශ්වවිද්‍යාල වලට ගොස් අධ්‍යාපන කටයුතු වෙනුවට මහපාරේ කාලකන්නි වන මේ ශිෂ්‍ය ජිවිත කිසිම හැකියා වර්ධනයකින් තොරව උපාධි නිම කොට රජයේ රැකියා සිඟමන් අයදිති. භාෂා දැනුම, පරිගණක දැනුම, නායකත්ව හැකියා නොමැති මේ අයාලේ ගිය මෙම මානව සම්පත පුද්ගලික අංශයේ විධායක නිලධාරීන් හඳුන් වන්නේ සෝම්බි හෙවත් ජිවත්වන මළවුන් ලෙසටය. එම නිසා මේ සෝම්බි වරුන්ට පුද්ගලික අංශයේ රැකියා දොර වසා තිබේ. මේ නිසා ආණ්ඩුවේ පිනට ලබාගන්නා කළමනාකාර සහකාර යන නමින් හැඳින්වෙන තනතුරු වලට පත් වන මොවුන් ඉන්පසු කරන්නේ අයිස් ගැසීමයි. මේ දක්වා බඳවාගත් නොමල මළවුන්ගෙන් රාජ්‍ය අංශයට කිසිදු එලදයිතාවක් එක්වී නැත. ඔවුන්ට වැටුප් ලෙස පින් පඩි ගෙවන්නේ මේ රටේ මහ ජනතාවගේ මුදල්ය. ඒ නයින් බලන කල බටහිර රටවලට ගොස් කුසලතා වර්ධනය ලබාගත් ගුණදාස අමරසේකර, නලීන් ද සිල්වා, වාසුදේව, එස් බී දිසානායක, සෝමවංස අමරසිංහ, කුමාර් ගුණරත්නම්, විමල් වීරවංස යන පුද්ගලයන්ගේ දරුවන් මේ පාරේ ලගින සෝම්බි වරුන්ට වඩා ඉදිරියෙන් සිටිති. එහෙත් අභාග්‍යකට මෙන් තම දරුවන් ලත් වරප්‍රසාද මහපාරේ කාලකන්නි වන මේ ජිවිත වලට ලබා දීමට කිසිවෙකු ක්‍රියා නොකරන්නේ මන්ද ? බටහිර අධ්‍යාපනය ලැබූ තම දරුවන් සහ සෝම්බිවරුන් අතර සදාකාලික පරතරය අවශ්‍ය නිසාද ? (නදී)
මේ උද්ඝෝෂණයට වැරදි දෙයක් කියන අය මන්ද බුද්ධිකයෝ. මේ උද්ගෝෂණය කරපු දරුවෝ ශ්‍රී ලාංකික දරුවෝ. ඒ දරුවන්ව දෙවියන් ආරක්ෂා කර දෙත්වා! (නි)
මේකට කියන්නේ "කැම්පස් උනේ" කියලයි. මේ උනේ හැදුනහම මිනීමරු පෙරමුණට කඩේ යන්නමයි හිතෙන්නේ. මේ ගොල්ලෝ රස්සාවල් ගත්තට පස්සේ "නිදහස් අධයාපනේ" රකින හැටි බලන්න පුලුවන්. ඇයි මීට කලින් නිදහස් අධ්‍යායාපනේ ගත්ත "උගත්තු" මේ රැලියට ඇවිත් "නිදහස් අධ්‍යාපනේ" දිවි හිමියෙන් රකින හැටි පෙන්නන්නේ නැත්තේ.(නදී)
මේ උගත් කොල්ලෝ කෙල්ලෝ පාරට බැහැලා ජීවිත පුදලා සටන් කරපු නිසා තමා නිදහස් අධ්‍යාපනේ මේ තරමින්වත් තියෙන්නේ. නැතුව ප්‍රතිචාර දදා ඉන්න අය නිසා නෙමෙයි. (නි)
'හිට්ලර්ට, ජේ ආර්ට මර්දනය කරන්න බැරි වුණ ශිෂ්‍ය ව්‍යාපාරය මහින්දටවත් එස්.බීටවත් නතර කරන්න බෑ." මර්දනය කරන්න ලස්සනට පුළුවන් පරණ ටයර් හොයා ගන්න නැහැ.(නදී)
"මුන්ගේ ඉදිරි පරම්පරාවටත් රැකලා දෙන්න." ඉදිරි පරම්පරාව රකින්න ඉස්සෙල්ලා මෙයාලා රැකෙන්න එපායැ.(නදී)
ඉතා හොඳයි මම සුභ පතනවා (අ)
පෙරේරා , මීහරක් මෙයාලට වැඩිය ප්‍රයෝජනයි. මෙයාලට මහජනයා එකතුවේලා උත්තර දෙන්න ඕනෑ (නි)
පෙරේරා,"නිදහසේ ඉගෙනගන්න තියෙන ඉඩ කෙටි කරනවා" ලංකාවේ කොහෙද නිදහසේ ඉගෙන ගන්න ඉඩක් තියෙන්නේ? පෙර පාසලේ ඉදල විශ්ව විද්‍යාල ශිෂ්‍ය දක්වාම අද්‍යාපන නිදහසක් වත් නිදහස් අධ්‍යාපනයක්වත් නැහැ. ඔබ විශ්ව ව්ද්‍යාලවල ඉන්නවද කියල හොයන සතුන්ට සමාන කල පුද්ගලයන්ගේ ගහනය තමයි අපේ සමාජයේ වැඩි. ඒකයි මේ රට මේ තරම් පිරිහීමට හේතුව. නැතිව විශ්ව විද්‍යල ශිෂ්‍යෙයා නෙමේ.(නදී)
හාමුදුරුවරු ටික දැක්කම මට සර් ජෝන් කොතලාවල මහත්තය මහක් වෙනවා. මේ අය මෙතනට අවේ ඉගෙන ගන්න ඊට කලින් නිදහස් අධ්‍යාපනය රකින්න ලැහැස්තිවෙනවා. ජේ.වී.පී එකේ බිලි බෝයිස්ලා මේගොල්ලා තමයි. මෙගොල්ලා සටන් කරලා විබාග පාස් වෙලා එනකොට ජොබ් මාර්කට් එක පුද්ගලික විශ්වව්ද්යාල වලින් එන අයගෙන් පිරිලා ඊට් පස්සේ මේගොල්ලා ජොබ් ඉල්ලලා කෑගහනවා.(නදී)
දේශන අතපසු කරගෙන මේ කරන වැඩ වලින් වන්නේ ලොකු ලොක්කන්ගේ රට ගිහින් උපාදි ගහලා එන දරුවන්ට තැන අපේ අයට මහා පාර , අන්තරේ දැන හෝ නොදැන කරන්නේ මහා අයට කඩේ යන එක නෙවිද ?(නදී)
ගොවියන්ගේ පොහොර ලබාදෙන්නේ නැත. සිසුන්ගේ අධ්‍යපනය සඳහා විසදුම් නැත මේවට මුදල්ද නැත. වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර නැත මේ අයට පිරිසිදු පානිය ජලය නැත. අපරාධ වලට විසදුම් නැත. එහෙත් උගන්ඩා වලට ඩොලර් මිලියන 150 ක් ප්‍රදානය කිරීමට මුදල් ඇත.(නදී)
මෙයාලගෙ නොදන්නා කතා කියනවිට මට කනගාටු හිතෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කරන්න බැරිවුනා කියන කතාව බොරුවක් නේ. ජේ අර් ගෙ ප්‍රෙමදාසගෙ කාලෙ මහපාරවල මරලා දැම්මා. ගලහ හංදියේ මරාදමපු මලකඳන් ඔය විදියටම අරගල කරපු සිසුන්ගෙ. මහින්ද මහත්තය එස්. බී. වගේ කෙනෙක් අධ්‍යාපන ඇමැතිට තියන් ඉන්නෙ නිකමට කියල හිතන්න එපා මල්ලිලා. මේ වෙලාවෙ ඔයාලට කරදරයක් කලේ නැති එක ගැන ඔය තරම් උඩ යන්න එපා. ඔයාලත් උපක්‍රමව හිතලා වැඩකරන්න. මරධනයට මුහුන දෙන්න චූන් වෙන කතා කියල පොඩි කොල්ලො රැවටීම හරි නැහැ. (නදී)
ලංකාවේ මිනිස්සුන්ට කොච්චර හොදක් කළත් වැඩක් නැහැ. ඒත් ශිෂ්‍යයෝ කරන දේවල් නිසා යන්තම් හරි නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වෙලා තියෙනවා. අදහස් වලින් බනින මිනිස්සුන්ටත් කවදා හරි ඒවා තේරෙයි. (නි)
ලෝකයේම නොමිලේ උසස් අධයාපනය දෙන එකම රට ශ්‍රී ලංකාව. ඒ මදිවට මහපොළ කියල සල්ලිත් දෙනවා. මේ වගේ මෝඩ රැලක් ලෝකයේ කිසිම තැනක මම දැකලා නැහැ. පවූ කියලත් හිතෙනවා.(නදී)
දැන්වත් ශිෂ්‍ය මර්දනය නවත්වලා සාකච්ඡා මාර්ගයෙන් කාටත් ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදාගත්තොත් නරකද? ඉතිහාසයේ පාඩම් අනුව මර්දනයෙන් ශිෂයෝ මැරුණත්, රජය වැටුනත් ශිෂ්‍ය සටන් නතර වෙන්නේ නැහැ. තාමත් රටේ නිදහස් අධ්‍යාපනය රැකිලා තියෙන්නේ ශිෂ්‍ය සටන් වල ප්‍රතිපලයක් විදිහටයි කියලා අමතක කරන්න එපා.(නදී)
ඔයාල අනුන් වෙනුවෙන් කඩේ යනවා හැබයි මිනිස්සු හිතාගෙන ඉන්නේ ඔයාලට පිස්සු කියලා මොකද දුගී ජනයා බලයට, දනයට මැරබලයට ඡන්දෙ දෙන අය. ඒකයි අර කියන්නේ ඉගෙනගෙන ලොක්කෙක් වෙලා සල්ලි හොයන්න යන්නේ නැත්තේ ඇයි කියලා.(නදී)
පෙරේරා කියන්නෙ නම් බත් කන කෙනෙක් නෙමෙයි වගේ (නි)