(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.
එම නීති විරෝධී ක්‍රියාවේ යෙදුණු කණ්ඩායම්වලට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
විභාගය අවසන් වීමෙන් පසු ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය මාධ්‍යවලට නිකුත් කිරීමෙන් විභාගයේ රහස්‍යභාවයට කිසිදු හානියක් සිදු නොවූවද ඉන් දරුවන්ගේ මානසික තත්වයට බලපෑමක් එල්ල විය හැකි බව විභාගකොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2888කදී පෙරේදා (15) පැවැත්විණ.
එම විභාගයට අපේක්ෂකයෝ තුන් ලක්ෂ තිස් හත් දහස් නවසිය පනස් හයක් පෙනී සිටියහ.
විභාග කටයුතු අවසන් වී පැය දෙකක් ගතවීමටත් පෙර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබූ බව දෙපාර්තමේන්තුව පවසයි.
ශිෂ්‍යත්ව විභාගය පෙරේදා අවසන් වී පැය දෙකක් ගතවීමටත් පෙර මෙසේ පිට වී ඇත්තේ අංක 61313 දරන පළමු ප්‍රශ්න පත්‍රය සහ අංක 218013 දෙවැනි ප්‍රශ්න පත්‍රයයි.
විභාගයක් නිමවී ප්‍රතිඵල පිටවන තෙක් විභාග ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට අයත් රහස්‍ය ලේඛන වන අතර ඒවා ඊට පෙර ප්‍රසිද්ධියට පත් කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් වෙයි.
එවැනි නීතියක් හඳුන්වාදී ඇත්තේ විභාගය අවසන් වීමෙන් පසු විශේෂයෙන්ම පෞද්ගලික උපකාර පන්ති ගුරුවරුන් එම ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධියේ සාකච්ඡා කරමින් ගුණදොස් විවේචනය කිරීමේ ප්‍රවණතාව වලක්වාලීමේ අරමුණින් යුතුවය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකිරීම ගැන විශේෂ පරීක්ෂණයක්
City Monday, 16 October 2023 06:08 PM
මේ විභාගයට කියන්නේ අම්මාගේ විභාගය කියලා...
ලංකාපුත්‍ර Monday, 16 October 2023 06:27 PM
පරීක්ෂණ කරන්න පහසුයි... මොකද ඔය අංක තියෙන ප්‍රශ්න පත්‍ර නිකුත්කළේ කාටද කියලා දෙපාර්තමේන්තුව දන්නවා ඇති... එම කාර්ය මණ්ඩලයේ කෙනෙක් කරන්න ඇති. හැබැයි මින්පසුව ප්‍රශ්න පත්‍රයේ අංකය දෙතුන් පලක මුද්‍රණය කරන්න ඕනෑ.. ශිෂ්‍යත්ව විභාගයේ මම දකින දුර්වලතා තමයි පුද්ගලික පන්තිවල පැරැණි ප්‍රශ්නපත්‍ර පමණක් කියාදීලා විභාගයට යැවීම... එයින් වෙන්නේ කිසිම ඉගෙනීමක් නැතුව ප්‍රශ්නපත්‍ර කටපාඩම් කිරීම පමණක් සිදුවීම.... එයින් විභාගය සමත් වෙනවා තමයි. ඒත් දරුවෝ අධ්‍යාපනය ලබාගෙන නැහැ. වසරින් වසර ප්‍රශ්නපත්‍ර සැකසීම වෙනසක් කළොත් හොඳයි කියලා හිතෙනවා...
මහජනයා Tuesday, 17 October 2023 10:47 AM
ඔව්... ඔව්... මේක තරාතිරම නොබලා දඩුවම් කිරීමේ විශිෂ්ඨ ඉතිහාසයක් තියෙන රටක්. ලැජ්ජයි... කොරෝනා ගැටලුව අවසන්ව වසර ගණනාවක් ගතවුණත් තවම ජාතික විභාග කාලසටහන හා පාසල්වාර නිවැරැදි කරගැනීමට නොහැකිව ලතවෙනවා. මේ නිසා රටට වන හානිය සුළු පටු නොවේ. කාලකන්නි දේශපාලුවන්ට හා නිලධාරීන් මේවා වගක් නොවේ.