IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ශිෂ්‍යත්වය ගැන ඇමැති මණ්ඩල තීරණය නීතිපති ශ්‍රේෂ්ධිකරණයට දන්වයි

(මනෝප්‍රිය ගුනසේකර සහ රංජන් කටුගම්පොළ)

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකියාව ඇති බැවින් විභාගය යළි පැවැත්වීම නුසුදුසු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමට යෑමෙන් සෙසු විභාග පැවැත්වීමේ කටයුතු අවුල් වීමට මෙන්ම 06 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලියද ප්‍රමාද වීමට හැකියාව ඇති බවට පසුගිය 25 වැනිදා රැස්වු තැබිනට් මණ්ඩලය තීරණය කිරීමෙන් අනතුරුව නිදහස් ලකුණු ලබාදීමට නිර්දේශ කර ඇතැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් වූ බව සඳහන් කරමින් විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීණි.

 



අදහස් (4)

ශිෂ්‍යත්වය ගැන ඇමැති මණ්ඩල තීරණය නීතිපති ශ්‍රේෂ්ධිකරණයට දන්වයි

praneeth Monday, 02 December 2024 02:34 PM

ආණ්ඩුව මෙම ප්‍රශ්නය විසඳුමට කල් මරන බවක් පේනවා. දරුවන් ගැන සිතනවානම් මෙම ප්‍රශ්නය කඩිනමින් විසදිය යුතු නමුත්, අධිකරණ තීන්දුව ප්‍රමාද කිරීමට උත්සහ කර ප්‍රශ්නයට මුහුණ දුන් පාර්ශවය දුර්වල කිරීමට උත්සහා කරන බවක් පෙනෙ. මෙය ඉතා ශෝචනීයයි.

:       36       8

Madumali Monday, 02 December 2024 03:21 PM

මේ විභාගය මෙතැනින්ම නතර කරලා දාන්න. පාසල් වලට යන්න වෙන ක්‍රමයක් සාදන්න.

:       8       35

විපරමා Monday, 02 December 2024 04:04 PM

දරුවන් පීඩාවට පත් කරන පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි.

:       0       1

රුවන් Tuesday, 03 December 2024 04:30 PM

ශිෂ්‍යත්වය කියන්නේ තනිකරම ශාපයක්, මමත් දුක් වින්දා උදේ 5ට කොච්චියේ එනවා මරදානෙට, ඊට පස්සෙ ආන්නදෙට යන්නවා, ගෙදර යද්දී හවස් වෙලා සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. තනිකරම ළමා කාලය සුන්දර නෑ අපිට.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 1170 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 892 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 368 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 1130 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1133 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි
2025 අප්‍රේල් මස 18 701 0

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site