බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන්ගේ දරුවන් වූ සුහානා හා අභිරාම් දෙදෙනා ඩුබායි මුහුදු වෙරළේදී දිය නෑමට ගොස් සිටින ඡායාරූපයක් පසුගියදා අන්තර්ජාලය තුළ දකින්නට ලැබී ඇත. දැනට පවතින උනුසුම කාලගුණය හේතුවෙන් ලොවපුරා වෙසෙන සුපිරි ධනවතුන් ඩුබායි මුහුදු වෙරළට පැමිණ විනෝද වන්නට උත්සාහ කරමින් සිටින අතර, ෂාරුක් පවුලද දැනට පවතින උනුසුමින් මිඳෙන්නට මෙසේ ඩුබායි වෙරළට පැමිණ විනෝදවන්නට කටයුතු කර ඇති බවට තොරතුරු ලැබි ඇත. එහෙත්, මෙම විනෝද ගමනට ෂාරුක් සහභාගී නොවූණ අතර, ඔහු ඒ වනවිටත් මුම්බායි නගරයේ සිය අලුත්ම චිත්‍රපටය වූ "රායිස්" හි අවසන් රූපගත කිරීම් කටයුතු වලට සම්බන්ධ වී සිටි බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට ගෞරි ඇතුළු ෂාරුක් පවුලේ පිරිස මෙම විනෝද ගමන අප්රසිද්ධියේ සිදු කළ එකක් බවය. නමුත්, ෂාරුක්ගේ දරුවන් වූ සුහානා හා අභිරාම් මුහුදු වෙරළේ විනෝද වෙන අයුරු හොර රහසේ ගත් ඡායාරූපයක් පසුගියදා "කෝයිමෝයි" වෙබ් අඩවිය තුළ පළවීමත් හරහා මෙම ගමනේ තොරතුරු අන්තර්ජාලයට ෂාරුක් පවුලට මුදාහරින්නට සිදුවු බව සඳහන් වේ.
බුද්ධික සේනාධීර
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෂාරුක්ගේ දරුවන් ඩුබායි මුහුදු වෙරළේදී මාට්ටු