(නිමන්ති රණසිංහ)
කූට ලේඛන සකස් කර අලීන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පින්නවල සහ ඇත් අතුරු සෙවනේ රඳවා සිටී අලින් 14 දෙනෙකු මාස තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමේ කොන්දේසිය මත ඔවුන්ගේ අයිතිකරුවන්ට තාවකාලිකව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්‍රභාකරන් මහතා නියෝග කළේය.
ඒ අනුව, මෙම අලින් 14 දෙනාගේ පැරණි හිමිකරුවන්ට ම භාරකාරත්වය ලබාදීමට ලියාපදිංචි කරන ලෙසට දන්වමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් විය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 6 වන වගන්තියේ දෙවන කොටස ප්‍රකාරව සහ 2241 / 21 අගෝස්තු මස 19 වැනි දා දරණ ගැසට් පත්‍රය ප්‍රකාරව මෙම සතුන් ලියාපදිංචි කිරීම සඳහා ඔවුන්ගේ හිමිකරුවන් වෙත මුදා හරින ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
(ඡායාරූප: රෝහණ සමරවීර)
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සී.අයි.ඩී.බාරයේ සිටි අලි 14ක් මුදා හරින්න නියෝගයක්
ලුම්බිණි Tuesday, 07 September 2021 05:20 PM
මේ විදියට අන්තිමට වරදකාරයින් වෙන්න යන්නේ අලි ටික වගෙයි. මෙහෙමත් රටක්...
ඇත් ගොව්වා Tuesday, 07 September 2021 05:44 PM
මෙවර මහනුවර පෙරහැර වෙලාවේ අලියෙක් හෝ ඇතෙක් ගමන් කරන අවස්ථාවේ මේ ගමන් කරන්නේ අහවලාගේ ඇතා, මේ යන්නේ අහවලාගේෙ අලියා, මේ යන්නේ අහවල් ඇමැතිගේ කෙනෙර, ආදී වශයෙන් හැඳින්වීමක් කළා. ලබන වසරේ පෙරහැරේදී මැටි ඇමැති කී දෙනෙකු හෝ පවුල් කීපයක අයගේ අලි ඇතුන් පෙරහැරට සහභාගි කරාවිද අපි බලාසිටිමු.
ලලිත් එම් Tuesday, 07 September 2021 06:09 PM
බුද්ධාගම නිසා වද විඳින සත්තු. අලිවෙලා උපන් නිසා ඔවුන් නිදහස නැතිව වද විඳලා මියයනවා...
ඇබිත්තයාTuesday, 07 September 2021 06:42 PM
බුදු දහමේ උගන්වන්නේ අත්තානං උපමං කත්වා නහනෙයියන ගෘථයේ කියලයි එහි තේරුම තමා උපමාකර අනුන්ට මෙන්ම සතුන්ටද හිංසා කිරීමත් මරණයට පත් කිරීමත් නොකල යුතුය කියලයි නමුත් ඒවා කියන අය කරන්නේ........
කෝලිතTuesday, 07 September 2021 07:34 PM
ඇයි... පංසල්වල අලි මරන් කනවද...?
සෙනෙවිරත්න Tuesday, 07 September 2021 09:04 PM
දම්වැල් දාල ගස්වල බැඳල ඉන්න එක අලියට සනීප ඇති. ඒ සතාගෙ ලිංගික හැඟීම් වගේ දේවල් නොසලකා සිටීම හරිද? පෙරහැරේ විසිතුරු ඇඳුම් අන්දල බල්බ් දාල යන එක අන්ධ භක්කිකයන්ට බුද්ධාලම්බන ප්‍රීතිය වගේ දැනෙනව ඇති. ඒක අපට නම් සුන්දර දසුනක් නෙවෙයි.
WCATuesday, 07 September 2021 08:00 PM
බුධාගම නිසා නෙවෙයි අන්ද භක්තිය හින්ද .
ganegoda Tuesday, 07 September 2021 07:18 PM
කබලෙන් ලිපට කිව්වලු
චම්පිකා Wednesday, 08 September 2021 08:01 AM
බලපත්‍ර නැති, ලියාපදිංචි නොකල අලි ළග තබා ගැනීම වන ජීවි හා වෘක්ෂලතා සංරක්ෂණ පනතට අනුව නීති විරෝධී නිසා තමයි පසුගිය කාලයේ එවැනි අලි වන ජීවී භාරයට අරගෙන එසේ ඒ අලින්ව තබාගෙන හිටි අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කලේ. එවක වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් දේශපාලකයන්ට බයේ කටයුතු කලේ නැහැ.
jimpoWednesday, 08 September 2021 02:54 PM
ඔව් ඒක අපි දන්නවා.