IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


සී.අයි.ඩීය මැති සබා වෙබ් අඩවිය පීරයි

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් අදාළ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරිහු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඊයේ පැමිණියහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

වෙබ් අඩවියට එම තොරතුරු ඇතුළත් කිරීමට පාදක කරගත් බව කියන ලිපි කිහිපයක් පාර්ලිමේන්තු නිලධාරීන් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදී ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුව වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදුව ඇති බවට නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිලි කළේය. ඒ අනුව එම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් කර ඇත්තේ සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක එසේ සඳහන්ව තිබු නිසා බව සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන් එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට භාරදී ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානිහු සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන්ට පසුගියදා නියෝග කළහ.

 



අදහස් (12)

සී.අයි.ඩීය මැති සබා වෙබ් අඩවිය පීරයි

Nishan Saturday, 21 December 2024 09:01 AM

පැන්ෂන් ගිහිපු නිලධාරින්ව ආපහු බඳවාගෙන, මහජනතාවගේ බදු මුදලින් පඩි, නඩි, දීමනා ගෙවාගෙන ඔවුන් ලවා කරවාගන්න රාජකාරි තමයි මේ. තව ටික දවසකින් මේවායේ ලියන අපේ පස්සෙනුත් පන්නයිද දන්නේ නෑ. අනේ අනිච්චං රටකට වුණු දෙයක්.

:       11       51

Bunny Preena Saturday, 21 December 2024 09:09 AM

දේශපාලන වුවමනාවන් සහ පඳුරු පාක්කුඩම් වලට ලැදිව කුහකකම් කරන අයවලුන් කාර්ය මණ්ඩලයේ ඉන්නවා නම් වහාම ඔවුන්ව නීතිය හමුවට පමුණුවා වැරැදි නම් දඬුවම් දී ඔවුන් එම ස්ථානයෙන් පන්නා දැමිය යුතුයි. පිරිසිදු පාලන ක්‍රමයක් රටට අනිවාර්යයෙන් අවශ්‍යයි. එහෙම නැතිව රටට ඉදිරියට යන්න බැහැ.

:       28       23

gunarathna Saturday, 21 December 2024 10:37 AM

අසෝක රංවලගේ කේස් එක එනකන් මෙයා මුකුත් දන්නේ නැහැනේ. හරිනම් මුලින්ම මෙය කරන්න ඕනේ ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවෙන් අහන එකනේ... ඒ මුකුත් නොකර කෙළින්ම cid ගිය අයගේ බලය පෙන්වන්නට. අන්තිමට අහිංසකයෙකුගේ බෙල්ල තමයි යන්නේ.

:       11       43

ලදරු පාසල් ආණ්ඩුව Saturday, 21 December 2024 02:14 PM

කතානායකයා පැන්නුවාට පස්සේ කට්ටිය මාරවිකලෙන් ඉන්නේ. මේ ඇමතිට පිස්සුද? රටේ වෙන ප්‍රශ්න නැද්ද?

:       13       40

විපක්ෂයේ මන්ද බුද්ධික Saturday, 21 December 2024 02:51 PM

ආණ්ඩුව මාසෙන් දෙකෙන් වැටෙයි කියලා බලාගෙන හිටියා, ඒක හරි ගියේ නැති තැන වහල් නිලධාරි කල්ලිය එක්ක එකතු වෙලා මඩ ගහන්න හදනවා. ඕවා සිල්ලර වැඩියි හලෝ...

:       37       19

පිටිගල මිලානෝ Saturday, 21 December 2024 03:26 PM

ඔතැන නියෝජ්‍ය කෙනෙක් ඉන්නවා. එයාට මාස්ටර්ස් කරන්න ඕනෑ නිසා මයිනා එයාව ඇරියා ලංඩන් තානාපති කාර්යාලෙට. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ඒ අයට කඹුර කඹුරා වැඩකරලා පාර්ලිමේන්තුවට පැනගත්තා. දැන් කාගේ පදේටද නඩන්නේ කියලා හිතාගන්න පුළුවන්නේ...

:       1       3

මයන්තTuesday, 24 December 2024 07:47 PM

ඒ වගේ අයගෙන් ආණ්ඩුව පරිස්සම් වෙන්න ඕනේ...!

:       0       1

යෝගා Saturday, 21 December 2024 04:54 PM

සේරම උගත්තු කියලා පෙන්නන්න හොර ආචාර්යකම් පටබැඳලා තියෙන්නේ පක්‍ෂය ඇතුලෙන්මයි කියලා හර්ෂණ නොදන්නවා නම් එයා බබෙක්.

:       8       30

සෙනෙවිරත්න Saturday, 21 December 2024 07:16 PM

ළදරුවො, කථානායක පැන්නුවද, නිහතමානීව ඉවත් වුණාද කියලා හදවතින් අහන්න. ඇමැතිට නෙවෙයි පිස්සු , කුණු හොයන විපක්ෂෙ අයටයි පිස්සු. පාර්ලිමේන්තුවේ ඉන්න බබාලා ළදරු වැඩ කරනවාට හොඳ තරවටුවක් මේ පරීක්ෂණය. සජිත්ගේ උපාධිය හැන්සාඩ් කරාම බලමු..

:       25       9

ගමේ එකාලා Saturday, 21 December 2024 07:34 PM

මාළිමා ආණ්ඩුව නිසා තමා දූෂිත දේසපාලුවන්ගේ කෙරුවාවල් බොහොමයක් එළියට ආවේ. කතානායකයාගේ ප්‍රස්නේ මතු කෙරුවෙත් විපක්ෂයේ දූෂිත දේසපාලුවෝම තමයි.. දැන් ඔවුන්ට කාගෙන ඉන්න බැරුව ඇති. වහලුන්ටත් රිදිලා....

:       27       4

Jayarathna Saturday, 21 December 2024 11:58 PM

හර්ෂණ සූරියප්පෙරුමයි, හර්ෂණ නානායක්කාරවයි පටලවාගෙන වෙච්චි වැඩක් ඔය. වෙන දෙයක් නෙවෙයි.

:       0       3

Radni Sunday, 22 December 2024 06:15 AM

ආචාර්ය සෙනවිරත්න සහ අපුල්ලන්නෝ.. හොඳට වැඩ. ලියන එක වචනයකින් ඔවුන් කරන දේ මනාව පැහැදිලි වේ.. හිරිකිතයි හලෝ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 369 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 87 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 226 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 282 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 352 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 643 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 404 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site