
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින කොටවිල පොලීසියේ පාලන අංශයේ හිටපු ස්ථානාධිපතිනී වරුනී බෝගවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් පිරිසකට අයත්ව තිබු වාහන 12 ක් තාවකාලික පරිහරණය සදහා දකුණු පලාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය වෙත මුදා හැරීමට මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ මහතා නියෝග කළේය.
2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ (2026 අංක 16 දරන පනතින් සංශෝධිත) 8(2) වගන්තිය ප්‍රකාරව මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරයට ගෙන තිබු එම වාහන වලට තහනම් නියෝග නිකුත් කර ඇති අතර එම පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව අදාළ වාහන සඳහා ප්රතිග්රහකයා ලෙස දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයා පත් කරනු ලැබීය.
අදාල වාහනවල වටිනාකම අඩු නොවන ආකාරයට සහ නැවත පණ ගැන්වීමට නොහැකි තත්වයක් උදා නොවන පරිදි, එක් එක් මෝටර් රථය මසකට කිලෝමීටර් 3,000ක උපරිමයකට යටත්ව පමණක් ධාවනයේ යෙදවිය යුතු බවට ද ඒවායෙහි රක්ෂණ සහතික, දුම් පරීක්ෂණ සහතික, ආදායම් බලපත්‍ර ලබා ගැනීම ඇතුළු නඩත්තු සහ සේවා කටයුතු දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරිය විසින් සිදු කිරීමට වගබලා ගත යුතු බවට ද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් එහිදී නියෝග කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd