හලාවත පොලිසියේ සොකෝ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු හෙට්ටිපොල හල්මිල්ලෑවේ පවත්වාගෙන ගිය බව කියන කසිප්පු තිප්පොලක් වටලා උපකරණ තොගයක් හා ගෝඩා තොගයක් අත්අඩංගුවට ගත් නමුත් සැකකාර උප පොලිස් පරීක්ෂක නොසිටි බව හෙට්ටිපොල පොලිසිය කියයි.
වැසිකිලි වලවල් අසළ ටැංකි බැඳ පල් කළ ගෝඩා නළ මාර්ගයෙන් කුකුළු කොටුවකට හරවා ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් යන විදිහට පොලීසියෙත් එක එක බලඇණි හදන්න වෙයි, කොන්ත්‍රාත් මිණි මැරුම් ඇණිය, කප්පන් ඇණිය, පගා ඇණිය, කසිප්පු ඇණිය වාගේ නම් යෝජනා කරනවා.(නදී)
පොලිසියේ පඩි මදි නිසා ස්වයන් රැකියාවක් කරපුහම මොකද. (නදී)
ලංකාවේ පොලිසිය මේ දවස්වල හෙළුවෙන් පොලිස් නිලධාරීන් ඔයිට වඩා දේවල් කරත් දුක්වෙන්න දෙයක් නෑ? පොඩි මිනිහෙක් ඔයවගේ දෙයක් කලොත් තමා අත පය කඩන්නේ.(නදී)
පොලිසියේ අය පොලිසියේ අයව අල්ලන එක වැරදියි .තමුන්ගේ පාඩුවේ ව්‍යාපාරයක් කරගෙන ඉන්න දෙන්නේ නැහැ.(නදී)
වැටත් නියරත් ගොයම් කා නම් කාට මේ ගැන කියන්නේ අපි.(නදී)
පොලිසියත් එක්ක බෑ , හොරු සමග හෙළුවෙන් (අ)
ධර්ම චක්කරෙත් ගහගෙනද කසිප්පු පෙරලා තියෙන්නේ? අනිත් එක කුලියට මිනී මරනවට වඩා කසිප්පු පෙරන එක හොඳයි කියල හිතෙන්න ඇති.(නදී)
එස්.අයිත් කුකුලෙක්ද.(නදී)
පැටිකිරිය බලලා බඳවා ගන්න ඕනෑ කියන්නේ ඕක නිසා තමයි. (නි)
හලවත විතරකෙ නොවෙයි ඔය කස්සිප්පු තියෙන්නේ.මුළු පුත්තලම් දිස්ත්‍රික්කයේම. (අ)