දකුණු ආසියා සාක් කලාපීය රටවල නියෝජිතයෝ පිරිසක් හොරිවිල කැඩුම් බිඳුම් වෙදකම පිළිබඳ අධ්‍යයනයකට හොරිවිල වෙද මැදුරට ආහ.
ඉන්දියාව බංගලිදේශය, පාකිස්තානය, නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ හොරිවිල හේරත්හාමි මහ වෙද මහතාගේ පුත් පාරම්පරික වෛද්‍ය ශාන්ත සෙනවිරත්න මහතා විසින් පිළිගනු ලැබූහ.
කඩුම් බිඳුම්, ඇට දිරා යෑම්, ඇටවල කැල්සියම් වර්ධනය මෙන්ම දේශීය පැලෑටි ගැන ද ඔවුහු සොයා බැලූහ.
සෙනවිරත්න වෙද මහතා ඔවුනට හැලප ද, කිතුල් හකුරු සමග පොල්කටුවෙන් බෙළිමල් ද පිළිගැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් ඇවිත් ඉන්නව නම් පරිස්සමින් වේද මහත්තයෝ. (ස)
සුභපැතුම් ..... ඇත්තටම සන්තෝසයි (දී)
අපේ වෙදකම පමණක් ලොව උතුම් කියන අයගෙන් මන් අහන්නේ එතකොට ලෝකේ අනික් රටවල් වල අය ඉන්නේ මැරී මැරීද....(ස)
සිංහල වෙදකම හරි කියල මටත් අත්දැකීම් තියෙනවා හරි කෙනා හොයා ගන්නයි අමාරු .ගොඩක් ඉන්නේ හොරු. (ස)
මෙයා ලගට අපේ අම්මත් එක්කන ගිය. හොද කරන්න බෑ කිව්වා. එත් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ඉක්මනට සුව වුනා. (ස)
මෙම කණ්ඩායමට මරදන්කඩවල වේද මහත්තයා මුනගස්සවන්න අරුම පුදුම කැඩුම් බිදුම් වෙදකමක් තමයි එතැනත් සිද්ද වෙන්නේ.(ස)
ඔබ වැනි වෙදදුරන් වාසනාවන් ! (ස)
යුරෝපයේ 90% ක් දෙනා ආයුර්වේද වෙදකමට නැඹුරුවක් දක්වනවා. මඩ වර්ග ශරීරයේ තැවරීම මගින් සම රෑලි වැටීම ඈතුලු රෝග ගනනාවකට යහපත් ප්‍රථිඵල ලැබෙන බව ඔවුන් ඔප්පු කරලා තියෙනවා. නමුත් ලංකාවෙ ගොඩක් තැන්වල සිංහල වෙදකම කියලා කරන්නෙ බොරු. වෙදකම් කරලා රෝගය වැඩිකරලා හොඳ කරන්න බෑ කියලා රෝහල් වලට යවනවා. (නි)
වේද මත්තයෝ කාගෙන් නැතත් දෙපති කට්ටු පාවාදෙන ඉන්දියාව කියන අවස්ථා වාදියා ගෙන් ඉතාම පරිසම් වෙන්ඩ. ඉන්දියන් කාරයව එවුවේ මානව හිමිකම් එකකේ අර පිල්ලේ වෙන්ඩ බැරි නැහැ. (අ)ඉ
ලෝකේ පාරම්පරික වෛද්‍යය ක්‍රම හැම රටකම තියනවනේ. හෝමියෝපති ක්‍රමේ ජර්මනියෙන් අාපු දෙයක්.චීන,තායි,ඉන්දියන්,අප්‍රිකානු වගේ.අපට කියල තියන නිසාම පුරාජේරු ගහ ගහ ඉන්නේ නැතිව මේක කාලයට ගැලපෙන ලෙස දියුණු කරන්න.ලෝකෙට දෙන්න.තාක්ෂණේ ගන්න.(ස)
උදුගොවුව කනවා කියල මගේ කොන්ඩේ හැලුනට මන් බටහිර බෙහෙත් ගත්ත.සල්ලි ගොඩක් වියදම් කල වැඩක් උනේ නෑ.සිංහල බෙහෙත් ගත්ත ඉක්මනට හොද උනා.මන් රට ආව.අයෙමත් ලෙඩේ හැදුනා.මන් බටහිර බෙහෙත් ප්‍රංස ද්සොස්තර කෙනෙක් ගෙන් ගත්තා. ලෙඩේ හොද උනා. උදුගොවුව කියන්නේ දිලීරයක් කියල දොස්තර කිව. ලංකාවේ බටහිර බෙහෙත් නැහැ කියන එකද මෙයින් කියන්නේ. (ස)
වෙදකම ගැන හොද වගේම නරක අත්දැකීම අප කාටත් තියනවා. දැන් ඇස් වලට ගොඩ වෙදකම් කරන්න එපා කියන්නේ ඇයි? අනික ලංකාවේ බටහිර වෙදකමත් පරණ තාක්ෂණයෙන් දුවන්නේ. අපේ අය හැමවෙලේම රට යන්නේ එකයි.(ස)
වෙදකම ගැන ප්‍රමිතියක් නැති වීම ප්‍රශ්නයකි. වැරදීමකින් හොර වෙදෙක් ලගට ගිහින් වැඩේ වැරදුනොත් ඊළගට යන්න වෙන්නේ ඉස්පිරිතාලෙට.දොස්තරලා වුණ දේ දැනගත්තම ඇගට කඩා පනිනවා. (නි)
ලංකාවේ තියෙන පාරම්පරික දේශීය වෙදකම ගැන කව්රු මොනවා කීවත්, විදේශීය විද්වත් අය පවා අපේ දේශීය වෙදකම අගය කරනවා. ජනක ඔයා ඔයාගේ අම්මා පිළිකාවකින් මැරුනේ දේශීය වෙදකමේ වරදින් කියලා කියනවනම් ඔයාට තිබුනා අම්මව බටහිර පතිකාරවලින් සනීප කරන්න. බටහිර පතිකාර කරන ලෙඩ්ඩු මිය යන්නේ නැද්ද.. අපේ සිංහල වෙදකමට ගරහන්න එපා. බටහිර වෙදකමේ බැන්ඩේජ් දාලා මාස ගණනක් එල්ලාගන ඉන්න කැඩුම් බිදුම් සිංහල දේශීය වෙදමහත්වරු සතියෙන් දෙකෙන් හදන්නේ දේශීය වෙදකමේ තියන සාර්ථකත්වය නිසා. (ස)
මේවා කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකට භාජනය වෙලා නැහැ. මට මතකයි මගේ අම්මා පිළිකාවකට ගොදුරු වුණාම අපේ නෑදැයෝ ගෙනිච්චා ලංකාවේ ඉන්නේ හොඳම "සිංහල වෙද මහත්තෙයක්" ගාවට. කෙරුවේ තනිකර බොරුව. අන්තිමට අම්මා හරියට දුක් විදලා මැරුනා. (නි)
කසාය වල ඇල්කොහොල් තියනවා. දිර්ගකලයක් එක දිගට කසාය බිවම අක්මාව දන්නෙම නැතිව දියවෙනවා.(ස)
අපේ දේශීය වෙදකමේ කිසිම "රහසක්" නැහැ. අපේ ගෙදර වැඩකරන කෙනා වැලමිට කැඩිලා උඩහමුල්ල පැත්තේ සිංහල වෙදෙක්ගෙන් මාස එකහමාරක් තෙල් බෙහෙත් කෙරුවා. කිසිම ගුණයක් නැහැ. අන්තිමට කළුබෝවිලට ගිහිල්ලා තමයි සුව වුනේ. (නි)
මම අසා තිබෙන විදිහට ආයුර්වේදය සහ ථේරවාද බුදු දහම ලංකාවේ පමණයි තිබෙන්නේ. මේවා හරියට අධ්‍යයනය කොට ලෝකයටම ඉදිරිපත් කිරීම අද දවසේ කාර්ය භාරයයි. (නි)
චීන වෙදකම කවදාවත් වැටුනේ නැහැ.හේතුව තාක්ෂනෙත් එක්ක චීන වෙදකම ඉදිරියට ගියා. කල්ක,චුර්ණ,කසාය හැමදාම දිදී ඉන්නේ නැතිව නරකද පෙති,කරල්,සිරප් හැදුවොත්.චීන බෙහෙත් අද හදන්නේ ග්ලැක්සෝ,දර්ල්ය් බට්ලර්,නෙවිටෝස් වගේ සුපතල සමාගම් විසින්. (නි)
මේ වෙදකමට හොරු බෝ නොවුණා නම් මේක මිට වැඩිය හොද තත්වෙක තියේවි. (නි)
මෙහි වටිනාකම දැන් යලිත් ඉස්මතුවිය යුතු කාලයයි... එත් එහි වටිනාකම දන්නේ සුළු පිරිසයි.. විදේශික පිරිසකුත් ඒ සුළු පිරිස අතර ඉන්න එක ගැන නොදන්නා ලාංකික පිරිස ලැජ්ජා විය යුතුය.(ස)
අපේ වෙදකම කඩා වැටුනේ ජාත්‍යයන්තර කුමන්ත්‍රණ නිසා නොවේ.විධිමත් විද්‍යාත්මක පරීක්ෂණ හරහා ඔප්පු නොකිරීමෙන්.ගුරු මුෂ්ටිය නමැති කුහකකමෙන්.තාක්ෂණික දියුණුවට සාපේක්ෂව වෙදකම දියුණු නොවීමෙන්. (නි)
ජනක කිවුවා වගේ ලංකාවේ ඇතැම් කාන්තාවන්ට සොරයිසිස් හැදිලා.අක්මාව දියවෙන්නේ බොහෝ විට ඇල්කොහොල් නිසා.එහෙත් අරක්කු බොන කාන්තාවෝ අපේ රටේ අඩුයිනේ.පස්සේ බැලුවම හේතුව වෙන දෙයක්. (නි)
අපේ දේවල් අනිත් යට පෙන්නන එක හොදයි, එත් අපේ දේවල් වලට වෙන අයට පේට්න් බලපත්‍ර ගන්න දෙන්න නම් හොද නැහැ. (ස)
දැනුම් අපි ප්‍රමාද වැඩි නැහැ. නමුත් ගවේෂණයක් කරන්න තිබුණේ ලොකු වෙද මහත්තයා ජීවත්ව සිටි කාලයේදීයි. (නි)
ඇත්තටම අපේ පාරම්පරික වෙදකම කියන්නේ ගොඩක් සාර්ථක, අතුරු ආබාධ ඉතාමත්ම අඩු හොද වෙදකම් රටාවක්. හැබැයි කවදාවත් නැතුව මේ සාර්ක් රටවල අය ආපු එක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. අපේ දේශීය වෙදකමේ රහස් සොරාගෙන පසුව පේටන්ට් බලපත්‍ර පවා ඔවුන්ගේ රටට ලබාගන්න ඉඩ තියෙනවා. එක නිසා පරිස්සමින්. (නි)
අපිට අපේ එවුන්ට වටිනාකමක් නැති අපේ පරම්පරා උරුමයක් මෙහෙම හරි රැකෙනවා නම් .... (නි)