IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සාක්කි පරස්පරයි : කුඩු නඩුවෙන් දෙන්නම ගෙදර

මීට වසර 12කට පමණ පෙර කොළඹ අලුත් හෙට්ටිවීදියේ දී හෙරොයින් ග්‍රෑම් 63 ක් ළඟ තබා ගත්තැයි අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නියෝග කළේය.

මොහොමඩ් නිෂාම් හා මෙහොමඩ් රිස්මි එලෙස නිදහස් කෙරුණේ පොලිසියේ සාක්කි පරස්පර නිසාය.

පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ එම වැටලීමට නායකත්වය දුන් නිලධාරියා සාක්කි දෙමින් කීවේ වැටලීමට කාන්තා පොලිස් කොස්තාපල්වරියක නොගිය බවයි.

විත්තියේ නීතිඥ නිහාල් ගුණසිංහ මහතාගේ හරස් ප්‍රශ්න හමුවේ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් සැරයන්වරයකු සාක්කි දෙමින් කීවේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක වැටලීමට ගිය නමුත් ඇය වාහනයටම වී සිටි බවයි.

සාක්කි පරස්පරවීම මත සැකකරුවෝ මුදා හරිනු ලැබූහ.



අදහස් (0)

සාක්කි පරස්පරයි : කුඩු නඩුවෙන් දෙන්නම ගෙදර

ශ්‍රීලාල් Wednesday, 06 May 2015 07:59 PM

දැන් නම් ලොකු සැකයක් දැනෙනෙව. මහා පරිමාණ මත්කුඩු සැකකරුවන්ටත් සාක්ෂි පරස්පර වේවි කියල. කොහේ හරි මේ අය ආරක්ෂා කරන සහ තවමත් ව්‍යාපාරය කරගෙන යන අය ඉන්න බව පෙනෙනවා. මොනවා වුනත් මේ කරන එවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට හත්මුතු පරම්පරාවටම අපේ මේ අහිංසක දරු පරපුර විනාශකිරීමේ හේතුවෙන් හෙනම ගහන්න ඕනේ !!මෙය හදවතින්මයි ප්‍රකාශ කරන්නේ. (බ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 07 May 2015 03:19 AM

සාක්කි පරස්පර විරෝධී කියන්ට අවුරුදු දොළහක් ගියාද ? මේක ලෝක වාර්තාවක්ද දන්නේ නැහැ. (නදී)

:       0       0

වෙදගේ Thursday, 07 May 2015 04:34 AM

ඔන්න බිස්නස් කරන නිවැරදි ක්‍රමය (බ)

:       0       0

මහේෂ් Thursday, 07 May 2015 05:25 AM

මේක හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ මෝඩ තීන්දුවක් මිසක් මොලයක් තියෙන විනිසුරු වරයෙක් දෙන තීන්දුවක් නොවේ. අනේ අපේ රටේ අධිකරණයට ගිය කල. 01) අවුරුදු දොළහක් තිස්සේ මෙම නඩුව ඇදගෙන කෑම අධිකරණය කරන්න වූ බරපතල වරදක් නොවේද? 02) වැටලීමට නායකත්වය දුන් නිලධාරියා කියා ඇත්තේද සත්‍යකි, එනම් කාන්තා කොස්තාපල් වරිය "වැටලීමට" සහභාගී නොවූ බවයි. 03) පොලිස් සැරයන් වරයා කියා ඇත්තේද සත්‍යකි, එනම් කොස්තාපල්වරිය ඔවුන් සමග "පැමිණි " බවත්, ඇය ජීප් රථයට වී සිටි බවත්ය. 04) විනිසුරුවරයා තම වලිගය පාගා නොගෙන, තේරුම් ගත යුතු වැදගත්ම කාරණය නම්, ජීප් රථයට වී සිටීම කිසිසේත්ම "වැටලීමක්" නොවන බවයි. කෙනෙකු ජීප් රථයට වී සිටීම "වැටලීමක්" නම් , මේ රටේ සියලු "වැටලීම්" සදහා පොලිසියට කලයුතු වන්නේ ජීප් රථවලට වී සිටීමය. "වැටලීමක්" යනු එයට හාත්පසින් වෙනස් වූ ක්‍රියා මාර්ගයකි. 05) අවුරුදු දොළහක් ඇදී ගිය මෙම නඩුවේ සාක්කි කාරයන් සිදු වූ හැම දෙයක්ම ( වැටලීමට යනකොට දවල්ට කාලද ගියේ? , යන්න ඉස්සෙල්ල චූ කරලද ගියේ?, ජීප් එකේ ටයර්වලට හුලන් ගැහුවද නැද්ද? ) මතක තියාගන්න නම් සාක්කිකාරයා කොම්පියුටරයක් විය යුතුය, නැත නැත , කොම්පියුටරයක් උවද අවුරුදු දොළහක් කිසි සේත්ම නොපවතී. 06) රටේ මහජන මුදල්, නිලධාරීන්ගේ කාලය සහ රටේ සම්පත් අවුරුදු දොළහක් කාබාසිනියා කොට, අවසානයේදී විනිසුරුවරයා විසින් , කැකිල්ලේ බ්‍රෑන්ඩ් තීන්දුවක් ප්‍රකාශ කොට ඇත. අහෝ ! රටට ගිය කල. 07) පොලිස් නිලධාරීන් වෙහෙස වී අල්ලා ගත් කුඩු කාරයෝ කල වරද , විනිසුරුවරයාට තම නැට්ට පෑගීම නිසා, කොස්තාපල්වරිය ජීප් රථයේ සිටීමේ "වරදට" යට විය.. 08) කුඩු කාරයෝ දෙදෙනා තම පස්ස පැත්තෙන් හිනා වේවි, අධිකරණය දෙසට හරි පඩයක්ද ඇර ගෙදර ගිය විය යුතුය. 09) වරද කවුරු කළත් වරදමය. විනිසුරු වරයකු වරදක් කළ විට, අප නිහඩව සිටීම, එම වරදම තව තවත් කිරීමට අප අනුබලය දීමකි. එම වරදට එරෙහිව හඬ නැගීම අධිකරණයට කරන අපහාසයක් නොවේ, එය අධිකරණයේ සත්‍යවාදී බව රැක ගැනීමට අප කරන්නා වූ උදව්වකි. (බ)

:       0       0

දුමින්ද Thursday, 07 May 2015 07:10 AM

වරදක් උනත් සිතකින් නොවේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4030 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1450 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site