බලංගොඩ ඕපනායක ඊරියගස්මුල්ලේ ඉකුත්දා සිදු වූ ජීප්රිය - ත්‍රීරෝද රථ අනතුරින් දැරියක (වෛද්‍යවරියකගේ දියණියක) මිය යාමේ සිද්ධියේ ජීප්රියේ ඉදිරි අසුනේ ගමන් ගත් හමුදා මේජර් වරයෙකු ද අත්අඩංගුවට ගැනීම පිළිබඳව නීති අංශවල දැඩි කතාබහක් ඇති වී තිබේ.
වාහනයක මගියකු ලෙස ගමන් ගන්නා පුද්ගලයෙකු මාරක රිය අනතුරක් සිදු කිරීමට අධාර සහ අනුබල දුන්නැයි අත්අඩංගුවට ගත හැකි දැයි නීති අංශවල අවධානය හා කතාබහට යොමු වී ඇත.
මෙම අනතුර සිදු වූ පෙබරවාරි 18 වැනි දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතාගේ උපදෙස් අනූව මේජර් ඩබ්.ඒ. සමන්ත අත්අඩංගුවට ගත් බව ඕපනායක පොලිසිය රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙත දන්වා ඇත.
රිමාන්ඩ් බාරයේ ද සිටි මෙම මේජර් රුපියල් ලක්ෂ දෙක හමාරක ශරීර ඇප මත මුදා හැර සිටියි.
අපරික්ෂාකාරී ලෙස රිය පදවා මාරක අනතුරක් වීමේ වරදට රියදුරු ජානක උපුල් රත්නකුමාර ද මාරක රිය අනතුරක් සිදු කිරීමට ආධාර හා අනුබල දීමේ වරදට මේජර් ද බලංගොඩ රෝහලේ දී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය ලිඛිතව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙත දන්වා තිබේ.
මේ ආකාරයට අනතුරු වලට ලක් වන වාහන වල ගමන් කරන අය අත්අඩංගුවට ගැනීමේ පොලිස් ක්‍රියා කලාපය ගැන රිදයදුරන් සමග ගමන් බිමන් යන වාහන හිමිකරුවන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව වාහන හිමියෝ කිහිප දෙනෙක්ම කීහ.
මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණවර්ධන මහතා පැවසූයේ තමා එසේ ඕපනායක පොලිසියට උපදෙස් දුන් බවයි. එම උපදෙස් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස පොලිසියට දැන් වූ බව ද ඔහු කීවේය.
දණ්ඩ නීති සංග්‍රහයේ 298 සමග කියැවෙන 102 වගන්තිය යටතේ මේජර් අත්අඩංගුවට ගන්නා ලෙස ගුණසේකර මහතා උපදෙස් දී තිබේ. 298 වගන්තියෙන් දැක්වෙන්නේ නොසැලකිල්ලෙන් මරණයක් සිදු කිරීම බවයි.
ශ්‍රී ලංකාවේ අඩු ගණනේ දිනකට මාර්ග අනතුරු 10 ක් පමණ සිදුවෙතියි පොලිස් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය හමුදා නිතිය ඉස්මතුවෙන අවස්ථාවක්. ඒ නිසා සිවිල් පුද්ගලයෙක් ඉදිරි අසුනේ සිටියා නම් ඔහු අත්අඩංගුවට ගන්නේ නැත. (නි)
මේජර්ට එහෙම වුණත් අපේ අහවල් ඇමතිතුමාට එහෙම වෙන්නේ නැහැ. අපේ නීතිය ඇමතිලාට අදාළ වෙන්නෙ නැහැනේ (නි)
මේක මෙහෙම වුණේ දොස්තර කෙනෙක්ගේ ළමයෙක් නිසාද? රටේ සෑම කෙනෙකුටම සමානව සැළකීමට පුරුදු වෙමු. නැතහොත් සාධාරණ රටක් දැකීම සිහිනයක් වෙනු ඇත. රියදුරන් හා සමානවම රටක මාර්ග කළමනාකරණයට අපොහොසත් මාර්ග අයිතිකරුවන් වන මාර්ග සංවර්ධන අධිකාරින්ද ප්‍රධාන චුදිතයින් කළයුතුව ඇත. (නි)
සමහර ලොකු අය නම් වාහනය පදවලා අනතුරක් වුණාට පස්සේ රියදුරාගේ නම දීලා බේරෙනවා.. (නි)
දැන් ඔය නීතිය චම්පික රණවකටත් අදාළද? (නි)
ආරක්ෂක හමුදා තිබෙන්නේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීමට මිසක් මරාදැමීමට නොවේ. ත්‍රිවිධ හමුදා වාහන පාරේ යනවා දැක්කහම බය හිතෙනවා. මේගොල්ලෝ වේග සිමා මාර්ග නීති ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ (නි)
අනේ රටේ නීතියට ගිය කලක්? (නි)
මේ වගේ කතා වලට හිනාවෙන්න ඇඟේ වෙනම අවයව හදාගන්න ඕන. දණ්ඩ නීති සංග්‍රහයෙන් සංග්‍රහ කරන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට සහ දේශපාලනික විරුද්ධවාදීන්ට විතරද. . මෙහෙමත් රටක්. (හේ)
සිල්වා, හැම එකකටම වෙනස කියන්න එපා. මේක දේශපාලන ඇඟිලි ගැහිල්ලක් නෙමෙයි. පොලිසියේ දෙයක්. පහුගිය කාල වල වගේ දැන් පොලිසියට ඇඟිලි ගැසීම් අඩුයි. (නි)
අර යතුරුපැදියේ තරුණයෙක් ඇමති වාහනේ හැපුනු නිසා ඇමතිත් අත්අඩංගුවට ගන්න ඕනෑනේ. නීතිය චම්පික රණවකටත් අදාළයි නේද? (නි)
මේ දන්නේ නැතිකමට අහන්නේ? දැන් බස් එකක යනකොට අනතුරක් වුණොත් මුළු බස් මගින්වම අත් අඩංගුවට ගන්නවද? දෙන්නකො උත්තර (නි)
හැබැයි මේ නීතිය කාටත් පොදු වෙන්න ඕනෑ (නි)
කැබිනට් ඇමතිට අදාළ නැති නීතිය ගැන අපිට කියන්න එපා (නි)
මෙවන් නීති ගැන පුදුමයි (නි)
මේ හමුදා වාහන යන විදිහ බලන්නත් බයයි (නි)
රුවන් ගුණසේකර මහතා මගේ ගුරුවරයෙක්. ඒත් මේ වගේ දේවල් වෙනකොට මට හිතෙන්නේ දැන් දැන් මෙතුමාට අපිට උගන්නපු නීතියත් අමතකවෙලා කියලයි. අනුබල දුන්නාද නොදුන්නාද කියන එක නඩුවේදී ඔප්පු වියයුතු කාර්යයක්. වාහනයක ගමන්කළ පමණින් එහෙම වරදක් සිද්ධ වෙන්නේ නැහැ. අපරාධමය වරදක මූලිකාංග මොනවාද කියන්න නීතිඥයෙකු හෝ නීති ශිෂ්‍යයෙක් වෙන්න ඕනෑ නැහැ. (නි)
අශෝකා, බස් එක හැපුනොත් රියදුරු සමඟ කයිවාරුවක් ගහගෙන ළඟින් ඉඳගෙන යන කෙනත් අල්ලනවා. බස් එකේ පාඩුවේ ඉඳගෙන යන අනෙක් මගීන්ට ප්‍රශ්නයක් නැහැ (නි)
මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක්. සමහර බස් රියදුරන් වේගයෙන් අපරීක්ෂාකාරී ලෙස බස් එළෙව්වත් ඔවුන්ට විරුද්ධව මගීන් එරෙහි වෙන්නේ කලාතුරකින්. බොහෝවිට අනතුර බස් රථයේ වුවත් මගීන් රියදුරාට සහයෝගය පළකරනවා. තමන් ගමන් ගන්නා වාහනය නීති පිළිපදිමින් ආරක්ෂාකාරී ලෙස පදවන බවට මගීන්ගේත් වගකීමක් තිබේ. (නි)
ටෙනිසන් හරි. (නි)
හැබැයි නීතිය කාටත් පොදුවිය යුතුයි (නි)
ලැජ්ජා නැතිකම පොලිස් මාධ්‍ය ප්‍රකාශකකමටත් වඩා ලොකුලු කියලා තමයි දැන් කියන්න වෙන්නේ (නි)
දැන් මෙතන අදහස් බැලුවම පෙනෙන්නේ, මේජර් විධාන කරලා රියදුරාට වේගයෙන් යන්න කියලා. එහෙත් මේජර් කියනවා නම් එහෙම කිව්වේ නැහැ කියලා, කෝකද අපි පිළිගන්නේ? අනිත් එක රියදුරුගේ කතාව පිළිගෙන මේජර් අත්අඩංගුවට ගත්තා නම්, අර ඇමති වාහනය හප්පලා තරුණයා අනතුරට ලක්වුණු බව කියන කතාව අහලා, ඇමතිව අත්අඩංගුවට ගන්නත් ඕනෑ නේද? දෙතැනක නීතිය දෙවිදිහකට? අරුම පුදුම ලංකාව... (නි)
මෙතන අදහස් දක්වන කීපදෙනෙක් ගැන කණගාටුයි. සිවිල් සමාජය සහ යුද හමුදාව යනු දෙකක්. සිවිල් ජනතාවට බලපාන්නේ රටේ පවතින සිවිල් නීතිරීති පමණයි. හමුදා නිලධාරින් සහ සෙබළුන් සියලු දෙනාම සිවිල් නීතිරීති සියල්ලටම සහ හමුදා නීති සියල්ලටම අවනත විය යුතුයි. (නි)
දැන් නම් මේක රටක් නෙමෙයි, මොලේ කචල් වෙච්ච මිනිසුන්ගෙන් පිරුණු, මළවිකාරෙන් හැසිරෙන හා උමතුවෙන් දොඩවන කෝලම්කාරයින්ගේ නිජබිමක්. (නි)
අනේ අපිට නම් පිස්සු වගෙයි (නි)
හමුදාවල සහ පොලිසියේ නිලධාරීන් බැඳී සිටිනවා නීතියට අනුව රිය ධාවනයට. කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට මෙය බලපාන්නේ නෑ (බ)
අශෝකා: ඔයා දැකල තියෙනවද බස් ඩ්‍රයිවර්ලගේ යාළුවො ඩ්‍රයිවර් එක්ක කඩේ දාගෙන යන අවස්ථා.. කොන්දොස්තර බස් ඩ්‍රයිවර්ට යන්න ඕනේ විදිය කියන අවස්ථා.. අර රේල් ගේට්ටුව වහල තියෙන කොට යමු කිව්වා වගේ... ත්‍රී වීල් වල කර වල පොඩි ළමයි ඔඩොක්කුවේ තියාගෙන එලවන අවස්ථා... මේ වගේ ඒවා අනතුරක ට මුලයි. මේ නීතියෙන් කියවෙන්නේ ඒවා ට දඬුවමයි... බස් එකේ හැමෝම කිව්වනම් කෝච්චිය අවට කමක් නෑ අපි යමු කියලා බස් එකේ හැමෝම අත්අඩංගුවට ගනියි...(හේ)
යහපාලනයත් සමග අලුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අලුත් නීතියකුත් හදල ගෙනල්ලා වාගේ , ඕකට තමා රටේ කොටසක් වෙනසක් කියලා ඉල්ලුවේ , (හේ)
මේජර් රියදුරාට බල කලානම් රිය වේගයෙන් පදවන ලෙස .. ඒ බව රියදුරා පොලිසියට කිවුවා නම් .. එවන් අවස්ථාවකදී පමණක් අත්අඩංගුවට ගත හැක ලෙසයි මගේ අදහස .. නැතුව නිකන් ඉඳගෙන ගිය පලියට කෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා නම් එය නරක ආදර්ශයක් ..එසේ නොවිය යුතුයි .(හේ)
දැන් අලුත් නීතියක් ඇවිල්ලා වගේ.(හේ)
බලාගෙන බස් වල යන්නේ. බස් එක හැප්පුනොත් ඔබල ඔක්කොම හිරේ , රියදුරාට අනුබල දුන්නට. නමුත් පාටලී චම්පික රණවකට පමණක් එම නීතිය බල නොපාන බව දැනගන්න.(කෞ)
සැකයක් නෑ ඔය මේජර් මහත්තය රාජපක්ෂලාට කඩේ යන කෙනෙක්! අපේ රටේ නීතිය අකුරටම! රට පෙරට! අපි වලට! (බ)
වාහනය පැදවූයේ මේජර්වරයාට වඩා ජ්‍යෙෂ්ට නිලධාරියෙක් වුනා නම් මේජර්ට වගකීමක් නොවනු ඇත. සෑම විටම කනිෂ්ටයකු පාලනය කිරීමේ වගකීමෙන් ජ්‍යෙෂ්ටයකුට නිදහස් වෙන්න බැහැ. (ර)
මේ දන්නේ නැති කමට අහන්නේ? දැන් බස් එකක යනකොට අනතුරක් උනොත් මුළු බස් මගින්වම අත් අඩංගුවට ගන්න වද?(කෞ)
මම ඉතින් රටේ ආසනපටි නොපලද වලංගු රියදුරු බලපතක් අතැතිව ම රිය පදවුවොත් රුපියල් 2000ට ආසන්න මුදලක් දඩ ගසන අතර ඉදිරි අසුනේ යන තැනැත්තා ආසන පටි පලද නොසිටිය හොත් ඒ සදහාද මා දඩ ගිවිය යුතුය. යම්ලෙසකින් ඔහුටද රියදුරු බලපතක් ඇති බව පොලිස් නිලදාරි යාට මා පැවසුවහොත් එය සනාත වුවහොත් දඩමුදල 150% ලෙස ඔහු ගෙවිය යුතුය. ඒ අනුව ඉදිරි අසුනේ සිටි මේජර් වරයා තමාගේ වගකීම පහර ඇතයි සිතේ (කෞ)
අධිකරණ පද්ධතිය ඇතුළු රටේ යුක්තිය පසිඳලන පුද්ගලයන් මාරක අනතුරු තකන්නේ හරිම සුළුවෙන්. දැන් වෙච්ච දේට මොනවා කරන්නද කියලා, රුපියල් ලක්ෂයක විතර දඩයක් නියම කරලා අත්හිටවූ සිර දඩුවමක් නියම කරනවා. ටික දවසකින් අර විනයක් නැති රියැදුරා නැවතත් රිය පදවනවා. කරුණාකර කුඩා දරුවන් යටකර මරා දමන රියැදුරන්ටවත් දැඩි දඩුවම් නියම කිරීමට නීති හදන්න. (ර)
දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තියේ දී ඇති උදාහරණ අනුව නම් මේජර් වරදකරු කරන්න බැහැ කියලයි මට හිතෙන්නේ. මේක නම් අධිකරණයෙන් වහාම නිගමනය විය යුතු නීති ගැටළුවක්. වාහනවල හදිස්සියටවත් යන්න බයයි නේ මේ විදිහට. (ර)
එහෙනම් අර මෝටර් සයිකලේ තරුණයෙක් ඇමතිගේ වාහනේ හැප්පුන හින්දා ඇමැතිත් අත්අඩංගුවට ගන්න. (ර)
ආනන්ද හරි. මේක සාමාන්නය පුද්ගලයන්ට වලංගු නැහැ. හැබැයි බී වාර්තාවෙන් රියදුරු මේජර් වේගයෙන් එලවන්න කියලා තියෙනවනම් අත් අඩංගුවට ගැනීම හරි. මේක පොලිසියටත් එහෙමමයි. (ර)
සිල්වා, මේක වෙනසක් නෙවේ. දන්නා කාලෙක ඉදල තිබුණු (ක්‍රියාත්මක වූනු) හමුදා නීතියක්. (ර)
රුවන් ගුණසේකර ලංකාවේ නීතිය අලුත්ම එකක් කරනවා. ඇමති කෙනෙකුට නීතිය මොකක් වේවිද (කෞ)
අල්පිටියෙන් ඉල්ලන් කාල දැන් බලන්ගොඩිනුත් ඉල්ලන් කන්නයි යන්නේ.(කෞ)
නිහාල්, එතුමා ඉල්ලන් කෑවේ ඇඹිලිපිටියෙන්,මේක මොකක් වේවිද බලාගන ඉමු..............(කෞ)
රුසිරු එතකොට මේ කියන නීතිය චම්පික ඇමතිට වලංගු නැද්ද නැත්නම් එයා වෙන ප්ලැනට් එකක කෙනෙක් ද (කෞ)
මෙහෙම නිතිය තියෙනවා. හමුදාවේ අය මේක දන්නවා. ඒ නිසා ඉස්සරහ සිට එකේ ඉන්න ඉහලම නිලදාරිය මේකට වග කියන්න ඕනේ. ඔහුගේ අණට රියැදුර වහනය පදවන්නේ. පොදු ප්‍රවාහන වල කොන්දොස්තර වගකීම ගන්නවා.(කෞ)
සිල්වා, චම්පික ඇමති මේ රටේ තමයි. හැබැයි හමුදාවේ නොවෙයි. ඒ නිසා එතුමාට මේ නීතිය බලපාන්නේ නැහැ. (නි)
කොහොමද ඉල්ලපු වෙනස. (ර)
රණවිරුවන්ගෙන් සමාජයට බොහෝ කරදර සිදුවේ. අධික වේගයෙන් වාහන පැදවීම, මංකොල්ලකෑම් මේ අතර ප්‍රධානය. රණවිරුවන් තම බැරැක්ක වලින් පිටතට පැමිණීමේදී ක්‍රියා කළයුතු වන්නේ සිවිල් වැසියෙක් ලෙසය. ඔවුන් හැසිරිය යුත්තේද තවෙකෙක්ට ආදර්ශයක් වන පරිදිය. (බ)
කොහොමත් ලොකු මිනිහ පොඩි එකා පාගන එකනේ ක්‍රමය. නිලධාරියා කියන්න ඇති වේගයෙන් යන්න කියල. (බ)
දැන් බස් එකක් හැපුනොත් මගීන්වත් අත්අඩංගුවට ගන්න වෙයි වගේ (නි)
මේජර්ගේ වාහනයත් බස් එකත් සමාන නොවේ. බස් රථයේ රියදුරාට වේගයෙන් ධාවනය සහ ඉක්මන් ගමන් යාමට උපදෙස්දීමට මගියාට බැහැ. මේජර්ගේ රියදුරාට තමාගේ පමාව පියවාගැනීමට වේගයෙන් අවශ්‍ය ඉලක්කයට යාමට විධානය කළොත් අනතුර එම නිසා සිදුවුණොත් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවෙනවා (නි)
කොහොමත් මේ මාධ්‍ය ප්‍රකාශක තුමා රටටම විහිළු සපයන්නේ. (හේ)
මෙහෙම ගියොත් දැන් ලේලන්ඩ් බස් වල යන අය ඔක්කොම අත්අඩංගුවට ගන්න වෙයි (නි)
කෝ මේ අපේ හාමුදුරුවෝ? මේත් රණවිරුවෙක් නේද? (නි)
කාගේ වුණත් දරුවෙක් මියගිහින් තියෙන්නේ. දොස්තර කෙනෙක්ගේ දරුවෙක් කියලා විශේෂයක් නැහැ. කවුරුත් දරුවෝ. (නි)
යහපාලනය සැපද? ඕකද ඉල්ලපු වෙනස? හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රොහාන්තුමා දෙවියෙක් බලනකොට (නි)
එතකොට ඇමැතිලාගේ ඩිෆෙන්ඩර් පවනට බදු වේගයෙන් ගිහින් මිනිස්සු යටකළාම ඇමතිලත් අත්අඩංගුවට ගන්නවද? මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ. නීතිය තමන්ගේ හිතවතාට එක විදිහකටත් විරුද්ධවාදියාට තව විදිහකටත් කරන්න ගියොත් නීතිය වල් වදිනවා. කැලේ නීතිය රජ කරනවා. (නි)
සමහර රටවල් වල පාරේ ඇක්සිඩන්ට් වෙලා හිටිය කෙනෙක් වාහනේක දාගෙන රෝහලකට අරගෙන යන අතරමඟදී මැරුනොත් වාහනේ හිටපු මිනිස්සු ඒ මරණයේ වගකීම බාරගන්න ඕනෑ. මිනීමැරීමකට දඬුවම් විඳින්නත් වෙනවා. (නි)
මේ වාහන පදවන අය ගැන කිසියම් වැඩපිළිවෙලක් තිබිය යුතුයි. අනතුරු ඉතාම අධිකයි. ජීවිත හැම එකක්ම වටිනා ඒවා. (නි)
අශෝක, ඔව්, මගීන් එකතුවෙලා පිහියක් බෙල්ලට තියලා රියදුරු පාලනය කළා නම් එහෙම වෙයි. මේවා කියවනකොට ලංකාවේ මිනිස්සු නීතිය ගැන දක්වන උනන්දුව කොච්චරද කියලා තේරෙනවා. (නි)
මෙසේ අත්අඩංගුවට ගැනීම බරපතල වරදක් ලෙස දකිමි. එය මානව අයිතියටද බලපායි. ලෝකයේ වෙනත් රටවල් දෙස බලන්න. රටේ නීතියද අභිබවායාමක් නේද? (නි)