IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


'සක්කාරං' එක්ක රිදී තිරයට ආ ප්‍රසාදිනී

2016-04-29-ent-102
 

"ප‍්‍රසාදිනී ඔයා කැමති නැද්ද චිත‍්‍රපටියක රඟපාන්න". ප‍්‍රසාදිනී අතපත්තුගෙන් ප‍්‍රසන්න විතානගේ එක්තරා දවසක විමසුවේය. ප‍්‍රසාදිනී මොහොතකට ප‍්‍රසන්න දෙස බලා සිටියාය. ඔහු මේ කරන්නේ විහිලූවක්යැයි ඇගේ හිත ඇයට පැවසූ නිසාය.

ඒ වනවිට ප‍්‍රසාදිනී ප‍්‍රසන්න විතානගේ නිර්මාණය කළ ආකාස කුසුම් චිත‍්‍රපටයේ ප‍්‍රචාරක කටයුතුවලට උදව් පදව් කරමින් සිටියාය. "මොකද ගල් ගැහිලා මේක හොඳ චිත‍්‍රපටියක් ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කරන්නෙ. එතකොට නිෂ්පාදක සරසවි පොත්හලේ එච්.ඞී. පේ‍්‍රමසිරි."ප‍්‍රසාදිනී තවමත් නිහඬය.

"ඔයාට මතකද ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු සක්කාරං නවකතාව." ප‍්‍රසන්න යළිත් ඇසුවේය

2016-04-29-ent-97"ඔව් අර කන්ද උඩරට රාජධානියෙ අතීත කතාවක් කියන නවකතාවනෙ. මං ඒක කියෙව්වත් එක්ක."

"එහෙනම් ප‍්‍රශ්නයක් නැහැනෙ. ඒකෙ ප‍්‍රධාන චරිතයට අලූත් කෙල්ලක් හොයනවා. අපි ගිහින් පතීව මීට් වෙමු. මට හිතෙනවා ඒ රෝල් එකට ඔයා හොඳටම ගැලපෙනවා කියලා."

"හා" ප‍්‍රසාදිනී සතුට පළකළාය.

ප‍්‍රසාදිනී අතපත්තු ඒ වන විට කැළණි සරසවියෙන් උපාධිය ලබා අවසන් කර සිටියාය.

නාට්‍යය හා රංග කලාව විෂයයක් වශයෙන් හැදෑරු ඇය ඒ යුගයේදී ඇගේ ආචාර්යවරයකු වූ ප‍්‍රියංකර රත්නායක නිර්මාණය කළ අද වගේ දවසක ඇන්ටිගනී නාට්‍යයේ ඇන්ටිගනීගේ චරිතයට පණ දුන්නාය. එසේම ජනේලෙන් පනින්නද නාට්‍යයේ ප‍්‍රධාන චරිතයටද පණ දී 2011 රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානයද ලබාගත්තාය.

එහෙත් ඒවා වේදිකා නාට්‍යයි. චිත‍්‍රපටයක ඇය රඟපා තිබුණේ නැත. එකම එක කෙටි චිත‍්‍රපටියක පමණක් චරිතයක් නිරූපණය කර තිබුණත් එය සිනමා රංගනයක් ලෙස පිළිගත හැක්කක් නොවේ. ඒ නිසා ප‍්‍රසාදිනීට සක්කාරං චිත‍්‍රපටයේ රඟපාන්නට හැකිවේදැයි කිව නොහැකිය.

පසු දිනෙක ඇය ආචාර්ය ධර්මසේන පතිරාජ මුණගැහෙන්නට ගියාය.

බැලූ බැල්මටම ඇයට සක්කාරං චිත‍්‍රපටයේ තමන් සොයන චරිතයට ගැලපෙන මුහුණත් හැඩරුවත් තිබෙන බව පතිරාජට වැටහෙන්නට ඇත.

"අපි ස්ක‍්‍රීන් ටෙස්ට් එකක් කරමු." පතී කීවේය.

ඔයා හොඳටම හොඳයි. එහෙමනම් මම මේ චරිතෙට ළමයි ගන්න එක මෙතනින්ම නතර කරනවා.* ප‍්‍රසාදිනී සක්කාරං චිත‍්‍රපටයේ රංගනයට තෝරාගැනෙන්නේ එලෙසය.

මෙය නිළියකට ප‍්‍රීතිමත් අවස්ථාවකි. වේදිකාවේ නාට්‍යයක දෙකක රඟපාමින් සිටින නිළියකට සිනමාවට පිවිසෙන්නට ලැබීම සතුටට කරුණකි. අද වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරය යනුවෙන් රඟපෑම සඳහා වේදිකා ගණනාවක් නිර්මාණය වී තිබේ. එහෙත් සිනමාවේ රඟපාන්නට ලැබීම අන් සියළු මාධ්‍යයන්හි රඟපානවට වඩා වෙනස් අත්දැකීමකි.

ප‍්‍රසාදිනී නැවත වතාවක් සක්කාරං නවකතාව කියවන්නට පටන් ගත්තාය. මෙවර ඇය එම නවකතාව කියෙව්වේ රසවින්දනයට නොවේ. චරිත තේරුම් ගැනීමටය. සිද්දියෙන් සිද්ධියට ඒ ඒ සිද්ධිය තමන්ට රඟපාන්නට හැකිවේද යන කුතුහලය ඇතිවය.

ඊට කාලයකට පසු ප‍්‍රසාදිනීට සක්කාරං තිර පිටපත කියවන්නට ලැබිණි. නවකතාව ලියූ චම්මින්ද වෙලගෙදර තිර පිටපතත් ලියා තිබිණි. ඒ නිසා නවකතාවට වඩා බොහෝ වෙනස්කම් තිර පිටපතේදී හමුනොවිණි.

උඩරට සාම්ප‍්‍රදායික චරිතයකට පණ දීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ප‍්‍රසාදිනී තේරුම් ගත්තාය. ඊටත් වඩා බරපතළ ගැටළුව වූයේ තම චරිතයට නර්තනයන්ද, ඇතුළත් වීමය. නැටුම් ගැන මෙලෝහසරක් ඇය දැන උන්නේ නැත.

ඇය ඒ බව අධ්‍යක්ෂ නිෂ්පාදක දෙදෙනාටම පැවසුවාය.

"ඔයාට පුළුවන්නේ නර්තනය ටිකක් ඉගෙන ගන්න. අපි බුදවත්ත ළඟට යවන්නම්" පතිරාජ මෙන්ම පේ‍්‍රමසිරිද කීහ.

ප‍්‍රසාදිනීට එය තවත් අලූත් අත්දැකීමක් විය. රංගන ශිල්පිනියක් වූ විට මෙලොව ඇති සියළු සෞන්දර්ය විෂයයන් ගැන දැන සිටිය යුතුය. ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දිය හැක්කේ ඒ ශිල්ප තමන් සතු කරගැනීමෙනි. ප‍්‍රසාදිනී දවස් ගණනාවක්ම බුදවත්තයන් හමුවේ නර්තනය හැදැරුවාය. ඇයට කරන්නට තිබෙන නර්තනයක් ප‍්‍රගුණ කළ පසුව සක්කාරං රූගත කිරීම් ඇරඹිණි.

පසුබිම් වූ ගම මාලගම්මනය.

මාලගම්මන ගම්මානය ලෙස යොදාගෙන තිබුණේ ලග්ගල පැත්තේ දුෂ්කර ගම්මානයකි. ගමන් බිමන් යෑමද අපහසු තරමටම දුෂ්කර ගම්මානයකි. එහෙත් ඒ දුෂ්කරතාවය දරාගෙන ඒ අභියෝගයට මුහුණ දෙමින් රංගන කටයුතු කරගෙන යන්නට ප‍්‍රසාදිනී සමත් වූවාය.

ඇයට වැඩිපුරම රඟපාන්නට සිදුවූයේ බිමල් ජයකොඩි සමඟය

බිමල් බොහොම හොඳ නළුවෙක්. එයා හැකි උපරිමයෙන් මගේ රඟපෑම විශිෂ්ඨ රඟපෑමක් කරගන්නට උදව් කළා. එතකොට ගයාන් වික‍්‍රමතිලක මගේ අනෙක් සහෝදර නළුවන්ගෙනුත් ලැබුණේ උපරිම සහයෝගයක්.

ප‍්‍රසාදිනී "මාලගම්මන" ගමේ ගත කළ කාල වකවානුව ගැන සතුටින් සිහි කරන්නීය.

"ඔය දර්ශන තලයෙදියි මම දැනගත්තෙ මම ගැබිනියක් වෙලා කියලා. ඒ අපහසුතාව මට දැනුණා ඒ වගේම මට බයකුත් දැනුණා. මම මේ බව කිව්වා. ඒ වෙලාවෙ හැමෝගෙම ආදරය කරුණාව සැලකිල්ල මට උපරිමයෙන්ම ලැබුණා. හැමෝම හැම දේකටම කලින් මගේ ආරක්ෂාව ගැන හිතුවා. මට පරෙස්සම් වෙන්න කිව්වා. මාව පරෙස්සම් කළා. මේ වෙලාවෙ මම ඒ බව බොහොම සතුටින් කියන්නෙ"

ප‍්‍රසාදිනී සිහිපත්කරයි.

එදා "මාලගම්මන" ගමේදී මව් පදවිය ගැන ඉඟිකළේ පුංචි කෙල්ලකි. අද ඒ සිඟිත්තියගේ වයස අවුරුදු එකහමාරකි.

සිනමාව වෙනම ක්‍ෂේත‍්‍රයකි. එය වේදිකාවට වඩා වෙනස්ය.

"වේදිකාවේදී නැවත නැවත පුහුණුවීම් කරනවා මේ නිසා අපේ පුංචි අඩුපාඩුවක් වුණත් හදාගන්න පුළුවන්. ඒ වගේම අනෙකුත් නළු නිළියන් නිතර ගැටෙනවා. ඒත් සිනමාවෙදි එහෙම නෑ. එකම ගැටීම අඩුවෙන් සිද්ධවෙන්නෙ. ඒ වෙනස මට හොඳට දැනුණා.

මේ නිසා මම හොඳටම රඟපෑවාද කියලා මට පොඩි බයකුත් තියෙනවා. මගේ රඟපෑම ගැන දැනගන්න ලැබෙන්නෙ රසිකයන්ගෙ ප‍්‍රතිචාර ලැබෙන කොටයි. හැබැයි මේ ෆිල්ම් එක බලපු ක්‍ෂේත‍්‍රයේ කට්ටිය නම් කිව්වා මම හොඳට රඟපෑවා කියලා. අනේ මන්දා ඉතිං."

ප‍්‍රසාදිනී නිළියක පමණක් නොවේ ඇයට ගායන හැකියාවද තිබේ. කොහොමටත් වේදිකා නිළියකට ගායන හැකියාවද තිබිය යුතුමය. මන්ද වේදිකාවේදී ගී ගැයීමට සිදුවන්නේද ඇයටම නිසාය.

"මම අනුරුද්ධ ජයසිංහගෙ කවිය ඔබ කියන ටෙලිනාට්‍යය තේමාගීතයත් ගායනා කළා."

ප‍්‍රසාදිනී ඇගේ ගායන හැකියාව ගැන කතා කරන්නේ සතුටෙනි.

කුරුණෑගල ඉපිද මලියදේව බාලිකාවෙන් උගෙන කැලණි සරසවියෙන් උපාධිය ලත් ප‍්‍රසාදිනී දැන් කොළඹ විශාඛා විද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරියයි.

ගුරු වෘත්තිය සතුටින් කරන ඇය විවේකයක් ලබාගෙන ජනේලෙන් පනින්නට හදයි. ඇන්ටිගනී වෙයි.

ඉස්සරහට අලූත් වේදිකා නාට්‍යයක රඟපාන්න ආරාධනා ලැබිලා තියෙනවා. කොහොමහරි වෙලාව හොයාගෙන මම ඒ නාට්‍යයේ රඟපානවා."

ප‍්‍රසාදිනී සිනාසෙමින් කියන්නීය.

 

ශාන්ත කුමාර විතාන
 

sandalla

 

2016-04-29-ent-98
2016-04-29-ent-99
2016-04-29-ent-101

 



අදහස් (0)

'සක්කාරං' එක්ක රිදී තිරයට ආ ප්‍රසාදිනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 1 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 36 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 36 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2307 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 2220 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1655 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38313 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25245 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site