අයවැයෙහි හෝ ඕනෑම දෙයක ඇති ගැටළු සහගත කරුණු රටේ ප‍්‍රධානීන් සමග සාකච්ඡා කර වෙනස් කිරීමට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පසුබිම මේ වන විට රට තුළ ඇතිවී ඇතැයි සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (29) පැවසීය.
පසුගිය කාලයේ එවන් පසුබිමක් නොතිබූ බව කී ඇමැතිවරයා 18 වැනි සංශෝධනය ආදී දේට ඇතැම් මැති ඇමතිවරුන් විරුද්ධ වුවත් ඒ සම්බන්ධයෙන් හඬක් නැගීම පළක් නොවන බව දැන සිටි නිසා ඔවුන් කිසිත් නොකී බවද ඇමැතිවරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිම බෙදීමක් නැතැයි ද කී ඇමැතිවරයා ආණ්ඩු පක්‍ෂය සමග සිටින කණ්ඩායමත් විපක්‍ෂයේ සිටින කණ්ඩායමත් අතර සමීප සම්බන්ධයක් පවතින බව ද සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මුහුණු ටික බලන්නත් දුකයි! (නි)
ඡන්දෙන් පැරදුනහම මොන වෙට්ටුව දාල හරි නැවත පාර්ලිමේන්තුවට පැමිණීමත් ප්‍රජාතන්ත්‍රවාදයද? (බ)
කියන්න කටට එන දේවල් මෙතන ප්‍රසිද්ධියේ කියන්න බැහැ. (නි)
අපි නම් මේ මුහුණුවත් දකින්න කැමති නැහැ (නි)
සමාජය සවිබලගැන්වීමේ සහ සුබසාධන අමාත්‍යවරයාද මේ ප්‍රකාශය කළේ? (නි)
වැල යන අතට මැස්ස ගහන්න මෙයාලා තරමට දක්ෂ අය මේ තුන් ලෝකෙම නැතුව ඇති. (නි)
සමහරු කතා කරන්නේ කටින්ද කියලා හිතෙනවා (නි)
ප්රජාතන්ත්රවාදය රටේ තිබුණා. හැබැයි ඒ සමහරු දේශපාලනයට එන්නට පෙර..... (නි)
නමුත් කිසිවෙකුට ස්ථිර ප්‍රතිපත්තියක් තිබෙන වගක් පෙනෙන්න නැහැ (නි)
ඔබ ගැන කීමට හෝඩියේ අකුරු මට මදි... එනිසා කිසිවක් නොකියමි. (නි)
කටින්ද ඔවා කියන්නේ ඇමතිතුමා. පහුගිය රජය කාලේ ඔබතුමන්ලා කරපු සමහර බාල වැඩ නිසා තමයි අනෙක් අයටත් අකුලගන යන්න වුණේ (බ)
එතාකාට මේ දක්වා ප්‍රජාතන්ත්‍රවාදය වල්බිහිවෙලාද තිබුනේ? එතකොට මීටකලින් හිටපු ආණ්ඩු වල හිටියේ අඟහරු ලෝකේ කට්ටියද? (නි)
දේශපාලුවක් වෙන්න තිබෙන පළමුවෙනි සුදුසුකම තමයි බොරු කියන්නට තිබෙන හැකියාව. දෙවැනි එක තමයි ලජ්ජා නැතිකම. තුන්වෙනි සුදුසුකම තමයි හොරකම් කිරීමට දක්ෂයෙක් වීම. මේ සුදුසුකම් ඉහළින්ම සපුරා ඇති නිසාම, මෙවර ගමේ ඡන්දදයකයෝ සමහරු ප්‍රතික්ෂේප කළා. නමුත් ඔවුන් අතරින් සමහරෙක් කොහොමහරි නැවත දියවන්නාවට පැනගත්තා. දැන් කියනවා ඒ කාලේ එයාලට සිදුවුණා කියන අසාධාරණකම්. (නි)
බහුතර කැමැත්තෙන් ගෙදර යවපු සමහර අය ආයෙත් පාර්ලිමේන්තුවට ගත්තා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? (නි)
සමහරු නම් පළාත් පාලන ඡන්දෙදි ලැබෙන පරාජය ගැන ඉවවැටිලා අලුත් ගැටයක් ගහනවා වගේ කියලා හිතෙනවා (නි)
මේ අය මේ දේවල් නොකියා වෙන මොනවා කියන්නද? (නි)
මේගොල්ලෝ හැරෙන හැරෙන පැත්තට. දැන් ජනතාව තමයි වැරදි. (නි)
රබ් පිට රං...රං ...රං .....පෙරලුන පිට හොදයි කියනවා ..... යහ පාලන රට හොදයි කියනවා....... (කෞ)
දැන් ඉතින් සිද්ද වුනු ලැජ්ජාව වහගන්න පිස්සු කියවනවා.අනික මෙයාව ජනතාව පාර්ලිමේන්තු යැව්වේ නැහැ.(කෞ)
බැරි වෙලාවත් ප්‍රභාකරන් මේ රටේ පාලකය වුණා නම් මේ කට්ටිය ඒ ආණ්ඩුවෙත් ඇමතිකම් අරගෙන මේ වගේ කතා කියයි. (බ)