(නිමල කොඩිතුවක්කු සහ මොහොමඩ් ආසික්)
කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනේ සියලුම මුස්ලිම් දේවස්ථානවල සිදුකරනු ලබන සිකුරාදා යාඥාව ඇතුළු සියලුම යාච්ඥාවන් සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 50දෙනෙකුට සීමා කර ඇති බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. බී. එම්. අෂ්රෆ් මහතා ලංකාදීපයට පැවසීය.
රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වකුෆ් සභාව ගත් තීරණය මත මේ සම්බන්ධයෙන් සියලුම මුස්ලිම් දේවස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් අෂ්රෆ් මහතා සඳහන් කළේය.
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදි ඇති උපදෙස් මත වකුෆ් සභාව මෙම තිරණය ගත් බවත් දේවස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගී විය හැකි පුද්ගල ධාරිතාවයෙන් 50%ක ප්‍රමාණයක් සහභාගී කර ගත යුතු බවත් අෂ්රෆ් මහතා පැවසීය.
දේවස්ථානවල පැවැත්වෙන වතාවත්වලට සහභාගී වන පිරිස් උපරිම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසට දැනුම් දී ඇතැයිද ඔහු කියා සිටියේය.
දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශයන්හි මුස්ලිම් දේවස්ථාන වසා දැමීමට උපදෙස් ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිකුරාදා යාච්ඥාවට 50 ක් පමණයි
saman Thursday, 08 October 2020 11:20 AM
ඉතින් සතියක් 2ක් නතරම කරලා දාන්නකෝ...
siri Thursday, 08 October 2020 02:17 PM
ඕනම ජාතියේ යාඥාවකින් කෙරෙන්නේ සිත සැහැල්ලු කරන එක පමණයි. යාඥාකරලා ලෙඩේ බෝවෙන එක නවත්වන්න බැහැ. ප්‍රවේසම් වෙන එක සේරටම වඩා වැදගත්..
බද්රානි Thursday, 08 October 2020 03:04 PM
කවුද දැන් ඔතන ලෙඩ සුවවෙන්න යාඥා කරනවා කියලා තියෙන්නේ? ලෙඩ තිබුණත් නැතත් හැම සිකුරාදාටම ඒ මිනිස්සු පල්ලි යනවා. කතෝලික හෝ ක්‍රිස්තියානි අය හැම ඉරිදාම පල්ලි යනවා. බෞද්ධයින් අඩුතරමේ මාසෙකට එක වතාවක් වත් ගමේ පන්සලට යනවද? හැබැයි නිවාඩුවක් ලැබුණාම කතරගම වන්දනාවේ නම් යනවා කද මලු බැඳගෙන. ගමේ පන්සල ගරා වැටිලා. තීන්ත ටිකක් ගාන්න සම්මාදමක් එකතු කරගන්න බැහැ දායකයින්ගෙන්... ප්‍රසිද්ධ තැන්වලට ගිහින් සම්මාදම් දානවා බස්නායක නිලමේලාට වැජඹෙන්න. විකුණාගෙන කන්න පුලුවන් නම්, ආගම දහම විතරක් නෙවෙයි, පන්සලත් විකුණගෙන කයි... තව එනවා මෙතන මහලොකු කයිවාරුත් ගහන්න.. ඒ මිනිස්සුන්ව ආදර්ශයට අරගෙනවත් හැදෙන්න බලන්න. මෙතන මෝඩකම් ප්‍රදර්ශනය නොකර...
FedricFriday, 09 October 2020 02:23 AM
කතෝලික හෝ ක්‍රිස්තියානි අය හැම ඉරිදම පල්ලි යනවලු.
gayanFriday, 09 October 2020 04:50 AM
ෂුවර්ද? ඔයානං කාලෙකින් පන්සලක් පැත්තේ පස් පාගලා නෑ.. මට පේන විදියට...
BamunuarachchiFriday, 09 October 2020 02:11 PM
හාමුදුරුවොත් තට්ටුවක් දාලා කිව්වලු දැන් පන්සල පැත්තේ එන්නෙත් නැහැ කියලා.
විජේ Thursday, 08 October 2020 03:12 PM
මේ පාර තමයි දෙයියොත් නැතිවෙන්නේ...
Pathum Friday, 09 October 2020 06:21 AM
බද්‍රානි, පණ්ඩිත කතා නොකර රොටියක් පුච්චගෙන කන්න.