රුපියල් සිය කෝටියකට වැඩි තැන්පතු වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයකු වන සක්විති රණසිංහගේ මානසික තත්ත්වය පිළිබද වාර්තාවක් පොලීසිය අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය.
ඔහුගේ බිරිය බාලවයස්කාරියකව සිටියදී පැහැරගෙන ගොස් කෙළෙසී යැයි ඔහුට තවත් නඩුවක් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල්මිණි, ඔබේ නිගමනය හරියටම හරි. අති දක්ෂ වංචනිකයෙකුට රවටන්න බැරි කෙනෙක් නැහැ. ඔබ අහල තියෙනවද ඉන්දියාවේ 'නත්වර් ලාල්' ගැන? මිනිහ කොයිතරම් දක්ෂ වංචනිකයෙක්ද කිව්වොත්, ලෝක ප්‍රසිද්ධ ටජ් මහල තුන්පාරක්ම විකුණලා සල්ලි ගත්ත. එච්චරද? ඉන්දියාවේ ජනාධිපති මන්දිරය විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්දිරයත් වික්කා. ඒවායේ මන්ත්‍රීවරුනුත් එක්කම. ප්‍රංශයේ හිටිය වික්ටර් ලුස්ටිග් නමැති වංචනිකයා පැරිසියේ අයිෆල් කුලුන දෙපාරක්ම පරණ යකඩවලට වික්කා. ඒ ගොල්ලත් එක්ක බලනකොට අපේ සක්විති බොහොම නොදරුවෙක්. (නදී)
මොලය චෙක් කරන්න ඕනේ "ජෝන් පැකර්ට" කියල මොකද කැසිනෝ ගහන්න ගිහිල්ල නේද මොලේ කචල් උනේ? තව කීදෙනෙක් මේ වගේ වෙයිද දන්නේ නැහැ ඉස්සරහට.(දිල්)
පෙර පවක් පළ දීලාද කොහෙද(දිල්)
මෙයාගේ මොළේ වාර්තාව උසාවියට ඉදිරිපත් කරලා මොළේ කටුගෙට ඉදිරිපත් කරන්න. අනාගතේ දී අපේ දරුවන්ට මේ මොළේ පෙන්නලා "වංචා විද්‍යාව" විෂය පිළිබඳව කරුණු හදාරන්න ගොඩක් වටිනවා. (නි)
නියමයි (නි)
මොළේ අමාරැව නෙමෙයි මොනා හැදුනත් වැරදි කරානම් දඩුවම් ව්‍දින්න ඕනේ අනිවාර්යයෙන්ම (අ)
රටේ වැදගත් සම්මාන ලාභියෝත් සක්විතිට අහු උඅනා කියල ඔය මිනිස්සු කියන්නෙ.අනේ මන්ද ඉතින් ඕව.(අ)
දන්නවද වාර්තාවේ මොනවද තිබුනේ කියලා? සක්විතිගේ මොළේ නොව ඔහු පසුපස ගිය අයට මොළය කලදක්වත් තිබී නැතුවා ඇති (නි)
සක්විතිගේ මොළේ නොව නෙමේ ඕවාට අහුවුණු මිනිසුන්ගේ මොළේ පරීක්ෂා කරන්න ඕනෑ. අධික තණ්හාව නිසා අමාරුවේ. දැන් සක්විතිගෙන් වැඩක් නැහැ. (නි)
සක්විතිගේ මොළේ නොව එයාට අහුවුණ අයගේ මොළ වලයි වාර්තා ගන්න ඕනෑ (නි)
සක්විති හොද ගුරුවරයෙක්. වැඩි තණ්හාවට ගොස් කරගත් විනාශයක්? (නි)
ඕකට මොලේ පරීක්ෂා කරන්න දෙයක් නැහැ ,කල කම් පලදේ,ලෝක ධර්මතාව කියන්නේ ඕකට,(නදී)
සක්විතිගේ මොළේ ඉතාම වටිනා මොළයක්.කාගේ හෝ වරදකින් එය නරක පැත්තට යොමුවුණා.එහෙම නොවී එය හොද පැත්තට යොමුවුණා නම් ඔහු අනිවාර්යයෙන්ම සක්විතියෙක් වෙනවා.හොදම මොළකාරයෝ කීදෙනෙක්නම් ඒ මොළයට යට වුණාද? (නි)
මිනිහට මොලේ අමාරුවද .(නදී)
මිනිස්සු ජීවත්වෙන්න කරන දේවල් තමයි ඔය. දැන් විදවනවා.(නදී)
අපරාදේ එකපාර පරදින්නේ නෑතිවා ඩොලර් එක ගානේ ඔට්ටු දෑම්මනම් මිනිහා තාමත් සෙල්ලම් කරනවා.(අ)
මෙයාට ඇති මොලේ අමාරුවක් නැහැ.කොයි වෙලේ හරි මෙය නිදහස්වෙලා ඇමතිකමක් ගන්න බැරි කෙනෙක් නෙමෙයි.එයට සැම සුදුසු කමක්ම තියෙනවා දැන් ඉන්න අමතිලට වඩා!අපි බලාගෙන ඉන්නවා කොයි වෙලේ හරි මෙයාගේ පොටෝ එකක් තාප්පයක තියෙයි චන්දෙ ඉල්ලලා.(අ)
සක්විතිට හැදුනේ කැසිනෝ රෝගයෙන් හැදුනු මොලේ අමාරුවක් මිස වෙනත් රෝගයක් නොවේ....(අ)
කොහොමටත් අනුන්ට දීපු ගින්දරට නම් විදවන්න වෙනවා (නි)
හැබැයි කන්ගැට්ටෙකුට අසු වුණොත් නම් ඔය මොළ වලින් උපරිම ප්‍රතිලාබ ලබනවා. (නි)
මෙයා නැතිවෙන්න හේතුව අපි දන්නවා (නි)
මට නම් මෙයා ගැනයි මෙයාට අහුවුණ අය ගැනයි හරීම දුකයි ... පව් ....දැන් ඉතින් මට බනින්න..ලියන්න දෙයක් නැත්නම් ...(නදී)
ඔහුට ඇති මොළේ අමාරුවක් නැහැ. නමුත් ඔහු ඒ තත්ත්වයට පත්කළ අයව සොයා බැලිය යුතුයි (නි)
මේ මොළය තවම ලෝකයේ තිබෙන හොද මොළ වලින් එකක්,අපේ ලොකු ලොක්කෝ කොච්චර නම් අහුවුණාද මෙයාට? (නි)
හරියටම හරි. එයාට මොළයේ අසනීපයක් ඇති. නැත්තම් කිසිවක් මතක නැතුව ඇති (නි)