සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය කුමාරි ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන් කරනු ලැබූහ. බන්ධනාගාර නිලධරයෝ ඔහු උසාවියට ගෙන අවුත් උසාවි සිර මැදිරියට ඇතුළු කළහ. උසාවි වැඩ ඇරඹිනි. යට ඇඳුම පමණක් ඉතිරිවන සේ සියලු ඇඳුම් ගලවා දැමූ සක්විති කෑ ගසන්නට විය. තමා නිර්දෝෂී බව කීවේය. ආණ්ඩුව හා පොලීසිය මේ සියල්ලට වගකිව යුතු බව කීවේය. එසේ කියමින් කෑ ගැසුවේය. බන්ධනාගාරයේදී තමන්ට පහර දෙන බවත්, හිරිහැර කරන බවත් කීවේය. බන්ධනාගාර නිලධරයෝ මහත් ආයාසයකින් ඔහුට ඇඳුම් ඇන්දවූහ. ඔහු යළි රිමාන් කිරීමෙන් පසු බන්ධනාගාර රියට රැගෙන ගිය පසු යළිත් ඇඳුම් උනා පෙර පරිදිම කෑකෝ ගැසූහ. වැඩි පොළියක් දෙන බව කියා දෙදහසකගෙන් පමණ රුපියල් කෝටි 105ක පමණ තැන්පතු වංචා කළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත. ඔහු ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙක් විය. වංචාවෙන් පසු බිරිය සමග 2008 දී ඉන්දියාවට පැනගොස් පසුව ලංකාවට පැමිණි සක්විති වෙස්වලාගෙන වැලි ගොඩ දමන්නකු ලෙසත්, ටියුෂන් ගුරුවරයකු ලෙසත් කටයුතු කරද්දී 2010 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇදුම් තිබ්බද (දී)
ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියනවනේ........................
මිනිස්සු කොහොම බලන් ඉන්නද (දී)
ඇදුමක් අන්දවන්න නෙමෙයි තිබුණේ, යට ඇදුම පිටින්ම හයිලෙවල් පාරේ ඇවිද්දවන්න. (නි)
කළ පවු දැන් ගෙවපන් මල්ලියේ. දහස් ගානකගේ පවුල් ජීවිත විනාශ කළ පවු ගෙවන්නනට මිහිපිට අලුත් අපායකුත් පොළොව යට අලුත් අපායකුත් නුඹට උරුමයි. (නි)
මේ සක්විති විතරක්නෙමෙයි ඉතාලියෙත් ඉන්නවා පොඩි සක්විතිලා.. මිනිසුන් රටව්ටමින් සල්ලි අරගෙන තමන්ගේ වැඩ කරගන්නවා..!(නු)
දැන් සිංහ සක්විතිගේ සිංහ පාට් ඉවරයි. (නි)
අයියෝ සල්ලි
ප්‍රසන්න, ඒ අයත් වැරදියි තමයි. (නි)
බන්ධනාගාරයේදී නම් ඇඳුම් ගලවන වැඩේ මෙයා තනියම කරගන්න ඕනෑ නැතුව ඇති. ඉන්න කට්ටිය ගාණට දෙනාව ඇති දඩුවම. (නි)
එක අතකට ඔහුට වැඩිය කොච්චර වැරදිකාරයෝ අද රටේ ඉන්නවද? (නි)
සක්විති ඒ කාලේ මිනිස්සුන්ව ඇන්දුවා. දැන් බන්ධනාගාරයේ මහත්වරු මිනිහට අන්දනවා. (නි)
එතකොට බිරිය? ඇයත් එහෙම කළාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. නරකට හිතන්න එපා. (නි)
දැන් ගොඩාක් කල් නේද ඇදුම් ගලෝල (දී)
පව් අප්පා අසරණයා (දී)
කපිල කියන දේ හරි. (නි)
මිනිසුන්ගේ ශාපයයි මේ... (නි)
දැන් රෙදිවලින් වහගන්න විලි ලැජ්ජාව කියන එකත් නැති එකේ මොකට මේව දාගෙන ඉන්නවද කියලා හිතන්න ඇති. (දී)
මමත් කියන්නේ මුදල් දීපු අය තමයි වැරදි කියලයි. (නි)
නම සක්විතිනේ. ඉතිං ඔහොම වැඩවලට දක්ෂයි. (නි)
එයා වැරදි නැත්නම් වැරදි කවුද දන්නෙ නැහැ? (නි)
ඇදුම් ගලවපු ගමන් අවයවයක් කපලා දාන්නයි තිබුනෙ මුලින්ම. එතකොට ඇදුන් ඕනෑම නැහැනේ. (නි)
අනුන්ගේ ගිනි කාපු නිසා එයාට ගොඩක් රස්නේ දැනෙනවා ඇති. (නි)
බල මාලු කෑවා නම් දැන් විදවපන් පුතේ. (නි)
අනේ කාලේ වනේ වාසේ... (නි)
කර්මය මෙලොවදීම පළ දුන් හැටි පව් පින් කරන අපිට මේකෙන් හොඳටම තේරුම් යනවා. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)
එතකොට දැන් සල්ලි තැන්පත් කරපු අයද වැරදි? (නි)