IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සක්විතිට ඇඳුම් අන්දවයි

සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය කුමාරි ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන් කරනු ලැබූහ. බන්ධනාගාර නිලධරයෝ ඔහු උසාවියට ගෙන අවුත් උසාවි සිර මැදිරියට  ඇතුළු කළහ. උසාවි වැඩ ඇරඹිනි. යට ඇඳුම පමණක් ඉතිරිවන සේ සියලු ඇඳුම් ගලවා දැමූ සක්විති කෑ ගසන්නට විය. තමා නිර්දෝෂී බව කීවේය. ආණ්ඩුව හා පොලීසිය මේ සියල්ලට වගකිව යුතු බව කීවේය. එසේ කියමින් කෑ ගැසුවේය. බන්ධනාගාරයේදී තමන්ට පහර දෙන බවත්, හිරිහැර කරන බවත් කීවේය. බන්ධනාගාර නිලධරයෝ මහත් ආයාසයකින් ඔහුට ඇඳුම් ඇන්දවූහ. ඔහු යළි රිමාන් කිරීමෙන් පසු බන්ධනාගාර රියට රැගෙන ගිය පසු යළිත් ඇඳුම් උනා පෙර පරිදිම කෑකෝ ගැසූහ. වැඩි පොළියක් දෙන බව කියා දෙදහසකගෙන් පමණ රුපියල් කෝටි 105ක පමණ තැන්පතු වංචා කළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත. ඔහු ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙක් විය. වංචාවෙන් පසු බිරිය සමග 2008 දී ඉන්දියාවට පැනගොස් පසුව ලංකාවට පැමිණි සක්විති වෙස්වලාගෙන වැලි ගොඩ දමන්නකු ලෙසත්, ටියුෂන් ගුරුවරයකු ලෙසත් කටයුතු කරද්දී 2010 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

සක්විතිට ඇඳුම් අන්දවයි

සම්පත් Saturday, 15 December 2012 11:43 AM

ඇදුමක් අන්දවන්න නෙමෙයි තිබුණේ, යට ඇදුම පිටින්ම හයිලෙවල් පාරේ ඇවිද්දවන්න. (නි)

:       0       0

වජිර Friday, 14 December 2012 08:51 PM

අයියෝ සල්ලි

:       0       0

බණ්ඩාර Friday, 14 December 2012 03:13 PM

පව් අප්පා අසරණයා (දී)

:       0       0

Asiru - Meegahathenna Saturday, 15 December 2012 09:55 PM

ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියනවනේ........................

:       0       0

ප්‍රසන්න Friday, 14 December 2012 03:26 PM

එතකොට දැන් සල්ලි තැන්පත් කරපු අයද වැරදි? (නි)

:       0       0

මධු Friday, 14 December 2012 03:30 PM

කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)

:       0       0

ගාල්ලගේ Friday, 14 December 2012 03:26 PM

කර්මය මෙලොවදීම පළ දුන් හැටි පව් පින් කරන අපිට මේකෙන් හොඳටම තේරුම් යනවා. (නි)

:       0       0

චමින්ද Friday, 14 December 2012 03:48 PM

අනේ කා‍ලේ වනේ වාසේ... (නි)

:       0       0

රොෂාන් Friday, 14 December 2012 04:00 PM

බල මාලු කෑවා නම් දැන් විදවපන් පුතේ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 14 December 2012 10:57 PM

දැන් සිංහ සක්විතිගේ සිංහ පාට් ඉවරයි. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 14 December 2012 04:09 PM

අනුන්ගේ ගිනි කාපු නිසා එයාට ගොඩක් රස්නේ දැනෙනවා ඇති. (නි)

:       0       0

කපිල - මාතර Friday, 14 December 2012 04:10 PM

ඇදුම් ගලවපු ගමන් අවයවයක් කපලා දාන්නයි තිබුනෙ මුලින්ම. එතකොට ඇදුන් ඕනෑම නැහැනේ. (නි)

:       0       0

ආනන්ද Saturday, 15 December 2012 01:14 PM

මිනිස්සු කොහොම බලන් ඉන්නද (දී)

:       0       0

කුමුදු Friday, 14 December 2012 04:11 PM

එයා වැරදි නැත්නම් වැරදි කවුද දන්නෙ නැහැ? (නි)

:       0       0

චමින්ද Friday, 14 December 2012 04:35 PM

නම සක්විතිනේ. ඉතිං ඔහොම වැඩවලට දක්ෂයි. (නි)

:       0       0

ගජබා Friday, 14 December 2012 04:43 PM

මමත් කියන්නේ මුදල් දීපු අය තමයි වැරදි කියලයි. (නි)

:       0       0

සමන් Saturday, 15 December 2012 02:02 AM

මේ සක්විති විතරක්නෙමෙයි ඉතාලියෙත් ඉන්නවා පොඩි සක්විතිලා.. මිනිසුන් රටව්ටමින් සල්ලි අරගෙන තමන්ගේ වැඩ කරගන්නවා..!(නු)

:       0       0

අසෝක Friday, 14 December 2012 05:01 PM

දැන් රෙදිවලින් වහගන්න විලි ලැජ්ජාව කියන එකත් නැති එකේ මොකට මේව දාගෙන ඉන්නවද කියලා හිතන්න ඇති. (දී)

:       0       0

හේමසර Friday, 14 December 2012 05:07 PM

මිනිසුන්ගේ ශාපයයි මේ... (නි)

:       0       0

අපොන්සු Saturday, 15 December 2012 05:48 AM

කළ පවු දැන් ගෙවපන් මල්ලියේ. දහස් ගානකගේ පවුල් ජීවිත විනාශ කළ පවු ගෙවන්නනට මිහිපිට අලුත් අපායකුත් පො‍ළොව යට අලුත් අපායකුත් නුඹට උරුමයි. (නි)

:       0       0

අනුර Friday, 14 December 2012 05:11 PM

කපිල කියන දේ හරි. (නි)

:       0       0

නසාර් Friday, 14 December 2012 05:22 PM

ඇදුම් තිබ්බද (දී)

:       0       0

හරා Friday, 14 December 2012 05:26 PM

දැන් ගොඩාක් කල් නේද ඇදුම් ගලෝල (දී)

:       0       0

ලියනගේ Friday, 14 December 2012 05:56 PM

එතකොට බිරිය? ඇයත් එහෙම කළාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. නරකට හිතන්න එපා. (නි)

:       0       0

අජිත් Friday, 14 December 2012 06:39 PM

සක්විති ඒ කාලේ මිනිස්සුන්ව ඇන්දුවා. දැන් බන්ධනාගාරයේ මහත්වරු මිනිහට අන්දනවා. (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 14 December 2012 06:50 PM

එක අතකට ඔහුට වැඩිය කොච්චර වැරදිකාරයෝ අද රටේ ඉන්නවද? (නි)

:       0       0

ප්‍රේමකුමාර Friday, 14 December 2012 07:11 PM

බන්ධනාගාරයේදී නම් ඇඳුම් ගලවන වැඩේ මෙයා තනියම කරගන්න ඕනෑ නැතුව ඇති. ඉන්න කට්ටිය ගාණට දෙනාව ඇති දඩුවම. (නි)

:       0       0

ප්‍රගීත් Friday, 14 December 2012 07:23 PM

ප්‍රසන්න, ඒ අයත් වැරදියි තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 24 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 91 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 310 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 596 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 445 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3692 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site