(තුසිත කුමාර ද සිල්වා)
සෞඛ්‍යය නීති උල්ලංඝනය කරමින් වැඩිපුර මගීන් රැගෙන ගිය බස්රථ නමයක් ප්‍රවාහන අධිකාරිය කළ වැටලීමේදී අද (1) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසයි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යන මගින් ගෙ අවශ්‍යතාවයන් සඳහා අද කළුතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් ආවරණ වන පරිදි බස්රථ 748ක් ධාවනයට යොදවා තිබිණි.
කළුතරින් 179ක්, ගම්පහින් 217ක් සහ කොළඹින් 352 ලෙස ධාවනයට එක්කර අතර බස්රථ 114ක් වැටලීම් කර සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ බස්රථ නමයක් ගම්පහ හා කොළඹින් අත්අඩංගුවට ගත් බව සභාපතිවරයා කීහ
පළමු දිනයේම අත්අඩංගුවට ගත් බස්රථ සඳහා ප්‍රවාහන අධිකාරිය මගින් දඩ නිකුත් කරන අතර දැඩි ලෙස අවවාද කරන බවත් කීහ.
මේ අතර හෙට දින සිට මෙම වැරැද්ද තවදුරටත් සිදුකරන බස්රථ අසූ වූවහොත් ඔවුන්ට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් මෙන්ම නිරෝධායන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ද දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් එම වරදම දිගින් දිගටම සිදුකර අසු වුවහොත් එම බස් රථවල මාර්ග බලපත්‍රය අත්හිටුවීමට සිදුවෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළහ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ නීති කැඩූ මගී බස් නවයක් බස්නාහිරින් අල්ලයි
Indika Friday, 01 October 2021 09:37 PM
දැන් හාල් වගේම අනික් මාෆියාව වන පුද්ගලික බස් මාෆියාවත් ආපහු පටන් ගන්න යන්නේ... අපිට ඇහුණා ආපහු මේකේ ලොක්කා මාධ්‍යයට ඇවිත් දුක කියනවා.. අාපහු බස් ගාස්තු වැඩි කරන්න තමයි මාන බලන්නේ... ගිය අවුරුද්දෙත් මේක වැඩි කළා.. මිනිස්සු අඩුවෙන් යන්නේ පාඩුයි කියලා.. අනික ලොකු ගාණකින් වැඩි කලේ... එහෙම කරලාත් පොල් පටවනවා වගේ පටවනවා මේ කොරෝනා අස්සේ ලාභ හොයන්න.. පේනවනේ ප්‍රවාහනේ පුද්ගලික මාෆියා කාරයින්ට ගියාම වෙන දේ... ලංගම විනාශ කරලා මෙයාලාට නටන්න ඉඩ දුන්නෙත් දේශපාලුවන් තමයි දෙපැත්තේම ඉන්න.. එයාලටත් බස් තියනවනේ..මේක මහා නන්නත්තාරේ යන රටක් වෙලා තියෙන්නේ...
aruna Friday, 01 October 2021 10:49 PM
අද දින 120 මාර්ගයේ හොරණ-කොළඹ පුද්ගලික බස් රථවල ආසන ගණනට වඩා වැඩියෙන් මගීන් රැගෙන ගියා. මේ ගැන සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්න