IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සෞඛ්‍ය වෙබ් අඩවියත් ‘හැක්‘ කරලා

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පිරිසක් එම වෙබ් අඩවියට පිවිසිය නොහැකි වන අයුරින් බැනරයක් ප්‍රදර්ශනය වීමට සලස්වා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි කියයි.

එම්.සී.ඒ නමින් හඳුන්වාගත් ලාංඡනයක් එහි පළ කර තිබේ. 

හැක් කරනු ලැබුවේ ඉසෙඩ් (haජked by mr z) විසින් බව එහි සඳහන් වේ. ‘උතුම් ජීවිත පරිත්‍යාගය‘ යනුවෙන් ඉන්දුනීසියා බසින් එහි සටහන් කර තිබේ.

එම් සී ඒ යනු ඉන්දුනීසායා සංවිධානයක් බව කියති. 

පිටස්තරයන් විසින් කළ බව පෙන්වීමට ඇතැම් විට මෙය ශ්‍රී ලාංකිකයකු විසින්ම කළාදැයි සොවිය යුතු බව සයිබර් විශේෂඥයෙක් කීවේය.

මීට පෙර ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීයැයි පාසල් සිසුවෙක් ද අත්අඩංගුවට පත් විය.



අදහස් (0)

සෞඛ්‍ය වෙබ් අඩවියත් ‘හැක්‘ කරලා

චන්දන Tuesday, 03 January 2017 06:54 PM

වෙබ් සයිට් එක හැක් කරලා තියෙන ආකාරයට මේ රටට යහපාලනයට මුවාවෙන් ප්‍රහාරයක් එල්ලවන දිනය අත ළඟ බව පිළිගැනීමට අකමැති "සිහින සහජීවනකරුවන්“ සිටීම ඛේදවාචකයක්.. (නි)

:       0       0

ලක්සිරී Tuesday, 03 January 2017 09:59 PM

ලංකාවේ රක්ෂිත වනාන්තරත් හැක් කරන එකේ මේ වෙබ් අඩවි ගැන මොන කතාද? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 03 January 2017 11:30 PM

සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ හැමදාම ලෙඩින් ඉන්න අමාත්‍යාංශයක්. ඒක බාරගන්න පුද්ගලයොත් බොහෝවිට ලෙඩින්. මිනිසුන්ගේ ලෙඩ හොඳ කරන්න කලින් ඇතැම් වෛද්‍යවරුන්ගේ හා පාලකයින්ගේ ලෙඩ හොඳ කරලා ඉන්න ඕනෑ. දැනටමත් ජාතියම ලෙඩින්. (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 04 January 2017 12:39 AM

ආරක්ෂාවේ මදිකම මිස වෙන මොකක්ද? (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 04 January 2017 01:20 AM

ට්‍රම්ප් දවස් දෙක තුනකට කලින් කිව්වා ලෝකේ කිසිම පරිගණකයක් ආරක්‍ෂිත නැහැ කියලා. එයාලත් එහෙම කියනවා නම් අපි ගැන මොන කතාද. (නි)

:       0       0

දිලාන් Wednesday, 04 January 2017 01:41 AM

කවුරුහරි ජනප්‍රිය වෙලා ජනාධිපතිතුමා අතින් තෑගි ගන්න හිතලා කරපු වැඩක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

සමීර Wednesday, 04 January 2017 01:42 AM

රජයේ අමාත්‍යාංශ වල වෙබ් අඩවි සාදන්නේ ටෙන්ඩර් දමා අවම ලංසුවට. ඒවායේ ප්‍රමිතිය අඩු ඒකයි. (නි)

:       0       0

කෝසල Wednesday, 04 January 2017 01:55 AM

දැන්වත් බඩු මිල අඩු කරන්න එහෙනම්

:       0       0

සමන් Wednesday, 04 January 2017 02:28 AM

සෞඛ්‍ය අමාත්‍යාංශය බාර අයට තමන්ගේ රාජකාරී වලට වඩා තියෙන්නේ අනුන්ගේ කුණු හොය හොයා රට වටේ යන එකනේ (නි)

:       0       0

ජනහිත Wednesday, 04 January 2017 02:45 AM

මේක හරිම ලෙඩක්. තියන ලෙඩ මදිවට අඩවියටත් ලෙඩ දානවා. කරන අයට තියන ලෙඩ සනීප කරගත්තොත් සමහර වෙලාවට අනිත් ලෙඩත් සනීප වේවි. (නි)

:       0       0

යසෝධරා Wednesday, 04 January 2017 02:47 AM

බලනකොට පුදුම දක්ෂයොනේ ඉන්නේ (නි)

:       0       0

රවීන් Wednesday, 04 January 2017 03:02 AM

ඕක කරන්න ඇත්තේ ඖෂධ සමාගමක් වෙන්න බැරිද. නමට හරි බෙහෙත් මිල අඩුවෙලා. ඔවු ඉතින් ට්‍රම්ප් කියන කතාවත් හරි. නැත්නම් ඔබාමා කියාවිද එ්ගොල්ලන්ගේ මැතිවරණ ක්‍රමය හැක්කරලා තමයි ට්‍රම්ප් දින්නේ කියලා (නි)

:       0       0

මුණසිංහ Wednesday, 04 January 2017 03:18 AM

යහපාලන ආණ්ඩුවම හැක්කරන දවස අත ළඟ වගෙයි. (නි)

:       0       0

රත්නසිරි Wednesday, 04 January 2017 05:51 AM

මම සම්පුර්ණ විවාදය බැලුව. නාමල් මන්ත්‍රීතුමා ඉතාම ඉවසීමකින් මරික්කාර් හා අශෝක මැති ඇමතිලා කියූ බොරුවලට සවන්දී තමාගේ වාරය පැමිණි විට ඒවා බොරු පච හෑලි බව කරුණු සහිතව ඔප්පු කළා. එම ඉවසීමම අනාගත නායකත්වයක් සනිටුහන් කළා. තව ටිකක් තදට කතා කළා නම් හොඳා කියලත් සිතුණා. (බ)

:       0       0

නිහාල් Wednesday, 04 January 2017 05:52 AM

තමන්ට වඩා දක්ක්ෂයෝ තව ඉන්නවා කියල සෞඛ්‍ය ඇමැති සහ අමාත්‍යංශය දැන් දන්නවා ඇති ...? (බ)

:       0       0

නිශ්ශංක Wednesday, 04 January 2017 06:18 AM

අන්තිමට අපේ අහවල් වැඩ බැරි දාසලා ටික මේකටත් හේතුව මහින්ද කියලා කොහෙන්හරි ගළපාවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 0 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 199 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5033 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4189 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6812 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 947 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site