IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සෞඛ්‍යයයේ වාහන 1794ක් ආගිය අතක් නෑ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

අමාත්‍යාංශයේ වාහන 259 බාහිර පාර්ශවයන්ට පවරාදී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වන බව පැවසූ කෝපා කමිටු සභාපතිවරයා වාහන පරිපාලනය සම්බන්ධයෙන්වන දත්ත පද්ධතියේ අඩුපාඩු පිළිබඳවද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.

මේ වාහන අතර මෝටර් රථ 679 ක් සහ යතුරුපැදි 1115 ක් ඇති බවත් එම මෝටර් රථ බොහොමයක් අමාත්‍යාංශය සන්තකයේ නැති බව දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඒවාට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවත්වන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් එහිදී පැවසුවාය.

ඒ අනුව මේ වාහනවලට අදාලව ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතා ඇතැයිද ඇය වැඩිදුරටත් කීවාය.

මේ වැඩපිළිවෙළ හරහා වාහන 425ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූවත් ඒවා වෙන්දේසි කර අපහරණය කළා දැයි සොයා ගැනීමට අපහසු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පැවසූහ.

යතුරුපැදි 1115න් තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ එකොළහක් සම්බන්ධයෙන් පමණක් බව පැවසූ එම නිලධාරීහු මේ යතුරු පැදි බොහොමයක් ක්ෂේත්‍ර නිලධාරීන්ට නිකුත් කෙරුණු ඒවා බවද සඳහන් කළහ.

ක්ෂේත්‍ර නිලධාරීන්ට මේ යතුරු පැදි ලබා දෙන්නේ ගිවිසුම්ගතව බවත් විශ්‍රාම යෑමෙන් පසු පෞද්ගලිකව ගෙන යෑමට ඒ අනුව අවසර හිමිවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

ඒ යතුරු පැදි සම්බන්ධයෙන්ද ඉදිරි කටයුතු කරගෙන බව එහිදී සඳහන් විය.

මේ වාහන බොහොමයක් 1950 සිට 1996 දක්වා ලියාපදිංචිවූ වාහන බව කෝපා කමිටුව පවසයි.

වාහන පරිපාලන පද්ධතිය සම්බන්ධයෙන් කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් සඳහන් කළේ එම පද්ධතිය ක්‍රියාත්මක කරගෙන යන බවයි.

වාහන අස්ථානගතවීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

මෙම කාරක සභා රැස්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (7)

සෞඛ්‍යයයේ වාහන 1794ක් ආගිය අතක් නෑ

C.K.lankaputhra Tuesday, 27 June 2023 06:10 AM

අනේ, ඕවායින් අපට වැඩක් නෑ... ඔය හොරකම්, අයතා පරිහරණ, දූෂණ වංචා, ගැන කොයි කවුරු මොනවා හොයා ගත්තත් අන්තිමේදී වෙන දෙයක් නෑ. වෙන එකම දේ ඔය කමිටු බමිටුවල කට්ටිය සම්තින්ග් එකක් අත කට පුරා අරගෙන අයින් වෙන එකයි. අපි අපේ වැඩක් බලාගෙන ඉඳිමු...

:       0       0

Jagath Wickramasekara Tuesday, 27 June 2023 07:41 AM

රජයේ හොරු

:       0       0

Samitha Senaka Aluthgamage. Tuesday, 27 June 2023 07:43 AM

වාහන ආගිය අතක් නෑ කියලා හරියන්නේ නැහැනේ. මේ වාහන වලට ලියාපදිංචි කිරීමේ අංකයක්,චැසි අංකයක් තියෙනවා.මහා මාර්ගවල ධාවනය වන ඕනෑම වාහනයක් සඳහා බලපත්‍ර හා රක්ෂණ සමාගම් සහතිකය තිබිය යුතු වෙනවා.අල්ලන එක හා සොයා ගන්නා විදිහ හරිම සරල දෙයක් නේ.මේවා අල්ලන්න එතරම් උනන්දුවක් නැත්තේ දූෂිත දේශපාලුවන් හා දූෂිත රාජ්‍ය නිලධාරීන්,දේශපාලන හිතවතුන් මේවාට අනිවාර්යයෙන්ම සම්බන්ධයි. රාජ්‍ය දේපල හොරාකෑම දේශපාලකයන් හා ඔවුන්ගේ හෙංචයියන් කළාට නඩු නැතිද ? ඒවා සුළුකොට තකන්නේ ඇයි ? නීතිය කරන කරවන බලධාරීන් නිහඬ ඇයි ? රට වාසීන් සුළු වරදක් කළත් කුදලාගෙන ගොස් ඔවුන්ට ප්‍රසිද්ධියේ දැඩි ලෙස දඬුවම් දෙන පොලීසිය මේ ගැන වහා පරික්ෂණ පැවැත්වීමට තීරණය කළ යුතුයි නේද ? වාහන ආගිය අතක් නැති කාලයේ සිටි රජයන්,මැති ඇමතිවරුන් හා අදාළ නිලධාරීන් දේශපාලන හිතවතුන් ගැන පරීක්ෂණ කිරීම නීති අංශවල වගකීමක්.ඒත් එය එසේ සිදු වේවිද කියලා සිතන්නට බැහැ.

:       0       13

Dileepa Tuesday, 27 June 2023 09:03 AM

ඔය තියෙන්නෙ විදුලි සෝපාන සුවිමින්ග් පූල් හදපු හැටි.

:       0       5

Aravinda Monarawila Tuesday, 27 June 2023 10:28 AM

නම ගිය හොරු තමයි ඔකෙ වැඩි හරියක් ඇමතිකම් දැරුවෙ හදාරන්නෙ, එකෙක් තමයි සමගමෙන් පගාව ඉල්ලලා මාට්ටු උනෙ. අමත්යන්ශ ගොඩනගිල්ලවත් ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්.

:       0       6

Nimal Tuesday, 27 June 2023 11:50 AM

බලන් ගියාම මෙතනත් හොඳ වාහන සේල් එකක් තිබුනා වගෙයි පෙනෙන්නේ .වාහන මෙතරම් සංක්‍යාවක් අස්ථානගත වනතුරු අමාත්‍යංශය නිදි වැදිලද සිටියේ ?බොහෝ රජයේ ආයතන වල තත්වය මෙයට සමානයි

:       0       5

Rata Perata Tuesday, 27 June 2023 02:55 PM

ගෙදරක මුලිකය දුර්වල වෙනකොට ගෙදරම අවුල් වෙනව වගෙ, ලංකාවෙ හිටපු මිනිහත් දුර්වලයෙක් දැන් ඉන්න කෙනා ඊටත් අන්තයි. ලිදේ ඉන්න ගෙම්බො වගෙ ටයි එක දාල ඉංග්‍රීසි ටිකක් කතා කෙරුවම වඳින මොඩයො තවම ලංකාවෙ ඉන්න නිසා හොදයි. එක තියෙන හොදම උදාහරන තමයි UNP එකෙ වජිර සහ පොහොට්ටුවෙ සාගර.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 379 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 195 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 298 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 364 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 212 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 142 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 579 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site