ශ්රී ලංකන් ගුවන් සාමගමේ යූඑල් 309 දරණ ගුවන් යානය සිංගප්පූරුවේ සිට කොළඹ බලා පිටත් වී මද වේලාවකින් ආරක්ෂක හේතුන් මත යැයි කියමින් නැවත සිංගප්පූරුවේ චැන්ගි ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත කැඳවූ බව ශ්රී ලංකන් ආරංචි මාර්ග කියයි.
නැවත කැඳවා පැය තුනක් පමණ පරීක්ෂා කළ බවත්, පැය තුනක ප්රමාදයකින් පසු ගුවන් යානය ලංකාවට ළඟා වූ බවත් එම ආරංචි සඳහන් කරයි.
සිංගප්පූරුව වෙත නැවත හරවා පැමිණීමෙන් පසු සිංගප්පූරු පොලිසියේ ගුවන්තොටුපළ පොලිස් අංශය විසින් ගුවන් යානාවේ සිටි මගීහු කිහිප දෙනෙක් ප්රශ්න කිරීමට බඳුන් කරනු ලැබූහ.
ඔවුන් සතු ගමන් මලු ගුවන් යානාවෙන් පිටතට ගැන නැවත පරීක්ෂා කළේය.
ගුවන් යානාවෙන් පිටතට ගත් ගුවන් මගීන් කිහිප දෙනකු නැවත කොළඹට පැමිණෙන තෙක් සියලු පහසුකම් ගුවන් සමාගම ලබා දුන් අතර පසුව ඔවුහු යූඑල් 307 දරණ ගුවන් යානයෙන් කොළඹ බලා පිටත්වූහ.
පළමුව ගුවන් යානාවෙන් පිටතට ගෙන ප්රශ්න කිරීම සඳහා යොමු කළ ගුවන් මගීන් පස්දෙනෙකු මේ වන විටත් ගුවන් තොටුපළ පොලිසීය මගින් රඳවා ගෙන ප්රශ්න කරනු ලබයි.
සිංගප්පූරු ගුවන් තොටුපළ බලධාරීන් විසින් ගුවන් යානාව නැවත හරවා එවීමට නියෝග කිරීමට හේතු පරීක්ෂණ වලින් පසු අනාවරණය කිරීමට අපේක්ෂා කරන බව ශ්රී ලංකන් ගුවන් සමාගම කියයි. කෙසේ වෙතත් ගුවන් යානාවක් පිටත් වීමට පෙර ගුවන් තොටුපළ බලධාරීන් විසින් අදාළ පරීක්ෂා කිරීම් නිසි ලෙස අවසන් කළ යුතු හෙයින් ශ්රීලංකන් ගුවන් සමාගම මේ පිළිබඳව සිංගප්පුරු සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙතින් වාර්තාවක් ඉල්ලීමට කටයුතු කරන බව ද එම සමාගම පවසයි.
මේ අතර සිංගප්පූරුවේ පැවැති සූපවේදී තරගයකට සහභාගී වීමට ලාංකිකයන් කිහිප දෙනකු ගොස් ඇති බවත්, එක් මගියකු සූපවේදී කටයුතු සදහා භාවිත කළ ගෑස් සිලින්ඩරයක් ද රැගෙන ගුවන් යානවට යෑමට උත්සාර කර ඇති බවත් දැනගන්නට තිබේ.
මෙම ගුවන් යානාව නැවත කැඳවුයේ තවත් ගෑස් සිලින්ඩර තිබේදැයි පරීක්ෂා කිරීමට විය හැකි බව එම ආරංචි කියයි.
එම ගුවන් යානය පිටත්වීම සහ නැවත හරවාගෙන ඒම පහත වෙබ් ලිපිනයට පිවිස නැරඹිය හැකිය.
https://www.flightradar24.com/data/flights/ul309/#9691a58

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම දේවල් අාපහු හරවන කාලයක් මේ තියෙන්නේ. (නි)
පද්මිණි, මමත් ඔහොම කතා අහලා තියෙනවා. අඩු කෙළ් දිය සෙළවෙනවා කියන්නේ එ්කනේ. (නි)
සුප වේදියෙක් කියල කොහේ හරි කඩේක බත් හොදි හදන කුස්සියේ කෙනෙක් අරන් ගිහින් එන විට ඔහොම වෙනවා , අර ඉතුරු කෑම බිම ටින් කෑම අස්සේ ඔය ගෑස් ටින් එකත් දාගන්න එති (අ)
පද්මිනිගේ කතාව හරියටම හරි. (නි)
සෑම් වගේ හැමෝම නුවණක්කාර නැහැනේ. (නි)
අපේ මිනිස්සු කොහේ ගියත් මොකක්හරි උස්සගෙන එන්න බලන්නේ. හරිම නරක පුරුද්දක්. (නි)
ගුවන්යානාවක් පැහැරගත් කෙනෙක්ට පුහු වීරත්වයක් ආරෝපණය කළ සමහර අය මේකටත් වීරත්වයක් ආරෝපණය කරාවි. (නි)
ගුවන් ගතවෙන්න පෙර පරික්ෂාවේදී මේවා අහුවුණේ නැත්තේ ඇයි. අනික ඔය සුපවේදියෝ වැඩසටහන් වලදී විස්තර කරන භාෂාව ඇහුවහම හිනා යනවා. එංගලන්තෙන් ආවද කියලා හිතෙනවා. (නි)
කලින් ගිහින් නැති නිසාවත්, මෝඩකම නිසාවත් නෙමෙයි. තනිකරම ගුවන්තොට බලධාරින්ගේ වරද. (නි)
අනුවණයෝ රට ගියාම මේ වගේ දේවල් සිද්ධවෙනවා. කවුද ඔය ගෑස් සිලින්ඩර් අරගෙන එන්න හැදුවේ? (නි)
ඕක මොකක්ද අපේ බජට් එකටත් වුණේ ඕකමනේ. අාපසු කැඳවූවා. වැඩිහිටියන්ට ලක්ෂ 5 කට දෙනවා කී 15% පොළියට මොකද වුණේ? අාපසු කැඳවූවා (නි)
ඕක මොකක්ද? බොරු කියලා මඟීන් බයකරලා යානා ආපසු ගෙන්වාගන්නා අයත් ඉන්න රටක් මේක (නි)
වරදක් තමයි කරලා තියෙන්නේ. ඒත් ගුවන්ගතවීමට පෙර බදු පරික්ෂාවේදී අඩුපාඩු තිබී ඇති බවයි මෙයින් පෙනෙන්නේ. අපට ආරංචි හැටියට මඟීන් රාත්රී ආහාරය ගනිමින් සිටින අතරතුරයි නැවත හරවාගෙන ඇවිදින් තියෙන්නේ. (නි)
මේක ගෑස් කැනිස්ටර් එකක් වෙන්න ඇති. බැගේජ් ඩෙක් එකේ අඩු පීඩනයට ලක්වුණාම ගෑස් එළියට කාන්දුවෙලා ලොකු විනාශයක් වෙන්න ඉඩ තියනවා (නි)
එක මිනිහෙක් නිසා ඔක්කොම කරදර වෙනවා (නි)
එක් කෙනෙක් නිසා කී දෙනෙක් අමාරුවේද? (නි)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! ගෑස් සිලින්ඩර් තියා වතුර බෝතලයක්වත් ගෙනියන්න දෙන්නේ නැහැ (නි)
පුදුම සුපවේදියෙක්. පළමු වරටද දන්නේ නැහැ ඔහු ගුවන් යානාවක ගියේ? ගෑස් සිලින්ඩර් වැනි දේවල් පුපුරන ද්රව්ය වලට අයත් නිසා මෙසේ පරීක්ෂා කිරීම අනෙකුත් මගීන්ගේ ආරක්ෂාවට යහපතක් (නි)