පුද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියකුගේ මුදල් පසුම්බිය සොරකම් කර එහි තිබු ඩෙබ්ට්කාඩ් පතින් ගල්කිස්ස බැංකුවකින් රුපියල් පනස්දහස බැගින් වාර දෙකකදී සොරකම් කළැයි කියන අද (18) සගයකු ගල්කිස්ස පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ගම්පොල නාවල පාරේ පදිංචි විසිපස් හැවිරිදි තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ යාළුවේක් ඉන්නවා පිටරට. එයාගේ යාලු ගෑනියෙකුට වීසා ගන්න පවුම් දාස් ගානක් දීලා දුක් විඳිනවා. මේ ගෑනි ඉන්නේ එංගලන්තේ කොවෙන්ට්‍රි කියන පැත්තේ. ඉගෙනගත්ත කියලා හිතාගන උදවුවට සල්ලි දුන්නට පස්සේ දැන් මග හැර හැර ඉන්නවා. යාලුවෝ ගැන ආයෙත් හිතන්ඩ කාලා ඇවිල්ලා. (අ)
ටෙනිසන්, මම ඉන්න රටේ එහෙම නැහැ කියලා මම හිතන්නේ. හොයා බලන්න ඕනෑ. (නි)
අයියෝ මොනවද මේ ප්‍රතිචාර ? ඩෙබිට් කාඩ් එක සමග රහස් අංකය හොරා ගැනීම සුලුදෙයක් . දෙන් කාලේ වැඩට ගොස් ආපසු එන විට ගෙදර සිටි බිරිඳව හොරු අරන් යන්නේ . හුඟක් වෙලාවට මේවා වෙන්නෙත් හොඳම යාලුවා අතින් . මේවා සුළු දේවල් . මේ මට වුන දෙයක්.(නදී)
පද්මිනී බැංකු කාර්ඩ් වල අංකය තමන්ට රුචි පරිදි මාරුකර ගැනීමට හැකයි. එය නොදන්නවා නම් කාගෙන් හෝ අසා දැනගන්න. විටින් විට බැංකු රහස් අංකය මාරුකර ගැනීම තමා ආරක්ෂිතම ක්‍රමය. (නදී)
රූබට්", රහස් අංකය විදියට තමන්ට අමතක නොවන අංකයක් තෝරාගන්න" මේ අංකය බැංකුව මගින් අපට ලබා දෙන එකක්. අපිට ඕන එකක් තොර ගන්ට බැහැ. (නදී)
රූබට්, මට පේන්නේ ඔයාගේ රහස් අංකය, බිරිද පැනල ගිය දවස වගේ, ඉතින් අනේ ඔයාගේ බිරිද පැනල ගියාට හැමෝගෙම එහෙම ගිහින් නැහැනේ (විහිලුවට හොදේ).(නදී)
හතුරා ගැන දන්නා නිසා අපිට ප්‍රවේශම් වෙන්න පහසුයි. නමුත් මිතුරා හතුරු වේශයෙන් එනකොට හඳුනාගන්න අපහසුයි. (නි)
මෙතන ලියන මෝඩ මිනිස්සුනේ, රහස් අංක කොහෙවත් ලියලා තියන්ඩ එපා.හැම විටම තමන්ට අමතක නොවන අංකයක් තෝරාගන්න. උපන් දිනය, කරදරේ වැටුන දිනය, බිරිඳ පැනලා ගිය දිනය වගේ කොයි තරම් මතක තියාගන්න දේවල් තියනවද! (අ)
පද්මිණි, හොරාට නෙවෙයි කරදරේ වැටිච්ච මිනිහට බනිනේ ඔයා කාගේ කන්තොරුවේද වැඩ කරන්නේ? නැත්නම් මොකද මෝඩ කම පෙන්නන්නේ? මිනිස්සු බස්වල යද්දී, කෝච්චියේ යද්දී, මාකට් එකේදී පොකට් ගහන්නේ නිදාගන ඉන්නකොට නෙවෙයි. හොරා බලන්නේ මොන විදිහෙන් හරි හොරකම් කරන්න.අපි වගේ ගොඩක් අය මේ කරදරේ වැටිලා තියනවා. (අ)
සාමාන්‍යයෙන් ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් මුදල් ලබා ගන්නට කාඩ් එකට අයිති රහස් අංකය පාවිච්චි කරන්නට ඕනෑ.ඉතින් කොහොමද සල්ලි ගන්නේ? කාඩ් එකත් සමගම රහස් අංකයත් පොකට්ටුවේ දමා තිබුනාද? (නි)
ගම්පොල පැත්තේ සගයෝ ඔහොම මයි. (අ)
මට නම් පෙනෙනෙනේ මේ ආරක්ෂක නිලධාරියා අමු ගොනෙක් කියා. ඩෙබිට් කාර්ඩ් එකත් එක්ක රහස් අංකය එකට තබා ගැනීම (අ)
මේකෙන් පෙනෙන්නේ ආරක්ෂකයට හොදටම නින්ද ගිහිල්ල තියෙනවා රාජකාරියේදී. නැත්නම් පොකට් එක උස්සන්නේ කොහොමද? (අ)
මෙයා රහස් අංකය කඩදාසියක ලියා මුදල් පසුම්බියේ තබාගන තිබෙන බව පේනවා. එතකොට හොරාට කාර්ඩ් එකත් රහස් අංකයත් දෙකම බන්දේසියක තබා දුන්න වගේ. මේ දෙකම එකම තැන තබා නො ගත යුතුයි. අංකය මතක තබා ගැනීමට අපහසු නම් හැමෝම හැම විටම ළඟ තබා ගන්නා මොබ යිල් ෆෝන් එකේ කන්ටැකට් ටෙලි ෆෝ න් අං කයක් ලෙස ගබඩා කර තබා ගත හැකි නොවේ ද. එවිට කාඩ් එක සහිත පසුම්බිය හොරකම් කළත් රහස් අං කය සුරක්ෂිතයි. (ස)
කැමරාවෙන් ඔහු කියලා හදුනාගන්න හැකි වුණොත් ගැළවෙන්න නම් ටිකක් අමාරුයි. (නි)
මිතුරෙකුට හොරෙක් වෙන්නත් හොරෙකුට මිතුරෙක් වෙන්නත් පුළුවන්. හැබැයි, මිතුරෙක් හොරෙක් වුණාම එයා හොරකමට මුල්තැන දෙනවා. හොරෙක් මිතුරෙක් වුණාම එයා මිතුරුකමට මුල්තැන දෙනවා. මෙතන වෙලා තියෙන්නේ පළමුවැනි එක. (නි)
මට නම් පිස්සු වගේ අනේ..... (නි)
එකට සිටින හොඳම මිතුරා වුණත් විස්වාස කරන්න බැරි කාලයක්. මම පුවත්පත් මගින් දැක තිබෙනවා එකට සිටින බිරිඳ වුණත් සැමියාගේ මුදල් වලට කොන්ත්‍රාත් දී මරා දමපු අවස්ථා (නි)