IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සීගිරි අභය භූමියෙන් හෝටලයක් හදන්න ඉඩමක්

සීගිරි අභය භූමියේ වැව් රක්ෂිතයක හෝටලයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයකුට අක්කර හතක් වෙන් කර දී ඇතැයි කියමින් ප්‍රදේශවාසීහු විරෝධය දක්වති. මෙම ඉඩම ලබා දී ඇත්තේ අභය භූමියක් බවට 1990 ජනවාරි 20 වැනි දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්, වනසත්ව රැක්ෂලතා ආරක්ෂක ආඥාපනතින් නම් කළ කායම්විල වැව් රක්ෂිතයෙනි. සීගිරි පර්වතය පෙණෙනතෙක් මානයේ ඇති මේ අභය භූමියේ අලි ඇතුන් ඇතුළු වනසතුන් ජීවත්වෙති. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත් බණ්ඩාර තෙන්නකෝන් පැමිණ විරෝධතා කරුවනට පවසා ඇත්තේ මේ ගැන, තම පියාවන ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා වන ජනක බණ්ඩාර තෙන්නකොන්  සමග සාකච්ඡා කර ඉරිදා වන විට විසැඳුමක් දෙන බවයි. සීගිරිය බාර වන ජිවි නිලධරීන් පවසන්නේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවයි.



අදහස් (0)

සීගිරි අභය භූමියෙන් හෝටලයක් හදන්න ඉඩමක්

ලලිත් Saturday, 22 September 2012 07:43 PM

ජාතික විනාශයක්

:       0       0

ලා Saturday, 22 September 2012 07:43 PM

ජාතික උරුමයක හෝටල් දාන්න

:       0       0

රූපා Saturday, 22 September 2012 08:21 PM

අවසර දුන්නද

:       0       0

සිසිර Saturday, 22 September 2012 08:28 PM

අයියෝ ලංකාව

:       0       0

ප්‍රගීත් Saturday, 22 September 2012 08:31 PM

ක්‍රිකට් කියන්නෙ කාලය කා දමන ක්‍රීඩාවක් .ලෝකයේ කිසිම දියුනු රටක් මේ ක්‍රීඩාව කරන්නෙ නෑ...(නු)

:       0       0

හේමචන්ද්‍ර Saturday, 22 September 2012 08:35 PM

රට කරවන්න නම් වටිනා දේ විකිණිය යුතුයි..!(නු)

:       0       0

උපාලි Saturday, 22 September 2012 08:50 PM

අපරාදෙ ඔය හෝටලේ සීගිරි ගල උඩම හැදුවනම් තමයි හොද?(නු)

:       0       0

සරත් Saturday, 22 September 2012 01:28 PM

සිංදුවකත් තිබුණා " සීගිරි ගල විකුණමු ගල් ‍කොරියකට " කියලා. (ස)

:       0       0

අශාන් Saturday, 22 September 2012 01:21 PM

අපේ රටේ ඉතිහාසය වනසන අයටනම් හොඳක් වෙන්න එපා...(ස)

:       0       0

ලක්විදු Saturday, 22 September 2012 08:58 PM

මේ වගේ දෙයක් ගොවියකුට කරන්න පුළුවන්ද ? තව ටික දවසකින් කියයි සීගිරි ගල බදින්න පිට රට සමාගමකට බදු දුන්න කියලා.. ගල් කොරියක් දාන්න..!(නු)

:       0       0

රොෂාන් Saturday, 22 September 2012 01:26 PM

ඒ ක්‍රිකට් ක්‍රීඩකයා ආණ්ඩුවට ආවඩපු එක්කෙනෙක්ද? (නි) (නි)

:       0       0

සිල්වා Saturday, 22 September 2012 01:44 PM

මට සැකයි මෙයා අර පසුගිය රියලිටි වැඩසටහන් වලට සහභාගි වුණ කෙනෙක්ද කියලා? (නි)

:       0       0

සීමන් Saturday, 22 September 2012 01:53 PM

මේ වාගේ මිනිස්සු ඉන්න රටක මේවාගේ ලිපි කොච්චර දම්මත් වැඩක් නෑ (අ)

:       0       0

තුෂාන් Wednesday, 26 September 2012 08:03 PM

ඒවා කොහෙද

:       0       0

සේනානායක Saturday, 22 September 2012 11:22 PM

අමන දනන් ගැරහූවත් සතර අතේ මේවා නොකෙරුවොත් අපි හාමතේ පුතේ... (නි)

:       0       0

මනම්පේරි Saturday, 22 September 2012 02:37 PM

ඕකේ හෝටල් ගහන්න ආවොත් අපි බලාගන්නම්.....(ස)

:       0       0

ගයාන් Saturday, 22 September 2012 02:32 PM

කෝ මේවට වග කිවයුතු පුද්ගලයින්..!(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 22 September 2012 02:50 PM

මහත්වරුණේ ළග බලන්න එපා දුර බලන්න.. වතුරත් නැති එකේ.. රස්සාවලුත් අඩු එකේ අඩුම ගානේ හෝටල් ටිකවත් හැදුවනම් ගමේ කට්ටියට රස්සාවල් ලැබෙයි.. කැලේ අය වගේ ක්‍රිකට් එහෙම සෙල්ලම් කරලා ඉන්නයි තියෙන්නේ.. (නු)

:       0       0

වාසල Saturday, 22 September 2012 02:57 PM

" දෙයියනේ මොනවද මේ අහන්න ලැබෙන්නේ...... මේ යන විදියට තව පරපුරකට තියා අපිටවත් මේ උරුම නැති වේවි..(ස)

:       0       0

රාජා Saturday, 22 September 2012 03:05 PM

මටත් එකවරම මතක් උනේ නන්දාමාලිනී මහත්මියගේ සිංදුව. සීගිරිය නොබලපු කට්ටියත් ඉන්න රටේ ගල් කොරියක් නොදැම්මොත් තමයි පුදුම වෙන්න ඕනෙ.(ස)

:       0       0

රණතුංග Saturday, 22 September 2012 03:05 PM

මේ කරන අපරාද නිසා තමයි ලංකාවට හරියන්නේ නැත්තේ.. එන්න එන්නම වැටෙනවා..!(නු)

:       0       0

සිල්වා Saturday, 22 September 2012 03:12 PM

ක්‍රිකට් ක්‍රීඩකයෝ හෝටල් ගහන්නේ නැතුව බෝල් ගැහුවනම් ඉවරයිනේ...(ස)

:       0       0

නිරන් සෞදි Saturday, 22 September 2012 03:18 PM

මේවට අනුබල දෙන අයට ජාතියක් ජම්මයක් නැති අය කියලයි හිතෙන්නේ.. අපේ ලේ රත්වෙන එක විතරයි මේ දේවල් බලා ඉදලා වෙන්නෙ..!(නු)

:       0       0

උමාලි Saturday, 22 September 2012 03:12 PM

‍මේක වරදක් නැහැ ඒ ප්‍රදේශයේ මිනිසුන්ට යහපතක් වෙනවා නම්.. සීගිරියට තව හෝටල් අවශ්‍යයි.. මේ වගේ මින්නේරිය පොලොන්නරුව අනුරාධපුරය වැව් ආසන්නයේ ඉඩම් ආයෝජකයින්ට ලබා දෙන්න..!(නු)

:       0       0

සිරි Saturday, 22 September 2012 03:15 PM

ඔය හෝටලය ලඟම ක්‍රීඩා පිටියකටත් බිම් කොටසක් වෙන් කර ගන්න.එතකොට හරි ..(ස)

:       0       0

කාලිංග Sunday, 23 September 2012 06:42 AM

මටත් අක්කර 2ක් විතර ගන්න පුලුවන්ද? (නි)

:       0       0

චන්දන Saturday, 22 September 2012 03:24 PM

සංචාරක කර්මාන්තයට හොදක්ද

:       0       0

සම්පත් Saturday, 22 September 2012 03:31 PM

වැඩේ නරකමත් නැහැ

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Saturday, 22 September 2012 03:27 PM

ඔය කට්ටිය කණ්ඩලම හෝටලය හදනකෙටත් නැති ලෙඩ දැම්මා.. මොකද උනේ අද ඒ අයම ඒකට ගිහිං කනවා බොනවා..කණ්ඩලම මොකද සීගිරිය මොකද රටක් දියුණු වෙනවාට අකුල් හෙලන්න එපා.. මේ විසි එක්වන ශතවර්ශය..!(නු)

:       0       0

ජනක Saturday, 22 September 2012 03:28 PM

කවුද ඒ ක්‍රීඩකයා....(ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 22 September 2012 03:37 PM

අපේ මූතූන් මිත්තන් එදා රැක ගෙන ආ ඓතිහාසික වටිනාකමින් යූත් පවූරානික වස්තූන් සහ භූමි විනාශය කරනකමි බළධාරීන් නිදිද...? මිළ කල නොහැකි මෙවැනි භූමිවල හෝටල් ඉදිකිරීම හරිද..? එවැනි ඉදිකිරීමි වලට වෙනත් ස්ථාන නැද්ද...? වගකිය යූතු මැති ඇමති වරු කෝ...? (ස)

:       0       0

දයා සෞදි Saturday, 22 September 2012 03:32 PM

මට පේනෙන විදියට දේශපානනයට බර අය මේ ශතවර්ශය තුලම අපේ මුළු සංස්කෘතික ත්‍රිකෝණයම රෝල් කරලා දමයි වගේ..!(නු)

:       0       0

ප්‍රියලාල් Saturday, 22 September 2012 03:32 PM

කාටද පුළුවං උනේ කණ්ඩලම හෝටලය සෑදීම නවත්තන්න? නමුත් අද කණ්ඩලම ඉතාම හොදින් ක්‍රියාත්මක වෙනවා.!(නු)

:       0       0

සේනානායක Saturday, 22 September 2012 03:37 PM

රටේ සම්පත් මෙහෙම විනාශ වෙන්න දෙන්න බැහැ.. (නු)

:       0       0

සේනානායක Saturday, 22 September 2012 03:46 PM

රට කරවන්නනම් මසුරන් නැතුව බැරි - වටිනා කියන දේ විකිණිය යුතුය රටේ(ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 22 September 2012 03:53 PM

රටවල්වල සූද්දෝ මෙවැනි වටිනා කියන දේවල් රැක ගෙන ආරක්සා කරන විට අපේ රටේ ඉන්න අය ඒවා විනාශ කරනවා.....අපේ රටට ගිය කලක්...(ස)

:       0       0

චානක Sunday, 23 September 2012 08:51 AM

අපේ පාලකයො මොකද කරන්නේ? කොහොමද රටට අයිති දේවල් හිතුන හිතුන අයට දෙන්නේ? කිසිම විනිවිද භාවයක් නෑ..

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 23 September 2012 09:04 AM

කෝ අර පුරාවිද්‍යා චක්‍රවර්තිලා? ඇයි නිශ්ෂබ්ද? කෝ ඉස්සර සීගිරිය විකුනනවෝ කියා කැගහපු අය? මේවා ජේ ආර් කරනකොට විතරද නරක?

:       0       0

සඳුන් Saturday, 22 September 2012 04:16 PM

අයි.පී.එල් ගිය කෙනෙක්ද ? (ස)

:       0       0

පීරිස් Saturday, 22 September 2012 05:14 PM

මුදලට යට වෙනවා (අ)

:       0       0

සිල්වා Saturday, 22 September 2012 05:19 PM

මට හිතෙන්නේ එයා වල්ගා තරුවක්. ඒවා පායන්නේ ටික කාලයයි. (නි)

:       0       0

අසංග Saturday, 22 September 2012 05:34 PM

අනේ අවාසනාවන් අපෙ මව්බිම..!(නු)

:       0       0

අචිනි Saturday, 22 September 2012 05:28 PM

හොද හයියක් තියෙන කෙනෙක් මොනවා උනත්.!(නු)

:       0       0

උපාලි Sunday, 23 September 2012 11:24 AM

මොකද්ද මේ වෙන්නේ

:       0       0

ප්‍රදිප් Saturday, 22 September 2012 06:09 PM

ඔතනම පිට්ටනියක් හදලා අලින්ට ක්‍රිකට් ගහන්න පුරැදු කළානම් හරි එතකොටෙ වැඩ දෙකම වෙනවා.!(නු)

:       0       0

දයා සෞදි Saturday, 22 September 2012 06:12 PM

සීගිරිය මුදුනෙම හෝටලය ගැහැවනම් හොදයි නේද?(නු)

:       0       0

ඩෙන්සිල් කුරුණෑගල Saturday, 22 September 2012 06:21 PM

ඉස්සර නම් කිව්වෙ මම මේ රටේ භාරකාරය විතරයි කියලා.. දැං බාර ඔප්පු කරනවා වගේ..!(නු)

:       0       0

මාලක Saturday, 22 September 2012 06:19 PM

කෝ මේ විමල්..!(නු)

:       0       0

රසිකා Saturday, 22 September 2012 06:20 PM

නන්දා මාලනියගේ.. රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ. අගනා කියන දේ විකිණිය යුතුය රටේ ...

:       0       0

අනුර Saturday, 22 September 2012 06:25 PM

ගිය ආත්මයේ පිං කරපු අය වෙන්න ඇති.. අනේ තව තවත් ලැබන්න ඕන.. අපි රැපියල් 2500න් ජීවත් වෙන්නම්..!(නු)

:       0       0

සුජිත් Saturday, 22 September 2012 06:26 PM

ක්‍රීඩකයා කවුද?(නු)

:       0       0

ගයා Saturday, 22 September 2012 06:49 PM

වනජීවී නිලධාරීන් මොනවාද දන්නේ..!(නු)

:       0       0

දේශප්‍රිය Saturday, 22 September 2012 06:56 PM

මොකුත් කියන්න එපා..!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 22 September 2012 07:07 PM

සොබාව සෞන්දර්යේ අසිරිය විදිය හැකි අයුරින් එයට හානි නොවන අයුරින් කණ්ඩලම හෝටලය, අමායා ලේක් වගේ එකක් හැදුවට කමක් නැහැ.. මම නම් කැමතියි..!(නු)

:       0       0

සිරි Saturday, 22 September 2012 07:11 PM

සීගිරිය අපේ විතරක් නේවෙයි.. ලෝක සංස්කෘතික උරැමයක්.. මේවා වනසන්නේ එවන් වටිනා සම්පතක්.. යුනෙස්කෝ අවධානය වෙත යොමු කළ හැකිදැයි සිතේ..!(නු)

:       0       0

සිරි Saturday, 22 September 2012 07:28 PM

අාදි වාසීන්ට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක වුවත් මෙවන් ලෝක සංස්කෘතික උරුමයක් රැක ගැනීමට එය පණ මදි.(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 22 September 2012 07:29 PM

සිගිරි කැළේ ක්‍රිකට් ගැහුවේ නුඹයි පුතේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 982 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2019 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1062 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 352 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1579 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1108 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site