පෙරළන්න බැරි යැයි කියපු සීගිරි පර්වත වගේ ඒවත් මම පසුගිය කාලයේදී පෙරළුවා. මම ක‍්‍රීඩා ඇමැති ධුරයේ ඉන්නකන් කාටවත් යටවෙන්නෙ නෑ. ජනාධිපතිතුමා මට ක‍්‍රීඩා ඇමැතිධුරය පැවරුවේ හරි දේ කරන්නයි. ඒක මම මොන බලපෑම් ආවත් ඉදිරියට කරනවා යයි ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාපන්දු නිවසේ ඊයේ (23) පැවැති නියෝජිත හමුවේදී පැවසීය.
ඒ සඳහා පාපන්දු ලීග නියෝජිතයන් ඇතුළු පාපන්දු සම්මේලනයේ නිලධාරිහු සහභාගි වී සිටියහ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෑතදී සිදුවූ පරිපාලන වෙනස්කම් වලින් පසු ක‍්‍රීඩා ඇමැතිවරයා පාපන්දු මූලස්ථානයට පැමිණි පළමු අවස්ථාව එය වේ.
පාපන්දු නියෝජිතයන් අමතමින් ක‍්‍රීඩා ඇමැතිවරයා එහිදී පැවසුවේ රජයක් හැටියට පසුගිය කාලයේදී පාපන්දු පරිපාලනයට අතපෙවීමට සිදුවූ බවයි. පසුගිය පාපන්දු පරිපාලනයේ වැරදි සම්බන්ධයෙන් විටින් විට අනතුරු ඇඟවීම් ගණනාවක් කළත් ඒවාට ඇහුම්කන් නොදී සිිටින තත්ත්වයක් තුළ පාපන්දු පරිපාලනය වෙනස් කරන්න තමාට සිදුවූ බවත් ඇමැතිවරයා පැවසීය.
සභාව අමතමින් ක‍්‍රීඩා ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
”පාපන්දු සම්මේලනයේ දැන් ඉන්න අයගේ සුදුසුකම් ගැන කතා කළොත් ඔක්කොම පේල්. හරියට කිව්වොත් නිලධාරින් සියයට 60කගෙ විතර නිලතල දරන්න ක‍්‍රීඩා පනතට අනුව සුදුසුකම් නෑ. නමුත් පරිපාලනය හොඳට කරගෙන යනකන් ඒ ගැන අමාත්‍යංශය කතා කරන්නෙ නෑ. ඡන්දෙන් පත් වෙන නිලධාරින් පැත්තක දාල පහුගිය කාලයේ පාපන්දු පරිපාලනය කළේ පරිපාලන කමිටුව කියන එකක්. නිලවරණයක් තියල කළේ ඒ අයගේ හිතවත් අය නිලතලවලට දාගෙන එදාට පැමිණි ලීග් නියෝජිතයන්ට කෝට් එක බැගින් දීලා හොඳට කන්න බොන්න දීලා අරින එකයි.
ඒක අපි නතර කළේ මේ පරිපාලන කමිටුව අයින් කරලා ඡන්දෙන් පත්වෙච්ච නිලධාරින්ට පාපන්දු පරිපාලනය පවරා දීලයි.
දැන් ලීග් එකකට හම්බ වෙන්නෙ අවුරුද්දට 25,000යි. නමුත් පාපන්දු සම්මේලනයේ ඉඳගෙන පිටරටින් ඩොලර් දෙලක්ෂ පනස් දහසක පඩිගන්න අයත් පාපන්දු සම්මේලනයේ හිටියා.
පසුගිය කාලයේදී පාපන්දු සම්මේලනයේ සභාපතිටත් මූලස්ථානයේ වාඩිවෙන්න පුටුවක් තිබ්බෙ නෑ. ඒ ඔක්කොටම උඩින් හිටියේ විධායක කියලා හඳුන්වපු නිලධාරියෙක්. මම කියන්නේ මේ රටේ එක පාපන්දු ලීගයක අඩුව ක‍්‍රීඩා සමාජ 25ක්වත් ක‍්‍රියාත්මක වෙන්න ඕනෑ. එහෙම වුණොත් දැන් අපි දෙන්න සූදානම් කරලා තිබෙන රුපියල් දෙලක්ෂයක් වන ගෙවීම ලක්ෂ පහක් කරන්න සූදානම්. අඩුම ක‍්‍රීඩා සමාජ 15ක් කළොත් ඒත් අපි ලීගයකට දෙන මුදල වැඩි කරනවා.
පාපන්දු සම්මේලනයේ පසුගිය කාලයේ වුණු ගනුදෙනු කීපයක් ගැන දැන් පරීක්ෂණයක් කෙරෙනවා. ඒක අවසන් වන තුරු ඒ ගැන අපි කතා කරන්නෙ නෑ. ජාතික පාපන්දු කණ්ඩායමට පසුගිය කාලයේ සමහර ක‍්‍රීඩකයන් ඇතුළත් කළේ සමහරුන්ගේ හිතවත්කම්වලට. දැන් බ‍්‍රසීල පුහුණුකරුවන් ඇවිත් ඉන්නවා. ඒ දේවල් ඉදිරියේදි සිද්ධවෙන්න ඉඩ තියෙන්නෙ නෑ.
ඉදිරියේදී ජාතික පාපන්දු සංචිතයේ ක‍්‍රීඩකයකුට රුපියල් 20,000ක් දක්වා දීමනා වැඩි කරන්නත් අප බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ ක‍්‍රීඩකයන් අවුරුද්දට දවස් 365හේම පාපන්දු ක‍්‍රීඩාව කරන්න ඕනෙ කියලා අපි කියනවා.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසුවේ 1998න් පසු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයකු ලෝක පාපන්දු සමුළුවේ සභාපති ජෝශප් බ්ලැටර් මහතා හමුවූ පළමු අවස්ථාව ලෙස තමාට ඔහු මුණගැසී සාකච්ඡ කිරීමේ අවස්ථාව ලැබුණු බවයි.
”දැන් අපට ගැටළුවක් නෑ. සල්ලි ඕන තරම් තිබෙනවා. පාපන්දු ක‍්‍රීඩාව දියුණුකරන්න ඒ ගැන කවුරුත් බයවෙන්න එපා. පාපන්දු විධායක සභාවෙ මගෙ කකුලෙන් අදින අයත් ඉන්නවා. හැබැයි මම ඒවාට බය නෑ. මම තාම ඒ අයගෙ කකුලෙන් අදින්න ගත්තෙ නෑ.
මට මේ අවුරුදු දෙක කරගෙන යන්න සහයෝගය දෙන්න. හොඳ නම් තවත් අවුරුදු දෙකක් දෙන්න. අවශ්‍ය නම් ක‍්‍රීඩා ඇමැතිවරයාට ඒක අවුරුදු හයක් දක්වා කරන්නත් පුළුවන්. පහුගිය කාලෙදි පාපන්දු නිවසෙ සභාපතිටත් පුටුවක් තිබ්බෙ නෑ. දැන් සභාපතිට විතරක් නෙමේ ප‍්‍රධාන ලේකම්වරයාටත් පාපන්දු නිවසේ කාමරයක් තිබෙනවා යයිද රුද්‍රිගු මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
(ඡයාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පාපන්දු නිවසේදී ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාපන්දු නියෝජිතයන් ඇමතූ අයුරු... ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු, පාපන්දු සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති රියර් අද්මිරාල් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර යන මහත්වරු ද මෙහි වෙති. රත්නපුර පාපන්දු ලීගයේ සභාපති, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාද මේ අවස්ථාවට සහභාගි විය.
පාපන්දු ලීගයකට පාපන්දු තොගයක් ක‍්‍රීඩා ඇමැතිවරයා අතින් ප‍්‍රදානය කළ අයුරු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සීගිරිය කුඩු කර විකුනන ලලනාවෝ අරන් යන්න හදන්නේ.(නදී)
සිගිරි ගලෙන් පෙරලුනා නම් කෙහෙද
ඔහොම කියන හුගක් අයගේ නෝනලා එයාලවත් පෙරලාගෙනම යන්නම ගිහින් (නි)
බලය තිබුනාට මොලේ නැහැ. මේගොල්ලන් හිතාගෙන ඉන්නේ ලොකු විරෝයෝ කියලා. අලි කිපෙනව ව්ගේ නොවෙයි ජනතාව කිපෙනකොට ඔය කතා දාලා දුවන්වෙයි එදාට.(නදී)
ඇත්තටම මේ ඇමති තුමා පර්වත පෙරලන කෙනෙක්ද ? ඔලිම්පික් යවන්න ඕනේ අපේ ඇමති තුමාව පර්වත පෙරලන තරඟයකට.(නදී)
සිගිරිය පෙරලුවා කිවුවම අත්අංගුවට ගත යුතුයි. පුරා විද්‍යා ස්තානයක් පෙරලුවා කියලා තම කටින්ම කිවුවේ (නි)
ඔබතුමාගේ කතාව වගේම ක්‍රියාවත් බලමු බලමු ! නමුත් ගෙවන මුදල නම් අද කාලයට දොයිතුවයි. (නදී)
මට කුමාරතුංග මුනිදාසයන්ගේ "හීන්සැරය" මතක් වෙනවා.(නදී)
අර දුටුගැමුණු කතාවේ අනික.(නදී)
දෝලාවෙන් ගමන පයින්.(නදී)
ඒත් අපි නම් සීගිරියක් තියා පෙරලුන අග්ගලයක්වත් දැක්කේ නැහැනේ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මනිලාල් ලොකුම පර්වතය.(නදී)
ඇත්තටම රටක සංවර්ධනය මනින ඒකකයක් වශයෙන් ක්‍රීඩාවට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි.ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළියට පමණක් දෙවෙනි වන ,අවුරුදු 4 වරක් පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නිදසුන්ය. ශ්‍රී ලංකා පාපන්දු තරගාවලිය ගැන මීට වැඩ සැළකිල්ලක් දැක්වීමට ඔබතුමන්ලාට යුතුකමක් මෙන්ම වගකීමක් ද ඇත.සතියේ දින පහෙන් එක් දිනක් ලාකංදිප පුවත්පතේ අතිරේකයක් වශෙයෙන් ශ්‍රී ලංකා පාපන්දු තරගාවලිය වාර්තා කරන ලෙස සහ ඊට සැප්තැම්බර් මස පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ඉලක්ක කරනමෙන් ඉතා යටහත් පත්ව ඉල්ලා සිටිමු. (නි)
අද දවසේ කුලී වැඩටත් දවසට රුපි.1000ක් ගෙවන එකේ මාසෙට 20000/ සුළු ගණනක්නේ..? (නි)
අනේද කියන්නේ කිවුවලු (නි)
පාපන්දුවට මොකද වෙන්නේ (ස)
ඔය කිවුවේ ඇත්ත නිමල්.මේවා අහන අපට පිස්සූ. (නි)
ඇමති පෙරලපු පර්වතයන් කොහාටද වැටුනේ. මට බයත් හිතෙනවා සීගිරියත් මේයා පෙරලයිද කියලා.(නදී)