අඩි දොළහක වට ප්‍රමාණයකින් යුත් අඩි තිහක් පමණ උසැති පලු ගසක, වසර 17 කට පෙර හෙළ කලාකරුවකු අතින් සීගිරිය කලා පුරයේදී විෂ්ණූ දෙවියන්ගේ ප්‍රතිමාවක්ද ,භද්‍රකාලී ප්‍රතිමාවද නෙළා ඇත.
මෙම දෙවොල ඉදිරිපිට 19 රාත්‍රී සහ 20 අලුයම ශාන්තිකර්මයක් පැවැත්විණි.
රණසිංහ ප්‍රේමදාස මහතා ජනපති සමයේ සිංහාසනයක් නිර්මාණය කළ කලාශූරී ආර් කේ විජේරත්න වෙදමහතා පිළිම නෙළීමට වසර දෙකක් ගත කළ බව දැනගන්නට ඇත.
රාත්‍රීයේ දේව කන්නලව් සහ දේව ආභරණ පැලැදැවීමෙන් ආරම්භ කළ මෙම වැඩසටහන 20 වැනි දින අලුයම විෂ්ණූ දෙවියන් උදෙසා නිල් මල් හා කිරි ආහාර පළතුරු පුජා කිරීමෙන් අවසන් විය.
සමස්ත ලෝකවාසී ජනතාවට සාමය හා සෞභාග්‍ය උදා කරලීමේ අරමුණින් දේව කන්නලව්ව පැවැත්විණි.
දේව ප්‍රතිමා නෙළීමෙන් වසර කිහිපයකට පසු ගස මැරී ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්...කලාකරුවාණෙනි, ඔබ වැනි කෙනෙක් රටට යහපතක් (නි)
ආගමක් දහමක් සම්ප්‍රදායක් සංස්කෘතියක් නැති අඳුරෙන් අඳුරට යන්නන් ගැන මොනවා කියන්නද........මේ මහතා කරපු පුණ්‍ය කර්මය විවේචනය කරන සහෝදර සහෝදරියන්ට ඒ වගේ දෙයක් හිතන්න තියා හුස්මක් ගන්න පුලුවන්ද කියා හදවතින් අහන්න......ඔබතුමා රටට ජාතියට ආගමට ආදර්ශයකි..... (ස)
අතීතයේ මිනිස්සු ගස් ගල් අව්ව වැස්ස ඇදහුවා.අද භෞතිකවාදීන් වැඩියි.ඒ නිසා ප්‍රශ්න උග්‍රයි.දෑස ඇති අයට නුවණ ඇති අයට එය වැටහේ.එහෙත් අන්ධ බාල මිනිසුන් ලෝකාන්තරික නරකයේ පැසෙනවුන් සේ කටයුතු කරයි.ඒ ඔවුන්ගේ ක්‍රමයයි. ජාතියත් මනුෂ්‍යත්වයත් ස්වාධීන කරවන්ට දරන පින් කිරීමක් නො අදහන්නෝ ප්‍රේතයෝ ය.ආධ්‍යාත්මික සුවය උදෙසා කරන ලද පූජාව මිනිස් ජීවිතය සකසන පූජාවකි.මෙය යමෙකු අන්ධ ඇසින් බලා ගන්නා වූ මෝඩ තීරණයක් සේ වැටහුන අයට නුවණැසින් බලන මෙන් ඉල්ලමි. සොබා දහම තුළ ජීවත් වන කවුරුත් එම සොබා දහමට ඇලුම් කළ යුතුය. පරාධීන නොවිය යුතු ය. ස්වශක්තිය නගා සිටුවා ගත යුතු ය. (ස)
දුමින්ද සහෝදරයා පලු ගහ ගැන දුක ඔයාගේ වත්තේ පලු ගහක් ද??නැත්නම් ඔයාගේ අප්පාගේ ඉඩමේ එකක් නිසාද......ඔයාට ඒ දෙයක් හිතන්න ශක්තියක් වත් තියනවද??? (ස)
මෙතැන ගස්, ගල්, රූප වඳින්න ආපු කිසිම කෙනෙක් නැත.ඒවා ගැන විශ්වාසයක් නැත.ඇසට පෙනෙන ලොව පමණක් විස්වාස කරන මිනිසුන්ට ඇසට නොපෙනෙන ලෝකයේ මිල කල නොහැකි වටිනාකම පෙන්වා දෙන ඔබ අපට වටිනා සම්පතකි .ඔබගේ වෙනස් වීම තුලින්ම ඔබ සතුටු වන්න.එවිට ලෝකයම වෙනස් වේවි. සංවාදයට එන්න.... (ස)
කෝලිත සහෝදරයා, ඔයා දෙමාපියන්ට ගරු කරන කෙනෙක් නොවේ කියලා මුළු ලෝකෙටම පෙනුනා.මොකද ඔයා තාත්තාට ගරු කරන කෙනෙක් නම් ඒ වගේ වචනයක් කටින් පිට වෙයිද අවුරුදු 74 ක් වයසක කෙනෙක්ට,,,,,,?????දෙමාපියන්ගේ වැරදි ,ආගමක් දහමක් නැතිව හැදුන මිනිස්සු,,,අනේ මෙහෙමත් ලෝකයක්..... (ස)
හොඳට නරකට දෙකට කටමය,,,,,,,දෙවියන් බුදුන් හොඳට අදහන කෙනෙක්,,,,ඒ දෙයින් සල්ලි හම්බ කරන්න උවමනාවක් නැ.සල්ලි වලට කිසි ආශාවක් නැති කෙනෙක් වෙදමහතා.ඔයාලගේ ඔය මානසිකත්වයට ප්‍රතිකාරයක් ගන්න ඉස්සරලා, නැත්නම් ලොකු බලපෑමක් වෙයි ජිවිතයේ.... (ස)
සල්ලි හොයන්න මේ වගේ පුණ්‍ය කර්මයන් කරන කෙනෙක් නොවේ වෙද මහත්තො.මොකද දෙවියන් බුදුන් අදහන හොඳ බෞද්ධයෙක්.හොඳට නරකට දෙකට කටමය,,,,කට කැඩිච්ච දේවල් කියන්න එපා. දෙයියන් බුදුන් අදහන රටේ,, (ස)
සහෝදර සහෝදරියනි,මනසට වඩා බුද්ධියට ඉඩ දෙන්න.මෙම පුණ්‍යකර්ම සමච්චලයට නොගන්න.දෙවියන් බුදුන් අදහනවා නම් ඔබගේ මානසිකත්වය සුවපත් වේවි. (නි)
වයස 74 ක් වන මෙම අනර්ඝ කලාකරුවාට ගුණ සලකනවා වෙනුවට ඒක සමච්චල් කරන අපේ සහෝදර සහෝදරියන් ගැන ලජ්ජාවට කරුණක් නොවේද....... (ස)
කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්........... ............... මේ වැකි වල සත්‍ය වාදය ප්‍රකාශ වන්නේ දැන් නොවේද?? (ස)
මෙම නිර්මාණය පිහිටි ඉඩම තුල ඉර .හඳ, මුහුද, මහ පොළව, නවක් ග්‍රහා මණ්ඩලය සිසාරා ඇති සක්විති නැකත අනුව සිදු කල පූජාවකි .මෙම පූජාව තුලින් රටට, රට වැසියන්ට සෙතක් උදාවේ. වයස 74 ඇති මෙම කලාකරුවට දිගු කලක් ජීවත් වීමට ශක්තිය ලැබේවා.... (ස)
ගමට, රටට සෙත් පතා මෙම කලාකරුවා කලේ මහා පුණ්‍ය කර්මයකි.එතුමගේ ඉඩම තුල පිහිටි දීරා පත් වෙමින් තිබුණු මහා රූස්ස ගසෙන් කපාගත් ලී කොටයකි .මහා වන මැදින් මඩ වගුරු මැදින් ඉතාම දුෂ්කර ලෙස ගෙනවිත් කරන ලද නිර්මාණයකි.මෙම වෙද මහතා මුදල් සොයා යන පුද්ගලයෙක් නොවේ. (ස)
මෙම ෆොටෝ දුටුගමන් ඔයාලට ගස් මතක් වුණාද?මෙම ගස මැරුණු එකකි.මෙම ගසට ජීවය දුන් කලාකරුවා ජාතික සම්පතකි.ජනාධිපතිවරුන්ගෙන් සම්මාන ලද ජාතික කලාකරුවෙකි (නි)
බයිබලයේ දස පනතේ පළමු පදයම රූප වන්දමානය තහනම් කිරීම. එහෙත් සියලුම කතෝලිකයන් කරන්නේ අද රූප වන්දමානයයි. එය බෞද්ධයන්ද අද හින්දු ආක්‍රමණය සමග වැළඳගෙන තිබේ. අප යථාර්තයෙන් පිට පැන ඇත (නි)
මේවා අහලා දැකලා මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ.කවුරුන් හරි හොද දෙයක් කළොත් ඒක විවේචනය කරන එක අපේ ලාංකිකයන්ගේ පුරුද්දක්. ඔබතුමන් ගැන මම නම් ආඩම්බර වෙමි. (නි)
පළමුවෙන්ම ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මේ කරපු දෙය රටට ගමට සෞභාග්‍යයක් වේවා! සියළු සිතුම් පැතුම් ඉටු වේවා! (නි)
මේ පුණ්‍ය කර්මය ගැන මම ආඩම්බර වෙමි.ඒ වගේම ඔබට නිදුක් නිරෝගී සුවය පළමුවෙන්ම ප්‍රාර්ථනා කරමි (නි)
කෝලිත ,ඔබ හරිම මෝඩ ගොනෙක් කියල ලෝකෙම ප්‍රසිද්ද වුණා නේද (දිල්)
අපි බුදුන් සහ දෙවියන් විශ්වාස කරන්නේ නම් අපි සියළු දෙනාම දිනුවා වේ (නි)
කාංචන ඔබගේ වර්ටකරණයේ වරදක් සිදුවී ඇත.එය නිවරදී කරන්න .මෙම දීරපත් වූ ගසට ජීවය දුන් කලාකරුවා ගැන,ගස දීරා පත් වූ පසු පිළිම නෙලා ඇති බව .ලංකාව පුරා බැතිමතුන් සහබාගි වූණේ ගස්,ගල් වලට වැදීමට නොව මහත් බත්ටියකින් යුක්ත පූජාවකටය. ලංකාව පුරා විසාල පිරිසක් මෙම පූජාවට සහබාගි වූ බව.කොලිත වෙනි අයගේ පණිවිඩ බලා නිවරදි කරන්න.ඔබගේ නිවරදි කිරීම වේද මහතාට ගෞරවයක් වෙවී.(දිල්)
ඔබ අපට මිල කළ නොහැකි සම්පතකි.ඔබතුමා මට මෙන්ම දහසක් දෙනාට අදුරෙන් ආලෝකයට යන මග පහදා දුන් අයෙකි (නි)
මෙහි සදහන් විවිධ අදහස් දෙස බලන විට පැහැදිලි වන්නේ අජීවී ගසකට ප්‍රාණය දුන් විජේරත්න වෙදමහතා සැබෙවින්ම කලාකරුවෙකු බවට පත්ව ඇති බවකි. මන්ද .ගිලිහි යන විවිධ සංස්කෘතික අංග මෙසේ හෝ ආරක්ෂා කිරීමත් අප විසින් අගය කල යුතුය. (අ)
ඔහු මහා කලාකරුවෙකි. රට ඔප කරන දෙද ඇදුරෙක්ය. ගත සුවපත් කරන ඇදුරුතුමෙකි. හිත දුක දැන සෙත සාදන කාටත් පිහිට වන ඔහු දෙවියෙක් වැනිය. (නි)
මිගිද ,ජීවමානව ඉන්න මිනිසුන් හට තමා මෙම උතුම් ක්‍රියාවලීය කලේ.ඔබ මෙම නිව්ස් එකේ වීඩියෝ ක්ලිප් එක බලාගන්න .එතකොට සියසින්ම බලාගන්න පුළුවන් වේවි ජීවමාන මිනිසුන්ට මෙම දානය දුන් බවට..(නදී)
සමීර,,,,, ඔබ මෝඩ මිනිසුන් කියන්නේ කුමන අදහසක් ඇතුවද?? (ස)
මෝඩ මිනිස්සු.... (ස)
විජේරත්න ගුරු පියාණනි.... ඔබ තුමන්ගේ මෙම කර්තව්‍ය ඉතා අගන එකකි....ඔබ තුමා මගේ ජීවිතය ගොඩ ගත්තා වගේ කී දෙනෙකුගේ ජීවිතය බේරා ගන්න ඇත්ද?????.ඔබ තුමන්ට ම සදා නය ගැති.....(අ)
අාගම් බේදයකින් ජාති බේදයකින් තොරව මේ පුණ්‍යකර්ම රටට ජාතියට වාසනාවන්! නොදන්නන්ගේ අවමාන වලට නොසැලී සිටින්න. ඔබට ජය! (නි)
ගුරු පියාණනි.. ඔබගේ පුණ්‍ය කර්මය රටට ආශීර්වාදයක් වේවා,,,,ඔබ තුමා දිගුකල් ජීවත් වේවා,,,, ඔබගේ මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් රටට ගමට ශාන්තියක් වේවා....ඔබ තුමා නොසැලී සිටින්න,,,,ආගම බේදයන් තුරන් වේවා කියා ප්‍රර්ථනා කරමි,(අ)
කුමාර් කට පරිස්සම් කරගන්න .(නදී)
ඔබගේ චරිතය යක්ශාවේශයෙන් දකීනම් ඔබට ලෝකයේ දකින හැම හොද දෙයක්ම යකුන් මෙන් පෙනෙනු ඇත.කිනම් ආගමක වුවත් හොද දෙයක් කර හොද දෙයක් පෙන්වා දීම මහා දානයක් බව ඔබ නොදන්නවාද? (නි)
ගුරු පියාණනි, ඔබට රත්නත්‍රයේ පිහිට ලැබේවා! (නි)
පියාණනි, ඔබතුමාගේ ශක්තිය මහා ගල් පර්වතයක් වැනිය.ඔබතුමන්ගේ කරුණාව මහා සාගරය වැනිය.ඔබතුමන්ගේ ඉවසීමේ ශක්තිය සුළගක් වැනිය.ඔබතුමන් ගැන මා කවදත් ආඩම්බර වෙමි.ඔබ මගේ පියාණන් වීම ගැන මා දෙවියන්ට පින් දෙමි. ඔබතුමන්ගේ හදවතේ පිරිසිදු පිවිතුරුකම මා අගය කරමි.මගේ පියාණනි, ඔබට දිර්ඝායූෂ ලැබේවා! ඔබ අපට සම්පතකි (නි)
මෝඩ මිනිසුනේ, සංස්කෘතියට ගරු කරන්න.විජේරත්න වෙද මහතාණනි, ඔබගේ මෙම පුජාව මම අගය කරමි. (නි)
පියාණෙනි, ඔබේ කර්තව්‍යය ඉතා උසස් ලෙස අගය කරමි. අන්‍ය ආගමිකයන් හෝ මෙම උතුම් ක්‍රියාවෙහි අගය නොදත් එහි පහස නොලත් නුගත් මිනිසුන්ගේ කතා හමුවේ ඔබ නොසැළෙන්න (නි)
පළමුව මේ මා හට කරපු පුණ්‍ය කර්මය අගය කරමි...ශ්‍රී ලාංකිකයන් වන අප ලජ්ජා විය යුතු කරුණකි. ඒ දෙය ප්‍රශංසා නොකර විවේචනය කිරීම..මොකද අද රටේ තරුණ පරපුර ඇස් වහන් කරන නන්ට්ටර වැඩ වලට වඩා අවුරුදු 74 ක වයසැති පුද්ගලයෙක් කරපු පුණ්‍ය කර්මය අනර්ඝ නොවේද......මම ගරු කරමි හදවතින්,,,,, (ස)
ආගමක් ජාතියක් විහිලුවට ගන්න මිනිසුන්ට සංස්කෘතියක් නැත.ඒ අයට හොඳ නරක නොතේරෙන අන්ධයන් බවට පත් වී ඇත.අවි ගත්තෝ අවියෙන් නැසේ.විජේරත්න වෙද මහතාණෙනි ඔබ තුමන් රටට ආඩම්බරයකි. (ස)
ආගමට දහමට සංස්කෘතියට ගරහන එක පුද්ගලයෙක් හෝ පුද්ගලියකගේ මානසික සුවයක් ඇත්ද කියා හදවතින් අහන්න,,,,ඇස් අන්ධ මිනිසුන් වර්ණවත් ලෝකයයක ජීවත් වෙන්නේ,,,,,කාලයාගේ වැරදි විජේරත්න වෙද මහතාණනි ඔබට මම ගරු කරමි... (ස)
කුමාර් මාළුවත් නහින්නේ කට නිසා. කවදා හරි ඔබටත් වෙන්නේ ඒ දෙයමයි.(නදී)
හින්දු දහමට අනුව අපේ රාවන රජ්ජුරුවෝ සතුරෙක්. හැම අවුරුද්දේම ගිනි තියනවා. එහෙම කරද්දී, මේ අපි වඳිනවා, ඒ මදිවට එහෙම ගිනි තියන තරමට මෙහෙ කෝවිල් හදන්න යනවා. (නදී)
ජෝන් සහෝදරයා, බියිබලේ ශුද්ධ ලූක් පොතේ 10 පරිච්ඡේදයේ 19 වෙනි පදය කියවන්න. ඔබට ජේසු සමිඳු පිහිටයි. කුමාර්. (නදී)
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.(නදී)
මෝඩ මිනිස්සු. අපරාදේ ගහ.(නදී)
මොකා උනත් ඒ කළා ශුරයා තඩි පලු ගහක් විනාශ කලා' (නදී)
පලතුරු ටික දැක්කම නම් පැන්න ගමන් කන්න හිතෙනවා කලා නිර්මාණය නම් අපූරුයි . එත් පලු ගහ නම් අපරාදේ..(නදී)
තව අවුරුදු 10 -15 ක් යනකොට ලංකාවේ එක බෞද්ධයෙක්වත් ඉතුරුවෙන එකක් නැහැ. අවුරුදු 50 - 60 යනකොට රටේ භාගයක් යැංකි වෙලා අනිත් භාගේ ගල්ගෙවල්වල, ගස්බෙනවල කොළ අතු ඇදගෙන ඉන්නවා බලන්න පුළුවන්. යැංකි වෙන කොටසට වග කියන්න වෙන්නේ මුළු ජීවිතයම පිටරට ඉඳල ජන්දේ ඉල්ලන්න විතරක් ලංකාවට එන මැති ඇමැතිලාගේ දුවල පුතාල බලය අරගන්න නිසා. උන් මේ රට ගැන මොනවත්ම නොදැන රට පාලනය කරන නිසා. කැලේට යන භාගයට වග කියන්න වෙන්නේ රට පුර බිහිවෙලා ඉන්න කපුවෝ, කට්ටඩියෝ,සාස්තර කාරයෝ සහ බුදුන් කියූ මාර්ගයෙන් පිට පැනල තම හිතු හිතු මතයට සංවිධාන,ව්‍යාපාර,අර මල් මේ මල් කණ්ඩායම් හදාගන්නා භික්ෂුන් නිසා. මැදුම් පිළිවෙතේ යන කව්රුවත් නැති වෙනවා.(නදී)
අහෝ දෙවියන් නොබැලු පලු ගස. තමන් රැදී සිටින පලු ගසට සාදාරණයක් නොකළ දෙවියෝ අනුන්ට සාදරනයක් කරයිද?(නදී)
මේවා බුදු දහමට පටහැනි දේවල්. බද්‍ර කාලි රුපය දුටුවම පේනවා එය අප මනසේ තිබෙන දේව රූපයකට වඩා යක්ෂ රූපයකට සමාන බව. මේවා බෞධයන් අතරට හින්දු ආක්‍රමණය වීමක් . අනික රුප වලට ගස් ගල වලට වන්දමාන කිරීම අපව තවත් පහලට ඇද දැමිමක්. මේවා කෙරෙන්නේ ලෝකයේ නුගත් නොදියුණු අප්‍රිකාව සහ ඉන්දියාවේ ඇතැම් ජන කොටස්. සිංහල බෞධයන් හැටියට මෙය නොකිරිය යුතු දෙයක්.(නදී)
ඔබ සිතන තරමට වඩා ඔබ ඔබ්බට යන්න. මම දෙවියන් හැටියට මැටිවත්,ගල්වත්,ගසවත් සළකන්නේ නැත. ඉර හඳ ,මුහුද, ඇතුළු නව ග්‍රහ මණ්ඩලයට කෘත ගුණ සැළකීමක් වශයෙන්ද, පරාධීනත්වයට පත් මනුෂ්‍යයන් ස්වාධීනත්වයට පත්වී සාමය සාමදානය යැති සෞභාග්‍යමත් ජීවිතයකට මගපාදා ගැනීමට හැකි මගකි මෙය. මෙය මැරුණු පළුගසට පණදීමක් මිස ජීවී පළුගසක් මරා දැමීමක් නොවන බව සළකන්න. (නි)
කුමාර්...මිනිස්සුන්ගේ හිත්වල වසර දහස් ගණනක් පැලපදියම් වුනු විස්වාස හෙලා දකින්න හොද නැහැ. ඔබ ඔහොම කිව්වට" කුමාරගම"නම් කිව්වේ"මා නොකෙරුවත් එය ගැරහීම "කියලයි.(නදී)
ජෝන් ඔය බෞද්ධද, දෙමල මිනිස්සු හොඳ නැහැ, දෙමල දෙවියෝ සිංහල මිනිසුන්ට හොඳද? අනේ මගේ කට, ලජ්ජා නැති ජාතියක්.(නදී)
කළා නිර්මාණයක් ලෙස නම් අගයමී,එහෙත්..(නදී)
ජන විස්වාසවලට ගරහන එක හොද මදි නේද .?(නදී)
21 වන සිය වසේ ගස් ගල් වලට වන්දනා මාන කරන ජනතාවක් ශ්‍රී ලංකාවේ ඉන්නවා කියන එකත් ලැජ්ජාවට කරුණක්. මේක තනිකරම මුදල් සෙවීමේ වැඩක් මේවට ප්‍රසිද්දිය දීමද සලකා බැලිය යුතු කරුණක් (නදී)
උත්සාහයෙන් නිමකළ කලා නිර්මාණයක්. හැබැයි, විෂ්ණු දෙවියන් නීල් පාටින් වර්ණවත් කිරීමයි සම්ප්‍රදාය. කුමාර්, ඔබ පෙරදිග සංස්කෘතික සම්ප්‍රදායයන් ගැන කිසිම දෙයක් නොදන්නා බව පේනවා. හින්දු, බෞද්ධ ආගම්වල ප්‍රතිමා වන්දනාව ආදියේ සිට පැවතෙනවා. ඒ නිසයි අපට ආඩම්බර වියහැකි ලෝක පුජිත සමාධි පිළිමය වැනි නිර්මාණ ඉතිරි වී තියෙන්නේ. ප්‍රතිමාවක් යනු කිසියම් අධ්‍යාත්මික තත්වයක් නිරුපනය කරන සංකේතයක්. අපි ප්‍රතිමාවකට වැඳීමේදී කරන්නේ ඒ උසස් අධ්‍යාත්මික තත්වයේ හිමිකරු සිහිපත් කිරීමයි. අනික ශාන්ති කර්මයක් කියන්නේ ලෙඩරෝග සුවකරන දෙයක් නොව සෙත්පතීමට කරන දෙයක්. එක අතකින් ඒක කලා අංගයක්, හරියටම තොවිලය වගේ. තොවිලයක් කියන්නේ සෙත් පැතීමක් වගේම ඉතාම අලංකාර කලා අංගයක්. දැකල තියෙනවද ඒවායේ ලස්සන?(නදී)
රුවන් මිල නොදත් අනුවන දන වෙළදා ......\\ ලොබින් කදා මැටි මිනීයයි රැගත් ලෙද ........\\ පසන් මුනිවරුන් හැර අන් සුරන් වැද .........\\ නිවන් පතා අනුවන දන කරති පුද.....\\( සුභා සිතය )(නදී)
ජීවමානව ඉන්න මිනිස්සුන්ට ආහාර,ජලය දෙන්න. (නදී)
අනේ මෙහෙම ගස් ගල් වඳින අනුවන සෙනගක්. (නදී)
මේවා ආගම නෙවේ ,සම්ප්‍රදායන් හා ඇදහිලි. බයවෙන්ඩ එපා.(නදී)
මැරුණු පළු ගසකට පණ දුන් මෙම කලාකරුවාණන්ට අපි දිරිය දියයුතුයි නේද? (නි)
සමන් ඩුබායි, ඔයා, අරාබියෙන් ඉන්දියාවට ඉස්ලාම් දහම රැගෙන ගිහිපු, ඊසායි, ජේසු තුමයි කලවන් කරගන්න එපා, ටිකක් දන්නා එක නොදන්නවා හා සමානයි. (ස)
මේ තරම් හොඳ ධර්මයක් තියෙන අපේ මිනිසුන්, ඇයි මේ ඇස වහගෙන ජිවත් වෙන්නේ. (ස)
පලු ගසේ පලතුරු රස කියල වැඩක් නැහැ. අරටුවට හානි කලාම ගහ මැරෙන එක අහන්න ඕනද?? අන්ධ ඇදහිලි වලින් ලාංකිකයෝ මිදෙත්වා. (ස)
තර්ක කරන්න ගියාම කවුරුත් පහසුවෙන් මාතෘකාවෙන් පිට පනිනවා. එය පහසුයිනේ. වසන්ති කියනවා වගේ මේක ආගමක් නෙමෙයි. සංස්කෘතික සම්ප්‍රදායක්. කලා අංගයක්. නමුත් ඒක ආගමත් සමග පටලවාගෙන සමහරු. ශාන්තිකර්ම, බලි තොවිල් වුණත් එහෙමයි. ඒවායේදී යකුන්ට පුද පුජා කරන්නේ යකුන්ව අදහන නිසා නෙමෙයි. අනික මෙතන බුද්ධාගම ගැන බණ දේශනා කරන අය අහලාවත් තියෙනවද බුදුන් වහන්සේ ජීවමානව නොසිටින කාලයේ වන්දනා මාන කරන්න අනුදැන වදාළ දේ. ශාරීරික, පාරිභෝගික, උද්දේශික දේවල් වලටයි ඒ. හැබැයි, නැවතත් පටලවා ගන්න එපා, මේ පුවතේ තියෙන දේ සමග. (නි)
අපරාදේ වටිනා ගසක් (නි)
මෙතන ගස් වන්දනාවක් නම් වෙලා නැත දේව වන්දනාවක් පමණි. නමුත් බුදුදහමට අනුව නම් දෙවියන්ට පුද පුජා කරලා වැඩක් නැහැ .දෙවියන්ට දෙන්න ඕන පින්. බුදුන් දහම් සඟුන් සරණ යන්න. එතකොට දෙවියොත් ඔබේ නමට වඳිනවා (නදී).
වීරේ විෂ්ණු දෙවියන්, උපුල්වන් දෙවියන් කියල ඔයාට කවුද කිව්වේ (අ)
විෂ්ණු දෙවියෝ සිංහල ජාතිය ආරක්ෂා කරනවලු.ඒත් එයාට සිංහලයාගෙන් සිංහලයා රැකගන්න නම් තව දෙවියෙකුට වදින්න වේවි මේ යන විදියට. (නි)
ජාතියක් වශයෙන් අපි වෙන්වුණත් අපි සියල්ලන්ගේම ලේ රතු පාටයි නේද? (නි)
විෂ්ණු(උපුල්වන්) දෙවියන් තමයි බුදු දහමේත් සිංහල ජාතියේත් ආරක්ෂක දේවතාවා.(නදී)
වසන්ති වචන දෙක තුනකින් මීට සුදුසුම පිළිතුර දීලා තියෙනවා. හරිම අගෙයි.(නදී)
ගස් ගල්වලට වදින එකේ කිසිම වෑරද්දක් මම නම් දකින්නෙ නැහැ. නොපෙනෙන වහන්සේට වදින බටහිර කට්ටියට වඩා දෙයක් අපේ දේවල් වල තියෙනවා...ඔය දියුනුයි කියන කට්ටිය වදින්නේ ජිවිතේටවත් දෑකල තියන කෙනෙකුටද එහෙමනම්.(නදී)
අද සමහරු පන්සල් පල්ලි ගියාට දෙයියෝ බුදුන් වඳින්නේ නැහැ .හිට්ලර් ප්‍රභාකරන් සහ බිල්ලාඩන් අදහන්නෙ.දෙයියෝ බුදුන් අදහනවානම් මේ අතීත විස්වාසවලට ගරහන්න එපා .මෝඩ මිනිස්සු තමන් විතරක් හරිය කියා හිතනවා .අදට වඩා අතීතයේ මනුස්සයින් බුද්ධිමත්.අද කරන්නෙත් අතීතයේ සොයාගත් දේ ඒ ඇදහිලි විස්වාස.වෙනසකට තියෙන්නේ නවීකරණය වීමක් පමණයි.(දිල්)
බාලසුබ්‍රමනියම්! ඔයාගේ දැනුම ගැන නම් බොහොම කනගාටුයි. දෙවිවරු, බුදුවරු ජාතියකට, ආගමකට, කුලයකට අයිතියි කියලා කව්ද කිව්වේ. සමස්ත මිනිස් සමාජෙටම කනගාටුයි.(නදී)
මේ අයට පිස්සුද මන්දා.(නධී)
තව අවුරුදු 100 ක් යද්දී කතාවක් හදයි මේ දෙවියෝ මෙතැනට ඇවිත් ගල් උනා කියලා.(නදී)
කුමාර් ,ජේසුස් ලිවුඩ් ඉන් ඉන්ඩියා බලන්න.(නදී)
මාද විජේරත්න වෙද මහතාගේන් පිහිට ලැබු අයෙක්. ඔහු සතු අපුරු හැකියාවන් නිසා ඔහු විශ්වකර්මයයි. හදුන්වන ඔහුට ආසර කරන පිරිසක් ද සිටි. මට නම් ඔහු සැබැ විශ්වකර්මයෙකි. හැකිනමි එතුමාගේ නිර්මාන දැක ගත හැකි වෙබ් පිටුවක් ඇත්නම් කියන්න.