සීගිරි පර්වතයේ බඹරුන් මාදුරුඔය වනාන්තරයට ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීරණය එහි චාරිකාවකින් පසු අද ඉවත් කරගත්තේය. වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන හා මධයම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි මහත්වරු අද එහි ගියහ. සත්ත්ව විශේෂඥයන්ගේ වාර්තා අනුව සීගිරි බඹරුන් ඔවුන්ගේ පරිසරයෙන් ඉවත් කිරීමෙන් එම බඹරුන් මැරීයන නමුත් සීගිරිය බඹර මුක්ත කලාපයක් නොවන බවත් ඔවුහු කීහ. බඹරුන් ඉවත් කිරීමට ඇමැති චන්ද්‍රසේන මුලසිටම විරුද්ධ විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඔලා නවක පරමිපරාවක් වුනාට. අපි රජකාලේ ඉදලා මෙ සීගිරියේ ජීවත්වන්නේ. අපේ අත්තලා, මුත්තලා, කිරිකිත්ලා, ඔක්කොම රජකාලේ පරමිපරාවෙන් එන්නේ. අපි කැමති නෑ අපේ පාරමිපරික වාසස්ථාන අහිමිවනවාට. අපි මරණය දක්වා සටන් කරනවා නුඔලාත් සමග. අපි නිකමි ඔඹරු නෙමෙයි අපි රජ බඹරු.
සීගිරි බඹරා සීගිරිය අරක් ගෙන ඉන්නෙ කාෂප රජ්ජුරැවන්ගෙ කාලෙ ඉදලයි.. ඒ නිසා ඹබරැන් ඉවත්‍කළොත් සීගිරියෙ වටිනාකමත් සංචාරකයන් එන්නෙත් නැතිවෙනවා.. ඹබරැ නැත්නම් සීගිරියෙ කිසිම වටිනාකමක් නැහැ...
පුරා වස්තුවලට සිදුවන හානිය අවම වෙන විදියට සංචාරක කර්මාන්තය වර්ධනය කරන්න මහචාර්යතුමාගේ තියන උනන්දුව අපි අගය කලයුතුයි.
බඹරා වීර මලේ රොන් ගෙනියන්නේ
අපෝ එපා මංජු,අපි මාදුරු ඔය රක්ෂිත කැළයක් විදියටම තියෙනවට තමයි කැමති.එතකොට ගස් ටිකයි සත්තු ටිකයි??? සොරි තමයි නේද?
සමහරවිට නිධන් හොයන බඹරුන් හිටියොත් සීගිරි ගල කඩයිද කියන්නත් බෑ
සොබා දහමට එරෙහි වන්නාට කිසිදු කොන්දේසියකින් තොරවම දඩුවම් හම්බ වේ
නියම වැඩක් .මිනිස්සු විනීතව යනවනමි මේ සත්තුත් පාඩුවේ ඉදියි..
දෙයියන්ගේ නාමෙට බඹර වද කඩන්න එපා.ඕකට විශේෂ ආරක්ෂක ඇදුමක් හදුන්වා දෙන්න පුලුවන්නේ
මේ බඹර ප්‍රහාර මට මතක හැටියට තියෙන්නේ අවුරුදු 15කට විතර එහා බොහෝ කාලයක ඉදන්
බඹරුන්ගේ යහපත තකා ඔවුන් ගත් තීරණයට මාගේ ස්තුතිය!
කාල්‍රකට පස්සෙ ලංකාවේ අමති කෙනෙක් බුද්ධිමත් වැඩක් කරලා. අගය කල යුතුයි .පරිසරය ගැන අවබෝධයක් තියන අමති කෙනෙක් ඉන්න එක සතුටක්.
ඇමති තුමා නිවැරදියි...
ඇමතිතුමාට අන්නනම් කොංගෝ වනයට ගිහින් දමයි.
ඇමතිවයි ,එයාගේ පිරිසයි යවමු මාදුරුඔය කැලේට...
බඹරුනි, අප්සරාවන් රැකබලාගෙන ඔතනම ඉන්න
ආවේ වන බඹරෙක් වාගේ .....
වන බඹරෝ, ඔහොම හිටෝ
සීගිරි බඹරෝ,මේ අයටත් අනින්නකෝ
ඊළග වාර්තාවේ කියයිද දන්නේ නෑ ඇමතිතුමා සීගිරි බඹරු රවට්ටලා, බඹරුන්ට පගාව දීලා, සීගිරියේ මානව හිමිකම් නැති කරන බව කියන UN එකට නෙමේ, ලෝකේ ඕනම නරකාදියකට මම යනවයි කියලා