සීගිරිය අභය භූමියේ පිහිටි ගොඩවූ වැවක් ඩෝසර් මගින් හෑරූ බව කියන ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව සිගිරි පොලිසිය කියයි. ගම්මුන්ගේ ඉල්ලීම පරිදි වැව හෑරූ බව ව්‍යාපාරිකයා පොලිසිය කියා ඇතත් පොලිසිය සැකකරනුයේ ඔහු සතුව හෝටලයක් ඇති බවත් එම හෝටලයට සීගිරි ගල හරිහැටී ප්‍රදර්ශනය නොවීම නිසා වැව හාරන මුවාවෙන් වැවේ තිබූ රූස්ස ගස් බිම හෙළා ඇති බවත්ය. සිගිරි පොලිසිය සහ සීගිරි වනජීවි නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
;

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට උඩදී කුමන්ත්‍රණයක් දියත් වුණා සීගිරි යුගයේ ක්‍රිස්තියානිකරණයක් තිබුනා කියා. නොස්ට්‍රියානු කුරුස මේ භුමියේ රහසේ වැලලීමටත් මෙහිදී කතිකා කරගෙන තිබුනාලු. සමහරවිට දැනට වසර 50 කට පමණ ඉහතදී එසේ වල දැමු කුරුස ගොඩ දමා ඒවා කාශ්‍යප කාලයට අයිති බව කියන්න ඒවා වැළලු පුද්ගලයන්ට ඕනෑ වුණා වෙන්න පුළුවන්. සමහරවිට මේ ව්‍යාපාරිකයා එය දන්නේ නැතුව හාරන්න පමණක් සැදුවාද දන්නේ නැහැ. (නි)
බැරි වෙලාවත් මැණික් අහුවුනෝතින් ඕක හාරන්න එන පලවෙනි දේශපාලුවා කව්රුද (නදී)
යුක්තිය උදෙසා කෑ මොර දීමයි දගගෙයි ලැමට අප සැම කල පව (නදී)
අභය භූමිය සුරකිනවා වෙනුවට වසර සිය දහස් ගණන් වයසැති වෘක්‍ෂයන්, අතුරුදහන් කොට අභයභූමිය විනාශ කරන්න මේ ව්‍යාපාරිකයාට ඇති බලය කුමක්ද? අද වනවිට ලංකා ඉතිහාසය විකෘති කරමින්, පෞරාණික වස්තු විනාශ කරමින්, යෝධ ගල් පර්වත බිමට සමතලා කර, නිදන් වස්තු සොරකමේ යෙදෙන අය, මෙරටේ ඵෙතිහාසික සොහොනක්වත් ඉතිරි නොකරන තැනට පත්වෙලා. මේ අය මහ පොළවට බරක් වෙලා. අනාගත පරපුර අපට ශාප කරාවි (නි)
දැන් වැව හාරන්නත් ලය්සෝන් ඕනද ? රටට ගිය කලක්.එහෙනම් අර කට්ටිය නිධන් හාරනකොට (දිල්)
මට පේන හැටියට මූ නිධන් තියෙන්වද කියල බලන්න හාරන්න ඇති (දිල්)
ඔතන පිටුපස දේශපාලුවෙක් ඇති.(දිල්)
වදින්න ගිය දේවාලය හිසට කඩාගෙන වැටිලා (නි)
කැපූ ගස් කෝ? මේවා හොයන්න. මේවා අපාගතවෙන පවු. පරම්පරා ගණනකට ශාපය වදිනවා. හාමුදුරුවරු මේවා කියලා දෙන්නේ නැත්තේ ඇයි? ගමේ කෙනෙක් දර කෑල්ලක් කැපුවොත් හිරේ දානවා. නීති හදන්න ඕනෑ කපන අය ලවාම කැළෑ වවන්නත් (නි)
සිගිරිය පුරවිද්‍යාත්මක හා අභයභූමි කලාපයකි. එහි ඇති නීතියට අනුව මෙම කලාපයේ අදාල අවසරයකින් තොරව කිසිම දෙයක් කරන්න බැහැ.මෙයා මේ කරලා තියෙන්නෙ නීතිවිරෝධී වැඩක් බවයි පෙනෙන්නේ.නීතියට අනුව දඩුවම් ලැබිය යුතුයි. (නි)
වැව් හාරනවා හරක් ව්‍යාපාර කරන මිනිස්සුත්. අභය භූමියක හෝටල් හදන්න දෙනවද ඔහොම? ලොකු කෙනෙක් පසුපසින් ඇති. මේවා නිසයි අලි ගම් වලට එන්නේ. වැව් හාරලා ගමේ මිනිස්සු කැළේ මොනවා කරන්නද? මේක මොකක් හරි සැළැස්මක්. ලංකාදීප, ඔයාලවත් හොයන්න. මේ කැළෑ රැකගන්න කවුරුත් නැහැ. (නි)
අනුන්ගේ දේපළ හාරන්නේ නැතුව තමන්ගේ වත්තේ දෙයක් හාරගන්නකෝ!! (නි)
මෙම වැව ඔහුටම කියලා හාරවා ගත්තා නම් අලුත් ලස්සනක්. (නි)
කවුරු කළත් ඔය වැව් හාරන එක නම් අපරාදේ මුදල් විනාශයක්. එක අක්කරයක අඩියක් ගැඹුරට හාරන්න පස් කියුබ් 435ක් හාරන්න වෙනවා. ඒ මදිවට එම පස් වැව් තාවුල්ලෙන් පිටතට ගිහින් දාන්න හරි තල්ලුකරන්න හරි වෙනවා. නමුත් එක කුඹුරු අක්කරයක් වගාකරන්න අඩුම තරමින් මේ වගේ තුන් හතරගුණයක් පස් කපලා ඉවත් කරන්න වෙනවා. ඉතින් ඒකට යන තෙල් වියදම සහ අනිකුත් වියදම් බැලූවිට මෙහෙම වැව් හාරන එක එයාගේ චිත්ත ප්‍රීතියට මිස ආර්ථික වශයෙන් නම් වැඩක් නැති වැඩක්. බොහොමයක් වැව් හාරන්නේ වෙනත් දේශපාලන ප්‍රතිලාභ බලාගෙන. අවසානයේ වෙන්නේ රට ලෝකයට ණය වෙන එක විතරයි. (නි)
මේ වගේ වැඩක් කරන්න ප්‍රථම ඒ කාරණය ගැන වනජීවී නිලදාරීන් දැනුවත් කර අදාල අමාක්‍ය අංශයෙන් අනුමැතිය ලබා ගත්ත නම් ඔහුට පොලිස් අත්අඩංගුවේ ඉන්න වෙන්නේ නැහැ. (නදී)
අවංකවම ඔහු එම වැව හෑරුවා නම් පිදිය යුතු ලක් පුතෙක්! (නි)
මොහුට සම්මානයක් ලබා දෙන්න වටිනවා. හෝටලයක් තනා ලංකාවට විදේශ විනිමය ගෙන එන්න උත්සාහ කරනවා පමණක් නොවයි අභාවයට යමින් තිබුණු වැවක් සංස්කරණය කර ගම්වැසියන්ටත් සේවයක් සළසනවා. ඔබතුමා ශ්‍රී ලංකාවට ආඩම්බරයක්! (නි)
මේ වගේ කට්ටිය පුලුවන් නම් ලෝක උරුමයක් වූ සිගිරි ගලත් හාරයි. පුදුම අනුකම්පාවක්නේ ගම්මුන් ගැන ඇතිවෙලා තියෙන්නේ? අතින් වියදම් කරගෙන වැව් හාරන්න. මෙහෙම එක එක්කෙනාට ඕනෑ විදියට ස්වභාව ධර්මය විනාශ කිරීම නම් ඒ තරම් හොද දෙයක් නොවේ. (නි)
තමන්ගේ වත්තේ වුණත් නිදන් හාරන්න පුලුවන්ද? බැහැ. ඒකට නීතියක් තිබෙනවා. ගමක වැවක් හාරන්න ඕනෑ නම් ඒකටත් නීතියෙන් බලයක් තිබෙන කට්ටියක් ඉන්නවා. මෙහෙම එක එක්කෙනාට ඕනෑ හැටියට හාරන්න පුළුවන් නම් මුළු රටම 'වළක්' මෙලහට. (නි)
රජරට ඉන්නේ හොඳ සිරිත් විරිත්, ගුණ ධර්ම ගැන දන්නා වැසියන් පිරිසක්. නමුත් මේ අතරම ඉන්නවා කුඩා පිරිසක් මේ අය අපේ රට විනාශ කරන, බලලෝභීකම නිසා. එයා කොහොමද ධාතුසේන රජ්ජුරුවෝ වෙන්නේ? (නි)
කපපු රූස්ස ගස් නම් පෙනෙන්න නෑ.පොඩි කටු පැදුරු කිහිපයක් සුද්ධ පවිත්‍ර කර වැව හාරපු බවක් පෙනෙන්නට තිබෙන්නේ.අවාසනාවට වනජීවී එකටයි පොලිසියටයි කීයක් හරි ගන්න කරපු වැඩක් වගේ.මෙතන ගලට කිලෝ මීටර ගණනක් දුර තැනක් සහ කුබුරු වැඩට වතුර ගන්න වැවක් බව පෙනෙන්නේ. (අ)
එංගලන්තයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි)
බලන්න අපේ රටේ ව්‍යාපාරිකයෝ කොච්චර රට ගැන හිතලා වැඩ කරනවාද? ස්වෙච්ඡාවෙන් කිසීම ප්‍රසිද්ධියකින් තොරව මහජන සේවය කරනවා. (නි)
ගස් 2.-3 ක් වගේද නොමිලේම වැව හාරන එක කොඉතරම් ලොකු දෙයක්ද ,දේසපලකයෙක් ඔය වැඩේ කොන්ත්‍රාත් කාරයෙකුට දුන්නනම් කොඉතරම් මුදලක් ගසා කනවද ?(අ)
මුව එල්ලන්න යනවා (අ)
ගොඩවූ වැවු හාරන එක හොද දෙයක් තමයි. එහෙත් නිසි අවසරයකින් කළ යුතුයි (නි)
ඉතා හොද වැඩක් තමයි ඒ කරලා තියෙන්නේ.