IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සීගිරි වැවක් හාරා ව්‍යපාරිකයා සැකපිට

සීගිරිය අභය භූමියේ පිහිටි ගොඩවූ වැවක් ඩෝසර් මගින් හෑරූ බව කියන ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව සිගිරි පොලිසිය කියයි. ගම්මුන්ගේ ඉල්ලීම පරිදි වැව හෑරූ බව ව්‍යාපාරිකයා පොලිසිය කියා ඇතත් පොලිසිය සැකකරනුයේ ඔහු සතුව හෝටලයක් ඇති බවත් එම හෝටලයට සීගිරි ගල හරිහැටී ප්‍රදර්ශනය නොවීම නිසා වැව හාරන මුවාවෙන් වැවේ තිබූ රූස්ස ගස් බිම හෙළා ඇති බවත්ය. සිගිරි පොලිසිය සහ සීගිරි වනජීවි නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

;



අදහස් (0)

සීගිරි වැවක් හාරා ව්‍යපාරිකයා සැකපිට

සමන්ත Sunday, 13 October 2013 04:59 AM

මොහුට සම්මානයක් ලබා දෙන්න වටිනවා. හෝටලයක් තනා ලංකාවට විදේශ විනිමය ගෙන එන්න උත්සාහ කරනවා පමණක් නොවයි අභාවයට යමින් තිබුණු වැවක් සංස්කරණය කර ගම්වැසියන්ටත් සේවයක් සළසනවා. ඔබතුමා ශ්‍රී ලංකාවට ආඩම්බරයක්! (නි)

:       0       0

අසෝක Sunday, 13 October 2013 05:42 AM

අවංකවම ඔහු එම වැව හෑරුවා නම් පිදිය යුතු ලක් පුතෙක්! (නි)

:       0       0

සත්‍යයා Sunday, 13 October 2013 06:19 AM

කලකට උඩදී කුමන්ත්‍රණයක් දියත් වුණා සීගිරි යුගයේ ක්‍රිස්තියානිකරණයක් තිබුනා කියා. නොස්ට්‍රියානු කුරුස මේ භුමියේ රහසේ වැලලීමටත් මෙහිදී කතිකා කරගෙන තිබුනාලු. සමහරවිට දැනට වසර 50 කට පමණ ඉහතදී එසේ වල දැමු කුරුස ගොඩ දමා ඒවා කාශ්‍යප කාලයට අයිති බව කියන්න ඒවා වැළලු පුද්ගලයන්ට ඕනෑ වුණා වෙන්න පුළුවන්. සමහරවිට මේ ව්‍යාපාරිකයා එය දන්නේ නැතුව හාරන්න පමණක් සැදුවාද දන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් Sunday, 13 October 2013 07:03 AM

කවුරු කළත් ඔය වැව් හාරන එක නම් අපරාදේ මුදල් විනාශයක්. එක අක්කරයක අඩියක් ගැඹුරට හාරන්න පස් කියුබ් 435ක් හාරන්න වෙනවා. ඒ මදිවට එම පස් වැව් තාවුල්ලෙන් පිටතට ගිහින් දාන්න හරි තල්ලුකරන්න හරි වෙනවා. නමුත් එක කුඹුරු අක්කරයක් වගාකරන්න අඩුම තරමින් මේ වගේ තුන් හතරගුණයක් පස් කපලා ඉවත් කරන්න වෙනවා. ඉතින් ඒකට යන තෙල් වියදම සහ අනිකුත් වියදම් බැලූවිට මෙහෙම වැව් හාරන එක එයාගේ චිත්ත ප්‍රීතියට මිස ආර්ථික වශයෙන් නම් වැඩක් නැති වැඩක්. බොහොමයක් වැව් හාරන්නේ වෙනත් දේශපාලන ප්‍රතිලාභ බලාගෙන. අවසානයේ වෙන්නේ රට ලෝකයට ණය වෙන එක විතරයි. (නි)

:       0       0

දුමින්ද Sunday, 13 October 2013 07:18 AM

මෙම වැව ඔහුටම කියලා හාරවා ගත්තා නම් අලුත් ලස්සනක්. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Sunday, 13 October 2013 08:16 AM

අනුන්ගේ දේපළ හාරන්නේ නැතුව තමන්ගේ වත්තේ දෙයක් හාරගන්නකෝ!! (නි)

:       0       0

ආලෝක Sunday, 13 October 2013 09:22 AM

වැව් හාරනවා හරක් ව්‍යාපාර කරන මිනිස්සුත්. අභය භූමියක හෝටල් හදන්න දෙනවද ඔහොම? ලොකු කෙනෙක් පසුපසින් ඇති. මේවා නිසයි අලි ගම් වලට එන්නේ. වැව් හාරලා ගමේ මිනිස්සු කැළේ මොනවා කරන්නද? මේක මොකක් හරි සැළැස්මක්. ලංකාදීප, ඔයාලවත් හොයන්න. මේ කැළෑ රැකගන්න කවුරුත් නැහැ. (නි)

:       0       0

පරිසරවේදී කුමාර Sunday, 13 October 2013 09:31 AM

සිගිරිය පුරවිද්‍යාත්මක හා අභයභූමි කලාපයකි. එහි ඇති නීතියට අනුව මෙම කලාපයේ අදාල අවසරයකින් තොරව කිසිම දෙයක් කරන්න බැහැ.මෙයා මේ කරලා තියෙන්නෙ නීතිවිරෝධී වැඩක් බවයි පෙනෙන්නේ.නීතියට අනුව දඩුවම් ලැබිය යුතුයි. (නි)

:       0       0

දෙවිඳු Sunday, 13 October 2013 09:36 AM

කැපූ ගස් කෝ? මේවා හොයන්න. මේවා අපාගතවෙන පවු. පරම්පරා ගණනකට ශාපය වදිනවා. හාමුදුරුවරු මේවා කියලා දෙන්නේ නැත්තේ ඇයි? ගමේ කෙනෙක් දර කෑල්ලක් කැපුවොත් හිරේ දානවා. නීති හදන්න ඕනෑ කපන අය ලවාම කැළෑ වවන්නත් (නි)

:       0       0

හර්ෂණ Sunday, 13 October 2013 10:51 AM

වදින්න ගිය දේවාලය හිසට කඩාගෙන වැටිලා (නි)

:       0       0

අනිල් පෙරේරා Sunday, 13 October 2013 11:09 AM

ඔතන පිටුපස දේශපාලුවෙක් ඇති.(දිල්)

:       0       0

සෙනෙවි Sunday, 13 October 2013 11:27 AM

මට පේන හැටියට මූ නිධන් තියෙන්වද කියල බලන්න හාරන්න ඇති (දිල්)

:       0       0

බටුගෙදර Sunday, 13 October 2013 11:29 AM

දැන් වැව හාරන්නත් ලය්සෝන් ඕනද ? රටට ගිය කලක්.එහෙනම් අර කට්ටිය නිධන් හාරනකොට (දිල්)

:       0       0

රත්නසිරි Sunday, 13 October 2013 12:11 PM

අභය භූමිය සුරකිනවා වෙනුවට වසර සිය දහස් ගණන් වයසැති වෘක්‍ෂයන්, අතුරුදහන් කොට අභයභූමිය විනාශ කරන්න මේ ව්‍යාපාරිකයාට ඇති බලය කුමක්ද? අද වනවිට ලංකා ඉතිහාසය විකෘති කරමින්, පෞරාණික වස්තු විනාශ කරමින්, යෝධ ගල් පර්වත බිමට සමතලා කර, නිදන් වස්තු සොරකමේ යෙදෙන අය, මෙරටේ ‍ඵෙතිහාසික සොහොනක්වත් ඉතිරි නොකරන තැනට පත්වෙලා. මේ අය මහ පොළවට බරක් වෙලා. අනාගත පරපුර අපට ශාප කරාවි (නි)

:       0       0

ආරියසේන Saturday, 12 October 2013 07:41 PM

මේ වගේ වැඩක් කරන්න ප්‍රථම ඒ කාරණය ගැන වනජීවී නිලදාරීන් දැනුවත් කර අදාල අමාක්‍ය අංශයෙන් අනුමැතිය ලබා ගත්ත නම් ඔහුට පොලිස් අත්අඩංගුවේ ඉන්න වෙන්නේ නැහැ. (නදී)

:       0       0

බණ්ඩාර Saturday, 12 October 2013 07:58 PM

ඉතා හොද වැඩක් තමයි ඒ කරලා තියෙන්නේ.

:       0       0

දර්ශන් Saturday, 12 October 2013 08:21 PM

ගොඩවූ වැවු හාරන එක හොද දෙයක් තමයි. එහෙත් නිසි අවසරයකින් කළ යුතුයි (නි)

:       0       0

ටෝනි Saturday, 12 October 2013 08:36 PM

මුව එල්ලන්න යනවා (අ)

:       0       0

ඇන්ටන් Saturday, 12 October 2013 10:23 PM

ගස් 2.-3 ක් වගේද නොමිලේම වැව හාරන එක කොඉතරම් ලොකු දෙයක්ද ,දේසපලකයෙක් ඔය වැඩේ කොන්ත්‍රාත් කාරයෙකුට දුන්නනම් කොඉතරම් මුදලක් ගසා කනවද ?(අ)

:       0       0

සමන් Saturday, 12 October 2013 10:36 PM

බලන්න අපේ රටේ ව්‍යාපාරිකයෝ කොච්චර රට ගැන හිතලා වැඩ කරනවාද? ස්වෙච්ඡාවෙන් කිසීම ප්‍රසිද්ධියකින් තොරව මහජන සේවය කරනවා. (නි)

:       0       0

ඇෆ්ගන් නිමල් Saturday, 12 October 2013 10:41 PM

එංගලන්තයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි)

:       0       0

සත්‍යාපාල Saturday, 12 October 2013 10:52 PM

කපපු රූස්ස ගස් නම් පෙනෙන්න නෑ.පොඩි කටු පැදුරු කිහිපයක් සුද්ධ පවිත්‍ර කර වැව හාරපු බවක් පෙනෙන්නට තිබෙන්නේ.අවාසනාවට වනජීවී එකටයි පොලිසියටයි කීයක් හරි ගන්න කරපු වැඩක් වගේ.මෙතන ගලට කිලෝ මීටර ගණනක් දුර තැනක් සහ කුබුරු වැඩට වතුර ගන්න වැවක් බව පෙනෙන්නේ. (අ)

:       0       0

හරමානිස් Sunday, 13 October 2013 04:30 PM

යුක්තිය උදෙසා කෑ මොර දීමයි දගගෙයි ලැමට අප සැම කල පව (නදී)

:       0       0

ප්‍රියා Sunday, 13 October 2013 04:34 PM

බැරි වෙලාවත් මැණික් අහුවුනෝතින් ඕක හාරන්න එන පලවෙනි දේශපාලුවා කව්රුද (නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 13 October 2013 01:31 AM

රජරට ඉන්නේ හොඳ සිරිත් විරිත්, ගුණ ධර්ම ගැන දන්නා වැසියන් පිරිසක්. නමුත් මේ අතරම ඉන්නවා කුඩා පිරිසක් මේ අය අපේ රට විනාශ කරන, බලලෝභීකම නිසා. එයා කොහොමද ධාතුසේන රජ්ජුරුවෝ වෙන්නේ? (නි)

:       0       0

උපාලි Sunday, 13 October 2013 02:12 AM

තමන්ගේ වත්තේ වුණත් නිදන් හාරන්න පුලුවන්ද? බැහැ. ඒකට නීතියක් තිබෙනවා. ගමක වැවක් හාරන්න ඕනෑ නම් ඒකටත් නීතියෙන් බලයක් තිබෙන කට්ටියක් ඉන්නවා. මෙහෙම එක එක්කෙනාට ඕනෑ හැටියට හාරන්න පුළුවන් නම් මුළු රටම 'වළක්' මෙලහට. (නි)

:       0       0

චමත් Sunday, 13 October 2013 03:03 AM

මේ වගේ කට්ටිය පුලුවන් නම් ලෝක උරුමයක් වූ සිගිරි ගලත් හාරයි. පුදුම අනුකම්පාවක්නේ ගම්මුන් ගැන ඇතිවෙලා තියෙන්නේ? අතින් වියදම් කරගෙන වැව් හාරන්න. මෙහෙම එක එක්කෙනාට ඕනෑ විදියට ස්වභාව ධර්මය විනාශ කිරීම නම් ඒ තරම් හොද දෙයක් නොවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2614 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2330 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2908 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5840 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1965 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6634 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18592 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site