(රෝෂන් තුෂාර)
මහජන රැළියකදී කරන ලද ප්‍රකාශයෙන් සිදුවූ අපහාසයට රුපියල් බිලියන දහයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පොදුජන එක්සත් පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව පැවරූ නඩුව දෙසැම්බර් 20 වැනි දින කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (09)දින නියම කළේය.
දිසානායක මහතා සිය නීතිඥ සානිකා සිල්වා මහත්මිය මගින් මෙම නඩුව ගොනුකර තිබිණි.
2023 අගෝස්තු 19 වැනි දින මැද කොළඹ පොදුජන එක්සත් පෙරමුණ සංවිධානය කළ මහජන රැළියකදී සිදු කළ ප්‍රකාශයකින් මෙම අපහාසය හා අපකීර්තිය සිදුවූ බවත් එමගින් සිදුවූ හානියට විත්තිකරුවන්ගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා මෙම නඩුව ගොනුකර තිබිණි.
නඩුවේ විත්තිකරුවන් ලෙස සාගර කාරියවසම් මහතා සහ අදාළ ප්‍රකාශය ප්‍රචාරය කළේ යැයි කියන පුද්ගලික රූපවාහිනී නාලිකාව නම් කර ඇත.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා විත්තියේ උත්තර දෙසැම්බර් 20 වෙන දින ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සාගරට එරෙහි නඩුවකට දින දෙයි
Perera Saturday, 10 August 2024 06:25 AM
මෙයාට කිසිම පතිපත්තියක් නැති එකනේ අවුල
දිලන්ත Saturday, 10 August 2024 12:43 PM
සාගර ඉන්නේ ලෝකෙට ලොක්කා වගේමයි... ඔහුගේ එකම අරමුණ රාජපක්ෂ ප්‍රවර්ධනය කිරීම පමණයි. කොහොම වුණත් රට අගාධයට ගෙනයාමේ වගකීමෙන් භාගයක් පොහොට්ටුවේ මහ ලේකම් හැටියට මොහු වගකිව යුතුයි...
fairoos Saturday, 10 August 2024 11:10 AM
අනුර දින්නොත් මෙතුමා පැනයයි.