රුපියල් ලක්ෂ දහසයක් වටිනා විදේශීය සිගරැට් කාටුන් හාරසීයක් ගමන් මළුවල සගවාගෙන මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර සිට මෙරටට රැගෙන ආ ඉන්දිය ජාතිකයෝ තිදෙනෙකුට රැපියල් හැත්තෑ දහසක දඩ නියම කළ රේගුව එම සිගරැට් තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය නියොජ්‍ය රේගු අධ්‍යක්ෂක සරත බෝපේ ආරච්චි මහතා විසින් අද සිදු කළේය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ මොවුන් වයස 26,23 සහ 28 වියේ පසුවන නිතර නිතර ශ‍්‍රී ලංකාවට යන එන පුද්ගලයන් බවයි.
මොවුන් තිදෙනා ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරටට පැමිණ භාන්ඩ කිසිවක් රේගුවට ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ ගුවන් තොටුපොළෙන් පිටවීමට උත්සහ ගනිද්දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් සිරිබද්දන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සරත් බෝපේ ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන අචල චන්ද්‍රසේකර, සරෝජ් චන්ද්‍රසේන සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ. සෝමසිරි, ඒ.එන්.ආර් සමන්ජිත්, ටී.වයි.පී.එස්.අයි කුමාරවිට සහ ඩබ්ලිව්.එන්.පී.ඞී වජේසේකර යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු උරණ අය එහෙන් හිරවෙලා මදිවට දැන් මේ 'බ්‍රෑන්ඩ්' එක පාවිච්චිකරණ අයත් හරි අමාරුවක වැටේවි.(නදී)
මේ හොර ඉන්දියනුවන්ට නම් නැවත මේ රටට නොඑන්නම දඬුවම් කරන්න ඕනා.(නදී)
ලංකාවේ රේගු නිලදාරීන්ගේ කාර්යක්ෂම සේවය අගය කල යුතුයි. (නදී)
අර මිලියනයක් වූ සංචාරකයින්ගේ පැමිණීමේ සංඛ්‍යා වලට මේ තිදෙනා සිය වරක් පමණ පැමිණීමත් ඇතුලත් වෙනවා. නිකම් නොවෙයි හොර බඩුත් එක්ක. අසුවීමේ ප්‍රතිශතය 1% යි. (නදී)