ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වාර්ෂිකව සිදුකෙරෙන සංඝමිත්තා අරහත් මෙහෙණි අනුස්මරණ පිංකම අලුතෙන් ඉදිකරනලද විහාරස්ථ බුදු මැදුරේදී පැවැත්විණි.
මෙම පිංකම සඳහා ප්‍රංශයේ ශ්‍රී ලාංකික මෙන්ම අන්ජාතික බෞද්ධ සැදැහැවතුන් සහභාගිවු බව විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියෝ පැවසුහ.
සංඝමිත්තා මෙහෙණිය පිළිබඳව විශේෂ දේශනයක් ප්‍රංශ භාෂාවෙන් පවත්වනු ලැබුවේ පැරිස් නුවර බෞද්ධ කෞතුකාගාරයේ සේවයේ නියුතු පුරාවිද්‍යාඥයෙකු වූ වෙරෝනික් මහත්මිය විසිනි.
බුදුදහමේ කාන්තාවට හිමි තැන පිලිබඳ කරුණු දක්වමින් අනුශාසනාව පැවැත්වූ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියෝ බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සහ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව යන ලෝකවාසී සියලුම බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත්ව ඇති අගනා වස්තු ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ කාන්තාවන් දෙදෙනෙකු විසින් බවද මේ නිසාම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් අතර කාන්තාවට සුවිසේශී ගෞරවාදරයක් හිමිව තිබෙන බවද අවධාරණය කළහ.
හපුගොඩ සුබෝධ හිමියෝ විසින් සිංහල බසින් ධර්ම දේශනයක් පැවැත්වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දෙයක් දැක්කමත් සතුටුයි (දිල්)
මේ අපේ පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ පැරිස් පන්සල නේද?. හරිම ලස්සනයි.(නදී)
අපේ පිටිදුවේ හාමුදුරුවන්ගේ පැරිස් පන්සල දවසෙන් දවස දිවුණුවෙනවා දකින්න ලැබීම සතුටක්. සාදු සාදු ..(දී)
වසර 2500 කට ඉහතදී මානව ශිෂ්ටාචාරයේ මුල් ම වරට කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් කතා කළේ ගෞතම බුදුන් වහන්සේ. බුදුන් ඉපදුන රටේම බිලිඳු ගැහැණු දරුවෙකු ඉපදුන විට තිඹිරි ගෙයිදීම ඇගේ ගෙල මිරිකා මරා දමනවා. තරුණ ශිෂ්‍යයාවන් සමුහ දුෂණ වලට ලක්වෙනවා. ථෙරවාදී බෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාවටද ඒ ම්ලේච්චත්වය සෙමින් කාන්දු වෙන මොහොතක මෙම සංඝමිත්තා උළෙලේදී කාන්තාව සතු ශක්තිය හා ගුණ යහපත් කම් ගැන දේශනයක් පැවැත්වීමෙන් විහාරාධිපති පරවාහැර චන්දරතන හිමි කර ඇත්තේ වටිනා ධර්ම දේශනයක්.(දිල්)
නුවන් මහතාගේ දැන ගැනීම පිනිස. අපගේ පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පිටිදුවේ හාමුදුරුවන්ට සම්බන්ද පන්සලක් නොවේ. මෙහි අධිපති අතී ගරු පුජ්‍ය පරවාහැර චන්දරතන ස්වාමින්වහන්සේයි.(නදී)
අපි දන්නා තරමට චන්දරතන හාමුදුරුවන්ගේ වැඩිමල් ගෝල හාමුදුරුවන් වහන්සේ පිටිදුවේ හාමුදුරුවන් වහන්සේයි.(නදී)