ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මාර්තු අගදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට යන යෝජනා ශ්‍රී ලංකාවට හිතකර ලෙස ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව ඇතුළු බලධරයනට අදහස් පහළවේවා පතමින්, ගංගාරාම විහාරයේ සිට කොළඹ කොල්ලුපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිටට පෙරහරකින් ගොස් අද සවස පොල් ගැසූහ. ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඇමෙරිකා තානාපති කාර්යාලයට සංදේශයක් ද බාර දුන්හ. මහා සංඝරත්නය අලි ඇතුන් පෙරටුකොට එම පෙරහරේ ගමන් ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔසාන්! -පොල් ගහන්නේ ගාන බලලා නෙමෙයි (දී)
හාමුදුරුවරු කලයුතු නොකළයුතු දේවල් තියෙනවා .ඉතුරුටික හිතාගන්න. මේ පොල් ටික දුප්පතුන්ට දුන්නනම් ඉවරයි. මේ විහිළුවලට අවසර දුන්නේ කව්ද ? තානාපති වරුන් කලයුතු දේවල් නොපෙනෙන බලවේග වලට බාරදෙන්නේ ඇයි? (නදී)
කොටි හිතවාදීන්ගේ බොරු ප්‍රචාරක විරෝදතා මහා කෙරුවාවල් විදිහට දකින ,කොටින්ගේ මානව හිමිකම් ගැටෙන් හරි ආණ්ඩුවක් ගන්න බලන් ඉන්න අයවලුන්ට මේවා විහිළු විදිහට පෙනීමේ කිසිම විශේෂත්වයක් පුදුමයක් නැහැනේ.. .(අ)
මොනවා කලත් එයාල දන්නවා ලංකාව හරි කියලා (දී)
මගේ රට ආරක්ෂා කරන්න දරන උත්සාහයට හාමුදුරුන්ට තෙරුවන් සරණයි (දී)
වර්තමානයෙත්, අනාගතයෙත් ප්‍රධාන සංඝනායක නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මා උපන් මවු බිම විනාස කිරීමට කැපවී සිටින බව මා ඉතා ආඩම්බරයෙන් පවසමි. බුදුසසුන බැබලේවා සිංහළයාට ජයවේවා! (දී)
දැන් පාරවල් අවහිර වෙන්නේ නැද්ද?පොල් කටු වලින් පාරවල් අවලස්සන වෙන්නේ නැද්ද?මෙමගින් මගීන්ට අපහසුතා සිද්ද වෙන්නේ නැද්ද?පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? (දී)
ලෝකය හිනස්සන පිස්සු වැඩ..... (දී)
අපිටනම් දැන් නැති වෙන්න දෙයක් ඉතිරි කරලා නැහැ.. (දී)
අනේ හාමුදුරුවරුනේ, තම අත්දැකීම් සහ න්‍යායන් ක්‍රියාත්මක කරමින් ජයග්‍රහණය සඳහා රණවිරුවන් මෙහෙයවූ අභීත මහා සෙනෙවියා සරත් ෆොන්සේකා මහතාට සාදාරණය ඉටු කරන්නකෝ.(නදී)
ජය වේවා (දී)
ඔසන් සලාම් කරුණාකර මේ ලිපිය හරියට කියවන්න. මෙතැන ඇමෙරිකාවට විරුද්ධවීමක් ගැන කියලා නැහැ. කොණක් අල්ලා ගෙන මෝඩකම් ප්‍රදර්ශනය නොකර ඉන්න.(දී)
මිටියෙන් කරන්න බැරි දේ අපි අඩුවෙන් හරි කරන්න ඕනේ (දී)
සමන් රොහාන් රණසිංහ, මනුෂයන් පුරාණකාලයේ සිට පැවති එන සිරිතක් තමයි තමන්ට කරදරයක් විපත් තියක් වුන විට, වුන හොත් දෙවියන්ගේ පිහිට ඉල්ලා දේවාලය ඉදිරි පිට පොල් ගහනවා. එහෙම දෙයක් මේකත්. (නදී)
ඕස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකාවේ සිටින සිංහලයන් නැගී සිටින්න කාලය ඇවිත් තියෙන්නේ (දී)
මෙවා ගේ ප්‍රතිපලය කොහොම වෙයිද දන්නේ නැහැ (දී)
සංඝරත්නයට ජය වේවා (දී)
රටට දෙවියන්ගේම පිහිටයි (දී)
මේවාගෙන් වැඩක් වෙයිද? (දී)
ඕසන් සලාම් වගේ අයට ඇමරිකන්කාරයා ලංකාවට කරන දේවල් තේරෙන්නේ නැද්ද? (නි)
ප්‍රශ්න වලට මෙලෙස පිළිතුරු සෙවීම මම අනුමත නොකරමි (නි)
මම දැන් වටහාගත්තා ඇත්ත මොකක්ද කියලා (නි)
පළමුව අපේ රට ගැන සිතා දෙවනුව විදේශ රටවල් ගැන සිතනවා නම් මම කැමතියි (නි)
ගාලු පාරේ පොල් ගැසීම තරම් විහිළු වැඩ පොල් ගෙඩිවල මිල නොදන්නා අය. මා උපන් මවු බිම බේරාගැනීමට කැපවී සිටිමි.අපි ඇමෙරිකාවට ගල් ගසමු . ශ්‍රී ලංකාවට ජයවේවා! (දී)
මේ වෙලාවේ ගාලු පාරේ ගමන් ගත් අයට දෙවි පිහිටයි! (නි)
ඔසන් සලාම් - කටාර් වෙත, ඔබ කියා ඇති දේ ඉතාමත්ම නිවැරදියි. දමිළ ඩයස්පෝරාව ඔවුන්ගේ බුද්ධිය මෙහෙයවමින් ක්‍රියාත්මක වෙද්දී ලංකාව බටහිර රටවල් ඉදිරියේ විහිළුවක් වෙනවා. පොල් ගසන්නේ කුමකටද කියාවත් නොදන්නා ඇමරිකානුවන් මෙවැනි ක්‍රියාවන්ගෙන් විනෝදයක් ලබනවා විනා සිදුවන වෙනත් කිසිවක් නොමැත. යථාර්තයනම්, ලාංකික ප්‍රජාව දමිළ ඩයස්පෝරාවට වඩා ගව් ගාණක් පසුපසින් වීමය.(නදී)
මේ අයුරින් ලෝක රාජ්‍යයක ප්‍රශ්න විසදන්න පුලුවන්නම් එයින් ඉදිරියට එන්නේ ඉන්දියාවයි. ඒ රටේ එතරම් දේව විශ්වාස. එත් ඒවා ලෝක ප්‍රශ්න වලට වැඩක් නැහැ.(නදී)
ඔසන් සලාම් - කටාර්, ලෝකෙ හිනස්සන වැඩ කරන්නෙ අපිද අමෙරිකාවද, කොහොම උනත් සලාම් පෙන්වලා තියෙනවා තමන්ගෙ සිතීමේ සීමාවෙ දුර කොච්චරද කියලා. (දී).
අපිට කන්න පොලුත් නැ! අපරාදේ පොල්. (දී)
මෙහෙමත් ගොන් රැලක්.(නදී)
පෙරහැරේ අලි ඔක්කොම තානාපති කාර්යාලෙ ඉස්සරහ පේලියට හිටවලා කුංචනාද කරවන්න ඕන තුන්පාරක් ඕකෙ ඉන්න අයගේ කන් අඩි පුපුරන්න.(නදී)
ඕව දිහා ජනේලෙන් බලාගෙන ඇමෙරිකන් තානාපති උඩ පැන පැන හිනහ වෙනවා. අපේ අය පාරේ ඉඳන් අව්වේ වේලි වේලි ෂෝ දානවා.(නදී)
බොරුවට රඟපෑම් .(නදී)
ඔසන් සලාම් හරි, පෙරහැරක් අස්සේ මේ මොන විකාරද කරන්නේ. (නදී)
,බුදුන්වහන්සේ අපට දේශනා කල පරිදී සමගියෙන් සම්මුතියෙන් මීට වඩා රාජ්‍ය තාන්ත්‍රිකව විසදුමක් තිබු බව නම් පැහැදිලිය , නමුත් ඒ බව පාලකයන්ට නොපෙනීම කණගාටුවට කරුණක්.(නදී)
ඕසන් සලාම් ගේ කතාවත් හරි. ලංකාවේ මානව හිමිකම් සුරකිනවා නම් කාටවත් මොකටද බය වෙන්නේ. ඕවට පොල් ගහල හරියන්නේ නැහැ.(නදී)
මේ වගේ වැඩ වලින් වෙන්නේ ශ්‍රී ලාංකිකයෝ විශේෂයෙන් මහා සංඟ රත්නය නුගත් පිරිසක් ලෙස ලෝකයට පෙන්වීමයි . බටහිර ජාතීන් දකින්නේ අලින් මේ වගේ පෙරහැරවල් වල ගෙනියන එක සත්ව හිංසනයක් විදියටයි.(නදී)
ඉතිහාසයෙත්, වර්තමානයෙත්, අනාගතයෙත් ප්‍රධාන සංඝනායක නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මා උපන් මවු බිම බේරාගැනීමට කැපවී සිටින බව මා ඉතා ආඩම්බරයෙන් පවසමි. බුදුසසුන බැබලේවා සිංහළයාට ජයවේවා! (නදී)
බුදුදහම යනු මෝඩයන්ට දෙසු දහමක් නොව බුද්දිමතුන් සඳහාම දෙසු දහමක් කියා දහමෙම සඳහන් වෙනවා. ඉතින් මේ යෝජනාවට උත්තර දෙන්න හදන්නේ බුද්දියෙන් තොරව පොල් ගෙඩියෙන් නම් මොවුන් කොතරම් මෝඩ ජාතියක්ද කියා දෙවරක් හිතන්න ඕනෙද?(නදී)
අලි සහ හරක්.(නදී)
බික්ෂුවක් ශාසනයට ඇතුළු වන්නේ අටවන බවයෙන් අනතුරුව සෝවාන් පලයට පැමිනිය හැකිය යන ඒකායන පරමාර්ථය පෙරදැරි කරගෙන ඒ අනුව දහමේ හැසිරීමට මිස මෙවැනි පහත් අශෝබන දේවල් කරමින් සසර දික්කර ගැනීමට නොවේ.(නදී)
සලාම් ඔයාට රට ගැන හැගීමක් නැතිවට අපි මොනවා කරන්නද. පොල් ගණන් එකත් ඇත්ත පාර සුද්ද කරන්න වෙන එකත් ඇත්ත. කොටියා බෝම්බ පුපුරවල පාරවල් ලේ විලවල් කරපු වෙලේ ඔය කණගාටුව තිබුනේ නැද්ද. (නදී)
එතකොට අගමැති, මැති ඇමතිවරු ,තානාපති වරු ,රජයේ නිලදාරීන් ඉන්නේ මොන කෙන්ගෙඩියකටද? (නදී)
දැන් සේරම හරි, ගාලු පාරේ පොලුත් ගහල නේ තියෙන්නේ ඉතින් බයවෙන්න ඕනා නැහැ.(නදී)
සලාම් ඔබගැන කියන්න තියෙන්නේ ඔබට රටක් ආගමක් නැතිකමයි.(නධී)
"ඔසන් සලාම්" අමෙරිකන් කාරයා ඔහේලගේ සනුහරේත් වනසමින් නේද ඉන්නේ,? ඒ වගේ දේවල් වලට රාජ්‍යතාන්ත්‍රික මැදහත්වීම් කොතරම් තිබුණත් පලක් වුනාද.? අමෙරිකාව කියන්නෙ කාටවත් ඕනෙ විදිහට වැඩකරන රජයක් නෙවෙයි. බලමු මේ පාරවත් හිත වෙනස් වෙයිද කියලා.(නදී)
සලාම් මේක විහිළු වැඩක් නොවේ. බලපෑමක් කල හැකි අයුරින් ලෝකයට පෙන්වන්නට පුළුවන් අපුරු දෙයක්. ලංකාවට විරුද්ධව ඇති බොරු චෝදනා වලට කරපු හොඳ විරෝධතාවයක්.(නදී)
අවසර හාමුදුරුවනේ, ඇමෙරිකාවට ඔහොම හිතක් පහල වේවා කියල ප්‍රර්ථනා කරනවට වඩා නරකද අපේ රටේ පාලකයන්ට නිතිය හා සාමය තහවුරු කරන්න කියල අනුශාසනා කරානම්. රටේ මානව හිමිකම් කඩ වෙන නිසා නෙවේද බටහිර රටවල් අපේ රටට අතපොවන්න හදන්නේ? ඕක හරියට වැරැද්දක් කරලා අහු නොවේවා කියල පොල් ගහනවා වගේ වැඩක්. (නධී)
මෙව ජාතයන්තරය හිනස්සන වෑඩ. මේවාට තමයි හිනා නොයන තැන් වලින් හිනා යන්නෙ.(නදී)