රුසියාවේදී අද (11) ආරම්භවන ලෝක කාන්තා චෙස් ශූරතාවලියට ශ්‍රී ලංකාවේ ජාතික චෙස් ශූරී සචිනි දිනුෂිමා රණසිංහ සහභාගිවන්නීය. සචිනි, අද පැවැත්වෙන පළමු තරගයේදී ලෝක චෙස් ශූරී චීනයේ හු යැයිෆැන් සමග තරග වැදීමට නියමිතය. ඇය හෙට රුසියානු ක‍්‍රීඩිකාවක් සමගින් තරග වදියි.
අන්තර්ජාතික චෙස් ප‍්‍රවීනතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව වන සචිනි ජාතික කාන්තා චෙස් ශූරතාව තෙවරක්ම දිනා සිටියි. කොළඹ මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන ඇය පසුගිය වසරේ මෙන්ම 2009 වසරේද ශූරතාව දිනාගෙන තිබේ.
පසුගිය වසරේදී කොළඹදී පැවැති ශ්‍රී ලංකා චෙස් ආසියානු කලාප චෙස් තරගාවලියේදී සචිනි, කාන්තා ශූරතාව දිනා ගනිමින් ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය (කාන්තා) හිමි කරගත්තාය. මෙම ජයත් සමග සචිනි ලෝක කුසලාන චෙස් තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ද හිමි කර ගත්තාය.
ලොව හොඳම චෙස් ක‍්‍රීඩිකාවන් 64 දෙනකු තරගවදින ලෝක කාන්තා චෙස් ශූරතාවලියකට ශ්‍රී ලංකාවෙන් සහභාගිවන පළමු ක‍්‍රීඩිකාව වන්නේ සචිනියි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය ලැබීමට සුභ පැතුම්! (ස)
ඉස්කෝලෙ කරපු දෙයක් නෑ , දැන් බොරුවටන නැටුවට, මෙයාව ඉස්කෝලෙ ටීම් එකෙනුත් ඉවත්වෙලා තිබුණේ (ස)
ඉස්කෝලේ යන කාලේ පුහුණුවීම් වලට හරියට සහභාගි වෙන්න ඇති. (නි)
අක්කේ ඔයාට ජයම ලැබේවා . සුබ පැතුම් (ස)
ඔබට සුබ පතනවා! තෙරුවන් සරණයි ! (නි)
ඔබට සුබ පතනවා! (නි)
මේ දුව මගේ දුවව වගේමයි මේ ෆොටෝ එකෙන් දකිද්දි (ස)
නැගණිය ඔබට වඩා ඔබ අපට වටිනවා...(ස)
සචිනි, මගේ සුබ පැතුම් සමග ශ්‍රී ලංකාවේ සියලු දෙනාම ජය පතනවා , ඔබට ජය වේවා (ස)
සුබ පැතුම් (ස)
පාසලේ නමත්, ශ්‍රී ලංකා මෑණියන්ගේ නමත් ලෝකය ඉදිරියේ ඔසවා තබන්න දුවට මගෙන් සුබ පැතුම් (ස)
සචිනි දුවේ අපෙන් ඔබට සුබ පැතුම්. ලක් දෙරණට ඔබ ආඩම්බරයක් (ස)
මගේ සුභ පැතුම්! (නි)
තුණුරුවන්ගේ සරණින් ඔබට ජය අපේ අක්කේ. (නි)
සුබ පැතුම් ඔබට (ස)
ඔබට ජය වේවා නංගියේ. (නි)
අපෙන් ඔබට සුබ පැතුම් (ස)
මගේ සුභ පැතුම්! (නි)
අපේ සුභ පැතුම්! (නි)
දුවට පළමු තැනම ලැබේවා! (නි)
ආදරණීය දුවේ , ඔයාට අපෙන් සුබ පැතුම් (ස)