IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


“සංචාරකයින්ට - ආයෝජකයින්ට සංචරණ ඇඳිරි නීතිය බලපන්නේ නැහැ’’

(තිළිණි ද සිල්වා)

සංචාරකයින්ට සහ ආයෝජකයින්ට සංචරණය ඇඳිරි නීතිය බලපන්නේ නැති බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම ක්ෂේත්‍රවලට කටයුතු කිරීමට අවසර ලැබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (24) පැවසීය.

කෝවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා අතරේම ආර්ථිකය නංවමින් රටේ කටයුතු ඉදිරියට ගෙන යාම රජයේ අපේක්ෂාව බවත් ඒ අනුව අදාල අවසරයන් එම ක්ෂේත්‍ර වලට ලැබෙන බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී ජපන් නියෝජිතයින් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ ඒ පැකේජය ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත් සමාගම්වල මව් සමාගම නියෝජනය කරන මෙම ජපන් නියෝජිත පිරිස සමඟ එම ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.

මේ වන විට රට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අධික්ෂණය සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර මුදල් අමාත්‍යාංශය හරහා එම ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණ කොට කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කෙරෙයි.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළේ දුරස්ථ යාත්‍රාංගණය හා බැහැරුම් පථ ඉදිකිරීම් වලින් සමන්විත පැකේජ A සහ B ව්‍යාපෘතියේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ද මේ වන විට විශේෂ අවධානයක් යොමුව ඇතැයි අමාත්‍යවරයා ඡපන් නියෝජිතයින්ට පෙන්වා දුන්නේ ය.

ගුවන්තොටුපළ පැකේජ B ව්‍යාපෘතියේ සියයට 93.85 ක් මේ වන විට අවසන් කර තිබේ.

ව්‍යාපෘති අවසන් කිරීම සම්බන්ධයෙන් මෙරට ව්‍යාපෘතියේ කටයුතු කරගෙන යන කොන්ත්‍රාත් සමාගම හා සාකච්ඡා කර ඊට අදාළ ක්‍රියාමාර්ග ගනු ලබන බව ද ඔවුහු සඳහන් කළහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දි මෙහි ඉදිකිරීම් සදහා මූලික සැලසුම් සැකසුණ ද මෙහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2017 වසරේදියි.

වසර දෙකහමාරකින් එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණ ද පසුගිය රජයේ නිසි අධික්ෂණයක් නොමැතිවීමෙන් එහි කටයුතු ප්‍රමාද විය.

කටුනායක ගුවන් තොටුපළ පැකේජ A ව්‍යාපෘතිය යටතේ නව මගී පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද 2014 වසරේ දි හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ආරම්භ කෙරුණකි.

එහි ඉදිකිරීම් ද පසුගිය යහපාලන රජය විසින් ප්‍රමාද කළ අතර එය නැවත ආරම්භ කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුවයි.

 



අදහස් (9)

“සංචාරකයින්ට - ආයෝජකයින්ට සංචරණ ඇඳිරි නීතිය බලපන්නේ නැහැ’’

siri Tuesday, 24 August 2021 01:51 PM

ලෝකෙ තියෙන කෝවිඩ් ප්‍රභේද ඔක්කොම රට පුරා යවන්නකෝ...!

:       1       23

kamal Tuesday, 24 August 2021 01:58 PM

ජාති ආලේ වැඩිවෙලා

:       0       0

hewagama Tuesday, 24 August 2021 02:17 PM

හෙරොයින් සංචාරකයෝ හැරෙන්න වෙන කිසිකෙනෙක් ලංකාවට එන්නේ නැහැ. හුඟක් ආසියා කලාපයේ සංචාරය කිරීම තහනම් කර ඇත.

:       1       18

de silva Tuesday, 24 August 2021 04:01 PM

සංවර්ධන වැඩ නොවේ දැන් රටට අවශ්‍ය එන්නත්, බෙහෙත්,සහ මිනිස්සුන්ට ආහාර. ඉදිරි මාස කිහිපය පණ බේරාගෙන ජිවත් වෙන ගමන් එන්නත්කරණය ඉදිරියට කරගෙන යන එකට මුල් තැන දෙන්න. දැන් ලංකාවට එන සංචාරකයෙක් නැහැ.

:       1       3

මාම Tuesday, 24 August 2021 04:12 PM

මේ අයට මිනිස්සු තොග ගණනින් මැරුණත් කමක් නැහැ...

:       2       6

mp Tuesday, 24 August 2021 05:00 PM

ඔහෙලා තමයි ලංකාවට කෝවිඩ් බෙදන්න මුල්වුනේ... තව තවත් බෙදලා ජාතිය නැතිකරන්නකෝ.. තමන්ට හැදුණු දවසට තමයි තරු පෙනෙන්නේ...

:       2       5

de silva Tuesday, 24 August 2021 06:12 PM

සංවර්ධන වැඩ කරනකොට කොමිස් ගහන්න පුළුවන්. ඒවා නැවතුණාම පාඩු වෙනවා. කොමිස් ගහන්න ඕනේ...

:       0       1

kapila Tuesday, 24 August 2021 07:15 PM

මේක පුදුම නීතියක්. දේශපාලුවන් තමන්ට හිතෙනදේ කරන රටක්.

:       0       0

Nimal Wednesday, 25 August 2021 11:44 PM

මම නොදන්න නිසා මේක අහන්නේ. මෙම පුද්ගලයින් හරහා මිනිසුන්ට කොරෝනා ආසාදනය නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1770 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 475 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 608 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 881 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1746 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 481 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site