IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සජිත් බෑ කියයි

දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණයට නාම යෝජනා මණ්ඩලයෙහි සාමාජිකයකු හැටියට කටයුතු කිරීමට නොහැකි බව තමා පක්ෂ නායකත්වයට දැන් වූ බව හම්බන්තොට දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා කියයි.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඡන්ද වැඩට තම මුළු ශක්තියම යොදා ඇති බැවින් මෙම තීරණය ගත් බවත් ඒ බව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට මීට සතියකට පෙර දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බවත් පේ‍්‍රමදාස මහතා පවසයි.



අදහස් (0)

සජිත් බෑ කියයි

උදය සිඩ්නි Thursday, 16 January 2014 09:17 AM

රාජපක්ෂලා තමා රට ගොඩ ගත්තේ , අපි සැම දෙනාම ජන්දය දෙන්න ඕනි රාජපක්ෂ රජයට.(අ)

:       0       0

සුද්දා Thursday, 16 January 2014 11:01 AM

සංග්‍රාමය ඇරැඹූ වගයි(දිල්)

:       0       0

සුගතන් Thursday, 16 January 2014 11:03 AM

මණ්ඩලයේ වැඩ ගැන දන්නා හින්දා තීරණය කරන්න ඇති (දිල්)

:       0       0

කිෂාන් Thursday, 16 January 2014 11:05 AM

ජනාධිපති වරණයකට මුහුණ දෙන්න යනවා වගේ මහන්සි වෙනවා ඇත්තේ (අ)

:       0       0

මිගෙල් Thursday, 16 January 2014 11:06 AM

බලමුකො හිතන තරම් යකා කළුද කියලා (අ)

:       0       0

වීරසිංහ Thursday, 16 January 2014 11:14 AM

සජිත් මහත්තයාට මම නම් කියන්නේ විජය කුමාරතුංග මහත්තයා වගේ වෙනම දේශපාලන පක්ෂයක් හදා ගන්න (දී)

:       0       0

දේවින්ද Thursday, 16 January 2014 12:06 PM

ඔබතුමා කලින්ම දැනගෙන තියෙනවා නේද ඔබතුමාට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිපලයක්ද කියලා. ඒක තමයි දැන්ම මේ වගේ තීරණයක් අරගෙන තියෙන්නේ.(නදී)

:       0       0

සුජිත් Thursday, 16 January 2014 12:08 PM

සජිත් මැතිඳුනි ඔබ හරි. මඩ ගහන්න බලන් ඉන්න අයගෙන් ඈත් වෙලා තව ටික කාලයක් ඔහොම ඉන්න.(නදී)

:       0       0

අතපත්තු Thursday, 16 January 2014 12:11 PM

අනේ ඉතින් මේ වගේ තීරණ ගන්න ඔබතුමා වගේ අය ගැන විශ්වාස කරන් ඉන්න ජනතාවට දෙයියන්ගේම පිහිටයි.....(නදී)

:       0       0

බුලත්සිංහල Thursday, 16 January 2014 12:40 PM

දිනනවා කියල විශ්වාසයක් අපිට ඇති වුණ දවසක ඡන්දේ දෙන්නම්(දිල්)

:       0       0

ප්‍රසන්න Wednesday, 15 January 2014 07:51 PM

නියමයි සජිත් (අ)

:       0       0

ෂහිර් ඩේවුඩ් Wednesday, 15 January 2014 08:08 PM

ඕන් සෙල්ලමක් පටන් ගත්තා

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 January 2014 08:09 PM

පරදින බව දන්නවනෙ ඉතින් කොහොමෑයි වගකීමක් බාර ගන්නෙ (අ)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 January 2014 08:09 PM

පරදින බව දන්නවනෙ ඉතින් කොහොමෑයි වගකීමක් බාර ගන්නෙ (අ)

:       0       0

සේන Wednesday, 15 January 2014 08:11 PM

එයාට ඉතින් මොනාද පුළුවන්?(අ)

:       0       0

තාරක තාරක Thursday, 16 January 2014 02:07 PM

ප්‍රේමදාස මහත්තයා හරියටම හරි අපි සැමදා ඔබට සහයෝගය දෙනවා (දී)

:       0       0

ආරියසේන Wednesday, 15 January 2014 08:29 PM

ප්‍රතිඵලය දන්නා නිසා මුලදීම අයින්වෙන එක හොඳා.(අ)

:       0       0

සුමිත් Wednesday, 15 January 2014 08:41 PM

ලැජ්ජයි මැතිදුණි...(අ)

:       0       0

ජිනාත් Wednesday, 15 January 2014 08:42 PM

සජිත් මහතාණනි හම්බන්තොට දිනලා පෙන්වන්නෙ මෙදා පාර ඡන්දෙන් රටම දිනන්න කලින්...(අ)

:       0       0

ධර්මරතන Wednesday, 15 January 2014 08:50 PM

සජිත් හරි දක්ෂයි වගකිමක් නැතුව ඉන්න.වගකිමක් නැති එකත් වගකිමක් තමයි. (අ)

:       0       0

බණ්ඩා Wednesday, 15 January 2014 09:25 PM

සජිත් ඔබ හරි ..වෙලාව එනකම් ඔහොම යමු ...ඔබය අපගේ අනාගත ජනපති .(අ)

:       0       0

තිලක් Wednesday, 15 January 2014 10:00 PM

තාත්තා ඉන්න කම්ම කොළෙත් ඕකයි , මේ පාරනම් පාඩමක් ඉගැන්විය යුතුය (අ)

:       0       0

රාමනායක Wednesday, 15 January 2014 10:16 PM

සද්දේ විතරයි වැඩ නැත .(අ)

:       0       0

සමන්ති Wednesday, 15 January 2014 10:25 PM

මෙයා හැමදාම මෙහෙමයි . වැඩට බහින්නේ නැහැ . බහින්න වගේ ඉන්නවා .බහින්න කිව්වම පස්සට යනවා . වැට උඩ ඉන්නේ . වැටත් පටලවාගෙන අර ඉස්සර කෙනෙකුත් හිටිය විදියට .(අ)

:       0       0

පෙරේරා පැරිස් Thursday, 16 January 2014 04:08 PM

ගරු සජිත් ප්‍රේමදාස මන්ත්‍රී තුමනි, ඇති ගරු ජනාදිපති ආර් ප්‍රේමදාස උතුමානන්ගේ නාමය විනාස නොකර නායකත්වය සමග සහයෝගයෙන් කටයුතු කරන්න. පක්ෂය දිනවන තැනට එවිට කටයුතු සැලසෙනු ඇත. ජයවේවා, ජයවේවා, ජයවේවා !!!!! (දී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 15 January 2014 10:27 PM

සජිත් මහත්තයාගේ ඔය වැඩ පිළිවෙල දිහා බැලුවම මට හිතෙන්නේ මොනවා කිව්වත් එතුමා දේශපාලනයට තාම පුබ්බරුවෙක් කියලයි.(අ)

:       0       0

සහන් බණ්ඩාර Wednesday, 15 January 2014 10:28 PM

නියම තීරණයක් (අ)

:       0       0

සහන් බණ්ඩාර Wednesday, 15 January 2014 10:33 PM

සජිත් නැතුව බැරිද?(අ)

:       0       0

ඉසුරි පැරිස් Thursday, 16 January 2014 04:10 PM

වගකීම් පහර අරින්නේ, දුරුවල මිනිස්සු. ඉතින් එවැනි මිනිස්සු නායකයන්ට සුදුසුද ? පරාජය ජයග්‍රහණයේ මාවතයි. (දී)

:       0       0

ගීත් පෙරේරා Thursday, 16 January 2014 12:24 AM

පක්ෂය බේරා ගන්න කියමින් අරගල නොකර දිනිය හැකි පිරිසක් තෝරාදීම සදහා ඉදිරිපත් වීම නියම නායකයකුගේ වගකීමක්. මෙසේ කර අරිමින් වගකීමෙන් ඉවත් වන මෙවැන්නන්ට නිසි දඩුවම් ජනතාව ලබාදෙනු ඇත. තවද නාම යෝජනා මණ්ඩලයේ කටයුතු කලවිට පිරිසක් හෝ අමනාප නොකර ගැනීමට තරමට සජිත් මහතා කපටි වී ඇති බව පෙනේ. (අ)

:       0       0

පෙරේරා පැරිස් Thursday, 16 January 2014 01:00 AM

ජේ.අර ජයවර්දන ලොව ප්‍රථම විධායක ජනාදි පතිතුමා 1977 රුක්මන් ඇතුළු අකීකරු පිරිස එක්සත් ජාතික පක්ෂයෙන් පැන්නුව සජිත්ට මතකද ? පන්නලා මහා මැතිවරණයට ඉදිරිපත් වී 6යෙන් 5ක බලයට ගිය මතකද ? රනිල්ව එතනට තල්ලු කරන්න එපා !!! එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන සියලු පරාජයන් වලට සම්පූර්ණයෙන් සජිත් වගකිය යුතුයි. (අ)

:       0       0

සත්‍යයා Thursday, 16 January 2014 02:56 AM

මෙයාගේ තාත්තත් අපේ හමුදාවට බැහැ කියල කොටින්ට හා කියල ඉල්ලන් කාපු හැටි මතකනේ. අපරාදේ කියන්න බැහැ පුතා තාත්තගේ ආදී පාරේම යනවා. මට බය තියෙන්නේ මෙයා මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න යයිද කියල. (අ)

:       0       0

සමන් කුමාර Thursday, 16 January 2014 05:42 AM

දකුණු පළාත් ඡන්දයට මහා ඇමති අපේක්ෂක ලෙස ඉල්ලන්න කියපු වෙලාවේ ඉඳලා මැතිඳුව වෙව්ලන්න පටන්ගත්ත. (අ)

:       0       0

කවීන්ග Thursday, 16 January 2014 06:56 AM

බලය නොදිය යුතු කෙනෙක්. සාමාන්‍ය සිංහලයට අතීතය අමතක උනාට මට හොඳට මතකේ තිබේ. (අ)

:       0       0

බුද්ධික Thursday, 16 January 2014 06:57 AM

හොඳයි සජිත් නියමෙට වැඩ කළා (අ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 19 January 2014 11:52 AM

මෙයා හැම එකකටම බැහැ කියන්නේ මොකක් හරි නිධාන කතාවක් ඇති නේද? (නදී)

:       0       0

රෝහන Thursday, 16 January 2014 07:50 AM

දැන් මහජනයා බලාපොරොත්තු විය යුත්තේ තුන් වෙනි බලවේගය රජ කර වීමයි. (නදී)

:       0       0

චන්දන Thursday, 16 January 2014 08:25 AM

මට නම් පෙන්නේ මෙතුමාට ආණ්ඩු බලයක් හිමි උනත් එන අභියෝග හමුවේ පැනල යයි. කිසිම වගකීමක් භාර ගන්නේ නැහැ.(නදී)

:       0       0

නිශාන්ත Thursday, 16 January 2014 08:59 AM

සජිත් හරි ආත්මාර්ථකමි පුද්ගලයෙක්.පක්ෂය බෙදන්නේ මෙයා තමා. මතකනේ දයාසිරිට බුද්ධිකට කලදේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 103 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 64 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 110 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 899 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1142 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 77 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14607 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site