IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සජිත් මණ්ඩලයෙන් යයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට තමා පත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කියයි.



අදහස් (0)

සජිත් මණ්ඩලයෙන් යයි

සුනෙත් Tuesday, 05 November 2013 10:44 AM

මෙතුමා පත් නොකර සිටීමට ජනතාව වග බලාගන්න.. (ස)

:       0       0

පෙත්තා Monday, 04 November 2013 09:09 PM

දෙයියෝ සාක්කි...! (නි)

:       0       0

ටොම් Monday, 04 November 2013 09:15 PM

"පුදනකොටම කාපි යකා" කිවුවලු (නි)

:       0       0

චින්තක Monday, 04 November 2013 09:18 PM

මම නම් කියන්නේ මෙහෙම. පුදපු ගමන් 'දුවපි' යකා ! (නි)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 05 November 2013 11:03 AM

හෙම කෙනාටම ඕන පළමුතැන ගන්න. ඒකයි ඔතන තියෙන ප්‍රශ්නේ. ඔතන පක්ෂයක් කියලා දෙයක් ඉතිරි වෙලා නැහැ. මොනවා හරි ගොන් පාර්ට් එකක් දාලා ජනප්‍රිය වෙන්න ඕනා. ඉස්සර දයාසිරි කලේ ඒකමයි. ඉතින් මේයා ඒක කරලා බලන්න යනවා. අන්තිමට යු.ඇන්.පී එකත් නැතිව යනවා.(නදී)

:       0       0

කුමාරන Monday, 04 November 2013 09:23 PM

අලුත් පක්ෂයක් පිහිටුවා හෝ සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයට සහය දීම වඩාත් හොඳයි (නි)

:       0       0

ශාන්ත ලාල් Monday, 04 November 2013 09:25 PM

මොකද කියන්නේ? නැති බැරි අය ඇති හැකි අය කරමුද? (නි)

:       0       0

ගම්මා Tuesday, 05 November 2013 05:32 AM

අහවලාට නම් ඇති එකම අවශ්‍යතාවය නායකකම පමණි. පක්ෂය දිනවන්න හෝ රටට සේවයක් කිරීමට අදහසක් නොමැති බවයි මට හැගෙන්නේ. (නි)

:       0       0

රසිත් Monday, 04 November 2013 09:34 PM

එයා කොහොමත් ඉතින් එහෙමනේ... (නි)

:       0       0

මහේන්ද්‍ර Tuesday, 05 November 2013 11:19 AM

පසුපෙළක් නොස‍ාදන අය මම නම් කියන්නේ වැඩක් නැහැ කියලා (නි)

:       0       0

බන්චි Tuesday, 05 November 2013 05:40 AM

යනවා කිව්වට යන්නේ නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 04 November 2013 09:37 PM

මතකද? ''මේ කව්ද..?මොනවාද කරන්නේ..?" (නි)

:       0       0

ඇන්ටන් Monday, 04 November 2013 09:37 PM

මේ මොනවාද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 05 November 2013 11:30 AM

රනිල් හැමදාමත් කලේ ඔය වගේ වැඩ. පක්ෂය දිනවන්න වැඩ කලේ නැහැ. කරොත් කරලා තියෙන්නේ පක්ෂය බෙදා බින්න කරවලා, එයා ඉන්න තැන ආරක්ෂා කරපු එක. කවදාවත් පක්ෂ සාමාජිකයන්ට සවන් නොදෙන ඔහු මහ ජනයාට සවන් දෙයිද? (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 November 2013 05:56 AM

සජිත්ට නායකත්වයට ඕනෑවට වැඩිය සුදුසුකම් තිබෙනවා. ස්ව කැමැත්තෙන් හම්බන්තොට වගේ දුෂ්කර ප්‍රදේශයක් මීට අවුරුදු විස්සකට තෝර ගත්තා. එදා ඉඳල අදටත් හමබන්තොට ජනතාවට සේවය කරනවා. ඒ පක්ෂ විපක්ෂ දෙකේම කැපිලි කෙටිලි මැද. අබියෝගයක් නෙමෙයිද මේක?කොහොමත් ඔය නායකත්ව මණ්ඩලේ කියන්නේ ආඬි හත්දෙනාගේ කැද හැලිය වගේ. නායකත්වය කියන එක පුද්ගලයෙක් සතු දෙයක් මිස කණ්ඩායමක් සතු නොවිය යුතු දෙයක් (නි)

:       0       0

කරුණාරත්න පෙරේරා Tuesday, 05 November 2013 06:11 AM

මෙයා තමයි නායකකමට සුදුසු. .(නදී)

:       0       0

චමත් [ලංකාව] Tuesday, 05 November 2013 06:16 AM

ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය තම පක්ෂ නායකයා තෝරා ගැනීමේදී අලුත් ක්‍රමයක් අනුගමනය කරනු ලැබුවා. කලින් තිබු ක්‍රමය නම් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් පක්ෂ නායකයා තේරීමයි. නමුත් ඒ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි පක්ෂයේ වැඩි දෙනෙකුගේ අදහස වුනේ. අලුත් ක්‍රමය වුයේ පක්ෂයේ පක්ෂ සාමාජිකයන්ගේ [සාමාජිකත්වය ලබා ඇති අය පමණයි] ඡන්දයෙන් සහ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ඡන්දයෙන් තම පක්ෂ නායකයා තෝරා ගැනීමයි. මෙයට මසක පමණ කාලයක් ගත වුනා. එක් එක් ප්‍රාන්ත වල වීශාල ශාලාවකට සාමාජිකයන් කැදවා ඡන්දය විමසනු ලැබුවා. ඒ අවස්ථාවේම සියලු දෙනා ඉදිරිපිට ඡන්දය ගණන් කර ප්‍රතිපල නිකුත් කරනු [ ඡන්ද ප්‍රතිපලය ඒ අවස්ථාවේදීම නිකුත් කල විට ලංකාවේ මෙන් ඡන්ද දුෂණයක් සිදුවුවායි කීමට බැරිය ] ලැබුවා.නමුත් සෑම ප්‍රාන්තයකම මෙම ඡන්ද විමසීම කරනු ලැබුවේ එකම දිනක නොවෙයි .ඒ නිසයි මා කිව්වේ මෙයට මාසයක් පමණ ගත වුනා කියලා. ඉතින් මේ ක්‍රමයම එක්සත් ජාතික පක්ෂයත් අනුගමනය කරනවානම් මේ ප්‍රශ්න සියල්ල විසදී හාමාරය. කිසි කෙනෙකුකට කියන්න දොසක් නැත. (නදී)

:       0       0

නිහාල් චන්ද්‍රසිරි Tuesday, 05 November 2013 06:16 AM

සජිත්ට ලෙස්සල ගිහින් නායකත්වයට එන්න පුලුවන්ද? පැනල යන්නේ නැතුව වැඩ පෙන්නන්න. පක්ෂය සහ රට ගැන හිතන්න .(නදී)

:       0       0

ආනන්ද Tuesday, 05 November 2013 06:27 AM

ජයා,හම්බන්තොට අයිතිවෙන්නෙ දකුණු පළාතට. පුලුවන් නම් දකුණු පළාත් සභාව දිනලා සුදුසුකම පෙන්නුවොත් නේද හොඳ? (නි)

:       0       0

සමන්ති Tuesday, 05 November 2013 06:38 AM

ඉස්සරත් තාත්ත කලේ නමට ලේකම් කෙනෙක් පත්කරලා නායක, ලේකම් ".....ල් " මතකද කොමිටි වලට තමන්ගේ හෙන්චයියල්ලා දාලා තීරණ කොමිටියට බාරකරලා අත සෝදගත්ත එක. (නදී)

:       0       0

මේනක Monday, 04 November 2013 10:00 PM

පැයකට හරි සජිත්ට නායකකම දෙන්න තියෙන්නේ...පව්... නායකත්වයට පළපුරුද්දක් තියෙනවද එයාට................... (දී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 05 November 2013 06:43 AM

ප්‍රේමදාස මහින්ද නායකත්වයට පත්වුණේ වයස හැට පැන්නම නේද සජිත් මොටද කලබල වෙන්නේ? (නදි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 05 November 2013 06:50 AM

මොනවාද තිබෙන සුදුසුකම රටේ නායකයා වෙන්න? අපේ අයට අමතක වෙලා එක්සත් ජාතික පක්ෂයේ හිටි උගත් වටිනා මිනිසුන් වූ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ අය නැති වුණේ කො‍හොමද කියලා (නි)

:       0       0

පුබුදු Monday, 04 November 2013 10:10 PM

පක්ෂයෙන්ම ගියානම් හොදයි (දී)

:       0       0

ජනක Monday, 04 November 2013 10:13 PM

අයියෝ සජිත් (දී)

:       0       0

ජුවෙන්සියස් Tuesday, 05 November 2013 06:58 AM

ඔබ ඉන් ඉවත්වීම කදිමයි. (නි)

:       0       0

ජීවන්ත Monday, 04 November 2013 10:13 PM

මමනම් කියන්නසරත් ෆොන්සේකා එක්ක එකතු වෙලා අලුත් පක්ෂයක් හදාගන්න (දී)

:       0       0

එඩිෂන් Tuesday, 05 November 2013 07:02 AM

සිතු දේ නොවුණු නිසා තරහට යන්න ඇති (නි)

:       0       0

ගයාන් Monday, 04 November 2013 10:15 PM

දැන් ඉතින් වෙන අතක් බලා ගන්න (දී)

:       0       0

ලංකා Monday, 04 November 2013 10:19 PM

එයා නායකත්ව මණ්ඩලයක ට කැමති නැතුව වගේ තනි පුද්ගල මණ්ඩලයක ට වගේ කැමති (දී)

:       0       0

සමන් කුමාර Tuesday, 05 November 2013 07:09 AM

සජිත් මහත්තයෝ, ලිස්සල පනින්නේ නැතුව දකණු පළාතේ ඡන්දෙට ඉදිරිපත්වෙලා පැරදුනත් කමක් නැහැ 40% ඡන්ද අරන් පෙන්වන්න. මට නම් පේන්නේ මේ විදියට ගියොත් ඔබතුමාට සිද්ධ වෙන්නේ අනුර බණ්ඩාරනායක මහත්තයට වුන දේමයි.(නදී)

:       0       0

සම්පත් Tuesday, 05 November 2013 12:13 PM

ආඞි හත් දෙනාගේ කැඳ හැලිය වගේ !!! (ස)

:       0       0

සංජය නිසල් Tuesday, 05 November 2013 12:14 PM

ඕන සජිත් කරපු එක හරි. (ස)

:       0       0

රුබට් Monday, 04 November 2013 10:22 PM

ඒ මණ්ඩලේ කොහොමත් කචල් වෙනද හදලා තියෙන්නේ. කරු, සජිත් සහ තලතා එක පැත්තක, අනිත් හය දෙනාම රනිල්ගේ පැත්තේ. ඉතින් කොහොමද වෙනසක් බලාපොරොත්තු වෙන්නේ? මේක විහිළුවක්, සජිත් ඒක තේරුනාම හියා යන්න. (දී)

:       0       0

ප්‍රසන්න Monday, 04 November 2013 10:32 PM

මොහු නෙරපිය යුතුය .(දී)

:       0       0

මිනිපෙ Monday, 04 November 2013 10:34 PM

සජිත් මහත්තයෝ, ඔබ පක්ෂයේ නායක කමට සුදුසු නම්,පක්ෂයේ මිනිසු එක කරවී.එතකම් ඔබ නිෂබ්දව ඉන්න.ඒ අතර තුර පක්ෂය නගා සිටුවීමට ඔබ, නායකත්වයට පසු ගන්න පියවරවල් පක්ෂයේ සාමාජිකයනට පොරොන්දු වෙන්න.ඔන්න ඔටෝමැටික් නායකත්වයට පැමිණීමට ඔත්තුව. (දී)

:       0       0

තිලක් Monday, 04 November 2013 10:36 PM

පරම්පරාවේ ජානවල හැටි, තාත්තා 90-93 දී ගාමිණී -ලලිත් එලොගත්ත එක හින්දයි තාම පරිප්පු කන්නේ (දී)

:       0       0

රකිත් Tuesday, 05 November 2013 07:46 AM

අනික් පුතාලගේ සුදුසුකම් සහ සුදුසුකම් ලබපු විදිය සලකන කොට නම් සජිත් මහත්තය ඕනෑවටත් වඩා සුදුසුයි. පියාට වැරදුනු තැන් කල්පනාවට ගනිමින් ගමන් කලොත් සුභ අනාගතයක් ළඟා වෙයි..(නදී)

:       0       0

පාලිතන් Monday, 04 November 2013 10:43 PM

මොනතරම් වාසනාවන්තද මෙවන් සිද්දීයජ්ක් බජ (දී)

:       0       0

ප්‍රසන්න Monday, 04 November 2013 10:43 PM

මොහුගේ පියාගේ කාලේ ,කරපු දේවල් නිසා ,අදටත් පරදිනවා . (දී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 05 November 2013 07:57 AM

සජිත් මහත්තයෝ, පක්ෂ සාමාජිකයින්ගේ ඔලුවලට විෂබීජ දාන්න එපා. පක්ෂයේ නායකයා විවේචනය කරන්න එපා. සාමාජිකයින් පක්ෂයෙන් ඈත් කරන්න එපා. ඔබගේ පියා කවදාවත් නායකත්වය විවේචනය කළේ නැහැ. එය ආදර්ශයට ගන්න.(නදී)

:       0       0

පෙරේරා Monday, 04 November 2013 10:49 PM

කොන්ද වගේම වඩාත් කෙලින්..මේක හරියට කැබිනට් එක වගේ..නමය නපුරු.. වෙයි යටිකුරු..කන්ද නැති කරු තව සැරයක් කරුවක් උනා..පක්සේ වැනෙද්දී..ආණ්ඩු හදන්නේ කොමද (දී)

:       0       0

මරික්කාර් Tuesday, 05 November 2013 12:44 PM

සජිත්ගේ තීරණය හරි. ආගන්තුක කුරුල්ලන් ආක්‍රමණය කරපු කලපුවක්වගේ ඔය නායකත්ව මණ්ඩලය. එක්සත් ජාතික පක්ෂය සැබැවින්ම ආදරයකරන එක නායකයෙක් ඇති පක්ෂය ගොඩගන්න. මෙවෙනි රූකඩ මණ්ඩලයක් තුලින් පක්ෂයේ ප්‍රගතියට කිසිසේත්ම දායකත්වයක් නැත. (දිල්)

:       0       0

පුෂ්ප Monday, 04 November 2013 10:55 PM

සජිත්ට මොලේ තියෙනවා (දී)

:       0       0

ෂේන් Tuesday, 05 November 2013 08:14 AM

සජිත් ඉවසීම පුරුදු කරගන්ට ,මොකද මෙච්චර හදිස්සියක් ,රටට ආදරයක් ඇත්නම් පෙන්නන්නට ,දගලන්නේ නැතුව,අනික නායකත්වයට ඇයි හදිස්සියක් ඔය 50000 ගානේ දෙන සල්ලි කොහෙන්ද කියලත් රටට කියන්ට..(නදී)

:       0       0

ධර්ම Monday, 04 November 2013 10:55 PM

සජිත්ට තේරුනා වැඩේ (දී)

:       0       0

ගමගේ මිලානෝ Monday, 04 November 2013 10:57 PM

කපටි නායකත්ව මණ්ඩල (දී)

:       0       0

කුසල් Tuesday, 05 November 2013 08:19 AM

සජිත් නෙමෙයි මොකා ආවත් මහින්දව පරද්දන්න ඔය කාටවත් බැහැ. මහින්ද මහත්තයා ඊලග ජනාධිපතිවරණය දිනන්නේ සියයට 70 පන්නලා ඡන්දය අරන්.(නදී)

:       0       0

චාන් Monday, 04 November 2013 11:01 PM

අමු අමුවෙන් කාලවගේ. පිස්සු හොද එක , (දී)

:       0       0

සමන්ත Tuesday, 05 November 2013 08:23 AM

සජිත්ට මොලේ ඇති එත් රටේ නායකකමට වටින විදිහට තවම මෝරලා නැහැ. ආත්මාර්ථකාමී විය යුතු නැහැ. කරු වගේ නිහතමානී කෙනෙක් යු.එන්.පී එකේ නැහැ. කන්නාඩි ගලවලා බලන ඕනෑම කෙනෙකුට එය තේරේවි නිස්ශබ්දව ඔහු ඔහුගේ වටිනාකම පෙන්වනවා. විපක්ෂ නායකයා විය යුත්තේ අභියෝගාත්මක මිනිහෙක් මිස වාචාලයෙක් නොවේ.(නදී)

:       0       0

දමිතා Tuesday, 05 November 2013 08:46 AM

මංගලත් ඉන්නවද ඔය කියන මණ්ඩලයේ. යු.එන්.පී එක කන්නේ මංගල. පුළුවන් නම් ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මංගලට මාතරින් පාර්ලිමේන්තුවට ඇවිල්ල පෙන්වන්න කියන්න. රෙද්ද අස්සේ නයි ගෙන අන්තිමට කනවා කනවා කියන්නේ ඕකට තමයි. ඉස්සරහට මීටත් වඩා විඳවන්න වෙයි. .(නදී)

:       0       0

පී.ඒකනායක Tuesday, 05 November 2013 08:56 AM

මෙයා තමා යුඑන්පී එක නැති කලේ.මෙයා එක පාරටම නායකයා වෙන්න හදන්නෙ.ඒකට මෙයාට සුදුසුකම් කො. (ස)

:       0       0

ජනක Monday, 04 November 2013 11:28 PM

සජිත් කොහොමත් දක්ෂයා..ඔබේ ජය අපේ ජය (නි)

:       0       0

වනිගසේකර Monday, 04 November 2013 11:28 PM

සජිත් මහත්තයෝ, ඔබ මොන නායකකම අත්හැරියත් එජාපය අතනොහරින්න. ෆොන්සේකාට කිට්ටු නොවන්න. ඔබත් දේශපාලනයෙන් බංකොලොත් නොවන්න. සටන් කරමින් එජාපෙයේම ඉන්න. ඔබගේ වෙලාව ඉක්මනින් එනවා නායකකමට. කොහොමත් වත්මත් එජාපයේ නායකතුමා ඕක අත් අරින්නේ නැහැ. ඔබ එජාපයේම ඉන්න සටන් කරමින් (නි)

:       0       0

රොහාන් Tuesday, 05 November 2013 01:43 PM

සජිත්ට මොලේ තියෙනවා නම් කරන්න ඕනේ මේ වෙලාවේ රනිල්ට තැන දීල ඉන්න එක. සජිත් සුදුසු නම් ඒක ඒ වෙලාවට තීරණය වේවි. නායකත්වය කියන්නේ ඉබේම එන දෙයක් මිස බොරුවට පෙන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෝඩ නොවී ඉවසන්න සජිත්. (ස)

:       0       0

සැමුවෙල් Tuesday, 05 November 2013 09:00 AM

තුන්වන වරටත් කරූ ලනුව කන ලදී. මෙතන ඇති නායකත්වයක් නැහැ. නවයෙන් හතක් ම රනිල්ගේ පැත්තේ ඉන්න අය. හොඳ ජෝකෙර්ලා. විහිළු කතා කියා කියා රනිල්ට අත උස්සන පුංචි කෘත්‍යාදිකාරි සභාවක්. (නදී)

:       0       0

මහසේනා Tuesday, 05 November 2013 09:01 AM

තවත් බකල් කාරයෝ කීපදෙනෙක්ම එජාපෙ ඉන්නවා. ඔවුන් එජාපෙන් යනවනම් එය එජාපෙට කරලා තියෙන කොඩිවිනයක් ඉවත්කලා වගේ හොඳක් වෙනවා. සජිත් හිතුවට මිනිහ ඔහොම හැසිරෙනවා නම් එකෙන් පෙන්නන්නේ ඔහු අවුම තරමේ ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙකුටවත් සුදුසු නැති බවයි..(නදී)

:       0       0

කලණ Tuesday, 05 November 2013 09:01 AM

88-99 දි කරපු තරුණ සංහාරය මෙයට ප්‍රධාන හේතුවයි. එජාපය ඒ කළ පව් තව ගෙවනවා. වැරදි වැඩ කරලා තියෙන නිසා පව් ගෙවන්න වෙනවා. අනික මේ රට මේ තත්වෙට පත් උනේ විපක්ෂයේ වැරදි නිසා. හරියට රට පාලනය කළා නම් අද සුර පුරයක්. 83 ජුලි කලබලය, විවෘර්ත ආර්ථිකය, විදායක බලතල, 88-89 තරුණ සංහාරය, දේශීයත්වයට තැන නොදීම, රට ආරක්ෂා කරන්න පියවරවල් නොගැනීම කරුණු නිසා තමයි ඒ ජා පෙ මේ තත්වෙට පත් උනේ. ඕක ඉතින් අයෙමත් හරවන්න බැහැ. කොටින්ම කිව්වොත් ජ වී පෙ ට කන් නොදුන්නු නිසාත්, ජ වී පෙ විනාස කරපු නිසාත් රටේ මිනිස්සුන්ට වන්දි ගෙවන්න වෙනවා, මිනිස්සු එක තේරුම් ගන්නකල් මේ රට ගොඩ එන්නේ නැහැ. (නදී)

:       0       0

ඩයස් Tuesday, 05 November 2013 09:05 AM

රනිල්ගේ කපටිකමට අසු නොවුන ඔබට අපේ ආචාරය. ජනතාවට අවශ්‍ය විදිහට නායකයන් පත් වන තෙක් පක්ෂය පරාදයි. ලබන වර දකුණේ 20% අඩුයි. (ස)

:       0       0

වසන්ත Tuesday, 05 November 2013 09:10 AM

කරූ, ඔබ තුමා අවංකයි,පක්ෂයට අදෙරෙයි. මේ මන්ඩලය හරියන්නේ නැහැ. ඔබ තුමා ඉල්ලා අස්වී පක්ෂයේ ඉදගෙන වැඩකරන්න.(නදී) ,

:       0       0

ගැමුණු Monday, 04 November 2013 11:40 PM

සජිත්ට උපායශීලී නායකයෙක් වන්නට හැකිද? (නි)

:       0       0

විදුර Tuesday, 05 November 2013 09:13 AM

අපි අනිත් අයට කැමති නැහැ. අපි සජිත් මහතාගේ අදහස අනුමත කරනවා. පුළුවන් නම් 40% අරන් පෙන්වන්ඩ. කරු ජයසූරිය මැතිතුමනි ඕකට යන්ඩ එපා. ගරුතර මහා සංඝයා මේ ප්‍රෝඩාව තේරුම් ගනීවි. .(නදී)

:       0       0

මංගල Monday, 04 November 2013 11:48 PM

මොළේ තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඇත්ත (නි)

:       0       0

රකිත් Wednesday, 06 November 2013 06:19 AM

කලණ මහත්තයෝ, ජ වී පෙ ට කන් දීලා ජනරාල් සරත් ෆොන්සේකා මහතාට වුනු දේ මතක නැද්ද? දේශීයත්වයට තැන දීම කියන්නේ රටේ බස් පුච්චලා, ට්‍රාන්ස්ෆෝමර් පුච්චලා පොදු දේපල හානි කරන එකද? ජ වී පෙ ලොක්කා අහිංසක තරුණයෝ බිල්ලට දීලා අත්තනායක නමින් උලපනේ සැපට හිටිය හැටි අමතකද? අර දේශප්‍රේමී කියාගත්තු ජනතා ව්‍යාපාරය කල දේ මතක නැද්ද? ජ වී පෙ කියන්නේ දිනෙන් දින ජනතාව ප්‍රතික්ෂේප කරන පක්ෂයක්. ඒ බව මෙවර පළාත් සභා ඡන්දෙදිත් සනාථ වුනා. (නදී)

:       0       0

නන්දන Tuesday, 05 November 2013 02:23 PM

ඉවසන්න කිව්වට මෙයා ඉවසන්න පුරුදු වෙලා මදි.සජිත් ඉවසන්න පුරුදු වෙන්න. (ස)

:       0       0

උපාලි Tuesday, 05 November 2013 12:00 AM

ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා වරක් කිව්වා 'හොඳ නායකයෙකු වීමට පෙර හොඳ අනුගාමිකයෙකුව සිටිය යුතුයි' කියලා. පාඩමක් ගන්නවා නම් ඔන්න කියමන්. (නි)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 05 November 2013 12:01 AM

ඕකේ වාඩිවෙලා ඉන්නවට වැඩිය නැගිටිලා ගිය එක නම්බුකාරයි. පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබිලා එපැයි රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන්න. (නි)

:       0       0

කැලුම් Tuesday, 05 November 2013 09:22 AM

සජිත් මහතාණනි,ටික කලකට හෝ ජනරාල් මහතාට එකතු වී බලන්න..(නදී)

:       0       0

මාරී Tuesday, 05 November 2013 12:08 AM

මම නම් කියන්නේ දැන් ඍජු තීරණයක් ගන්න කියලා (නි)

:       0       0

චන්දන Tuesday, 05 November 2013 09:25 AM

සජිත්ගේ බල තණ්හාව. ජනාධිපති උනානම් කොහොම හිටිද? (ස)

:       0       0

වෙදමහත්තයා Tuesday, 05 November 2013 02:39 PM

කලණ මහතාගේ කතාව සහතික ඇත්තක්. මට ලිවීමට අවශ්‍ය දෙය කලණ විසින් සිදු කර තිබේ. (ස)

:       0       0

ගයාන් Wednesday, 06 November 2013 10:19 PM

සජිත් ප්‍රේමදාස ටිකක් ඉවසන් හිටියනම් කොච්චර හොඳද, නායකත්ව මණ්ඩලයට පැමිණීමෙන් සජිත් ප්‍රේමදාසට පක්ෂයේ වැඩවලට නායකත්වයක් දෙන්න තිබුන එයා ඒකත් නැතිකරගත්තා නේ ඉවසීම නැති වීම නිසා පාඩු වෙන්නේ සජිත්ටමයි (නදී)

:       0       0

නල්ලතම්බි Tuesday, 05 November 2013 12:16 AM

එහෙම කරන්න එපා සහෝදරයා (නි)

:       0       0

හරී Tuesday, 05 November 2013 09:28 AM

සජිත් මහත්තයා යන්න ජනාධිපති තුමා ගාවට ගිහිල්ලා රටට වැඩක් කරන්න. එතුමා ඔබ තුමාට සුදුසු තැනක් දේවි. කොහොමත් එතුමාගේ වැඩ පිළිවෙලයි ඔයාගේ තාත්තගේ වැඩ පිලිවෙතයි බොහෝ දුරට සමානයි.(නදී)

:       0       0

ආනන්ද Tuesday, 05 November 2013 12:19 AM

මොනවා කරන්නද? ඔහොමම යන්න අරින්න (නි)

:       0       0

එදිරිසිංහ Tuesday, 05 November 2013 12:22 AM

කැරම් බෝඩ් එක මතක් වුණා මට. 'රෙඩා පොට්' කළාට ඉත්තා යන්නේ නැහැ වගේ (නි)

:       0       0

දිසා Tuesday, 05 November 2013 12:55 AM

සජිත් නායකකම බලෙන් ගන්න බෑ. පක්ෂයේ එකමුතුකම නැත්නම් මිනිස්සු ඡන්දය දෙන්නේ නැ. මෙහෙම කොහොමද ඡන්දය ඉල්ලන්නේ?.(නදී)

:       0       0

ආනන්ද ජයරත්න Wednesday, 06 November 2013 03:53 PM

රකිත් මහත්තයා, ජවිපෙ ගැන කීව දේ හරි. ඒත් සජිත් ගැන කියපු දේ ගැන නම් දුකයි. (ස)

:       0       0

අජිත් Tuesday, 05 November 2013 03:13 PM

රනිල් නායකතුමා ලෝකය පිලි ගත්, උගත් අත්දැකීම් ඇති නායකයෙක්, සජිත්ට ඒ අහලකටවත් එන්න පුලුවන්ද? (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 05 November 2013 01:15 AM

තාත්ත රටේ නායකයා වෙලා හිටපු පලියට පුතා නායකකමට සුදුසුයි කියල හිතාගෙන ඉන්නවනම් එක ලොකු වැරදීමක්. ඒ තත්වෙට එන්න දේශපාලන පරිනත භාවයට පත්වෙන්න ඕනි. මෙතනින් එහාට නායකකම් බලාගෙන ඉන්න පුතාලත් ඒක තේරුම් අරගන්න ඕනි. මොනතරම් ජ්‍යෙෂ්ඨත්වය තිබුනත් අනෙක් අය මේවට කරබාගෙන ඉන්නේ තමන්ට පක්ෂයෙනුත් යන්න වෙයි කියන භයට. කොන්ද පන නැති කමට. ජේ ආර් වගේම රනිල්ගෙන් පස්සෙත් මෙවැනි ප්‍රශ්න එන්නේ නැති බව නම් කවුරුත් දන්නවා. (නදී)

:       0       0

තුෂී Tuesday, 05 November 2013 10:00 AM

සජිත් කියන්නෙ කට මැද දොඩවන කෙනෙක්..... (ස)

:       0       0

සමන්ත Tuesday, 05 November 2013 03:25 PM

සජිත් නැතුව කවදාවත් අනිත් අයට බලයට එන්න බැහැ (දිල්)

:       0       0

දාස් Tuesday, 05 November 2013 01:46 AM

‍පෙර කළ පව් ද මේ එජාපය විදවන්නේ? (නදී)

:       0       0

සදුනි Tuesday, 05 November 2013 01:48 AM

යන්න, යන්න.(නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 05 November 2013 10:14 AM

ඕකනේ යුඑන්පී එකට වෙලා තියන්නේ. ජිවිතේට බලය ගන්නවා නම් බොරු. (ස)

:       0       0

රවී මිලානෝ Tuesday, 05 November 2013 02:10 AM

නායක කම නැතුව රටට වැඩක් කරන්න බැරිද? ඉස්සෙල්ල පක්ෂය දිනවල ඉන්න පස්සේ නායක කම ඉබේම ලැබේවි..(නදී)

:       0       0

වෙදමහත්තයා Monday, 11 November 2013 04:13 PM

ඉක්මන් කොටයි ඉවසන්න. සජිත් ඉවසන්න. වෙලාව ආවම ඔබගේ වාරය එතෙක් ඉවසන්න . ඉවසීමත් කාලයත් දෙකෙම්ම ඔබට වඩාත් මුහුකුර ගිය දේශපාලන දැනුමක් ලැබෙනවා. (ස)

:       0       0

දාස Tuesday, 05 November 2013 04:16 PM

මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා සජී. (ස)

:       0       0

සමන්ත Tuesday, 05 November 2013 02:49 AM

විපක්ෂ නායකයා විය යුත්තේ අභියෝගාත්මක මිනිහෙක් මිස වාචාලයෙක් නොවේ..(නදී)

:       0       0

අංජන Tuesday, 05 November 2013 10:36 AM

ලලිත්ට ගන්න බැරි වුණ නායකකම කොහොමද සජිත් ගන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 428 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 170 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 244 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 292 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 386 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 491 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site