කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සන්නිවේදන අංශයට 40 වසරක් පිරීම නිමිත්තෙන් ‘සංජනනී‘ මාධ්‍ය උළෙල මේ දිනවල පැවැත්වෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය විමල් දිසානායක ‘හබර්මාස්ගේ සන්නිවේදන චින්තන මාර්ගය‘ මැයෙන් ප්‍රධාන දේශනය පැවැත්වීය.
සිනමාවට කළ මෙහෙය අගයමින් ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතාට විශේෂ සම්මානයක් ද පිරිනැමූ අතර පාසල් සිසුන් වෙනුවෙන් ජනමාධ්‍ය වැඩමුළු මාලාවක් අද (05) පැවැත්විණි.
විශ්ව විද්‍යාල සිසුන්ගේ දක්ෂතා එළිදැක්වීමේ අරමුණින් බදාදා (6) සවස 7ට නැටුම්, ගැයුම්, වැයුම්වලින් සමන්විත වැඩසටහනක් පැවැත්වීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම පින්තුරේ ඉන්න කෙනා බලන්නකෝ බලන කැත (නි)
කොච්චර ලස්සන කලා උළෙලක්ද? සංවිධායක ශක්තිය හා අරයා නැතිකම මේ වෙනසට මුල් වෙලා. අරයා හිටියා නම් පීත්ත පටිය කපන්න දුන්නෙ නැහැ කියලා ඔය සේරම අවුල් කරනවා. (නි)
විශ්ව විද්‍යාලයකින් මීට වැඩිය නිර්මාණාත්මක දේවල් කරන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ. අපේ පාඨමාලා මීට වඩා හුඟාක් දියුණු වෙන්න ඕනෑ ලෝකේ ඉදිරියට යන්න (නි)
හය වෙනි පින්තුරය දැක්කම "සංජනනිය" ඇල්මැරුණු ස්වභාවයක් පවතින බව හැඟෙනවා.(නදී)
වෙන්න බැහැ. කෝ අහවලා නැහැනේ (නි)
කැලණීය ඔපවත් වෙන්න..පාඨමාලා අලුත් කරන්න ඕනේ..තාමත් තියෙන්නේ පරණ හණ මිටි තාලේ පාඨමාලා.ඉක්මනින් අඩු තරමින් ජනමාධ්‍ය අංශයවත් අලුත් වෙන්න ඕනෑ නේද..ලෝක මාධ්‍ය කලාව දැක්කම කැලණිය..හෝඩියේ පන්තියෙ තාමත්.... (ස)