සජින් වාස්ට හා මර්වින් සිල්වාට එරෙහිව ඡන්දය දුන් පුරවැසියන්ගේ අපේක්ෂා යහපාලන ආණ්ඩුව විසින් බිඳ වට්ටනු ලැබ ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට හේතු වූ පුද්ගලයන් යහපාලන ආණ්ඩුව ලන් කර ගැනීම විහිළුවට කරුණක් යැයි ලංකාදීපය සමග කළ සාකච්ඡාවක දී සේමසිංහ මහතා සඳහන් කළේය.
කිරුළපන මැයි රැලිය සංවිධානය කළේ එජාපයට එරෙහිව බැවින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව විනය පියවර නොගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා අපේක්ෂා නම් කොච්චර බිඳවැටුනත් මොකද ලොකු ලොකු අයගේ අපේක්ෂා ඉටුවෙනවා නම් (නි)
ඇත්තටම මොනවද ජනතා අපේක්ෂා කියන්නේ? (නි)
මේකත් හිටපු ආණ්ඩුව වගේ එකක් බවට පත්වේවිද? (නි)
ඇත්තටම ජනතා අපේක්ෂා කියන්නේ මොකද්ද? එහෙම එකක් තියනවද? හැමෝම බලන්නේ ඔයාලගේ අපේක්ෂා ඉටුවෙනවද කියලයි. ජනතාව හැමදාම මහපාරේ. (නි)
මැතිවරණ කාලවලදී අප ඉදිරියෙන්, ඇස් නිලංකාර කරවමින් එහාට මෙහාට පාවෙනවා සේ පෙනෙන කැරට් අල වලට ජනතා අපේක්ෂා යැයි කියනු ලැබේ. (නි)
යහපාලනයනේ අනේ, ගණන් ගන්න එපා (නි)
සමහරු ගැන නම් කියලා වැඩක් නැහැ. කපටිකමට දෙපැත්තටම යනවා. (නි)
වෙනසක වෙනස. (ර)
ශෙහාන්, අපේ රටේ තවමත් ජනතා අපේක්ෂාවක් ගැන කියන්නට අපහසුය. නමුත් පාක්ෂිකයන්ගේ අපේක්ෂා නම් වෙනස් ආකාරයකට දකින්නට පුළුවන. ජනතා අපේක්ෂාවක් තිබුනේනම් දේශපාලන පක්ෂ දෙකක් අතර පමණක් නිතරම බලය පැවතිය නොහැකි බව මගේ අදහසය. (ර)
ජනතාවට දැන්නම් අපේක්ෂාවක් විදිහට තියාගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. (ර)
අපි දන්නෙත් නැතුව අපේ අපේක්ෂාව වෙලා තිබිලා තියෙන්නේ ගිය ආණ්ඩුව අයින් කරලා තවත් කට්ටියකට සැප ගන්න බලය ලබාදෙන එකයි ..(හේ)