IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

ජනාධිපතිවරණයෙන් පසුව පුළුල් දේශපාලන සංධානයක් ඇති කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,හිටපු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් නම් කරනු ලැබීය.

මෙම කණ්ඩායම දැනට සජබ නියෝජිතයන් සමඟ එක් එක් ආකාරයෙන් සාකච්ඡා වට අටක් පමණ පවත්වා තිබෙන අතර ඉහත සාකච්ඡා වලදී සජබ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රධාන කරුණු දෙකක් සාකච්ඡා ඉදිරියට ගෙන යාම අසීරු තත්ත්වයට පත් කිරීමට හේතු වී පවතී.

ඉන් එක් ප්‍රධාන කාරණයක් වන්නේ සජබ ලකුණ වන ටෙලිෆෝනයෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කළ යුතු බවට ඉදිරිපත් වූ කොන්දේසියයි.

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානය තුළ නොසිටිය යුතු බවට සජබ පාර්ශවයෙන් කෙරුණු ඉල්ලීම ද සාකච්ඡා ඉදිරියට ගෙනයාම සඳහා බලවත් බාධකයක් වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ඡන්ද වලින් බහුතරය පෞද්ගලිකවම ඔහුට ලැබුණු ඡන්ද ලෙස සැලකෙන බැවින් හිටපු ජනාධිපතිවරයා නැති දේශපාලන සන්ධානයකට කිසි ලෙසකින්වත් එකඟ වීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ මතය වී තිබේ.

වසර දෙකක් තුළදී රටේ ආර්ථිකය ගොඩ ගනිමින් පරිනත දේශපාලන නායකත්වයක් පෙන්වූ රනිල්  වික්‍රමසිංහ මහතාගේ සහාය ඉදිරි දේශපාලන කටයුතු වලදී අනිවාර්යයෙන්ම යොදාගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස සජබ පාර්ශ්වයට සෘජුවම දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති තවත් කොන්දේසියක් වන්නේ නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පිරිනැමිය යුතු බවය.එම යෝජනාවටද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ බලවත් විරෝධය එල්ල වී තිබේ.

ඇතිවී තිබෙන වාතාවරණය අනුව සජබ සහ එජාපය ඒකාබද්ධ වී නව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීමට ගෙනයන සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙක් පැවසීය.

නායකත්වය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් මේ වන විට පැන නොනැගී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තොර නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම කිසිදු ප්‍රයෝජනයක් නැති කටයුත්තක් යැයිද එජාප ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 



අදහස් (15)

සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි

Nimal 1 Sunday, 29 September 2024 11:47 AM

යා දෙක නොරත , රත සමග පෑහීමක් නැත.

:       2       16

pakeer Sunday, 29 September 2024 11:55 AM

යථාර්ථය තේරුම් ගන්න... මැරෙනකන්ම දේශපාලනය කරන්න කාටවත් බැහැ..චන්ද්‍රිකා, සිරිසේන, රනිල් සහ මහින්ද දැන් ගෙදර සිටිය යුතුමය.. එයා මේ රටේ අභිවෘද්ධියට විය යුතු දෙයක්මය..

:       12       40

Gunendra Sunday, 29 September 2024 12:02 PM

සජිත් වැනි උද්දච්ච අයෙකු සමග කුමන කතාද? මෙවර ඔහුට වි.නා. කමද අහිමි වනු ඇත.

:       15       40

Lalla Sunday, 29 September 2024 02:11 PM

සජිත් රනිල් දෙදෙනාම ඉවත්ව යාම යහපත්...!

:       10       17

Nandasena Sunday, 29 September 2024 03:00 PM

සජිත්ගේ උද්දච්ඡකම හා මහන්තත්වය ඔහුට අගමැති තනතුර අහිමිවීමට හේතුවක් වුණා (අතේ දබරැඟිල්ල උරුක් කරලා අනුන්ට අපහාස කරමින් කතා කරනකොට අපිට හිතුණා මොහු නම් කිසිදාක රජ වෙන්නේ නැහැ කියලා ) රනිල් විපක්ෂයේ හිටියා වගේ දිගුකලක් හිටියත් ඔහොම උද්දච්ඡකම තියාගෙන සජිත්ට නම් පිං ජනාධිපති වෙන්න වත් ලැබෙන්නේ නැහැ... අප්පා කරපුදේ, පුතත් කරපු නිසා එජාපය විනාශ වුණා විතරක් නොවෙයි සජිත්ට අගමැති තනතුරවත් නැතිවේවි ඔහේලා ඔහොම යන්නකෝ අපි මාලිමාව ජයග්‍රහණය සඳහා යනවා සජිත් ටටා බායි...

:       9       27

de silva Sunday, 29 September 2024 12:33 PM

රනිල් ගත්තොත් සජබෙට ලැබෙන ඡන්ද ටිකත් නැති වෙලා , විපක්ෂ නායක කමත් නැති වෙන්න පුළුවන්

:       0       0

අරවින්ද මොනරවිල Sunday, 29 September 2024 12:48 PM

බලයට තනතුර වලට ඇති කෑදරකම හැරෙන්නට රට ගැන ජනතාව ගැන හැඟීමක් නැති මුග්ධ නායකයින් බව තවත් සැරයක් මේ ගොල්ලෝ අපිට ඒ අය ගැන පැහැදිලි කරමින් මේ ඉන්නේ...!

:       7       31

Y.M.SOMAPALA Sunday, 29 September 2024 02:32 PM

ඇයි මිනිස්සු අහන්නේ නැත්තේ බණ්ඩාරනායක මහත්මියට සභාපති වෙලා මේක හසුරවන්න කියලා?

:       12       2

samanSunday, 29 September 2024 03:14 PM

වලව්වක් ගාවාගන්නේ නැතුවම බෑ නේද සෝමපාල...?

:       2       12

ගමේ එකාලා Sunday, 29 September 2024 04:18 PM

මේ පක්ෂ දීගයක්..

:       0       2

ගමේ එකාලා Sunday, 29 September 2024 04:22 PM

පක්ෂ දෙකේම ඉන්න ඔවුන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ. එකතු වුණත් වැඩක් වෙන එකක් නැහැ. ජනතාව දැන් දූෂිත දේශපාලුවෝ ප්‍රතික්ෂේප කරලා හමාරයි...

:       3       6

nanda Sunday, 29 September 2024 04:50 PM

SJB UNP නායකයෝ නොවේ. ජනතාව එකට එකතුවෙලා රටට යහපතක් කරන එක හොඳයි.

:       2       5

Surain Sunday, 29 September 2024 05:03 PM

SJB එජාපෙ එක්ක එක්විය යුතු නැහැ. UNP එකේ දූෂණ චෝදනා තියෙන විශාල පිරිසක් ඉන්නවා. RW කියන්නේ රටේ ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරපු කෙනෙක් බොන්ඩ් ගනුදෙනුව විශාල කලු පැල්ලමක්... එතුමාට තියෙන බව... ඊට අමතරව මෑතකාලයේ සිදුවූ VFS ගනුදෙනුවත්, ඊට එහා ගිය ගණුදෙනුවක් ඡන්දෙ කාලේ සජිත්ට විරුද්ධව විශාල මඩ ගැසීම් කරලා ජනතාව නොමග යැව්වා..!

:       10       7

duplicate Ralahami Sunday, 29 September 2024 05:47 PM

අයියෝ හොරු එක්ක මොන දිගද අනේ....! සජබ වහවහා ඔතැනින් එහාට යන්න එජාප එක කුණු බක්කියක් වගේ ජනතාව දකින්නේ..!

:       3       7

Amila Udawattha Sunday, 29 September 2024 06:27 PM

රනිල්ගේ පරිණත දේශපාලන අත්දැකීමෙන් ගොඩ ගත්තා රට කෝ...?

:       2       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2751 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 782 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1279 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1087 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 775 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2282 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site