අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාරගේ ඇප කොනදේසි ඉවත් කළ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔහු ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය.
ඇප පිට සිටියදී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් සමඟ උද්ඝෝෂණයක් පවත්වමින් රජයේ දේපළට අලාභහානි කළැයි ඔහුට එරෙහිව පොලීසිය උසාවියට මීට පෙර කරුණු දක්වා තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල අපරාද කරපු ප්‍රාදේශීය මන්ත්‍රීලා නිදහස්. තමාගේ අයිතිවාසිකම් දිනා ගන්න හදන අය හිරේ මේක තමයි ආශ්චර්ය.(නදී)
දැන් ඉතින් ආණ්ඩුවට කඩේ යන උන් පැල් බැදගෙන බැනපල්ලා. මම නම් බලාගෙන ඉන්නේ ඔය අන්තරේට බනින අයගේ දරුවන්ට යන්න ඉස්කෝලයක් නැතිවෙනකම්. එතකොට තේරෙයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මොනවද කියන්න හැදුවේ කියලා (දී)
මේ අය හිරේම තමයි තියන්න ඕනෑ. එයාලගේ දේශපාලන න්‍යාය පත්‍ර අහිංසක ළමුන් ලවා කරවන්න හදනවා. (දී)
ගොඩක් අයට මෙයා කරන වැරැද්දේ ලොකුකම පෙනෙන්නේ නැහැ. අසරණ දුප්පත් දෙමව්පියන් මුළු සේසතම වියදම් කරලා උගන්නලා සරසවි එවන්නේ මේ වගේ අයට කඩේ අරින්න නෙමේ. මේ වගේ අයව ජිවිත කාලයම හිරේ දාන්න ඕනෑ (දී)
කවුද මේ ලෙස්ලි? නිකන් මෝඩ කතා නොකියා ඉන්නවද? ඔයත් ගියා නේද අර විදුලි බිල වැඩිකරපු එක හොදයි කියලා උද්ඝෝෂණයට? (දී)
ඇයි මේ ගොඩක් අය සිසුවාට බනින්නේ , මේ රටේ කොච්චර වැරදි කරන දෙශපලන්ඥයන් හා ඔවුන්ගේ දරුවන් මෙන්ම බලවත් උදවිය ඉන්නවද . කෝ ඒ අයට නීතිය ක්‍රියාත්මක නැත්තේ මොකද කියල අහන්නේ නැත්තේ ඇය ? (අ)
අපේ විශ්වවිද්‍යාල නැති කරන්නේ මේ වගේ අය. දවස් දහහතරකට නෙවේ අවුරුදු දහ හතරකට දාන්න ඕනේ.(නදී)
අවසාන පොටෝ එක දැක්කම මිනිහගේ තරම හිතාගත හැකිය.(නදී)
කියන්න දෙයක් නැහැ. බන්දුල පෙරේරා හරි තත්වය කිව්වා. ඔබ සමග එකගයි.(නදී)
අයියෝ සල්ලි.(නදී)
මේ බොරු වැඩ නැතුව උපාධිය ගත්තනම් හරිනේ. විශ්ව විද්‍යාලවල බොරු දේශපාලනේ කරලා එලියට ගියාම ඔක්කොම අමතක වෙනවා. ඊට පස්සේ ගොන්නු වගේ රස්සාව කරනවා. ඉගෙන ගන්න අයට ඉඩ දීල ඔය දේශපාලන හරක් එළියේදී ඔය වැඩ කරනවානම්. උපාදියෙන් පස්සේ කව්ද ඕවා ගැන පෙළපාලි ගියේ? එහම කරානම් මේ රට දැන් හැදිලා. විශ්ව විද්‍යාලයේ පස්සේ ඔක්කොම අමතක වෙනවා. නිකන් හම්බවෙන අධ්‍යාපනය අනාගන්න එපා.(නදී)
දේශපාලකයෝ ඇම දානවා. තරුණකමත් එක්ක ඇතිවෙන "උණ" හින්ද ශිෂ්‍යයෝ මේවා ගිලිනවා. පීඩිත පන්තියේ නූගතුන් වැඩි වෙන්න වෙන්න දේශපාලකයට තමයි වාසි.(නදී)
මේ වගේ අයට දඬුවම් දෙන්නම ඕන. මේ අය තමයි විශ්ව විද්‍යාලයේ ප්‍රශ්න ඇතිකරන්නේ. දෙමව්පියෝ දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි වලින් තමයි දරුවන්ව ඉගෙනගන්න යවන්නේ. මේ අය නිසා ඉගෙනගන්න ළමයෙක්ටවත් ඉගෙනගන්න නැහැ. මේ අය විශ්ව විද්‍යාලවලට පිළිල. දඬුවම් දිය යුතුමයි. දේශපාලනයක් ඈදා ගන්නේ මේ අය තමයි අධ්‍යාපනයට.(නදී)
මේ අය රටට බරක් (දී)
තවමත් මුදා නොගත් ප්‍රදේශ ලෙස පවතින විශ්ව විද්‍යාල අන්තරේ නැමැති දේශපාලන අරමුණු වෙනුවෙන් කඩේ යන ඊනියා ශිෂ්‍ය සංවිධානයෙන් මුදවා ගන්නට ඇමතිතුමට ශක්තිය ලැබේවා. මේගොල්ලන්ගේ ත්‍රස්තවාදී ස්වභාවය සහ පටු අරමුණු දන්නේ කැම්පස් ගිය අය විතරයි. මේගොල්ලෝ නැත්නම් අපිත් අවුරුද්දකට කලින් කැම්පස් එකෙන් පිටවෙලා. රටේ සාමාන්‍ය ජනතාව (විශ්ව විද්‍යාලේ නොගිය) අය හිතන්නේ මේගොල්ලෝ ළමියින්ට ආදරේට මේ ප්‍රශ්න ඇති කරනවා කියලා. මේගොල්ලෝ හොරෙන් ජේ.වී.පී එකට කඩේ ගියාට කවදාවත් විවෘතව ඒක පෙන්නන්නේ නැහැ. තමන්ගේ ප්‍රසිද්ධ රහස එලිවෙයි කියලා. මේ වගේ හැංගි හොරා වැඩ නිසා තමයි අද ජේ.වී.පිය වැලේ වැල් නැතුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ.(නදී)
ඔකේ ඉන්න අනිත් අයව ඇතුලට දාන්නේ කවදාද?(නදී)
මේ ගොල්ල තමයි රටේ අධ්‍යාපනය විනාශ කරන්නේ. වෙන කෙනෙකුට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ.(නදී)
බැරිද රිමන්ඩ් බන්දනාගාර වලත් විශ්ව විද්‍යාල මණ්ඩප ඇති කලොත්. ඒ ගොල්ලන්ගේ ඉගෙනීමට බාදාවකුත් නැතුව අරගල කරන්ට පුළුවන්. මොකද එතන හිටියත් ඉගෙන ගන්නවා, එළියේ හිටියත් ඉගෙන ගන්නවා.(නදී)
මම හිතන්නේ අපි සන්ජීවලා ගැන නෙමේ හිතන්න ඕනෑ, මේ ලෙස්ලි වගේ මෝඩ අදහස් තියන වැස්සටවත් පාසල් නොගියපු මෝඩයො ගැන. එයාලා වගේ අය තමා අද බහුතරය රට පාලනය කරන්නෙත්, ලංකාවේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන්නෙත් . (දී)
ලංකාවේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් රජයෙන් ලබා දෙන්නේ නැහැ. දේශපාලකයන්ගේ අනවශ්‍ය වැඩට ඕනෑ තරම් සල්ලි වියදම් කරනවා. 6% මුදලක් මාලදිවයිනත් ඒ රටේ අධ්‍යාපනයට වෙන් කරනවා.මේ හැම ප්‍රශ්නයකටම මුල රටට නොගැලපෙන පාලන රටාවයි (දී)
සහෝදරයා , මගේ උණුසුම් සුභ පැතුම්! ඔයාට දැන් පාර්ලිමේන්තු යන්න තියන අන්තිම සුදුසුකමත් ලැබිලා තියනවා (දී)
මේකේ අදහස් දක්වන බහුතරයක් විශ්ව විද්‍යාල එක්ක බද්ධ වෛරයකින් පෙලෙන හරිම කුහකයෝ සෙට් එකක්. ඒ ගොල්ලෝ හැම වෙලාවෙම කියන්නේ විශ්ව විද්‍යාලයට ගිය අය පූසෝ වගේ කරබාගෙන ඉගෙන ගන්න කියලා. අසාධාරණයට එරෙහි වීම, සාධාරණය වෙනුවෙන් අරගල කිරීම ඔවුන්ට අයිති නැති බවයි. එතකොට කව්ද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ. ඔය අදහස් පලකරන අයද? නැහැ, මේ ගොල්ලෝ අතපොරවාගෙන වකුටූ වෙලා තමන් ගැන හිතන අය කවදාවත් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. අඩු ගානේ තමන්ගේ නියම අනන්‍යතාවයවත් පෙන්නන්නත් බය පිරිසක් මේ අය. සංජීව........, ඔබ කරන්නේ මට කිරීමට නොහැකි, ඒ වාගේම මම කිරීමට නිර්භීත නොවන දෙයයි. ඔබට සුබ පැතුම්. බල්ලන් බිරුවාට තවලම ඉදිරියටම ඇදෙයි. (දී)
යුද්ධය දිනවීමට යුද හමුදාව මෙහෙයවපු හමුදාපති හිරේ වැටිලා,රණවිරුවන් දස දහසක් මරන්නට ආයුධ එවපු කෙනාට රජ සැප ලැබෙන රටේ මේවත් වැඩද ? (දී)
අනේ අපරාදෙනේ මෙයාව රිමාන්ඩ් කළේ. (දී)
දැන්වත් ලංකාවේ අධ්‍යාපනය විවෘත කරන්න. නැත්නම් ලංකාවක් නැතිවෙයි. මම ඉන්නේ පිටරට. අධ්‍යාපනය ලබාගන්න පුළුවන් සැමට ලබාගන්න පුළුවන් අවස්ථා ලබා දිය යුතුයි. (දී)
රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපන මට්ටම මේ තරම් පහලට වැට්ටෙව්වේ මෙයාල තමා. තව කෑ කෝ ගහලා මොනවා ලබා ගන්නද? අවුරුදු 18 කියන්නේ අම්ම අප්පගෙන් යැපෙන වයස නෙමේ. තමන් හරි හම්බ කරගෙන ඉගෙන ගන්නවනම් අධ්‍යාපනයේ වටිනාකම දන්නවා. එක්කෝ ආණ්ඩුව දෙනවා නැත්නම් දෙමාපියන් දෙනවා ඒකයි මේ ලංකාවේ ළමයි පිස්සු නටන්නේ. රටට වැඩක් ගන්න පුළුවන් තරුණ ශ්‍රමය නේද හරහට වැදගෙන නලවන්නේ. වෙන රටවල ඔය වයස වෙනකොට ළමයි තනියම වාහනයකුත් අරන් ගෙයක් ගන්නත් සුදානම් වෙනවා. උපාදිය සම්පුර්ණ වනවිට තමන්ගේ මහන්සියෙන් සේරම කරගෙන. අපේ රටවල උදවියගේ මහන්තත්වය විතරයි හොයන්නේ ලොකු ලොකු රැකියා. හැම රැකියාවක්ම අත්‍යවස්‍ය සේවාවක් කියලා වැටහෙන කාලෙට පෙරහැර ගිහින් ඉවරයි.(නදී)
වීරසුරිය මරපු එකට මමත් එයාට විරුද්දව 74 හෝ 75 පෙළපාලි ගියකෙනෙක්. ඒ දවස් වල අපේ පෙළපාලි වලට පොලිස් මර්දන නම් තිබුනේ නැහැ මේ වගේ. මොකද අපි ගාලු මුවදොර පාර්ලිමේන්තුව දක්වා ගියා.(නදී)
කුමාරි හාමි නෝනා අයෙත් මොන්ටිසෝරියේ ඉදලම ඉස්කෝලේ යන්න ගත්තනම් හොදයි කියලා හිතෙන්නේ. සංජීව දත් ගැලවීම කොහොම වෙතත් සංජීව දත් ටික ගලවා ගන්නවා වැඩි දවසක් නොගිහින්. පාරේ යන එන මිනිස්සුන්ගෙන්.(නදී)
ලංකාවේ විශ්වවිද්‍යාලෙ ගිය අයට වඩා නොගිය අය වැඩියි. එනිසා ඇමති කියන දේ හරි කියා පිළිගන්න අය වැඩියි.විශ්වවිද්‍යාලෙ ගිය අයට තේරෙනවා ඇමති කියන්නේ බොරු කියල. සිසුන් පාලනය කල විශ්වවිද්‍යාල කවදාවත් තිබුනේ නෑ. එහෙම තිබුනානම් හැම සිසුවාම උපරිම ලකුණු අරන් පළමු පන්තියේ උපාධි සමාර්ථය ගන්න ඕනැ නේද? එහෙම වෙලා තියෙනවද? රාජ්‍ය විශ්වවිද්‍යාලවල පාඨමාලා තත්වයෙන් පහත් කරලා පුද්ගලික ආයතනවල පාඨමාලා හදාරපු අයට ඉල්ලුම වැඩි කරන්නයි ආණ්ඩුව ක්‍රියා කරන්නේ. එවිට පුද්ගලික පාඨමාලාවලට ලියාපදිංචි වන හැම සිසුවෙකුගේම ගාස්තුවෙන් කොමිස් ගහන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනය තිබුනත් ඒකෙන් ඉගෙනගෙන වැඩක් නෑ කියන තැනටයි ගේන්න හදන්නේ. උදාහරණයක් ලෙස සිමා පාඨමාලාවේ තත්වයට කළමනාකරණ උපාධිය පත් කරන්න කල යුත්තේ සිමා වල උගන්වන විෂයන් උපාධියට උගන්වන එක විතරයි. ඒත් ඒ විදියට උපාධියේ විෂයයන් වෙනස් කරන්නේ නෑ. බලන්න, වෛද්‍ය, ඉංජිනේරු නීති වාස්තු විද්‍යා වගේ අනිවාර්යෙන්ම රැකියාවක් ලැබෙන සිසුන් උද්ගෝෂණ කරන්නේ හරිම කලාතුරකින්. ඒ කරන්නෙත් පාඨමාලාවල ප්‍රශ්නවලට, ආචාර්යවරු විද්‍යාගාර නැතිනම් ඒවා ඉල්ලලා. එහෙම නැත්නම් වෙන පාඨමාලාවක සිසුන්ගෙන් තම රැකියා අවස්ථාවන්ට තරගයක් එනකොට ඒ ගැන ඊර්ෂ්‍යාවෙන්. උපාධි ලබාගත් පසු මොවුන් තමන් වෙත එන පාරිභෝගිකයන් රෝගීන් ගසාකන හැටි විශාල මුදලක් ලබමින් පුද්ගලික පාඨමාලාවල උගන්වන හැටි රටටම පෙනෙනවා. අනාගතය අවිනිශ්චිත හා තමා පාඨමාලාවලට තර්ජනයක් ඇති එන්.ඩී.ටී. වැනි සිසුන් තමා බහුතරයක් අන්තරයට එක්වෙලා උද්ගෝෂණ කරන්නේ. ඊට අමතරව සමාජවාදය ආකල්පයක් ලෙස තියන සංජීව වැන්නන්ද සිසු ව්‍යාපාරවල යෙදෙනවා. දන්ත වෛද්‍ය සිසුවෙක් වූ සංජීවට කිසිම උද්ගෝෂණයක් නොකර උපාධිය කරලා දත් ගලවමින් කෝටි ගණන් හම්බ කරන්න තිබුණා. සරසවිවල අලයන් ලෙස හැදින්වෙන පිරිස 100% කිරීම තමා රජයේ ඉලක්කය. නමුත් දැන් ඉන්න අලයන්ට ඉගෙනගන්න සරසවි ඉතුරුවෙලා තියෙන්නේ අන්තරේ මුල් වෙලා කල සිසු සටන් නිසා. අමතක කරන්නෙපා සිසු මර්ධනය ආරම්භ කරලා වීරසුරිය මැරුවේ ශ්‍රීලනිප රජයක් කියල. සිසුන්ට නොමිලේ පොත්, නිල ඇඳුම් දිවා අහර දෙන්න ඉස්සෙල්ලම ක්‍රියාකළේ එජාප රජය. ශ්‍රීලනිප රජයක් ඒ වගේ පියවරක් කවදාවත් ගත්තේ නෑ, සරසවිවල සිසුන් අතර එජාප ශ්‍රීලනිප ක්‍රියාකාරීන් ඉන්නවා. එයාලට රජයේ ආයතනවල ලොකු පුටුත් ලැබෙනවා.(නදී)
කව්දෝ කමෙන්ට් එකක් දාලා තිබුනා "බල්ලෝ බිරුවට තවලම ඇදෙයි" කියල. එයා හරියට හරි. අපේ අධ්‍යාපනය තවමත් තවලමේ තමයි.(නදී)
මේ අය විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න එන ලමයින්ව බිලීබාගන්නවා. මේ වගේ අයට ඔහොම කරලා මදි. මේ අය ඉගෙන ගන්නෙත් නැහැ. අනිත් ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ. මෙයාලගේ තියෙන්නේ සමාජය ගැන වෛරයක්.(නදී)
මේ අයගේ පඩ ෂෝ තියෙන්නේ. නිල් වෙන්න දුන්නා නම් හරි.(නදී)
මේ අයව ඉවරයක් කලානම් ඉවරයි.(නදී)
කුමාර මහත්තයෝ, ඕන කෙනෙකුට පුළුවන් උද්ගෝෂණ කරන්න. මහජනයාට හිරි හැරයක් නොවන විදියට. එහෙම හිරි හැරයක් වෙනවා නම් මහජනයාට වෙන හිරි හැරය වලක්වන්න උද්ගෝෂණය මර්දනය කරන්න පොලිසියටත් අයිතියක් තියෙනවා. පාරක හිර වුනු මනුස්සයා තමයි දන්නේ ඒකේ හිරිහැරය. ඔයාලා ඔය පාරක් අයිනකට වෙලා නැත්නම් පාර්ක් එකකට වෙලා උද්ගෝෂන කරලා නිදහස් අධ්‍යාපනේ බේරාගෙන අයිතිවාසිකම් ඔක්කොම අන්තරේ ලවා දිනා ගන්න. සාමකාමී මහජනතාවගෙන් ඒකට බාදාවක් නැහැ. නමුත් මේ පාරවල් අවහිර කිරීම සිදු වුනොත් නම් ඉදිරියටත් , ඔය අන්තරේට ගුටි කන්න වෙන්නේ පාරවල් වල ඉන්න මගීන්ගෙන් ,පොලිස්යෙන් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නෙත් ගුටිකන්නේ ඔයාල නොවෙන එකයි. අර බලෙන් ඇදන් ඇවිත් පාරට දාන කොල්ලෝ කෙල්ලෝ ගුටි කයි. ඔයාල පිටිපස්සට වෙලා බෙරෙයි. ඉල්ලන මල මිනිය ලැබෙනකම්.(නදී)
මම නම් දකින්නේ මෙය ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනේ විෂයන් අනුබද්දිත ප්‍රශ්නයක්. මේ දේවල් නිසා ඉංජිනේරු සිසුන් පෙලපාලි යනවද ? අන්තරේ ඉන්නවද ? මේ ඔක්කොම හදන්නේ ශිෂයෝ ටික එලියට ගෙනල්ලා දේශපාලනයට රිංගන්න.(නදී)
හිත ගන්න බැහැ මොන වගේ අරමුණක් වෙනුවෙන් සටන් කරනවද කියලා. යහපත් අරමුණක් වෙනුවෙන් නම් කමක් නැහැ. ඒත් මන් හිතන්නේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ බුක්ති විදින විදිහ අසාර්තකයි කියලා.(නදී)
වික්‍රමසිංහ කියන දේ හරියටම හරි.මෙය මේ නටන්නේ මොකක් හරි දේශපාලන පක්ෂයකින් කතාකරනකම්.දැන් වෙන කරන්න දෙයක් නැහැනේ. ලිඳේ වැටුන එකා ලිං කටෙන්ම ගොඩ එන්නත් එපායැ. (නි)
ලංකාවේ බොහොමයක් ලිං මැඩියන් නොදැන හිටියට විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගල අමුතු දෙයක් නොවෙයි. ලොව කුමන රටකත් උසස් අධ්‍යාපනයේ නියුතු උදවිය තමයි ප්‍රශ්න වලට මුලින්ම සංවේදී වෙන්නේ. ලංකාවේ බහුතරයකට සාක්ෂරතාවය තිබුනට අවබෝදය අඩු බව මෙහි ඇති ප්‍රතිචාර වලින්ම පැහැදිලියි. (දී)
ඇයි මේ ගොඩක් අය සිසුවාට බනින්නේ. මේ රටේ කොච්චර වැරදි කරන දෙශපලන්ඥයන් හා ඔවුන්ගේ දරුවන් මෙන්ම බලවත් උදවිය ඉන්නවද . කෝ ඒ අයට නීතිය ක්‍රියාත්මක නැත්තේ මොකද කියල අහන්නේ නැත්තේ. ඇයි මෙයාට බනින්නේ දැනට මෙතැන කතා කරන්නේ මෙයා ගැන නිසා. අනික් අය ගැන කතා කොරනකොට එයාලගේ හොඳ නරක ගැන කතා කොරනවා. ඔය ටික තේරෙන්නේ නැද්ද?(නදී)
දැන් ඉතින් ඔය කඩේ යන අය ඇතිවෙන්න බනින්න. මම නම් බලාගෙන ඉන්නේ ඔය අන්තරේට බනින අයගේ දරුවන්ට යන්න ඉස්කෝලයක් නැතිවෙනකම්. එතකොට තේරෙයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මොනවද කියන්න හැදුවේ කියලා. අපේ ළමයි ගැන අපි බලා ගන්නම් නුබලා අපට සහ දෙමව්පියන්ට පව් දෙන්නේ නැතිව ඉන්න. නැතිනම් ඉගෙන ගන්න අයට ඉඩ දීලා තොලොන්ජිවෙලා යන එකයි ඇත්තේ.(නදී)
ශිෂ්‍යාධාරය වැඩි කරන්න ඉල්ලන සරසවි සිසු දරුවන් රිමාන්ඩ් කරලා අනික් රටවල ළමයි වගේ රැකියාවක් කොරල මුදල් සොයා ගනිල්ලා.(නදී)
රට , විශ්ව විද්‍යාල හදන්න පෙර තමන් හැදිලා ඉන්න , අපිත් (ලංකාවේ) විශ්ව විද්‍යාල වලට ගිය කාලේ රැල්ලට ඕවට ගියා. අපිව උද්ඝෝෂණ වලට යොමු කරපු ශිෂ්‍ය නායකයෝ හොරෙන්ම තමන්ගේ අනාගතය හදාගත්තා. අද ඒ අය තරම් කුහක මුදල වෙනුවෙන් ඕනෑම පවා දීමක් කරන මිනිසුන් කොහේවත් නැහැ. ඒ අය හොඳට ගෙවල් හදාගෙන වාහන තියාගෙන ඉන්නවා. සිසු නායකයන්ගේ කතා කරට අරගෙන වැඩ කරපු අපේ අනෙක් සිසුවෝ අද රැකියා නැතිව , කිසිම හැකියාවක් නැතිව පාරේ රස්තියාදු වෙනවා. අපිට නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පිටතින් කෝස් කරලා දැනුම වැඩි කරගෙන පස්සේ පිටරට විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියකට එන්න පුළුවන් උනා ඕවා කරට අරගෙන අධ්‍යාපනය කාලකන්නි කර ගත්ත නැති නිසා. මම ඉන්න පිටරට විශ්ව විද්‍යාලේ සිසුන් කරන්නේ ඉගන ගන්න එක ,ඒ අයගේ ස්කිල්ස් වැඩි දියුණු කරන එක. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් වෙන භාෂාවක් ඉගන ගන්න පරිගණක දැනුම ලබා ගන්න උනන්දුවක් නැහැ. පෝස්ටර් ගහ ගහ , පාරවල් වල උද්ඝෝෂණය කරන්න කැට හොල්ලන්න නම් දන්නවා. මේ අයට වැඩ බැරි නිසා පුද්ගලික අංශයේ කිසිම කෙනෙක් රැකියා දෙන්න කැමති නැහැ. අන්තිමේදී ලංකාවේ විශ්ව විද්‍යාල උපාධියට කිසිම තැනක් නැහැ. කවුරුත් ගණන් ගන්නේ නැහැ.(නදී)
සංජිව සිසුවා හෙලා දැකලා කතා කරපු හැමෝටම තේරෙයි, තව ඉස්සරහට ඒ ගොල්ලෝ පෙළ පාලි යයි.අනාගතේ කැම්පස් එන හැමෝම වෙනුවෙන් කතාකරන එක නරකයි කියන අය තමා එයාට බනින්නේ.රටේ වැරදිකරන කට්ටිය නිදහසේ. (නි)
විශ්ව විද්‍යාලවල දේශපාලනය තහනම් කරන්න ඕනේ. අහිංසක දෙමාපියන්ගේ සල්ලි මුන් කනවා.(නදී)
බන්දුල පෙරේරා, උද්ඝෝෂණය කරන එකද වැරදි? නැත්නම් උද්ඝෝෂකයා මර්දනය කරන එකද? මෝඩ කතා කියන්න එපා මනුස්සයෝ (නි)
මෙයාට කඩේ යන ඔක්කොම එක්කෝ අන්තරේ .. එහෙම නෙත්නම් අද ඊයේ ඉපදිලා ලෝකෙ දෙක්ක කට්ටිය....මේ වගේ පරඩෙල් තමඊ 88/89 බීෂණ කලේ දෙක වදින කොට හත්මුතු පරම්පරාවම පාවල දුන්නේ..අහිංසක සිසුන්ව මහා මග හන්දියක් හන්දියක් ගානෙ ටයර් සේයවල් වල දැවෙන්න වැඩ සිද්ද කලේ..තරුණ ජීවිත 60000 කට ජීවත්වීමේ අය්තිය අහිමි කලේ.අද ළමයි මුන්ගේ අතීතය දන්නේ නැහැ...දන්නවනම් මුන් ඉන්න පැත්ත බලාගෙන බත් කන්නේ නැහැ ....(අ)
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕව හොඳ පාඩම් (අ)
සංජීවගේ වැරදි වලට නම් පතුරු යන්න බනින අය ඕනේ තරම් ඉන්නවා. සංජීව හැමගහන්න හදන ඔයාල කාටවත් පුලුවන්ද ජඩ වැඩ කරන බල්ලෝ හරි ඒ බල්ලොන්ගේ පැටවුන්ට හරි එක නිය පිටින් සීරීමක් වෙන දෙයක් කියන්න. ඕකට කියන්නේ මහත්තයෝ නිවට කම කියල. දලබුවෝ කොළ කනකොට වීරකම් පෙන්නුවට වල් අලි ගස් පෙරලගෙන කනකොට හැමෝම හැංගෙනවානේ. නියම මිනිස්සු නම් පොඩි වරදට උඩු බුරන්න කලින් ලොකු වරදටත් එරෙහි වෙන්න. (අ)
සිසු ව්‍යාපාරය කෙසේ වෙතත් කිසිම විනයක් නැති පිරිසක් අපගේ විශ්ව විද්‍යාල වල ඉන්නේ. අයිතිවාසිකම් විතරක් බලාපොරොත්තු වන රටක , නිදහස් අධ්‍යාපනය මොවුන් වැරදි ලෙස යොදා ගන්නවා. ලංකාවේ හා විදේශ විශ්ව විද්‍යාල වල අත්දැකීම් වලින් කියන්නේ (දී)
ඇයි සන්ජිවාව හිරගෙදරින් එලියට දන්නේ? අහිංසක දරුවන්ව පාරට බස්සවන්නේ ඔය සංජීවම තමයි. අවුරුදු ගානක් තිස්සේ අනුන්ට කඩේ යනවා. උසස් පෙළ කරනතාක් කල් නිදහස් අධ්‍යාපනය හොදයි. සරසවියට ගියගමන් මොලේ උන. පාරේ බෝඩ් උස්සගෙන මේ හැම ළමයෙක්ගේම යුතු කමක් තියනවා .එක එක ගොන්නු කියන පලියට නටන්නේ නැතිව තම තමාගේ අනාගතය හදාගන්න. ඔබලා ශ්‍රිලංකාවේ අනාගතය. සංජිව කියන කෙනා තව ටික දවසකින් මොන පක්ෂයකින් හෝ මන්ත්‍රී කෙනෙක් වෙයි. අහිංසක ඔබලා අනාතයි.(නදී)
මට නම් හිතාගන්නවත් බැහැ මෙතරම් ලොකු අපරාදය කුමක්ද කියලා, මේ විශ්ව විද්‍යල සිසුවව හිරගෙදරට දාන්න. මේ දේවල් වලින් වෙන්නේ තවත් 1000ක් සන්ජිවලා බිහිවෙන එකයි. අපරාද කරන අය දවස් කීපයකින් ඇපදිලා එලියට දානවා. එහෙමත් නැත්නම් නිකම්ම ඇප දෙනවා. උද්ඝෝෂණය කිරීම අපරාදයක්ද? (නි)
අහිංසක දෙමාපියෝ දුක් විඳලා දරුවන්ට උගන්වලා කැම්පස් යවලා අන්තිමට ඒ දරුවෝ කාගෙවත් ගොදුරු වෙනවා බලන් ඉන්න වෙලා. ඇමතිතුමාට මේ වසංගතේ ඉවර කරන්න ශක්තිය ලැබේවා! (නි)
දැන්වත් ඔයාගේ කතා ටිකක් අඩු කරගන්න බලන්න (නි)
විශ්ව විද්‍යාලවල මේ කියන ප්‍රශ්න නැත්නම් මේ උගත් මොලේ තියෙන ළමයි 5000 ක් 6000 ක් විතර මෙයා සමග එකතු වේවිද ?ලංකාවේ දේශපාලනයේ හැටි තමා මේ. එල්ලෙන්න වැල් නැතුව ඉන්න කට්ටිය මේවට හොට දානවා. බලධාරීන් එතකොට අහවල් පක්ෂයේ කඩාකප්පල්කාරී වැඩක් කියලා මෙයට විරුද්ධව වැඩ කරනවා . අන්තිමට ප්‍රශ්නය එහෙමමයි. ප්‍රශ්න වලට විසඳුම් නැතුව මෙයාලා හිර කළාට ඕවා නතර කරන්න බැහැ. බලධාරීන් මිට වඩා මොලේ පාව්ච්චි කර වැඩ කල යුතුයි . (නි)
අමාරුවෙන් දෙමව්පියෝ උගන්වලා කැම්පස් යැව්වේ මෙහෙම වෙන්නද? මෙයාලා තමන් හැදෙන්න කලින් යනවා රට හදන්න. ඒක නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ (නි)
කාකා බිබි නටන අතර නරුම යහළු හෙහෙලියන් පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන් රට ගිණිගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන් එගිණි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්... ගිණි ගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන් කුමකටද මට මහ විරුවෙකි සිරගෙයි මළ මගේ පුතුන් කෝටි ගනන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන් කිරිමව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලග උතුම්..... නන්දා මාලිනීගේ ගීතය මට මතක් වුනා (නි)
මිනිහට ස්වීප් එකක් හම්බ වුනා වගේ, දැන් ඉතින් තව ප්‍රසිද්ධ වෙයි (නි)
විවෘත වරෙන්තු කාරයෝ,ඇප කොන්දේසි කඩපු අය ,උසාවියෙන් විදෙස් සංචාර තහනම් කරලා තීද්දීත් රට ගිය උදවියට මේවගේ නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?මොවුන්ට දේශපාලඥයන්ගේ රැකවරණ නොමැති නිසා බය නැතුව පොලිසියත් නීතිය හරියට කරනවා.නිදහස් අධයාපනේ අයිතීන් වෙනුවෙන් අරගල කරන නිසාත් පෞද්ගලික විශ්ව විද්‍යාල කඩවලට විරෝධය දක්වන නිසා මොවුන්ව මර්දනය කරනවා (නි)
යකඩ හොරු නිදැල්ලේ,ස්ත්‍රී දුෂකයෝ ,මිනීමරුවෝ, නිදැල්ලේ.අහෝ! පුදුම රටකි මේ. ශිෂ්‍යාධාරය වැඩි කරන්න ඉල්ලන සරසවි සිසු දරුවන් රිමාන්ඩ් කරලා.රට ,රටේ අනාගතය කෙබඳු විය හැකිද? (නි)
මේ පුද්ගලයා පසුගිය දිනක රුපවාහිනී නාලිකාවක කතාකලා. එයාගෙන් අහන ප්‍රශ්නවලට තියා එයා මොනවාද කියන්නේ කියලා එයාම දන්නේ නැ කියලා තේරුම් යනවා කතාකරන විලාසයෙන්. මේ තනතුර දීල එයාව පත් කරගත්තද එහෙමත් නැත්නම් ඒයාම පත්වෙලා මේ ප්‍රශ්න ඇතිකරනවද කියල හොයල බලන්න ඕනා.(නදී)
විශ්ව විද්‍යාලේ යන උගත් නැති තරුණයන් සමග ඉරිසියාවක් නැත්ද ?(නදී)
එයාගේ වැඩ ගැන අපි හොඳට දන්නවා. එයාලා යන්නේ හොඳ අරමුණකට වැරදි පාරෙන්.ප්‍රශ්න තියනවා තමයි. ඒත් උත්තරේ ඕක නෙවෙයි. (නි)
ජයවේවා! එයාගේ කට වැඩියි (නි)
විශ්ව විද්‍යාලේ යන උගත් තරුණයන් එක්ක මෙයාලට තියෙන්නේ හරිම ඉරිසියාවක්.(නදී)
ලෙස්ලි විජේසිංහ, ඔබ තුමාලා වගේ අය රටේ ඉන්නකන් පාලකයන්ට මේ රට හුරගෙන කන්න බොහොම ලේසියි. ඉස්සර රජවරුන්ව තනතුරුවලට ලෝබ කමට පාවලා දුන්නෙත් ඔබතුමන්ලා වගේ අය තමයි.(නදී)
දැන් කැම්පස් යන්න බැරිඋන කට්ටිය හිටු කියල බනින එකයි තියෙන්නේ, මිනිස්සු අමු අමුවේ මරල ගස් බැඳලා අහිංසක මිනිස්සුන්ට ගහන දේශපාලකයෝ නිදැල්ලේ, අපේ සාමාන්‍ය පුරවැසියන්ට (ලෙස්ලි වගේ) පේන්නේ මෙයාලගේ වැරදි, බලාගෙන ඉන්න, අපි දේශපාලකයන්ගේ රූකඩ බවට පත්වෙලා.(නදී)
මේ මිනිස්සු තමයි රටේ විශ්වවිද්යාල පද්ධතිය විනාශ කරන්නෙ. (නදී)
ශිෂ්‍ය නායකයන් හිරේ දැමීම අලුත් දෙයක් නොවේ. ඇමති තුමාට මේවා දැන් අමතක වෙලා. මේකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. (නදී)
ඇමතිතුමා ළමයින්ගේ සාදාරන ප්‍රශ්නවලට විසදුම් ලබාදී,සන්ජීවටත් කරුනු කාරනා වටහා දී මේ ප්‍රශ්නය කාලය නහස්ති නොකර, අලාබහානි,ජීවිත හානි නැතුව විසදන්න.(නදී)
සමහර අය කිසි දෙයක් නොදැන ඔහේ කියවනවා.(නදී)
හරක් වගේ එක එක පක්ෂ දක්කන විදියට යන්නේ නැතුව ඉස්සෙල්ල හරියට ඉගන ගන්න. මේ වගේ හරක් ඉන්න කන් මේ කැම්පස් වල ඉන්න දරුවන්ටවත් හරියට ඉගැනීමක් නැහැ. මුන්ව මම නම් කියන්න ජීවිත කාලය තෙක් හිරේ දාන්න නීති සංශෝදනය විය යුතුයි. නැත්නම් අසරණ අනිත් ශිෂ්‍යන්ගේත් අනාගතය මුන් අදුරු කරනවා.(නදී) .
මට නම් මෙයාව පෙන්නන්න බැහැ (නි)
අනේ ඔය ගැන එස්.බී ඇමති තුමා කිසිම දෙයක් දන්නේ නැතිව ඇති.(නදී)
10 වෙනිදා තෙක් නොවේ සහදටම ඇතුලේ තියන්න. හරිම කරදරයක් රටට මේ වගේ නරුමයන්ගෙන් ඉගෙන ගන්න කෙනාටත් ඉගෙන ගන්න නැහැ තව හිටිය ඉදුල් ද උදුල් ද කියල නරුමයෙක් යන්තන් එයා නැති වෙලා ගියා දැන් මේ නරුමයා.(නදී)
මේ වගේ ප්‍රශ්න වලට ඇත්තෙන්ම අවබෝදයක් තියෙන්නේ හරි මොකක්ද වැරදි මොකක්ද කියන එක පිලිබදව කැම්පස් ගිය කෙනෙකුට මිසක් ගොඩ ඉදන් පීනන්න උත්සාහ දරන අයට නෙමෙයි. ඉක්මනින් යුක්තිය ඉටුවේවා! (දී)
නිහාල් ඔබ නම් හරියටම හරි. ළමුන් මරලා උඩට ගිය අය කීප දෙනා ඉන්න තැන පේනවා නේද? (දී)
මම නම් හිතුවා කවදාහරි අපිට මේ ටික වෙයි කියලා (දී)
පාරට බස්සන ළමුන් ඔක්කොම පළමු වසර. ගියේ නැත්නම් දන්නවනේ වෙන වැඩේ . බයට තමා යන්නේ. මේවා කොහොමහරි නවත්වන්න ඕනෑ. එයාලා ඉගෙන ගන්නෙත් නැහැ. අනිත් අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. කොහොමත් රජයේ (මහජන) දේපල වලට හානි කරන්න මිනිසුන්ට කරදර කරන්න බැහැ නේද? (දී)
මෙයාලාට ඇත්ත වශයෙන්ම වීරයන් විදිහටයි මම සලකන්නේ. මේ අන්තරේ නැත්නම් අද වෙනකොට විශ්ව විද්‍යාල පද්ධතියම විකුනගෙන කාලා ඉවරයි. එහෙනම් අපේ දරුවන්ට දෙවියන්ගේම පිහිට තමා. (දී)
මෙහෙම රටේ නීතියෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.මිනීමරුවෝ,කපලා කොටලා මරණ මිනීමරුවෝ,ස්ත්‍රි දුෂකයෝ,කඹ හොරු, ඇමතිලාගේ පුත්තුන්ට,මහජන මුදල් කෝටි ගණනින් ගසා කන්නන්ට නිදහස දෙනවා.නිදහස් කරනවා.විශ්ව විද්‍යාලයක අසරණ කෙනෙක් හම්බ වුනහම උපරිම දඩුවම් දෙනවා. (දී)
විශ්ව විද්‍යාල තුලින් බිහිවිය යුත්තේ උගත් පරපුරක් මිස වැලේ වැල් නැති බංකොලොත් දේශපාලන පක්ෂ වලට කඩේ යන මන්ද බුද්දිකයෝ නෙමෙයි.සමහර කට්ටිය හිතන් ඉන්නවා උගත්තු ඉන්නේ උගත්තු බිහිවෙන්නේ විශ්ව විද්‍යාලයෙන් විතරයි කියලා. විශ්ව විද්‍යාලේ නොගිය කෙනෙකුට ඒවා ඇතුලේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ කියලා. අනෙත් අය කතාකරන්නේ කුහක කමින් ඉරිසියාවෙන් කියලා. ඇත්ත වැටහෙන්න එදා ඉදල ඔය අන්තරේ හිටපු නායකයෝ අද ගෙවන ජීවිත ගැන හොයලා බලන්න. පාලකයන්ගේත් යුතුකම වෙන්නේ මේ දේසපාලන ගැත්තන්ට සිසුන් බිලිවීම වලක්වා ගන්න එක. ඒකට සිසුන් මුණ දෙන සැබෑ ප්‍රශ්න හොයලා බලලා ඒවට විසදුම් දෙන්න ප්‍රයෝගික ක්‍රියාවලියක් සිසුන්ට දෙමව්පියන්ට දැනෙන විදියට අරබන්න ඕනා. මම හිතනවා ලොතරයි මණ්ඩලේ සම්බන්ද කර ගෙන සිසුන්ගේ සුබ සාදනය වෙනුවෙන් ආකර්ශනීය තෑගි වලින් යුත් ලොතරැයියක් ආරම්බ කලොත් ආණ්ඩුවේ වියදම් අවම කරගෙන සිසුන්ගේ සුබ සාදනය සදහා මහජනතාවගෙන් ලැබෙන මුදල්ම යොදවා ගන්න පුළුවන් වෙයි කියලා. සිසුන්ගේ ආර්ථික ප්‍රශ්න, නේවාසික ප්‍රශ්න, පාඨමාලා වල ගුණාත්මක බව පිළිබද ප්‍රශ්න වගේ ගැටළු විසදන්න ප්‍රයෝගික ක්‍රමයක් නැතිව සිසුන් මේ වසලයින්ට බිලිවෙන එක වලක්වන්න අපහසුයි.(නදී)
නැහැ නැහැ, මෙයාට කොහොමත් නඩු දාන්න ඕනෑ. මොකද මෙයාට කරන්න දෙයක් නැති නිසා. දැන් පෙරටුගාමින්ගේ මෝඩ වැඩ මෙයත් කරන්න පටන් අරන්. නැත්නම් මම මෙයාට කැමැත්තෙන් හිටියේ. දැන් නම් නැහැ. (දී)
අනේ රටේ ජාතික ධනය! (දී)
ලෙස්ලී අර මේජර්ට ගහපු කෙනාට වැඩිය මේ කොල්ලා කොච්චර දරුණුද අනේ මගේ කට ඕයා ගෙන මට හරි කනගාටුයි ලෙස්ලී.(නදී)
අන්තරේ ඉන්න හැම තැනකම ගද ගහනවා. අපේ කැම්පස් එකෙත් එන්.ඩී.ටී. කට්ටිය විතරයි අන්තරේට ඉන්නේ... (දී)
ඔය ලොකු මහත්තයා හිරේම තමය් එන්න ඕනෑ.කවදාවත් ඔයාට ලංකාවෙ නම් ජොබ් එකක් කරන්න වෙන්නේ නැහැ.හැමෝම දන්නවා හැටි.ජොබ් එකක් කළත් ගියපු දාම පටන් ගනී ඉල්ලිම් ඉල්ලන්න (දී)
මහජන දේපල අමු අමුවේ හොරකන් කරන දේශපාලුවන්ට දඩුවම් නැත.(නදී)
වික්‍රමසිංහ කියලා අදහස් දාලා තියෙන ඔයාගේ නමේ මුල මොකක්ද? (දී)
ගොඩක් අයගේ ප්‍රතිචාර වල තියෙන්නේ සංජීව කඩේ යනවා කියලා. ඔවු ඇත්තටම සංජීව කඩේ යනවා, ඒ යන්නේ,මේ රටේ දුප්පත් දෙමුපියන්ගේ දරුවන් වෙනුවෙන්. අනාගත පරපුර වෙනුවෙන්. ඒක තේරුම් ගන්න ශක්තියක් නැහැ බහුතරයට. ඒකෙන් තේරුම් ගන්නේ පුලුවන් නම් අපේ මිනිස්සු, මෙලෝ අධ්‍යාපනයක් නැති නිලියෝ සමහර පළාත් වලින් මනාප වලින් එකට ගෙනෙයි. අනේ මගේ රට! කවදා අපේ මිනිස්සු ඇත්ත තේරුම් ගනිද? (දී)
හිත ගන්න බැහැ මේ තරම් අපරාද කරන අය ඉන්නේ නිදහසේ... (දී)
රිමාන්ඩ් එකේ ඉන්න ඕනෑ කෙනෙක් වැරදිලා විශ්ව විද්‍යාලයට ගිහිල්ලද, දැන් බලද්දී? (නි)
මම දකින්නේ සංජීව බණ්ඩාර කොන්දේසි විරහිතව නිදහස් කල යුතු බවයි. මෙහෙම ගියොත් පොට වරදින දවස වැඩි ඈතක නැහැ (නි)
විශ්ව විද්‍යාල අරාම්භ කළ කාලයේ සිට මෙවැනි නායකයෝ කොපමණක් විශ්වවිද්‍යාල වලින් බිහිවුනාද? කෝ අද ඒ අය? විශ්ව විද්‍යාල වලට වුණු සෙතේ මොකක්ද? නවක වදයවත් නැවැත්තුවද? ඒවාට විරුද්ධව පළමු වසරේ බෙරිහන් දෙන ශිෂ්‍යයෝ ඊලග වසරේදී නවකයින්ට ඒකම කරනවා. (නි)
ආශ්චර්යයක මහත? (නි)
මේ උද්ඝෝෂණ කරන්නේ කුමක් සදහායි තේරුම් ගන්න පුළුවන් විශ්ව විද්‍යාලයකට ගිය කෙනෙක්ටම විතරයි. සල්ලි දීලා උපාධිය ගත්ත හරි, කැම්පස් යන්න වාසනාව නැති වුන අයට මේක පෙනෙන්නේ වෙනත් විදියකට. ඔවුන් අඩුම තරමේ නොදන්නා දේවල් ගැන නොකියො තම මෝඩකම නොපෙන්වා ඉන්නවා නම් ගොඩක් හොදයි. මොකද ලංකාවේ දැන් ඉන්නේ තණකොළ කන දේශප්‍රේමී හරක් නිසා. (නි)
මේ වගේ අය තමා අහිංසක අසරණ ළමයින්ට ඉගෙන ගන්න දෙන්නේ නැත්තෙ. (නි)
ඔහොම ඇතුලෙම හිටියොත් විශ්ව විද්‍යාල ළමුන්ට කරදරයක් නැතුව ඉගෙන ගන්න පුළුවන්..... (නි)
මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. (නි)