IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


සංජීවගේ ඝාතනයට අනුබල දුන් බව කියන පී.සී රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිසියේ කොස්තාපල්වරයා ලබන 07 වනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය වෙඩික්කරු අධිකරණය අසළට ගෙනැවිත් ඇරලවු බව කියන රියදුරා තවදුරටත රද්‍වාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අද (21) අවසර දුන්නාය.

විවෘත අධිකරණය තුළ මහෙස්ත්‍රාත්වරිය ඉදිරිපිටිදීම අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළැයි කියන සිදධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

අධිකරණය තුළ මහෙස්ත්‍රාත්වරිය ඉදිරිපිටිදීම ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි සැකකරු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ලහිරු ප්‍රසන්න ඇතුගල නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියේ සිව්වැනි සැකකරු ලෙස නම් කළ වෙඩික්කරු කොළඹ අලුත්කඩේ අධිකරණ සංකී්ර්ණයට ප්‍රවාහනය කළ දොන් උදය කුමාර නමැත්තා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මෙලෙස අවසර දුන්නේය.

 



අදහස් (1)

සංජීවගේ ඝාතනයට අනුබල දුන් බව කියන පී.සී රිමාන්ඩ්

sugath Friday, 21 February 2025 07:40 PM

මුලදී පොලිස් සේවයට පමණක් නොව, රටේ අනිකුත් ආරක්ෂක සේවාවන්ට අපේක්ෂකයින් බඳවා ගත්තේ අධ්‍යාපන සුදුසුකම් මත පමණක් නොව, ඔවුන්ගේ පවුල් පසුබිම ගැනද සොයා බැලීමෙන් පසුවයි. දෙවනුව සඳහන් කළ කරුණට වර්තමානයේ එතරම් බරක් නොදීම නිසා අද බොහෝවිට මෙවැනි අපරාධ කල්ලි වලට සම්බන්ධ උදවිය රටේ ආරක්ෂක අංශ වලට රිංගා ඇති බවක් පෙනේ...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මීනගයා දුම්රියේ ගැටී තුවාල ලැබූ අලි පැටවාද මිය යයි
2025 පෙබරවාරි මස 22 16 0

මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.


සෞඛ්‍ය ‍ඇමති -ලෝක බැංකු නියෝජිත හමුවක්
2025 පෙබරවාරි මස 22 115 0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අත


මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2025 පෙබරවාරි මස 22 536 0

මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ


සංජීවට ගම්පහ උසාවියේදී වෙඩි තබන බවට තොරතුරක් ලැබී තිබුණා
2025 පෙබරවාරි මස 22 2461 2

සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසී


මන්ත්‍රී ගෙවල් කුලියත් ඉහළට?
2025 පෙබරවාරි මස 22 1256 2

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලි


කැලණිවැලි මාර්ගයේ දුම්රිය 5ක් අවලංගුයි
2025 පෙබරවාරි මස 22 196 0

කැලණිවැලි මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද දින අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 127 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 396 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site