( රොමේෂ් මධුෂංක)
වව්නියාව සෙට්ටිකුලම් කප්පාච්චි රක්ෂිත කැලෑ ප්‍රදේශයක ආරක්ෂක රාජකාරියේ නිරත යුද හමුදා සෙබලුන් පිරිසක් සහ තවත් පිරිසක් අතර වූ සිදු වූ වෙඩි හුවමාරුවකදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
සෙට්ටිකුලම් කප්පාච්චි ඇතුලු සෙට්ටිකුලම් රක්ෂිතයේ සිදුවන දැව ජාවාරම් පිළිබඳව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාන්විත රාජකාරියේ නිරත යුද හමුදා සෙබලුන් පිරිසක්ට පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් ආයුධ සන්නද්දව පැමිණ වෙඩි ප්‍රහාරයක් පළමුව එල්ල කිරීමෙන් පසුව යුද හමුදා සෙබලුන් විසින් ප්‍රතිප්‍රහාර සිදු කොට ඇත.
ඊයේ(1) රාත්රියේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
එහිදී එක් අයෙකු තුවාල ලබා සෙට්ටිකුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට ඇතුළත් කරනු ලැබීය.
තවද ආයුද සහිතව සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන්ද එක් අයෙකුට තුවාල සිදුව ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති අතරම පලා ගිය පිරිස් සොයා සෙට්ටිකුලම් පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.
අදාල පිරිස රක්ෂිතයේ දැව ජාවාරමක නිරතවීමේදී මෙලෙස වෙඩි තබාගැනීම හෝ ක්‍රියාන්විතයේ නිරතවූ යුද හමුදා සෙබලුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ආවේද යන්න පිළිබඳව සෙට්ටිකුලම් පොලීසිය හා යුද හමුදාව එක්ව වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෙට්ටිකුලමේදී හමුදාව සමග වෙඩි හුවමාරුවක්
Nuwan Tuesday, 02 February 2021 07:04 AM
මහජන ප්‍රතිරෝදය වෙන පැත්තකට හරවන්න තවත් නාටකයක් ගෙනැල්ලා. වරාය නාටකය ඉවර වුණා පමණයි. මොලේ කළඳක් තියෙන හොරෙක් අපේ හමුදාවට වෙඩි තියාවිද? අනික ඔය උතුරු පැත්තේ විතරද ගස් කපන්නෝ ඉන්නේ... එයාලාව හොයන්නේ?
chandana Tuesday, 02 February 2021 09:26 AM
රට බේරගන්න තවත් අවසන් අවස්ථාවක් ළඟ එනවා වගේ..
NuwanTuesday, 02 February 2021 10:38 AM
නැත්නම් බැහැනේ... පුතා කරපු දෙයක් නැහැනේ... රටේ වහලුන්ට කියන්න.