පිඹුරකු හොඳින් පැසුණු කුඹුරකට ආවේ මීයන් සහ ගෙම්බන් ආහාරය පිණිස සොයා ගනීමටය
නමුත් ඌට නොසිතූ දෙයකට මුහුන දිමට සිදුවිය
යාබද දිය අගලක සැඟවී සිටි කබරයකු වලල්ලාවිට ගුලවිට කුඹුරකදී පැය දෙකක පමණ සටනක් කොට පිඹුරා ගොදුරු කර ගත්තේය


1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිසා තමයි කබරයෝ මරන්න තහනම් (නි)
ගලබඩ මහත්තයා, ඔය වගේ කතා මිනිස්සු කියනවා අපිත් අහලා තියෙනවා (නි)
පිඹුරට ගිල්ලේ හරියට අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් රෝස් කුකුළෙක්ව ගිලිනවා වගෙයි (නි)
මේ මිනිස්සුන‍්ගේ විකාර අදහස් දැක්කොත් කබරයාට වුණත් හිතෙයි, මොන මෝඩකමක්ද මම මේ කරගත්තේ කියලා. (නි)
හානේ. මනුස්සයෙක් මරපු එකක් ගැන දැම්මහමවත් කට්ටිය මෙහෙම කලබල වෙන්නේ නැහැ. මේක නම් පිඹුරු ප්‍රේමයක්. (නි)
මිනිසුනේ, පළමුව ලිපිය කියවා ඉන්න (නි)
ලංකා, ඔයා එක්ක මමත් එකගයි.(නි)
කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම්, මොන කෙංගෙඩියද තව ඕනෑ කියන්නේ.... (නි)
උන් දෙන්නාගෙ නම් සටන අහවරයි. හැබැයි අපේ අය තවම මෙතන රණ්ඩු (නි)
ලංකා, ඔය හරියටම හරි (නි)
මේක වෙනකල් කවුද දැන් බලාගෙන හිටියේ? (නි)
මේක බහුජාතික කුමන්ත්‍රණයක්. මේකේ විදේශ බලවේග ක්‍රියාත්මකයි. කබරයට මුකුත් මතක නැල්ලු. (නි)
මේ කතාව හරියට කියවන්නේ නැතුව කීප දෙනෙක්ම අනාගෙන වගෙයි. (නි)
කබරයා ගොදුරු අල්ලනවිට විෂ සහිත කෙළ පිටකරනවා (නි)
අනේ වරුණ මහත්තයෝ, කෝටු කාලකින් නම් බැරිවෙයි නේද මේ සටන නවත්වන්න? (නි)
මේ සිදුවීම හරියට ලංකාවේ දේශපාලනයයි, දුප්පත් මනුස්සයයි වගෙයි. (නි)
අපේ අදහස් දාන අයට පිස්සු! නිකන් බොරුවට මරාගන්නවා (නි)
මේකට තමයි ළමයිනේ ස්වාභාව ධර්මයේ ආහාර ක්‍රියාවලිය කියන්නේ ... මේ වගේ දෙයක් වෙන්න දෙන්න ඕන ... (ස)
නිශ්ශංක .... මොන ඉස්කෝලෙටද ගියේ ? (ස)
නලින් හරියටම හරි සොබා දහම වෙනස් කරන්න යන්න හොඳ නෑ.. (ස)
පිඹුරා කුඹුරට එන්නේ ඒකෙ ඉන්න මීයෝ ගෙම්බො වගේ එවුන් අල්ලන් කන්න වී කන්න නෙමෙයි.. (ස)
අපේ දේශපාලුවෝ වගේ ප්‍රබලයා, දුබලයාව විනාශ කරනවා. (නි)
ලංකා නිවැරදියි (නි)
කබරයා හා පිඹුරා දෙන්නාම මුදුන් මාංශ භක්ෂකයන්ය. මෙහිදී පිඹුරා තරමක් විශාල වූයේ නම් කබරයා ඌට ගොදුරු වීමට හැකියි.පිඹුරා වී කෑමට ගන්නවා ඇති.කිඹුලන්ද කුසගිනි නිවා ගැනීමට කිරිමැටි ගිල දමයි.(ස)
ආහාර දාමයකට හානි නරන්න ඕනෑ නැහැනේ නේද ? අපේ දේශපාලනේ වගේ කියලත් හිතෙනවා. දෙන්නම පොරවල්. (නි)
ස්වභාවදහමේ සමබරතාවය.....(ස)
ගොඩක් දුකට පත්වූ සිදුවීමක්..(ස)
පිඹුරා පව්. කැමටිකක් හොයාගෙන නේ අවේ (දී)
කබරයට පුදුම සතුටක් ඇත්තේ (දී)
ඌ ආවේ වී කන්න නෙමෙයි. මීයොයි, ගෙම්බොයි කන්න. ඒ වුණාට කබරයා මැද්දට පැනලා ඌව කාලා. (නි)
අද පිඹූරාව කබරගොයා කෑවාට, හෙට වෙද්දී සමහරවිට කබරගොයාව පිඹූරා කාලා තියෙන්නත් පුලුවන්. (නි)
ඊයේ වී කෑ පිඹුරා අද මීයන් හා ගෙම්බන් කයි.... (ස)
පිඹුරා එන්න ඇත්තෙ කුඹුරට වැදිල පොඩි හාන්සියක් දාන්න. අන්තිමට උනේ වෙන දෙයක්. කැමරාකරු ඕකට අත පය දාන්න ගියානං එහෙම එයාට නවතින්න වෙන්නෙ පිඹුරාගෙ බඩේ. (ස)
පිඹුරා කියන්නේ ඇමෙරිකාව. කබරයා කියන්නේ චීනය. ඔය පෙන්නුම් කරලා තියෙන්නේ ඉදිරියේදී වියහැකි දෙයක්. (නි)
අනේ අපේ රටේ මිනිස්සුන්ගේ මොලේ කොහෙද තියෙන්නේ, පිම්බුරව බේරගන්න කියන්නේ, මේවා සොබාදහමේ සාමාන්‍ය දේවල්. (ස)
මෙලෝ සිහියක් නැතුව ප්‍රතිචාර දාන්න කලින් පොඩ්ඩක් තේරුම් ගන්න, ඌ ඇවිල්ලා තියෙන්නේ කුඹුරේ මීයන්, ගෙම්බන් කන්න කියලා. (නි)
හොඳට කියවල අදහස් දක්වන්න..(ස)
සෝමෙලා, අනිල්ලා නම් මට කිවුවේ පරිඝණක ජිල්මාට් එකක් කියලයි. (නි)
සමහරුන්ට කබරයත්, තලගොයා වෙලා. (නි)
වරුණට පිඹූරව ලොකු වෙලා. කාගේහරි ළමයෙක් ගිලලා දැම්මානම් තේරෙයි. (නි)
අනේ වරුණ මහත්තයෝ, මෝඩකම තිබුණට ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
වරුණගෙ පැත්තෙන් බැලුවොත් කබරයා බටහිරයෙක්. (නි)
ලංකාදීපයෙන් කවදාවත් බොරු ලියන්නේ නැහැ. තොප්පිය හරි කෙනෙක් දාගන්න. (නි)
විශ්ව අපරාදේ , ඔයාට තිබුණනේ මේ පිඹුරව බේරලා යවන්න. අර මීට කලින් ඔයා පිඹුරෙක් මෝටර් සයිකලයක ගිය කාතවක් ලිවුවා නේද ? මේ ඒ පිඹුරද දන්නෙත් නැහැ නේද ? (නි)
වෙන්න තියෙන දේවල් ඒ විදියටම සිද්ධ වෙනවා. ඒවා කාටවත් නවත්වන්න බෑ (ස)
අනේ මම හතර පෝයටම සිල් ගන්න දැහැමි පිඹුරෙක්.... මම මාංශ අනුභව කරන් නෑ. මං ආවේ වී ටිකක් කන්න.(ස)
ඇයි මේ පිඹූරෙක් නිසා ඔයාලා රණ්ඩු වෙන්නේ? එයා වී කන්න ඇවිල්ලා නැහැ. ගමනක් යන ගමන් නිකමට කබරයා හම්බ වෙන්න ඇවිල්ලා. ඒත් ඌ වසයි කියලා පිඹූරා දන්නේ නැහැ. දැන් ඉතිං ඌ මැරුණහමත් ඌට මඩ ගහන්න එපා. (නි)
සමහරු අදහස් දාන්නේ හරිම මෝඩ විදියට (නි)
විශ්ව.පිඹුරා වී කන්නේ නෑ...(ස)
ස්වාභාව ධර්මයට එරෙහි වෙන්න හොඳ නෑ කියලා කැමරා ශිල්පියාට හිතෙන්න ඇති..(ස)
වී කන පිඹුරා ???? ආයේ හෝඩියට යවන්න වෙනවා..(ස)
අයියෝ! මේ කැමරාකරුට හිතක් පපුවක් නැද්ද? (නි)
හැමෝම කියන්නේ මේ සතා බේරාගන්න තිබුණා කියලා. හොදයි, කවුරුහරි කැමතිද තමන්ට කන්න තියෙන දෙයක් වෙන කවුරුහරි ඇවිල්ලා උදුරගන්නවට? (නි)
වී කණ පිඹුරෙක් හින්දා මෙයා විශේෂ කෙනෙක් අපරාදෙ මරණ්න දුන්නෙ..බේරාගන්නයි තිබුණෙ... ඡායාරූප ශිල්පියාටත් හොද සම්මානයක් හිමිවෙන්න තිබුණා.. මොකද වී කණ පිඹුරෙක් සොයා ගැනීමේ ගෞරවයට..!!(නු)
ඔබ හරි වරුණ , ඇයි කාටවත් බැරි වුණේ මේ කබරයව එලවල දාන්න.. ෆොටෝ ගහන වෙලාවේ ඒක කරානම් අද පිඹුරා ජීවතුන් අතර..(ස)
සෑම් ඕනෑවට වැඩිය වැඩියි වගෙයි. පිඹුරා ආවේ වී කන්න තමයි. (නි)
වරුණ හරි. (නි)
මෙය නොසැළකිල්ලෙන් ඉදිරිපත් කළ පුවතක්. පිඹුරන් වී ආහාරයට ගන්නේ නැහැ. එයාලා මාංශ භක්ෂක සතුන්. කුරුල්ලන්, උරගයන්, මීයන්, මාලු, කෘමීන්, සිවුපා සතුන් තමා ආහාරයට ගන්නේ. (නි)
මේ කැමරා ශිල්පියාට ඡායාරූප ගැනීම නවත්තලා කෝටු කෑල්ලක් අරගෙන මේ සතාව බේරලා හැරියානම් මීට වඩා තෘප්තියක් ලබා ගැනීමට හැකිවෙනවා මට හිතෙන විදියට..(නු)
මමත් අද තමයි දැන ගත්තේ , පිඹුරෝ වී කනවා කියලා ..මේක ඇත්තක්ද ?? (ස)
වී කන්න නෙවෙයි මම ආවේ , ගොයම් රකින්නයි මම ආවේ . ඒක දැකපු තලගොයා මාව කෑවා..(ස)
නිස්සංක..මේ සතා වෙජිටේරියන්.(ස)
ලංකාවේ ඉන්න පිඹුරු ප්‍රභේදය සර්ව භක්ශකයි. මෙ ජාතියේ පිඹුරො මිටි පොල් ගස්වලින් ගෙඩි පවා ගිලිනවා. ගස්ලබු දොඩම් වගේ ටිකක් ප්‍රමානයෙන් විශාල මිටි ගස් වල හැදෙන හැම පලතුරක්ම වගේ පිඹුරො ආහාරයට ගන්නවා. වී කනවා ඇති සමහර විට. වියලි කලාපයේ ඉන්න වැලි පිබුරො විශාල පත්තක්කා කොමඩු වගේ ගෙඩිත් ආහාරයට ගන්නවා.බිම වැටිල තියෙන කොස් ගෙඩිත් එසේමයි.(ස)
කොතනත් ප්‍රබලයා තමයි ජය ගන්නේ...(ස)
මේ ෆොටෝ එක ගත්ත කෙනාට තිබුණනේ මේක බේරගන්න..(ස)
පිඹුරා කුඹුරට එන්නේ ඒකෙ ඉන්න මීයෝ ගෙම්බො වගේ එවුන් අල්ලන් කන්න වී කන්න නෙමෙයි..!!(නු)
පිඹුරෝ වී කනවා කියලා මම දන්නේ නෑ..මේක ඇත්තද ?? පිඹරෝ පුංචි සත්තුනම් ආහාරයට ගන්නවා ..කරුණාකරලා දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.. (ස)
පිඹුරා මස් විතරයි කන්නේ ...! ( http://en.wikipedia.org/wiki/Python_molurus) (ස)
කැලෑ ඔක්කොම කපලනේ. මේක කන්න බොන්න හිග කාලයක්. පිඹුරු වි විතරක් නෙවෙයි හාල් , බත් කනවා කන්න දෙයක් නැති කමට. (ස)
යෝනුසලවි හරි ඔය විදිහට හිතල ලෝක සමතුලිතතාව රකින්න තමයි ඇමරිකන්කාරයො අරාබිකාරයො දඩයම් කරන්නේ.. (ස)
විෂඝෝර සර්පයා, දැක නෑර මෝඩයා වෙන්න බෑනේ. (නි)
දැන් කවුද ඕක දෙපැයක්ම බලාගෙන හිටියේ? (නි)
පැය දෙකක් මේක බලාගෙන ඉන්න පුළුවන්ද? (නි)
උන්ට කැමති දෙයක් උන් කාපුදෙන් ඇයි මේ කට්ටිය දගලන්නෙ.ලංකා ඔබ හරි. (ස)
අනේ මේකනම් පිළිගැනීමට අමාරුයි..!!(නු)
ලාල් ගලබොඩ ඔබ හරි..!!(නු)
විඩියෝ එකක් නැද්ද ?? (ස)
දවසේ පුවත (ස)
හරියට පලාත්සභා මැති වරණයක් වගේ.. (ස)
කුඹුර ආරක්ෂාවට මම දාල ඉන්නේ ඔය කබරයා .... ඌ ඌට භාර දුන්න වැඩේ අකුරට කරනවා බොලව්...... (ස)
වී කන, පළතුරු කන පිඹුරෝ ලංකාවේ තියා ලෝකයේ කොහේවත් නැහැ. උන් මාංශ භක්ෂකයි. (නි)
පිඹුරෝ වී කනවා?????? (ස)
අනේ මෝඩ මිනිසුනේ, මේ තමයි ස්වභාව ධර්මය කියන්නේ. ආහාර දාම, ආහාර ජාල ගැන අහලා නැද්ද? මෙතන අට වසර විද්‍යා පන්තියකට ගිය එකෙක් නැද්ද? මේක ඩිස්කවරි චැනල් එකේ පෙන්නුවාම පස්ස පැත්තෙන් අත්පුඩි ගගහා බලනවා. ලංකාවේ කොල්ලෙක් ෆොටෝ එකක් අරන් පත්තරේ දැම්මම මැරෙන්න හදනවා. පන්සලක් පල්ලියක් අලුතෙන් හැදුවාම මරාගෙන මැරෙන්න හදනවා. හැබැයි රේස් බුකි,බාර්, කැසිනෝ ඇරෙනකොට නපුංසකයෝ වගේ කටවල් වහගෙන ඉන්නවා. ඔහේලා වගේ අය හින්දා තමයි මේ රට හදන්න බැරි. (නි)
තිරිසන් සතුන්ගේ න්‍යාය මානවයන්ට ආදේශ කරන්නට පුලුවන්ද සත්ව හිංසාව විහිලුවක් වගේ..(නු)
මට හිතෙන්නේ මූ මැරිච්ච පිඹුරෙක්. අනික කබරයෝ පණ තියෙන ඒවාට වැඩිය කැමති මියගිය ඒවා කන්නයි. (නි)
හොද වෙලාවට ඔක අපේ සත්ව අවිහංසා එකේ කවුරුව්ත දැක්කේ නැත්තෙ..එහෙම උනානම් උද්ඝෝෂණයක් සංවිධානය කරලා ඉවරයි..
මේකට තමයි කියන්නේ පාරිසරික සමතුලිතතාවය කියලා. කබරයන් මෙවැනි සත්තු දඩයම් කළ යුතුයි. පිඹුරන් ඔවුන්ට ආවේණික වෙනත් සතුන් දඩයම් කළ යුතුයි. මෙය හොදින් තේරුම් ගතහොත් මේ කිසිම ප්‍රශ්ණයක් නැහැ. නැත්නම් කබරයාට සත්ව හිංසාව කියලා දුන්න නම් හරි. (නි)
පිඹුරෙක් කුඹුරකට ඇවිත් කරන්නේ වී කෑමක් නොවෙය. ඌ කරන්නේ වී උරා බීමයි. එය දන්නේ කුඹුරු කරන අයයි. එක රාත්‍රියක් කුඹුරක හිටියොත් වී කුරුණි 4,5,ක් පමණ උරා බොනවා [ලාහකට කිට්ටු වෙන්න] ඌ මාංශ පමණක් ගිල දමන සතෙක් නොවෙයි.දැනුවත් වීම සදහා පමණක් ලීවෙමි.ස්තුතියි. (නි)
වී කෑවද ඌ? නැත්නම් කබරයා ඌව කෑවද? (නි)